යෙදුමෙන් කියවන්න

109. බිළාලිදායකත්‍ථෙරාපදානං

109. බිළාලිදායකත්‍ථෙරාපදානං.

109. බිළාලිදායක ස්ථවිරාවදානය

1663. හිමවන‍්තස‍්ස අවිදූරෙ වසාමි පණ‍්ණසන්‍ථරෙ, ඝාසෙසු ගෙධමාපන‍්නො සෙය්‍යසීලො චහං තදා.

1663. (මම) හිමවතට නුදුරු තන්හි පන්ඇතිරියක වසමි. එකල්හි අහරෙහි ගිජුබවට නො පැමිණියෙම් (නිරතුරු) පන් ඇතිරියෙහි හෝනා වත ඇත්තෙම් වෙමි.

1664. ඛණන‍්තාලු කලම‍්බානි බිළාලී තක‍්කලානි ච, කොලං භල‍්ලාතකං බිල‍්ලං ආහිත්‍වා පටියාදිතං.

1664. ඒ මා විසින් කලම්බ බිළාලි තක්කල යන අල වර්‍ග සාරා ඩෙබර බදුලු බෙලි යන ගෙඩි කඩා ගෙණවුත් ආහාරයක් පිළියෙල කරණ ලදී.

1665. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය ආගච‍්ඡි මම සන‍්තිකං.

1665. පූජාවන් පිළිගන්නා වූ නෙහොත් පූජාවනට භාජන වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන මා සමීපයට වැඩි සේක.

1666. උපාගතං මහානාගං දෙවදෙවං නරාසභං, බිළාලිං පග‍්ගහෙත්‍වාන පත‍්තම‍්හි ඔකිරිං අහං.

1666. (එසේ සමීපයට) එළඹ සිටියා වූ මහොත්තම වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ (දැක) බිළාලි අල ගෙණ පාත්‍රයෙහි බැහීමි.

1667. පරිභුඤ‍්ජි මහාවීරො තොසයනෙතතා මමං තදා, පරිභුඤ‍්ජිත්‍වාන සබ‍්බඤ‍්ඤූ ඉමං ගාථං අභාසථ.

1667. එකල්හි මහාවීර වූ බුදුරජානන් වහන්සේ මා සතුටු කරමින් වැළඳූ සේක. සර්‍වඥයන් වහන්සේ වළඳා ඉක්බිති මේ ගාථාව වදාළ සේක:

1668. “සකං චිත‍්තං පසාදෙත්‍වා බිළාලිං මෙ අදා තුවං, කප‍්පානං සතසහස‍්සං දුග‍්ගතිං නූපගච‍්ඡසි.”

1668. “තෙපි සිය සිත පහදවා මට බිළාලි (අල) දුන්නහු ද (ඒ හේතුවෙන්) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො පැමිණෙන්නේ ය.”

1669. චතුපඤ‍්ඤාසිතො කප‍්පෙ සුමෙඛලිය සව‍්හයො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1669. මෙයින් සූපණස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමෙඛලිය නම් වූ සක්විති රජෙක් වී ය.

1670. චරිමං වත‍්තතෙ මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, ධාරෙමි අන‍්තිමං දෙහං සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

1670. මේ මාගේ අන්තිම (භව) ය වේ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි අන්තිම දේහය දරමි.

1671. පටිසම‍්භිදා චතස‍්සො ච විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

1671. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා බිළාලිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

බිළාලිදායකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

බිළාලිදායකස්ථවිරාවදානය නවවැනි යි.