100. බුද්ධුපට්ඨාකත්ථෙරාපදානං
100. බුද්ධුපට්ඨාකත්ථෙරාපදානං.
100. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
1606. විපස්සිනො භගවතො අහොසිං සංඛධම්මකො, නිච්චූපට්ඨානයුත්තොම්හි සුගතස්ස මහෙසිනො.
1606. (මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂි වූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනෙම් වෙමි.
1607. උපට්ඨානඵලං පස්ස ලොකනාථස්ස තාදිනො, සට්ඨි තුරියසහස්සානි පරිවාරෙන්ති මං සදා.
1607. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය දකු. හැමකල්හි සැටදහසක් තූර්ය්යයෝ මා පිරිවරත්.
1608. එකනවුතෙ ඉතො කප්පෙ උපට්ඨහිං මහාඉසිං, දුග්ගතිං නාභිජානාමි උපට්ඨානස්සිදං ඵලං.
1608. මෙයින් එක්අනූවන කපෙහි මහර්ෂි වූ බුදුරදුන්ට (සක් පිඹීමෙන් යම්) උවටැනක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උවටැන් කිරීමෙහි මේ විපාකය යි.
1609. චතුවීසෙ ඉතො කප්පෙ මහානිග්ඝොසනාමකා, සොළසාසිංසු රාජානො චක්කවත්තී මහබ්බලා.
1609. මෙයින් සූතිස්වන කපෙහි මහත් බල ඇති මහානිග්ඝෝස නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
1610. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1610. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජුන්ගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා බුද්ධුපට්ඨාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
බුද්ධපට්ඨාකත්ථෙරස්ස අපදානං දසමං.
බුද්ධුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
උද්දානං:
උද්දානය:
සුධාසුචින්ති චෙලඤ්ච සූචි ච ගන්ධමාලියො, තිපුප්ඵියො මධූ සෙනා - වෙය්යාවච්චො චුපට්ඨකො, සමසට්ඨි ච ගාථායො අස්මිං වග්ගෙ පකිත්තිතා.
සුධා සුචින්තී චේල ද - සූචි ද ගන්ධමාලිය, තිපුප්ඵිය මධුසෙනසුන - වෙය්යාච්චුපට්ඨායක මෙ වගෙහි පවසන ලද - සමසැටගයෙක් වන්නේ
සුධාපිණ්ඩියවග්ගො දසමො.
සුධාපිණ්ඩියවර්ගය දසවැනියි.
අථ වග්ගුද්දානං:
යලි වර්ගඋද්දානය යි:
බුද්ධවග්ගො හි පඨමො සීහාසන සුභූති ච, කුණ්ඩධානො උපාලි ච වීජනී සකචින්ති ච, නාගසමාලො තිමිරො සුධාවග්ගෙන තෙ දස, චතුද්දසසතං ගාථා පඤ්චපඤ්ඤාසමෙව ච.
බුදුවග පළමු ය - යලි සිහසුන් සුභූති ය කුණ්ඩධාන ද උපාලිය - විජනිය සකචින්තිය ද නාගසමාලය තිමිරිය - සුධාවග දැ යි දසයකි ගීතුදුස් සියයකි - පස්පණසක් ද වන්නේ
බුද්ධවග්ගදසකං.
ප්රථමවර්ගදශකය යි.
පඨමසතකං සමත්තං
ප්රථමශතකය සමාප්තයි.