යෙදුමෙන් කියවන්න

110. රෙණුපූජකත්‍ථෙරාපදානං

110. රෙණුපූජකත්‍ථෙරාපදානං.

110. රේණුපූජක ස්ථවිරාවදානය

1672. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං සතරංසිං’ව භානුමං, ඔභාසෙන‍්තං දිසා සබ‍්බා උළුරාජං’ව පූරිතං.

1672-1673. රන්වන් වූ සියක්රස් ඇති හිරු වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන පුන්සඳ වැනි වූ ද, සයුරුවලින් පිරිවැරූ පොළොව මෙන් සව්වන් විසින් පිරිවරණ ලද විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක) නාමල් ගෙණ (එහි) රේණුවලින් විපස්සී බුදුරජානන් වහන්සේ පිදීමි.

1673. පුරක‍්ඛතං සාවකෙහි සාගරෙහෙ’ව මෙදිනිං, නාගං පග‍්ගය‍්හ රෙණූහි විපස‍්සිස‍්සාභිරොපයිං.

1674. එකනවුතෙ ඉතො කප‍්පෙ යං රෙණුමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

1674. මෙයින් එක් අනූවන කපෙහි (යම් නාමල්) රොන් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

1675. පණ‍්ණතාළීසිතො කප‍්පෙ රෙණු නාමාසි ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1675. මෙයින් පන්සාළිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රෙණු නම් සක්විති රජෙක් වී ය.

1676. පටිසම‍්භිදා චතස‍්සො විමොක‍්ඛාපි ච අට‍්ඨිමෙ, ඡළභිඤ‍්ඤා සච‍්ඡිකතා කතං බුද‍්ධස‍්ස සාසනං.

1676. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා රෙණුපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් රේණුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.

රෙණුපූජකත්‍ථෙරස‍්ස අපදානං දසමං.

රේණුපූජකස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

භික‍්ඛාදායී ඤාණසඤ‍්ඤී හත්‍ථියො පදපූජකො, මුට‍්ඨිපුප‍්ඵි උදකදො නළමාලී උපට‍්ඨකො බිළාලිදායී රෙණු ච ගාථායො ඡ ච සට‍්ඨි ච.

භික්ඛාදායී ඤාණසඤ්ඤදී - හත්‍ථිය පද පූජක මුට්ඨිපුප්ඵිඋදකද - නළමාලී උපට්ඨක බිළාලිදායී රෙණු යී - සසැටක් ගයින් බැඳියේ.

භික‍්ඛාදායීවග‍්ගො එකාදසමො.

භික්ඛාදායිවර්‍ගය එකොළොස් වැනි යි.