යෙදුමෙන් කියවන්න

106. උදකපූජකත්‍ථෙරාපදානං

106. උදකපූජකත්‍ථෙරාපදානං.

106. උදකපූජක ස්ථවිරාවදානය

1639. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ගච‍්ඡන‍්තං අනිලඤ‍්ජසෙ, ඝතාසනං’ව ජලිතං ආදිත‍්තං’ව හුතාසනං.

1639-1640. මම අහස්මගෙහි වඩින්නා වූ රන්වන් වූ ඇවිලගත් දිලිසෙන ගිනිකඳක් වැනි වූ පූජාසත්කාරයන්ට ආසන (ස්ථාන) වූ බුදුරජානන් වහන්සේට අතින් දිය ගෙන අහසෙහි උඩට දැමීමි. මහාවීර වූ කාරුණික ඍෂි වූ බුදුරජ තෙම එය පිළිගත්තේ ය.

1640. පාණිනා උදකං ගය‍්හ ආකාසෙ උක‍්ඛිපිං අහං, සම‍්පටිච‍්ඡි මහාවීරො බුද‍්ධො කාරුණිකො ඉසි.

1641. අන‍්තලික‍්ඛෙ ඨිතො සත්‍ථා පදුමුත‍්තරනාමකො, මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය ඉමං ගාථං අභාසථ:

1641. අහසෙහි වැඩ සිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මේ ගාථාව වදාළේ ය:

1642. “ඉමිනොදකදානෙන පීතිඋප‍්පාදනෙන ච, කප‍්පසතසහස‍්සම‍්හි දුග‍්ගතිං නූපපජ‍්ජති”.

1642. “මේ ජලදානයෙන් ද ප්‍රීතිය ඉපදවීමෙන් ද (මෙතෙම) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී” (කියා යි.)

1643. තෙන කම‍්මෙන දිපදින්‍දෙ ලොකජෙට‍්ඨෙ නරාසභෙ, පත‍්තොම‍්හි අචලං ඨානං හිත්‍වා ජයපරාජයං.

1643. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ජය - පරාජය (දෙක) හැර නිශ්චලස්ථානය (=නිවණ) ට පැමිණියෙම් වෙමි.

1644. සහස‍්සරාජනාමෙන තයො තෙ චක‍්කවත‍්තිනො, පඤ‍්චසට‍්ඨිකප‍්පසතෙ චාතුරන‍්තා ජනාධිපා.

1644. සදහස්පන්සියවන කපෙහි සිවුමහදිවයින හා සිවු මහ සමුදුරු කෙළවර කොට ඇති පොළොවට අධිපති වූ ජනශ්‍රේෂ්ඨ වූ ඒ සහස්සරාජ නම් සක්විති රජවරු තිදෙනෙක් වූහ.

1645. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1645. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උදකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.

උදකපූජකත්‍ථෙරාපදානං චතුත්‍ථං.

උදකපූජකස්ථවිරාවදානය සවැනියි.