යෙදුමෙන් කියවන්න

118. මග‍්ගසඤ‍්ඤකත්‍ථෙරාපදානං

118. මග‍්ගසඤ‍්ඤකත්‍ථෙරාපදානං.

118. මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය

1742. පදුමුත‍්තරබුද‍්ධස‍්ස සාවකා වනචාරිනො, විප‍්පනට‍්ඨා බ්‍රහාරඤ‍්ඤෙ අන්‍ධාව අනුසූයරෙ.

1742. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනයෙහි හැසිරෙන්නාහු මහවෙනෙහි මංමුළා වූවාහු අන්‍ධයන් මෙන් ඒ මේ අත හැසිරෙත්.

1743. අනුස‍්සරිත්‍වා සම‍්බුද‍්ධං පදුමුත‍්තරනාමකං, තස‍්ස තෙ මුනිනො පුත‍්තා විප‍්පනට‍්ඨා මහාවනෙ.

1743. පදුමුත්තර බුදුරජානන් වහන්සේ ද උන්වහන්සේගේ ඒ මහවෙනෙහි මංමුළා වූ ශ්‍රාවකයන් ද සිහි කොට-

1744. භවනා ඔරුහිත්‍වාන අගමං භික‍්ඛුසන‍්තිකං, තෙසං මග‍්ගඤ‍්ච ආචික‍්ඛිං භොජනඤ‍්ච අදාස’හං.

1744. මම භවනයෙන් බැස ඒ භික්‍ෂූන් වෙතට පැමිණියෙමි. මම උන්වහන්සේලාට මාර්‍ගය ද කීමි. බොජුන් ද දුන්නෙමි.

1745. තෙන කම‍්මෙන දිපදින්‍දෙ ලොකජෙට‍්ඨෙ නරාසභෙ, ජාතියා සත‍්තවස‍්සො’හං අරහත‍්තමපාපුණිං.

1745. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට ද පැමිණියෙමි.

1746. සචක‍්ඛූ නාම නාමෙන ද‍්වාදස චක‍්කවත‍්තිනො, සත‍්තරතනසම‍්පන‍්නා පඤ‍්චකප‍්පසතෙ ඉතො.

1746. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සචක්ඛු නම් වූ දොළොස් සක්විති රජකෙනෙක් වූහ.

1747. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

1747. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මග‍්ගසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

මග‍්ගසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.