යෙදුමෙන් කියවන්න

98. සෙනාසනදායකත්‍ථෙරාපදං

සම්පූර්ණ පරිච්ඡේදය

98. සෙනාසනදායකත්‍ථෙරාපදං.

98. සේනාසනදායක ස්ථවිරාවදානය

1595. සිද‍්ධත්‍ථස‍්ස භගවතො අදාසිං පණ‍්ණසන්‍ථරං, සමන‍්තා උපහාරං ච කුසුමං ඔකිරිං අහං.

1595. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පන්ඇතිරියක් දිනිමි. හාත්පස අසේනියකුසුම් ද විසිරවීමි.

1596. පාසාදෙ’වං ගුණං රම‍්මං අනුභොමි මහාරහං, මහග‍්ඝානි ච පුප‍්ඵානි සයනෙ‘භිසවන‍්ති මෙ.

1596. මෙබඳු ගුණ ඇති සිත්කලු මහාර්‍හ වූ පහසක් ලබමි. මාගේ ඇඳෙහි මහඟු පුෂ්පයෝ වැගිරෙත්.

1597. සයනෙ’හං තුවට‍්ටාමි විචිත‍්තෙ පුප‍්ඵසන්‍ථතෙ, පුප‍්ඵවුට‍්ඨි ච සයනෙ අභිවස‍්සති තාවදෙ.

1597. මම විසිතුරු වූ මල් අතුළ සයනයෙහි නිදිමි. එකෙණෙහි සයනෙහි මල්වැසි ද වසින්නේ ය.

1598. චතුනවුතෙ ඉතො කප‍්පෙ අදාසිං පණ‍්ණසන්‍ථරං, දුග‍්ගතිං නාභිජානාමි සන්‍ථරස‍්ස ඉදං ඵලං.

1598. මෙයින් සිවුඅනූවන කපෙහි පන්ඇතිරියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇතිරිදනෙහි මේ විපාකයයි.

1599. තිණසන්‍ථරකා නාම සත‍්තෙ‘තෙ චකක්‍වත‍්තිනො, ඉතො තෙ පඤ‍්චමෙ කප‍්පෙ උප‍්පජ‍්ජිංසු ජනාධිපා.

1599. මෙයින් පස්වැනි කපෙහි ජනාධිපති වූ තිණසන්‍ථරක නම් සත් සක්විති රජකෙනෙක් වූහ.

1600. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1600. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සෙනාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සේනාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

සෙනාසනදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

සේනාසනදායකස්ථවිරාවදානය අටවැනියි.

99. වෙය්‍යාවච‍්චකත්‍ථෙරාපදානං.

99. වෙය්‍යාවච්චක ස්ථවිරාවදානය

1601. විපස‍්සිස‍්ස භගවතො මහාභූරිගණො අහු, වෙය්‍යාවච‍්චකරො ආසිං සබ‍්බකිච‍්චෙසු ව්‍යාවටො.

1601. විපස්සී බුදුරජානන් වහන්සේගේ (භක්තිමත්) මහාප්‍රාඥ සමූහයා විය. මම එකල්හි සියලු කටයුතුවල යෙදුනු වතාවත් කරන්නෙක් වීමි.

1602. දෙය්‍යධම‍්මො ච මෙ නත්‍ථි සුගතස‍්ස මහෙසිනො, අවන්‍දිං සත්‍ථුනො පාදෙ විප‍්පසන‍්නෙන චෙතසා.

1602. මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිදිය යුතු දෙයක් මට නැත. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.

1603. එකනවුතෙ ඉතො කප‍්පෙ වෙය්‍යාවච‍්චං අකාසහං, දුග‍්ගතිං නාභිජානාමි වෙය්‍යාවච‍්චස‍්සිදං ඵලං.

1603. මම මෙයින් එක්අනූවන කපෙහි (බුදුරජුන්ට) වතාවත් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වතාවත් කිරීමෙහි මේ ප්‍රතිඵලයයි.

1604. ඉතො ච අට‍්ඨමෙ කප‍්පෙ රාජා ආසිං සුචින‍්තිතො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1604. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචින්තිත නම් සක්විති රජෙක් වීමි.

1605. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1605. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජණන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා වෙය්‍යාවච‍්චකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙය්‍යාවච්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

වෙය්‍යාවච‍්චකත්‍ථෙරස‍්ස අපදානං නවමං.

වෙය්‍යාවච්චකස්ථවිරාවදානය නවවැනි යි