11. භික්ඛදායිවග්ගො අට්ඨකථා
11. භික්ඛදායි වර්ගය
101. භික්ඛාදායකත්ථෙරඅපදානවණ්ණනා
101. භික්ඛාදායක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිකං ආයස්මතො භික්ඛාදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය විභවසම්පන්නො සද්ධාජාතො විහාරතො නික්ඛමිත්වා පිණ්ඩාය චරමානං සිද්ධත්ථං භගවන්තං දිස්වා පසන්නමානසො ආහාරමදාසි. භගවා තං පටිග්ගහෙත්වා අනුමොදනං වත්වා පක්කාමි. සො තෙනෙව කුසලෙන යාවතායුකං ඨත්වා ආයුපරියොසානෙ දෙවලොකෙ නිබ්බත්තො තත්ථ ඡ කාමාවචරසම්පත්තියො අනුභවිත්වා මනුස්සෙසු ච මනුස්සසම්පත්තිමනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සද්ධාජාතො පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදි වශයෙන් ආයුෂ්මත් භික්ඛාදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ධන සම්පත් ඇත්තේ හටගත් සැදැහැ ඇත්තේ විහාරයෙන් නික්ම පිඬු පිණිස හැසිරෙන සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ ආහාර දුන්නේ ය. ඒ භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කියා වැඩි සේක. හේ එම කුසලයෙන්ම දිවි ඇතිතෙක් සිට ආයුෂ කෙළවර දෙව්ලොව උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතරද මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං අනුස්සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිමාහ. තං සබ්බං හෙට්ඨා වුත්තනයමෙව. පවරා අභිනික්ඛන්තන්ති පකාරෙන වරිතබ්බං පත්ථෙතබ්බන්ති පවරං, රම්මභූතතො විවෙකභූතතො සකවිහාරතො අභි විසෙසෙන නික්ඛන්තන්ති අත්ථො. වානා නිබ්බානමාගතන්ති වානං වුච්චති තණ්හා, තතො නික්ඛන්තත්තා නිබ්බානං, වානනාමං තණ්හං පධානං කත්වා සබ්බකිලෙසෙ පහාය නිබ්බානං පත්තන්ති අත්ථො.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුවණ්ණ වණ්ණං’ යනාදිය කීහ. ඒ සියල්ල යටකී පරිදිමය. ‘පවරා අභිනික්ඛමන්තං’ යනු මනාසේ උතුම් දෙය ප්‍රාර්ථනා කළයුතුනුයි පවර නමි. රම්‍ය වූයෙන්ද, විවේක වූයෙන්ද ස්වකීය විහාරයෙන් විශ්වාසයෙන් යුතුව නික්මෙන යන අර්ථයි. වානා නිබ්බානමාගතං යනු වානං යනු තෘෂ්ණා යයි කියනු ලැබේ. එයින් නික්මුණු බැවින් වාන නම් වූ තෘෂ්ණාව නිබ්බනං කත්වා සියලු කෙලෙස් හැර නිර්වාණයට පැමිණියේ යන අර්ථයි.
කටච්ඡුභික්ඛං දත්වානාති කරතලෙන ගහෙතබ්බා දබ්බි කටච්ඡු, භික්ඛීයති ආයාචීයතීති භික්ඛා, අභි විසෙසෙන ඛාදිතබ්බා භක්ඛිතබ්බාති වා භික්ඛා, කටච්ඡුනා ගහෙතබ්බා භික්ඛා කටච්ඡුභික්ඛා, දබ්බියා භත්තං දත්වාති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
කටච්ඡුභික්ඛං දත්වාන යනු අත්ලෙන් ගතයුතු හැන්ද කටච්ඡු නමි. පිඬු සිඟනු ලබන්නේනුයි ආයාචනය කෙරේනුයි භික්ඛා නමි. විශ්වාසයෙන් කෑයුතු භක්ෂණය භික්ඛා නමි. හැන්දෙන් බත් දී යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
භික්ඛාදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
භික්ඛාදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
102. ඤාණසඤ්ඤිකත්ථෙරඅපදානවණ්ණනා
102. ඤාණසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිකං ආයස්මතො ඤාණසඤ්ඤිකත්ථෙරස්ස අපදානං. කා උප්පත්ති? අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සද්ධාජාතො සද්ධම්මස්සවනෙ සාදරො සාලයො භගවතො ධම්මදෙසනානුසාරෙන ඤාණං පෙසෙත්වා ඝොසපමාණත්තා භගවතො ඤාණෙ පසන්නො පඤ්චඞ්ගඅට්ඨඞ්ගනමක්කාරවසෙන පණාමං කත්වා පක්කාමි. සො තතො චුතො දෙවලොකෙසු උප්පන්නො තත්ථ ඡ කාමාවචරෙ දිබ්බසම්පත්තිමනුභවන්තො තතො චවිත්වා මනුස්සලොකෙ ජාතො තත්ථග්ගභූතා චක්කවත්තිසම්පදාදයො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ විභවසම්පන්නෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සත්ථරි පසීදිත්වා පබ්බජිතො නචිරස්සෙව අරහා අහොසි.
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් ඤාණසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදානයයි. කුමක්ද උත්පත්තිය? මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ සද්ධර්මය ඇසීමෙහි ආදර ඇත්තේ ආලය ඇත්තේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මදේශනා අනුසාරයෙන් ඥානය යවා ඝෝෂප්‍රමාණ බැවින් භාග්‍යවතුන් වහන්සේගේ ඥානයෙහි පැහැදුණේ පසඟ අටඟ නමස්කාර වශයෙන් ප්රණාමකොට ගියේය. හේ එයින් චුතව දේවලෝකවල ඉපදී එහි සදිව්‍යලෝක සම්පත් අනුභව කරන්නේ එයින් චුතව මිනිස් ලොව ඉපිද එහි අග්‍ර වූ චක්‍රවර්ති සම්පත් ආදිය අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක්තරා කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිමාහ. තං වුත්තත්ථමෙව. නිසභාජානියං යථාති ගවසතසහස්සජෙට්ඨො නිසභො, නිසභො ච සො ආජානියො සෙට්ඨො උත්තමො චෙති නිසභාජානියො. යථා නිසභාජානියො, තථෙව භගවාති අත්ථො. ලොකවිසයසඤ්ඤාතං පඤ්ඤත්තිවසෙන එවං වුත්තං. අනුපමෙය්යො හි භගවා. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුවණ්ණවණ්ණං සම්බුද්ධං’ යනාදිය කීහ. එය කියන ල අර්ථ ඇත්තේ ම ය. නිසභාජානියං යථා ගවයන් සියදහසට ජ්‍යෙෂ්ඨයා නිසභ නමි. නිසභ වූයේ ද හෙම ආජානීය වූයේ ද උත්තම වූයේ ද ශ්‍රේෂ්ඨ වූයේ ද නිසභාජානීය නමි. භාග්‍යවතුන් වහන්සේද එසේමය යන අර්ථයි. ලෝකවිෂය සංඥාව. එය ප්රඥප්ති වශයෙන් මෙසේ කියන ලදි. භාග්‍යවතුන් වහන්සේ අනූපම වූ සේක. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ඤාණසඤ්ඤිකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
ඤාණසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
103. උප්පලහත්ථියත්ථෙරඅපදානවණ්ණනා
103. උප්පලහත්ථිය ථේර අපදාන වර්ණනාව
තිවරායං නිවාසීහන්තිආදිකං ආයස්මතො උප්පලහත්ථකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතකුසලො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ මාලාකාරකුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය මාලාකාරකම්මෙන අනෙකානි පුප්ඵානි වික්කිණන්තො ජීවති. අථෙකදිවසං පුප්ඵානි ගහෙත්වා චරන්තො භගවන්තං රතනග්ඝිකමිව චරමානං දිස්වා රත්තුප්පලකලාපෙන පූජෙසි. සො තතො චුතො තෙනෙව පුඤ්ඤෙන සුගතීසු පුඤ්ඤමනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සද්ධාජාතො පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
තීවරායං නිවාසීහං යනාදි වශයෙන් ආයුෂ්මත් උප්පලහත්‍ථක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මාලාකාර කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව මාලාකාරයෙක්ව නොයෙක් මල් විකුණන්නේ ජීවත් වෙයි. ඉක්බිති එක් දවසක් මල් ගෙන හැසිරෙන්නේ භාග්‍යවතුන් වහන්සේ රුවන් ඇගෑයක් මෙන් දිලිසෙනු දැක එත් උපුල්මල් කලඹකින් පූජා කළේය. හේ එයින් චුතවූයේ ඒ පිනින්ම සුගතීන්හි පින් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො තිවරායං නිවාසීහන්තිආදිමාහ. තත්ථ තිවරාති තීහි වාරෙහි කාරිතං සඤ්චරිතං පටිච්ඡන්නං නගරං, තස්සං තිවරායං නිවාසී, වසනසීලො නිවාසනට්ඨානගෙහෙ වා වසන්තො අහන්ති අත්ථො. අහොසිං මාලිකො තදාති තදා නිබ්බානත්ථාය පුඤ්ඤසම්භාරකරණසමයෙ මාලිකො මාලාකාරොව පුප්ඵානි කයවික්කයං කත්වා ජීවන්තො අහොසින්ති අත්ථො.
පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘තීවරායං නිවාසීහං’ යනාදිය කීය. එහි තීවරා යනු ඌරන් තිදෙනකු විසින් කරවන ලද සැඟවුණු නගරයි. ඒ නගරයෙහි නිවාසී වසනසුලු වූයේ නිවසන අර්ථයෙන් ගෙහි හෝ වසන මම යන අර්ථයි. අහොසිං මාලිකො තදා යනු නිවන් පිණිස පින් රැස් කරන කල්හි මාලිකො මල්කරුවෙක්ව මල් විකුණන්නේ ජීවත් වන්නේ වීමි යන අර්ථයි.
පුප්ඵහත්ථමදාසහන්ති සිද්ධත්ථං භගවන්තං දිස්වා උප්පලකලාපං අදාසිං පූජෙසින්ති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
පුප්ඵහත්ථ මදාසහං යනු සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේ දැක උපුල්මල් කලඹ අදාසිං පිදුවෙමි යන අර්ථයි. සේසස සියලු තන්හි නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
උප්පලහත්ථකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
උප්පලහත්‍ථක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
104. පදපූජකත්ථෙරඅපදානවණ්ණනා
104. පදපූජක ථේර අපදාන වර්ණනාව
සිද්ධත්ථස්ස භගවතොතිආදිකං ආයස්මතො පදපූජකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො සිද්ධත්ථස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සත්ථරි පසන්නො සුමනපුප්ඵෙන පාදමූලෙ පූජෙසි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො සක්කසම්පත්තිං අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සත්ථරි පසීදිත්වා පබ්බජිතො විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තඵලෙ පතිට්ඨාසි.
සිද්ධත්ථ භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් පදපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුල ගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද සමන්මලින් පාමුල පිදුවේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ ශක්‍රසම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව විදසුන් වඩා රහත්ඵලයෙහි පිහිටියේය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සිද්ධත්ථස්ස භගවතොතිආදිමාහ. ජාතිපුප්ඵමදාසහන්ති ජාතිසුමනපුප්ඵං අදාසිං අහන්ති වත්තබ්බෙ ගාථාබන්ධසුඛත්ථං සුමනසද්දස්ස ලොපං කත්වා වුත්තං. තත්ථ ජාතියා නිබ්බත්තො විකසමානොයෙව සුමනං ජනානං සොමනස්සං කරොතීති සුමනං, පුප්ඵනට්ඨෙන විකසනට්ඨෙන පුප්ඵං, සුමනඤ්ච තං පුප්ඵඤ්චාති සුමනපුප්ඵං, තානි සුමනපුප්ඵානි සිද්ධත්ථස්ස භගවතො අහං පූජෙසින්ති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සිද්ධත්ථස්ස භගවතො’ යනාදිය කීහ. ජාතිපුප්ඵමදාසහං යනු දෑසමන් මලක් මම පිදුවෙමියි කියයුතු කල්හි ගාථා බන්ධන පහසුව පිණිස සුමන ශබ්දය ලොප්කොට කියන ලදි. එහි ජාතියෙන් උපන්නේ පිපෙනවිටම ජනයාගේ සුමනං සොම්නස ඇති කරවානුයි සුමන නමි. පුප්ඵනට්ඨෙන පිපෙන අරුතින් පුප්ඵ නමි. සුමන වූයේද හෙම මල වූයේද සුමනපුප්ඵ නමි. ඒ සමන්මල් සිද්ධත්ථ භාග්‍යවතුන් වහන්සේට මම පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
පදපූජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
පදපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
105. මුට්ඨිපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා
105. මූට්ඨිපූප්ඵිය ථේර අපදාන වර්ණනාව
සුදස්සනො නාම නාමෙනාතිආදිකං ආයස්මතො මුට්ඨිපුප්ඵියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ මාලාකාරකුලෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සකසිප්පෙ නිප්ඵත්තිං පත්තො එකදිවසං භගවන්තං දිස්වා පසන්නමානසො ජාතිසුමනපුප්ඵානි උභොහි හත්ථෙහි භගවතො පාදමූලෙ ඔකිරිත්වා පූජෙසි. සො තෙන කුසලසම්භාරෙන දෙවමනුස්සෙසු සංසරන්තො උභො සම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිප්පත්තො පුබ්බවාසනාවසෙන සත්ථරි පසීදිත්වා පබ්බජිතො නචිරස්සෙව අරහා අහොසි.
සුදස්සනො යනාදි වශයෙන් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මාලාකාර කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පත්වූයේ එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ දෑසමන්මල් දෑතින් ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාමුල විසුරුවා පූජා කළේය. හේ එම කුසල සම්භාරයෙන් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ පූර්ව වාසනා වශයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං අනුස්සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුදස්සනො නාම නාමෙනාතිආදිමාහ. තත්ථ සුදස්සනොති ආරොහපරිණාහරූපසණ්ඨානයොබ්බඤ්ඤසොභනෙන සුන්දරො දස්සනොති සුදස්සනො, නාමෙන සුදස්සනො නාම මාලාකාරො හුත්වා ජාතිසුමනපුප්ඵෙහි පදුමුත්තරං භගවන්තං පූජෙසින්ති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුදස්සනොති නාමෙන’ යනාදිය කීහ. එහි සුදස්සනො යනු ආරෝහ පරිණාහ රූපයෙන් රූප ලක්ෂණයෙන් යෞවනයෙන් සොඳුරු දසුන් ඇත්තේනුයි සුදස්සන නමි. නමින් සුදස්සන නම් මල්කරුවෙක්ව දෑසමන් මලින් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිදුවෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
මුට්ඨිපුප්ඵියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
මුට්ඨිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
106. උදකපූජකත්ථෙරඅපදානවණ්ණනා
106. උදකපූජක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිකං ආයස්මතො උදකපූජකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු පූරිතකුසලසඤ්චයො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි පරිපූරියමානො පුදුමුත්තරස්ස භගවතො කාලෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය කුසලාකුසලං ජානන්තො පදුමුත්තරස්ස භගවතො ආකාසෙ ගච්ඡතො නික්ඛන්තඡබ්බණ්ණබුද්ධරංසීසු පසන්නො උභොහි හත්ථෙහි උදකං ගහෙත්වා පූජෙසි. තෙන පූජිතං උදකං රජතබුබ්බුලං විය ආකාසෙ අට්ඨාසි. සො අභිප්පසන්නො තෙනෙව සොමනස්සෙන තුසිතාදීසු නිබ්බත්තො දිබ්බසම්පත්තියො අනුභවිත්වා අපරභාගෙ මනුස්සසම්පත්තියො ච අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො සත්ථරි පසීදිත්වා පබ්බජිතො නචිරස්සෙව අරහා අහොසි.
සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් උදකපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි පුරන ලද කුශල සමූහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් පුරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද, වැඩිවිය පත්ව කුසල් අකුසල් දන්නේ, පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ අහසින් වඩනාකල්හි නික්මුණු සවණක් බුදුරැස් කෙරෙහි පහන්වූයේ, දෑතින් ජලය ගෙන පූජා කළේය. ඔහු විසින් පුදන ලද ජලය රිදී බුබුළක් මෙන් අහසෙහි සිටියේය. හේ අතිශයින් පැහැදුණේ ඒ සොම්නසින්ම තුසිත දෙව්ලෝ ආදියෙහි උපන්නේ දිව්‍ය සම්පත් අනුභවකොට පසුකලක මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිමාහ. තං හෙට්ඨා වුත්තමෙව. ඝතාසනංව ජලිතන්ති ඝතං වුච්චති සප්පි, ඝතස්ස ආසනං ආධාරන්ති ඝතාසනං, අග්ගි, අථ වා තං අසති භුඤ්ජතීති ඝතාසනං , අග්ගියෙව. යථා ඝතෙ ආසිත්තෙ අග්ගිම්හි අග්ගිසිඛා අතීව ජලති, එවං අග්ගික්ඛන්ධං ඉව ජලමානං භගවන්තන්ති අත්ථො. ආදිත්තංව හුතාසනන්ති හුතං වුච්චති පූජාසක්කාරෙ, හුතස්ස පූජාසක්කාරස්ස ආසනන්ති හුතාසනං, ජලමානං සූරියං ඉව ද්වත්තිංසමහාපුරිසලක්ඛණෙහි බ්යාමප්පභාමණ්ඩලෙහි විජ්ජොතමානං සුවණ්ණවණ්ණං සම්බුද්ධං අනිලඤ්ජසෙ ආකාසෙ ගච්ඡන්තං අද්දසන්ති සම්බන්ධො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදිය කීහ. එය යට කියන ලද අර්ථ ඇත්තේ ම ය. ඝතාසනමිව ජලිතං යනු ඝත යනු ගිතෙල්ය. ගිතෙලට ආසනං ආධාර වේනුයි සතාසන යනු ගින්නය. නැතහොත් එය අසති අනුභව කරන්නේනුයි ඝතාසන යනු ගින්නමය. යම්සේ ගිතෙල් ඉසිවිට ගින්නෙහි ගිනිදැල් අතිශයින් දැල්වේද, එසේ ගිනිකඳක් මෙන් දිලිසෙන භාග්‍යවතුන් වහන්සේ යන අර්ථයි. ආදිත්තංව හුතාසනං යනු හුත යනු පූජා සත්කාරයයි කියනු ලැබේ. හුතස්ස පූජා සත්කාරයට අසුන් වූයේනුයි හුතාසන නමි. බබලන්නා වූ සූර්යයා මෙන් දෙතිස් උතුම් මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් ව්‍යාමප්‍රභා මණ්ඩලයෙන් බබලන්නා වූ රන්වන් සම්බුදුන් වහන්සේ අනිලඤ්ජසෙ අහසෙහි වඩිනු දුටුවෙමි යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
උදකපූජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
උදක පූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
107. නළමාලියත්ථෙරඅපදානවණ්ණනා
107. නළමාලිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරබුද්ධස්සාතිආදිකං ආයස්මතො නළමාලියත්ථෙරස්ස අපදානං. එසොපි පුරිමජිනවරෙසු කතාධිකාරො අනෙකාසු ජාතීසු විවට්ටූපනිස්සයානි කුසලකම්මානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය ඝරාවාසං සණ්ඨපෙත්වා කාමෙ ආදීනවං දිස්වා ගෙහං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ වසන්තො තත්ථාගතං භගවන්තං දිස්වා පසන්නො වන්දිත්වා තිණසන්ථරං සන්ථරිත්වා තත්ථ නිසින්නස්ස භගවතො නළමාලෙහි බීජනිං කත්වා බීජෙත්වා අදාසි. පටිග්ගහෙසි භගවා තස්සානුකම්පාය, අනුමොදනඤ්ච අකාසි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො උප්පන්නුප්පන්නභවෙ පරිළාහසන්තාපවිවජ්ජිතො කායචිත්තචෙතසිකසුඛප්පත්තො අනෙකසුඛමනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය පුබ්බවාසනාබලෙන සත්ථරි පසන්නො පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් නළමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතීන්හි නිවනට හේතුවන කුශලකර්ම රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසය පිහිටුවා කාමයෙහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව තණඇතිරියක් ඇතිරුවේය. එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට බටමල්වලින් විජිනිපතක් කොට පවන්සලා දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිළිගත් සේක. අනුමෝදනාද කළ සේක. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් භවයෙහි පරිදාහ සන්තාප නොමැතිවූයේ කායචිත්ත සුඛයට පැමිණියේ නොයෙක් සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව පෙර වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරබුද්ධස්සාතිආදිමාහ. තං හෙට්ඨා වුත්තමෙව.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. එය යටකියන ලද්දේ ම ය.
නළමාලං ගහෙත්වානාති නළති අසාරො නිස්සාරො හුත්වා වෙළුවංසතොපි තනුකො සල්ලහුකො ජාතොති නළො, නළස්ස මාලා පුප්ඵං නළමාලං, තෙන නළමාලෙන බීජනිං කාරෙසින්ති සම්බන්ධො . බීජිස්සති ජනිස්සති වාතො අනෙනාති බීජනී, තං බීජනිං බුද්ධස්ස උපනාමෙසිං, පටිග්ගහෙසින්ති අත්ථො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
නළමාලංගහෙත්වාන යනු නළති අසාරො නිස්සාරව බටදඬුවෙන්ද තනුකො ලුහුවූයේනුයි නළනමි. බටදඬුවෙහි මාලා මල නළමාල නමි. ඒ නළමාලයෙන් විජිනිපතක් කරවූයේනුයි සම්බන්ධයි. වීජනී විශේෂයෙන් වාතය මෙයින් දිනානුයි වීජනී. ඒ වීජනිය බුදුරජාණන් වහන්සේට පිරිනැමුවෙමි. බුදුරජාණන් වහන්සේ පිළිගත් සේක යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වූයේ ම ය.
නළමාලියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
නළමාලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
සත්තමභාණවාරවණ්ණනා සමත්තා.
සත්වැනි බණවර වර්ණනාව සමාප්තයි.
108. ආසනුපට්ඨාහකත්ථෙරඅපදානවණ්ණනා
108. ආසනූපට්ඨාපක ථේර අපදාන වර්ණනාව
කානනං වනමොග්ගය්හාතිආදිකං ආයස්මතො ආසනුපට්ඨාහකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො අත්ථදස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො ඝරාවාසං වසන්තො තත්ථ දොසං දිස්වා ඝරාවාසං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ වසන්තො තත්ථ සම්පත්තං භගවන්තං දිස්වා පසන්නො සීහාසනං අදාසි, තත්ථ නිසින්නං භගවන්තං මාලාකලාපං ගහෙත්වා පූජෙත්වා තං පදක්ඛිණං කත්වා පක්කාමි. සො තෙන පුඤ්ඤෙන දෙවමනුස්සෙසු සංසරන්තො නිබ්බත්තනිබ්බත්තභවෙ උච්චකුලිකො විභවසම්පන්නො අහොසි. සො කාලන්තරෙන ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සත්ථරි පසීදිත්වා පබ්බජිතො නචිරස්සෙව අරහා අහොසි.
කානනං වනමොගය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් ආසනුට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ගිහිගෙයි වසන්නේ එහි දොස් දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි වසන්නේ එහි සපැමිණි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණේ සිංහාසනයක් දුන්නේය. එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට මල්කළඹක් ගෙන පුදා පැදකුණුකොට ගියේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උපනුපන් භවයෙහි උසස්කුල ඇත්තේ ධන සම්පත් ඇත්තේ විය. හේ කාලාන්තරයකින් මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින් ම රහත් විය.
සො අරහා සමානො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො කානනං වනමොග්ගය්හාතිආදිමාහ. තං සබ්බං හෙට්ඨා වුත්තත්ථමෙවාති.
උන්වහන්සේ රහත්වී තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘කානනං වන මොගය්හ’ යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද්දේ ම ය.
ආසනුපට්ඨාහකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
ආසනුපට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
109. බිළාලිදායකත්ථෙරඅපදානවණ්ණනා
109. බිළාලිදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙතිආදිකං ආයස්මතො බිළාලිදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො ඝරාවාසං වසන්තො තත්ථාදීනවං දිස්වා ඝරාවාසං පහාය තාපසපබ්බජ්ජං පබ්බජිත්වා හිමවන්තෙ වසන්තො අතීව අප්පිච්ඡසන්තුට්ඨො ආලුවාදීහි යාපෙන්තො වසති. තදා පදුමුත්තරො භගවා තස්ස අනුකම්පාය තං හිමවන්තං අගමාසි . තං දිස්වා පසන්නො වන්දිත්වා බිළාලියො ගහෙත්වා පත්තෙ ඔකිරි. තං තථාගතො තස්සානුකම්පාය සොමනස්සුප්පාදයන්තො පරිභුඤ්ජි. සො තෙන කම්මෙන තතො චුතො දෙවමනුස්සෙසු උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා වුද්ධිමන්වාය සත්ථරි පසන්නො සාසනෙ පබ්බජිත්වා නචිරස්සෙව අරහා අහොසි.
හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් බිලාලිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගිහිගෙයි වසන්නේ එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි වසන්නේ අතිශයින් අල්පේච්ඡ සන්තුෂ්ට වූයේ අලමුල් ආදියෙන් යැපෙන්නේ වාසය කරයි. එකල්හි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. උන්වහන්සේ දැක පැහැදුණේ වැඳ ඇඹුල්කැඳ ගෙන පාත්‍රයෙහි වත් කළේය. තථාගතයන් වහන්සේ එය ඔහුට අනුකම්පාවෙන් සොම්නස් දනවමින් වැළඳූ සේක. හේ ඒ කර්මයෙන් එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
සො අපරභාගෙ අත්තනො කුසලකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො හිමවන්තස්සාවිදූරෙතිආදිමාහ. තං සබ්බං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙව. ආලුවකරම්භාදයො තෙසං තෙසං කන්දජාතීනං නාමානෙවාති.
උන්වහන්සේ පසුකලක තමාගේ කුශලකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද පරිදි බැවින් නොගැඹුරු ම ය. අලමුල් ආදිය ඒ ඒ මුල් ජාතීන්ගේ නම් මය.
බිළාලිදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
බිලාලිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
110. රෙණුපූජකත්ථෙරඅපදානවණ්ණනා
110. රේණුපූජක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිකං ආයස්මතො රෙණුපූජකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො වුද්ධිමන්වාය සත්ථරි පසන්නො විඤ්ඤුතං පත්තො අග්ගික්ඛන්ධං විය විජ්ජොතමානං භගවන්තං දිස්වා පසන්නමානසො නාගපුප්ඵකෙසරං ගහෙත්වා පූජෙසි. අථ භගවා අනුමොදනමකාසි.
සුවණ්ණ වණ්ණ සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් රෙණුපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුනේ ගිනිකඳක් මෙන් බබලන භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැත්තේ නාමල් රේණුවක් ගෙන පූජා කළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක.
සො තෙන පුඤ්ඤෙන තතො චුතො දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා උප්පන්නුප්පන්නභවෙ සබ්බත්ථ පූජිතො ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො පුබ්බවාසනාබලෙන සත්ථරි පසන්නො සාසනෙ පබ්බජිතො නචිරස්සෙව අරහා හුත්වා දිබ්බචක්ඛුනා අත්තනො පුබ්බකම්මං දිස්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිමාහ. තං හෙට්ඨා වුත්තත්ථමෙව. සතරංසිංව භාණුමන්ති සතමත්තා සතප්පමාණා රංසි පභා යස්ස සූරියස්ස සො සතරංසි, ගාථාබන්ධසුඛත්ථං සතරංසීති වුත්තං, අනෙකසතස්ස අනෙකසතසහස්සරංසීති අත්ථො. භාණු වුච්චති පභා, භාණු පභා යස්ස සො භාණුමා, භාණුමසඞ්ඛාතං සූරියං ඉව විපස්සිං භගවන්තං දිස්වා සකෙසරං නාගපුප්ඵං ගහෙත්වා අභිරොපයිං පූජෙසින්ති අත්ථො. සෙසං උත්තානමෙවාති.
හේ ඒ පිනින් එයින් චුත වූයේ දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට උපනුපන් භවයෙහි සියලු තැන පුදනු ලැබුවේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ පූර්ව වාසනා බලයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. රහත් වී දිවැසින් තමාගේ පූර්ව කර්මය දැක හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සුවණ්ණ වණ්ණං සම්බුද්ධං’ යනාදිය කීය. එය යට කියන ලද අර්ථ ඇත්තේ ම ය. සතරංසිව භානුමං යනු සතමත්තා සියයක් පමණ රංසි ප්‍රභා යම් පුරුෂයකුට වේද හේ සතරංසි නමි. ගාථාවේ ඡන්දස් පහසුව පිණිස සතරංසී යනුවෙන් කියන ලදී. නොයෙක් දහස් ගණන් නොයෙක් සියදහස් ගණන් රැස් යන අර්ථයි. භානු යනු ප්‍රභාවයි. භානු ප්‍රභාව යමෙකුට වේද හේ භානුමා නමි. ඒ සූර්යයා වැනි විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක රේණු සහිත නාමලක් ගෙන අභිරෝපයිං පූජා කෙළෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු වේ ම ය.
රෙණුපූජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
රේණුපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
එකාදසමවග්ගවණ්ණනා සමත්තා.
එකොළොස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.