108. ආසනූපට්ඨාපකත්ථෙරාපදානං
108. ආසනූපට්ඨාපකත්ථෙරාපදානං.
108. ආසනූපට්ඨාපක ස්ථවිරාවදානය
1657. කානනං වනමොගය්හ අප්පසද්දං නිරාකුලං, සීහාසනං මයා දින්නං අත්ථදස්සිස්ස තාදිනො.
1657. අල්පශබ්ද ඇති නිශ්චල වූ මහවනයට පිවිස තාදිගුණ ඇති අත්ථදස්සී බුදුරජානන් වහන්සේට මා විසින් සිහසුනක් පුදන ලදී.
1658. මාලහත්ථං ගහෙත්වාන කත්වා ච නං පදක්ඛිණං, සත්ථාරං පයිරුපාසිත්වා පක්කාමිං උත්තරාමුඛො.
1658. මල්මිටක් ගෙණ ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණු කොට ඇසුරු ද කොට උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
1659. තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ, සන්නිබ්බාපෙමි අත්තානං භවා සබ්බෙ සමූහතා.
1659. ද්විපදෝත්තම වූ ලෝකජ්යේෂ්ඨ වූ නරශ්රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද එම පුණ්යකර්මය හේතු කොට ගෙණ ආත්මය (=නිවණ) ලබමි. සියලු භවයෝ නසන ලදහ.
1660. අට්ඨාරසෙ කප්පසතෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි සීහාසනස්සිදං ඵලං.
1660. එක්දහසි අටසියවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන්දනෙහි මේ විපාකය යි.
1661. ඉතො සත්තකප්පසතෙ සන්නිබ්බාපක ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
1661. මෙයින් සත්සියවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සන්නිබ්බාපක නම් සක්විති රජෙක් වී ය.
1662. පටිසම්භිදා චතස්සො විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
1662. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ආසනූපට්ඨාපකත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනූපට්ඨාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
ආසනූපට්ඨාපකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
ආසනූපට්ඨාපකස්ථවිරාවදානය අටවැනියි.