යෙදුමෙන් කියවන්න

119. පච‍්චුපට‍්ඨානසඤ‍්ඤකත්‍ථෙරාපදානං

119. පච‍්චුපට‍්ඨානසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

119. පච්චුපට්ඨාන ස්ථවිරාවදානය

1748. අත්‍ථදස‍්සිම‍්හි සුගතෙ නිබ‍්බුතෙ සමනන‍්තරා, යක‍්ඛයොනිං උපපජ‍්ජිං යසං පත‍්තො ච’හං තදා.

1748. යසසට පත් වූ මම අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරු ව යක්‍ෂයෝනියෙහි උපන්මි. එකල්හි (මම මෙසේ සිතීමි)-

1749. දුල‍්ලද‍්ධං වත මෙ ආසිං දුප‍්පභාතං දුරුට‍්ඨිතං, යං මෙ භොගෙ විජ‍්ජමානෙ පරිනිබ‍්බායි චක‍්ඛුමා.

1749. මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජානන් වහන්සේ පිරිනිවී සේක් ද, එය මට අලාභයකි. නපුරු පහන් වීමකි. නපුරු (හිරු) නැගීමෙකි.

1750. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සාගරො නාම සාවකො, මමුද‍්ධරිතුකාමො සො ආගච‍්ඡි මම සන‍්තිකං.

1750. (මෙසේ සිතන්නා වූ) මාගේ අදහස සාගර නම් ශ්‍රාවකයෙක් තෙමේ දැන ගෙණ හෙ තෙමේ මා දුකින් ගොඩ ගණු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.

1751. “කින‍්නු සොචසි මා භාසි චර ධම‍්මං සුමෙධස, අනුප‍්පදින‍්නා බුද‍්ධෙන සබ‍්බෙසං බීජසම‍්පදා.

1751. “නුවණැත්තානෙනි, කවර හෙයින් ශෝක කෙරෙහි ද? බිය නො වනු මැනැව. ධර්‍මයෙහි හැසිරෙන්න. බුදුරජුන් විසින් සියලු දෙනාට කුශලබීජසම්පත්තිය නැවත නැවත දෙන ලදී.

1752. යො ච පූජෙය්‍ය සම‍්බුද‍්ධං තිට‍්ඨන‍්තං ලොකනායකං, ධාතුං සාසපමත‍්තං හි නිබ‍්බුතස‍්සාපි පූජයෙ.

1752. යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරජුන් පුදන්නේ නම්, එසේ ම පිරිනිවි බුදුරජුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම්-

1753. සමෙ චිත‍්තප‍්පසාදම‍්භි සමං පුඤ‍්ඤං මහග‍්ගතං, තස‍්මා ථූපං කරිත්‍වාන පූජෙහි ජිනධාතුයො”.

1753. චිත්තප්‍රසාදය සම වූ කල්හි පින ද සමාන ය. මහත් බවට ගියේ ද වේ. එහෙයින් සෑයක් කොට සර්‍වඥධාතූන් පුදනු මැනව”.

1754. සාගරස‍්ස වචො සුත්‍වා බුද‍්ධථූපං අකාසහං, පඤ‍්ච වස‍්සෙ පරිචරිං මුනිනො ථූපමුත‍්තමං.

1754. සාගර ශ්‍රාවකයන් වහන්සේගේ වචනය අසා මම සර්‍වඥ (ධාතු නිදන් කොට) සෑයක් කෙළෙමි. බුදුරජුන්ගේ ඒ උතුම් සෑය පස්වසක් ම පරිචරණය කෙළෙමි.

1755. තෙන කම‍්මෙන දිපදින්‍දෙ ලොකජෙට‍්ඨෙ නරාසභෙ, සම‍්පත‍්තිං අනුභොත්‍වාන අරහත‍්තං අපාපුණිං.

1755. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ එ ම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට රහත්බවට පැමිණියෙමි.

1756. භූරිපඤ‍්ඤා ච චත‍්තාරො සත‍්තකප‍්පසතෙ ඉතො, සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1756. මෙයින් සත්සියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භූරිපඤ්ඤ නම් සිවු සක්විතිරජකෙනෙක් වූහ.

1757. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

1757. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පච‍්චුපට‍්ඨානසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

පච‍්චුපට‍්ඨානසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.