96. තිපුප‍්ඵියත්‍ථෙරාපදානං
96. තිපුප‍්ඵියත්‍ථෙරාපදානං.
96. තිපුප්ඵිය ස්ථවිරාවදානය
1582. මිගලුද‍්දො පුරෙ ආසිං අරඤ‍්ඤෙ කානනෙ අහං, පාටලිං හරිතං දිස‍්වා තීණි පුප‍්ඵානි ඔකිරිං.
1582. මම පෙර මහවෙනෙහි වැද්දෙක් වීමි. (විපස්සී බුදුරජුන්ගේ) නිල්වන් වූ පළොල්බෝධිය (=පාටලී බෝධිය) දැක (එයට) මල් තුණක් විසිරවීම් (පිදීමි).
1583. සන‍්න පත‍්තානි ගණ‍්හිත්‍වා බහි ඡඩ‍්ඪෙසහං තදා, අන‍්තොසුද‍්ධං බහිසුද‍්ධං සුවිමුත‍්තං අනාසවං.
1583-1584. මම එකල්හි වැටුනු බෝකොළ (අවුලා) ගෙණ පිටත දැමීමි. ඇතුළත පිරිසිදු වූ පිටත ද පිරිසිදු වූ (කෙලෙසුන්ගෙන්) මැනැවින් මිදුනු, ආස්‍රව රහිත වූ ලෝකනායක වූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහි දී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කලුරිය කෙළෙමි.
1584. සම‍්මුඛා විය සම‍්බුද‍්ධං විපස‍්සිං ලොකනායකං, පාටලිං අභිවාදෙත්‍වා තත්‍ථ කාලකතො අහං.
1585. එකනවුතෙ ඉතො කප‍්පෙ යං බොධිමභිපූජයිං, දුග‍්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.
1585. මෙයින් එක්අනූවන කපෙහි යම් බෝධිපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකයයි.
1586. සමන‍්තපාසාදිකා නාම තෙරසා’සිංසු රාජිනො, ඉතො තෙත‍්තිංසකප‍්පම‍්හි චක‍්කවත‍්තී මහබ‍්බලා.
1586. මෙයින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් වූ සක්විතිරජවරු තෙළෙස් දෙනෙක් වූහ.
1587. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.
1587. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්‍ථං සුදං ආයස‍්මා තිපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
තිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.
තිපුප්ඵිය ස්ථවිරාවදානය සවැනියි.