101. භික්ඛාදායකත්ථෙරාපදානං
101. භික්ඛාදායකත්ථෙරාපදානං.
101. භික්ඛාදායක ස්ථවිරාවදානය
1611. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, පවනා අභිනික්ඛන්තං වනා නිබ්බනමාගතං.
1611. මම ස්වර්ණවර්ණ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් වැනි වූ වනලැහැබින් නික්මුනා වූ තෘෂ්ණාවෙන් නික්ම නිවණට පැමිණියා වූ ප්‍රඥාවෙන් උපශාන්ත වූ සම්බුදුරජ (දිටිමි).
1612. කටච්ඡුභික්ඛං පාදාසිං සිද්ධත්ථස්ස මහෙසිනො, පඤ්ඤස්ස උපසන්තස්ස මහ වීරස්ස තාදිනො.
1612. තාදිගුණ ඇති මහාවීර වූ ඒ සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට සැන්දක් පමණ වූ භික්ෂාවක් දිනිමි.
1613. පදෙනානුපදං යන්තං නිබ්බාපෙන්තෙ මහාජනං, උළාරා විත්ති මෙ ජාතා බුද්ධෙ ආදිච්චබන්ධුනි.
1613. සූර්ය්යබන්ධු වූ බුදුරජානන් වහන්සේ පියෙන් පිය අනු ව (පසුපස්සෙන්) යන මහාජනයා (දහම්වැස්සෙන්) නිවන කල්හි මට මහත් ප්‍රීතියෙක් විය.
1614. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භික්ඛාදානස්සිදං ඵලං.
1614. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාකය යි.
1615. සත්තාසීතිම්හි’තො කප්පෙ මහාරෙණුසනාමකා, සත්තරතනසම්පන්නා සත්තෙ’ව චක්කවත්තිනො.
1615. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහාරෙණු නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
1616. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1616. සිවුපිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා භික්ඛාදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භික්ඛාදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
භික්ඛාදායකත්ථෙරස්ස අපදානං පඨමං.
භික්ඛාදායකස්ථවිරාවදානය පළමුවැනියි.
102. ඤාණසඤ්ඤකත්ථෙරාපදානං.
102. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
1617. සුවණ්ණවණ්ණං සම්බුද්ධං නිසභාජානියං යථා, තිධා පභින්නමාතඞ්ගං කුඤ්ජරං’ව මහෙසිනං.
1617-1618. මම ස්වර්ණවර්ණ වූ උතුම් ආජානීයයකු මෙන් ශ්‍රේෂ්ඨ වූ ත්‍රිමදගලිතමාතඞ්ගහස්තිකුලයෙහි ඇත්රජකු වැනි මහර්ෂී වූ පුන්සඳ මෙන් සියලු දිගුන් බබුළුවන්නා වූ ලෝකජ්‍යේෂ්ඨ වූ විථීයට පිළිපන්නා වූ සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
1618. ඔභාසන්තං දිසා සබ්බා උළුරාජං’ව පූරිතං, රථියං පටිපජ්ජන්තං ලොකජෙට්ඨං අපස්සිසං.
1619. ඤාණෙ චිත්තං පසාදෙත්වා පග්ගහෙත්වාන අඤ්ජලිං, පසන්නචිත්තො සුමනො සිද්ධත්ථං අභිවාදයිං.
1619. (උන්වහන්සේගේ) නුවණෙහි සිත පහදවා ඇඳිලි බැඳ සොම්නස් වූයෙම් පහන් සිත් ඇත්තෙම් සිද්ධාර්ත්ථ බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි.
1620. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ඤාණසඤ්ඤායිදං ඵලං.
1620. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධඥානය පැහැදි සිතින් මෙනෙහි කිරීමේ මේ විපාකය යි.
1621. තෙසත්තතිම්හි’තො කප්පෙ සොළසා’සුං නරුත්තමා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
1621. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නරශ්‍රේෂ්ඨ වූ සක්විති රජවරු සෙළොස් දෙනෙක් වූහ.
1622. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1622. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා ඤාණසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
ඤාණසඤ්ඤකත්ථෙරස්ස අපදානං දුතියං.
ඤාණසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනියි.
103. උප්පලහත්ථියත්ථෙරාපදානං
103. උප්පලහත්ථිය ස්ථවිරාවදානය
1623. තිවරායං නිවාසී’හං අහොසිං මාලිකො තදා, අද්දසං විරජං බුද්ධං සිද්ධත්ථං ලොකනායකං.
1623. එකල්හි මම තිවරා නගරයෙහි වෙසෙන මල්කරුවෙක් වීමි. පහ වූ කෙලෙස් රජස් ඇති ලෝකනායක වූ සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
1624. පසන්නචිත්තො සුමනො පුප්ඵහත්ථමදාසහං, යත්ථ යත්ථුපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා.
1624. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (උන්වහන්සේට) උපුල් මල් මිටක් දිනිමි. ඒ කර්මයාගේ විපාකයෙන් යම් යම් භවයක උපදිම් ද,
1625. අනුභොමි ඵලං ඉට්ඨං පුබ්බෙ සුකතමත්තනො, පරික්ඛිත්තො සුමල්ලෙහි පුප්ඵදානස්සිදං ඵලං.
1625. මනා වූ මල්ලයන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර තමා කළ පින් කම්හි ඉෂ්ටවිපාක අනුභව කරමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
1626. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
1626. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
1627. චතුනවුතුපාදාය ඨපෙත්වා වත්තමානකං, පඤ්චරාජසතා තත්ථ නජ්ජූපම සනාමකා.
1627. මෙම භවය හැර සිවුඅනූවන කපෙහි පටන් ම නජ්ජූපම නම් පන්සියයක් රජවරු වූහ.
1628. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1628. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා උප්පලහත්ථියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උප්පලහත්ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
උප්පලහත්ථියත්ථෙරස්ස අපදානං තතියං.
උප්පලහත්‍ථියස්ථවිරාවදානය තෙවැනියි.
104. පදපූජකත්ථෙරාපදානං
104. පදපූජක ස්ථවිරාවදානය
1629. සිද්ධත්ථස්ස භගවතො ජාතිපුප්ඵමදාසහං, පාදෙසු සත්තපුප්ඵානි හාසෙනොකිරිතානි මෙ.
1629. මම සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේට සමන් මල් පිදීමි. (උන්වහන්සේගේ) ශ්‍රීපාදයෙහි මා විසින් මල් සතක් සතුටින් විසුරුවන ලදී.
1630. තෙන කම්මෙන’හං අජ්ජ අතිභොමි නරාමරෙ, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
1630. එම පුණ්‍යකර්මය හේතු කොට ගෙණ අද දෙවිමිනිසුන් අතුරෙහි අතිශයින් බබළමි. සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
1631. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
1631. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1632. සමන්තගන්ධනාමාසුං තෙරස චක්කවත්තිනො, ඉතො පඤ්චමකෙ කප්පෙ චාතුරන්තා ජනාධිපා.
1632. මෙයින් පස්වෙනි කපෙහි සිවුමහදිවයින හා සිවුසයුර කෙළවර කොට ඇති (පෘථිවියෙහි) ජනාධිපති වූ සමන්තගන්‍ධ නම් වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
1633. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1633. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්ථං සුදං ආයස්මා පදපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
පදපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
පදපූජකස්ථවිරාවදානය සිවුවැනියි.
105. මුට්ඨිපුප්ඵියත්ථෙරාපදානං.
105. මූට්ඨිපූප්ඵිය ස්ථවිරාවදානය
1634. සුදස්සනොති නාමෙන මාලාකාරො අහං තදා, අද්දසං විරජං බුද්ධං ලොකජෙට්ඨං නරාසභං.
1634. එකල්හි මම නමින් සුදස්සන නම් වූ මල්කරුවෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පහ වූ කෙළෙස් මල ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.
1635. ජාතිපුප්ඵං ගහෙවොන පූජයිං පදුමුත්තරං, විසුද්ධචක්ඛු සුමනො දිබ්බචක්ඛුං සමජ්ඣගං.
1635. (මම) දෑසමන් මල් ගෙණ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිදීමි. ඒ හේතුවෙන් පිරිසිදු ඇස් ඇත්තේ සොම්නස් වූයේ දිවැස ද ලැබීමි.
1636. එතිස්සා පුප්ඵපූජාය චිත්තස්ස පණිධීහි ච, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
1636. මම මේ පුෂ්පපුජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපන්මි.
1637. සොළසාසිංසු රාජානො දෙවුත්තරසනාමකා, ඡත්තිංසම්හි ඉතො කප්පෙ චක්කවත්තී මහබ්බලා.
1637. මෙයින් සතිස්වන කපෙහි මහත් බල ඇති පදුමුත්තර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1638. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1638. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
ඉත්ථං සුදං ආයස්මා මුට්ඨිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
මුට්ඨිපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
මුට්ඨිපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.