යෙදුමෙන් කියවන්න

97. මධුපිණ‍්ඩිකත්‍ථෙරාපදානං

97. මධුපිණ‍්ඩිකත්‍ථෙරාපදානං.

97. මධුපිණ්ඩික ස්ථවිරාවදානය

1588. විපිනෙ කානනෙ දිස‍්වා අප‍්පසද‍්දෙ නිරාකුලෙ, සිද‍්ධත්‍ථං ඉසිනං සෙට‍්ඨං ආහුතීනං පටිග‍්ගහං.

1588-1589. අල්පශබ්ද අති, නිරාකූල වූ මහවනයෙහි දී ඍෂීන්ට ශ්‍රේෂ්ඨ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් වැනි වූ නිවී ගිය අත්බැව් ඇති අතිශ්‍රේෂ්ඨ වූ උත්තම ආජානීයයකු වැනි ඕසධී තරුව මෙන් බබලන්නා වූ දිව්‍යසමූහයා විසින් නමස්කාර කරනලද සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දැක මට මහත් ප්‍රීතියක් වී ය. එකෙණෙහි නුවණ ද උපන්නේ ය.

1589. නිබ‍්බුතත‍්තං මහානාගං නිසභාජානියං යථා, ඔසධිං’ව විරොචන‍්තං දෙවසඞ‍්ඝනමස‍්සිතං, විත‍්ති මෙ පහුතා ආසි ඤාණං උප‍්පජ‍්ජි තාවදෙ.

1590. වුට‍්ඨිතස‍්ස සමාධිම‍්හා මධුං දත්‍වාන සත්‍ථුනො, වන්‍දිත්‍වා සත්‍ථුනො පාදෙ පක‍්කාමිං පාචිනාමුඛො.

1590. සමාධියෙන් නැගී සිටි ඒ බුදුරජානන් වහන්සේට මී දී ඒ බුදුරජානන් වහන්සේගේ ශ්‍රීපාදයුග්මය ද වැඳ නැගෙනහිර දෙසට මුහුණ ලා ගියෙමි.

1591. චතුත‍්තිංසම‍්හි කප‍්පම‍්හි රාජා ආසිං සුදස‍්සනො, මධු භිසෙහි සවති භොජනම‍්හි ච තාවදෙ, මධුවස‍්සං පවස‍්සිත්‍ථ පුබ‍්බකම‍්මස‍්සිදං ඵලං.

1591. සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභය කරණ) භෝජනයෙහි ද නෙළුඹුපැනි වැගිරේ. මීවැසි ද වැස්සේ ය. පූර්‍වකර්‍මයාගේ මේ විපාකය යි.

1592. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං මධුං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි මධුදානස‍්සිදං ඵලං.

1592. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් මීපැණි දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාකයයි.

1593. චතුත‍්තිංසෙ ඉතො කප‍්පෙ චත‍්තාරො තෙ සුදස‍්සනා, සත‍්තරතනම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1593. මෙයින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිවුසක්විති රජකෙනෙන් වූහ.

1594. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1594. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මධුපිණ‍්ඩිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

මධුපිණ‍්ඩිකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

මධුපිණ්ඩිකස්ථවිරාවදානය සත්වැනියි.