යෙදුමෙන් කියවන්න

10. සුධාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

10. සුධා වර්‍ගය

91. සුධාපිණ‍්ඩියත්‍ථෙරඅපදානවණ‍්ණනා

91. සුධාපිණ්ඩිය ථේර අපදාන වර්ණනාව

පූජාරහෙ පූජයතොතිආදිකං ආයස‍්මතො සුධාපිණ‍්ඩියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ භගවති ධරමානෙ පුඤ‍්ඤං කාතුමසක‍්කොන‍්තො පරිනිබ‍්බුතෙ භගවති තස‍්ස ධාතුං නිදහිත්‍වා චෙතියෙ කරීයමානෙ සුධාපිණ‍්ඩමදාසි. සො තෙන පුඤ‍්ඤෙන චතුන‍්නවුතිකප‍්පතො පට‍්ඨාය එත්‍ථන‍්තරෙ චතුරාපායමදිස‍්වා දෙවමනුස‍්සසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

පුජාරහෙ පූජයතො යනාදි වශයෙන් ආයුෂ්මත් සුධාපිණ්ඩිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ ජීවත්ව සිටියදී පිනක් කරන්නට නොහැකි වූයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ධාතු නිධන්කොට චෛත්‍ය කරනු ලබන කල්හි හුණු පිඬු දුන්නේය. හේ එම පිනින් අනූහතර වැනි කල්පයෙහි පටන් මේ අතරතුර සතර අපාය නො දැක දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො අත‍්තනො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පූජාරහෙතිආදිමාහ. තත්‍ථ පූජාරහා නාම බුද‍්ධපච‍්චෙකබුද‍්ධඅරියසාවකාචරියුපජ‍්ඣායමාතාපිතුගරුආදයො, තෙසු පූජාරහෙසු මාලාදිපදුමවත්‍ථාභරණචතුපච‍්චයාදීහි පූජයතො පූජයන‍්තස‍්ස පුග‍්ගලස‍්ස පුඤ‍්ඤකොට‍්ඨාසං සහස‍්සසතසහස‍්සාදිවසෙන සඞ‍්ඛ්‍යං කාතුං කෙනචි මහානුභාවෙනාපි න සක‍්කාති අත්‍ථො. න කෙවලමෙව ධරමානෙ බුද‍්ධාදයො පූජයතො, පරිනිබ‍්බුතස‍්සාපි භගවතො චෙතියපටිමාබොධිආදීසුපි එසෙව නයො.

පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පූජාරහෙ’ යනාදිය කීය. එහි පූජාරහ නම් බුදු පසේබුදු ශ්‍රාවක ආචාර්ය උපාධ්‍යාය මව්පිය ගුරු ආදීහුය. ඒ පූජාවට සුදුස්සන් කෙරෙහි මල්දම් පහන් සුවඳදුම් වස්ත්‍රාභරණ ආදී සිව්පසයෙන් පූජයතො පුදන්නාවූ පුද්ගලයාගේ පින් කොටස දහස සියදහස ආදි වශයෙන් ගණන් කිරීමට කිසිදු මහානුභාව ඇත්තකු විසින්වත් නොහැක්කේය යන අර්ථයි. හුදෙක් ජීවත්වන්නා වූ බුද්ධාදී උත්තමයන්ට පුදන්නහුට පමණක් නොව, පිරිනිවි භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍ය ප්‍රතිමා බෝධි ආදිය කෙරෙහිද මෙම ක්‍රමයමය.

තං දීපෙතුං චතුන‍්නමපි දීපානන‍්තිආදිමාහ. තත්‍ථ චතුන‍්නමපි දීපානන‍්ති ජම‍්බුදීපඅපරගොයානඋත‍්තරකුරුපුබ‍්බවිදෙහසඞ‍්ඛාතානං චතුන‍්නං දීපානං තදනුගතානං ද‍්විසහස‍්සපරිත‍්තදීපානඤ‍්ච එකතො කත්‍වා සකලචක‍්කවාළගබ‍්භෙ ඉස‍්සරං චක‍්කවත‍්තිරජ‍්ජං කරෙය්‍යාති අත්‍ථො. එකිස‍්සා පූජනායෙතන‍්ති ධාතුගබ‍්භෙ චෙතියෙ කතාය එකිස‍්සා පූජාය එතං සකලජම‍්බුදීපෙ සත‍්තරතනාදිකං සකලං ධනං. කලං නාග‍්ඝති සොළසින‍්ති චෙතියෙ කතපූජාය සොළසක‍්ඛත‍්තුං විභත‍්තස‍්ස සොළසමකොට‍්ඨාසස‍්ස න අග‍්ඝතීති අත්‍ථො.

එය පැහැදිලි කිරීමට ‘චතුන්තම්පි දීපානං’ ආදිය කීය. එහි චතුන්නං දීපානං යනු ජම්බුද්වීපය. අපරගෝයනය, උත්තරකුරු, පූර්වවිදේහ සංඛ්‍යාත වූ සතර ද්වීපයන් හා එයට ඇතුළත් දෙහසක් කුඩා දිවයින්ද එකතුකොට සියලු සක්වළ ගැබට ප්‍රධාන වූ සක්විති රජය කරන්නේය යන අර්ථයි. එකිස්සා පූජානායෙතං යනු චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි කරන ලද එක් පූජාවකින්, පිදුමකින් එකක්, සියලු දඹදිව සප්තරත්න ආදි වූ සියල්ල. කලං නාග්ඝති සොළසිං යනු චෛත්‍යයෙහි කළ පූජාව දහසයවරක් බෙදූ දහසයවැනි කොටස තරම් නො අගී යන අර්ථයි.

සිද‍්ධත්‍ථස‍්ස…පෙ… ඵලිතන‍්තරෙති නරානං අග‍්ගස‍්ස සෙට‍්ඨස‍්ස සිද‍්ධත්‍ථස‍්ස භගවතො චෙතියෙ ධාතුගබ‍්භම‍්හි සුධාකම‍්මෙ කරීයමානෙ පරිච‍්ඡෙදානං උභින‍්නමන‍්තරෙ වෙමජ‍්ඣෙ, අථ වා පුප‍්ඵදානට‍්ඨානානං අන‍්තරෙ ඵලන‍්තියා මයා සුධාපිණ‍්ඩො දින‍්නො මක‍්ඛිතොති සම‍්බන්‍ධො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

‘සිද්ධත්‍ථස්ස නරග්ගස්ස චෙතියෙ එලිතන්තරෙ’ යනු නරයන්ට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යයෙහි ධාතු ගර්භයෙහි සුණු පිරියම් කෙරෙන කල්හි පිරිසිඳීම් අතරෙහි මැද, නැතහොත් මල් තබන තැන් අතරෙහි. යං යනු යමෙක් මා විසින් හුණුපිඩ දින්නො තබන ලද්දේද යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි ප්‍රකට ම ය.

සුධාපිණ‍්ඩියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුධාපිණ්ඩිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

92. සුචින‍්තිකත්‍ථෙරඅපදානවණ‍්ණනා

92. සුචින්තිත ථේර අපදාන වර්ණනාව

තිස‍්සස‍්ස ලොකනාථස‍්සාතිආදිකං ආයස‍්මතො සුචින‍්තිකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අනෙකාසු ජාතීසු නිබ‍්බානාධිගමාය පුඤ‍්ඤං උපචිනිත්‍වා තිස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසීදිත්‍වා සත්‍ථු නිසීදනත්‍ථාය පරිසුද‍්ධං සිලිට‍්ඨං කට‍්ඨමයමනග‍්ඝපීඨමදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන සුගතිසුඛමනුභවිත්‍වා තත්‍ථ තත්‍ථ සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

තිස්සස්ස ලොකනාථස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් සුචින්තිත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතිවල නිර්වාණය අවබෝධ කරනු පිණිස පින් රැස්කොට තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ශාස්තෲන් වහන්සේට වැඩහිඳීම පිණිස පිරිසිදු සිනිඳු දැවමුවා මාහැඟි පුටුවක් දුන්නේ ය. හේ එම පින්කමින් සුගතියෙහි සැප අනුභව කරමින් ඒ ඒ තැන සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.

සො පත‍්තඅරහත‍්තඵලො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො තිස‍්සස‍්ස ලොකනාථස‍්සාතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

පැමිණි රහත්ඵල ඇත්තේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘තිස්සස්ස ලොකනාථස්ස’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

සුචින‍්තිකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුචින්තිත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

93. අඩ‍්ඪචෙළකත්‍ථෙරඅපදානවණ‍්ණනා

93. අඩ්ඪචෙළක ථේර අපදාන වර්ණනාව

තිස‍්සස‍්සාහං භගවතොතිආදිකං ආයස‍්මතො අඩ‍්ඪචෙළකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි ථෙරො පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ එකෙනාකුසලෙන කම‍්මෙන දුග‍්ගතකුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධම‍්මදෙසනං ඤත්‍වා පසන‍්නමානසො චීවරත්‍ථාය අඩ‍්ඪභාගං එකං දුස‍්සමදාසි. සො තෙනෙව පීතිසොමනස‍්සෙන කාලං කත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තො ඡ කාමාවචරසම‍්පත‍්තිමනුභවිත්‍වා තතො චුතො මනුස‍්සෙසු මනුස‍්සසම‍්පත‍්තීනං අග‍්ගභූතං චක‍්කවත‍්තිසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං අද‍්ධකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

තිස්සස්සාහං භගවතො යනාදී වශයෙන් ආයුෂ්මත් අඩ්ඪචෙලක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් අකුසල කර්මයකින් දුප්පත් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව සද්ධර්ම දේශනාව අසා පහන් සිතැත්තේ සිවුරු පිණිස රෙද්දකින් අඩක් දුන්නේය. හේ ඒ සොම්නසින්ම කලුරිය කොට ස්වර්ගයෙහි උපන්නේ ස කාමාවචර සම්පත් අනුභවකොට එයින් චුතව මිනිසුන් අතර මිනිස් සම්පත්තීන්හි අග්‍රවූ චක්‍රවර්ති සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා පහන් සිතැත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො තිස‍්සස‍්සාහං භගවතොතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘තිස්සස්සානං භගවතො’ යනාදිය කීය.

අඩ‍්ඪචෙළකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

අඩ්ඪචෙලක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

94. සූචිදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

94. සූචිදායක ථේර අපදාන වර්ණනාව

කම‍්මාරොහං පුරෙ ආසින‍්තිආදිකං ආයස‍්මතො සූචිදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අන‍්තරන‍්තරා කුසලබීජානි පූරෙන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ අන‍්තරන‍්තරා කතෙන එකෙන කම‍්මච‍්ඡිද‍්දෙන කම‍්මාරකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සකසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො චීවරසිබ‍්බනත්‍ථාය සූචිදානමදාසි, තෙන පුඤ‍්ඤෙන දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා අපරභාගෙ මනුස‍්සෙසු උප‍්පන‍්නො චක‍්කවත‍්තාදයො සම‍්පත‍්තියො ච අනුභවන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ තික‍්ඛපඤ‍්ඤො වජීරඤාණො අහොසි. සො කමෙන ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො මහද‍්ධනො සද‍්ධාජාතො තික‍්ඛපඤ‍්ඤො අහොසි. සො එකදිවසං සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා ධම‍්මානුසාරෙන ඤාණං පෙසෙත්‍වා නිසින‍්නාසනෙයෙව අරහා අහොසි.

කම්මාරොහං පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් සුචිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ අතරතුර කුසල්බිජු පුරන්නේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි අතරතුර කරන ලද එක් වැරදි ක්‍රියාවකින් කඹුරු කුලයෙහි ඉපිද වැඩිවිය පත්ව ස්වකීය ශිල්පයෙහි නිෂ්පත්තියට පැමිණියේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා පහන් සිතැත්තේ සිවුර මැසීම පිණිස ඉඳිකටු දානයක් දුන්නේ ය. හේ ඒ පිනින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් අනුභවකොට පසුකලෙක මිනිසුන් අතර ඉපිද චක්‍රවර්ති ආදී සම්පත්ද අනුභව කරන්නේ උපනුපන් භවයෙහි තියුණු නුවණ ඇත්තේ වජ්‍රප්‍රඥා ඇත්තේ විය. හේ ක්‍රමයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද වැඩිවිය පත්ව හටගත් ශ්‍රද්ධා ඇත්තේ මහා ධන ඇත්තේ තියුණු නුවණ ඇත්තේ විය. එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනය අසා ධර්මානුසාරයෙන් ඥානය යවා හුන් අසුනෙහිම රහත් විය.

සො අරහා සමානො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො කම‍්මාරොහං පුරෙ ආසින‍්තිආදිමාහ. තත්‍ථ කම‍්මාරොති අයොකම‍්මලොහකම‍්මාදිනා කම‍්මෙන ජීවති රුහති වුද‍්ධිං විරූළ‍්හිං ආපජ‍්ජතීති කම‍්මාරො, පුබ‍්බෙ පුඤ‍්ඤකරණකාලෙ කම‍්මාරො ආසිං අහොසින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

හේ රහත් වූයේම පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සිද්ධත්‍ථස්ස භගවතො’ යනාදිය කීය. එහි කම්මාරො යනු යකඩ වැඩ ලෝහ වැඩ ආදී කර්මයකින් ජීවත්වේනුයි, රුහති දියුණුවට වැඩි දියුණුවට පැමිණේනුයි කම්මාර නමි. පෙර පින් කරන කල්හි කඹුරෙක්. ආසිං වීමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

සූචිදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුචිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

95. ගන්‍ධමාලියත්‍ථෙරඅපදානවණ‍්ණනා

95. ගන්‍ධමාලිය ථේර අපදාන වර්ණනාව

සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො ගන්‍ධමාලියත්‍ථෙරස‍්ස අපදාන. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො මහද‍්ධනො මහාභොගො අහොසි. සො සත්‍ථරි පසීදිත්‍වා චන්‍දනාගරුකප‍්පූරකස‍්සතුරාදීනි අනෙකානි සුගන්‍ධානි වඩ‍්ඪෙත්‍වා සත්‍ථු ගන්‍ධථූපං කාරෙසි. තස‍්සුපරි සුමනපුප‍්ඵෙහි ඡාදෙසි, බුද‍්ධඤ‍්ච අට‍්ඨඞ‍්ගනමක‍්කාරං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ගන්‍ධමාලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පින් රැස්කිරීම් ඇත්තේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද මහාධන ඇත්තේ මහාභෝග විය. හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී සඳුන් අගිල් කපුරු කස්තුරි ආදී වූ නොයෙක් සුවඳ වඩා ශාස්තෲන් වහන්සේට ස්තූපයක් කරවීය. එහි මුදුන සමන්මලින් වැසීය. බුදුන්වැඳ ප්‍රාර්ථනාවක් ද කළේය. ඒ පිනින් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති එක් කුලගෙයක ඉපිද වැඩිවියට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සිද්ධත්‍ථස්ස භගවතො’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අර්ථ ඇත්තේමය.

ගන්‍ධමාලියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ගන්‍ධමාලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

96. තිපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

96. තිපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

මිගලුද‍්දො පුරෙ ආසින‍්තිආදිකං ආයස‍්මතො තිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අන‍්තරා කෙනචි අකුසලච‍්ඡිද‍්දෙන විපස‍්සිස‍්ස භගවතො කාලෙ නෙසාදකුලෙ නිබ‍්බත‍්තො මිගලුද‍්දො හුත්‍වා අරඤ‍්ඤෙ විහරති. තදා විපස‍්සිස‍්ස භගවතො පාටලිබොධිං සම‍්පුණ‍්ණපත‍්තපල‍්ලවං හරිතවණ‍්ණං නීලොභාසං මනොරමං දිස‍්වා තීහි පුප‍්ඵෙහි පූජෙත්‍වා පුරාණපත‍්තං ඡඩ‍්ඩෙත්‍වා භගවතො සම‍්මුඛා විය පාටලිමහාබොධිං වන්‍දි. සො තෙන පුඤ‍්ඤෙන තතො චුතො දෙවලොකෙ උප‍්පන‍්නො තත්‍ථ දිබ‍්බසම‍්පත‍්තිං අපරාපරං අනුභවිත්‍වා තතො චුතො මනුස‍්සෙසු ජාතො තත්‍ථ චක‍්කවත‍්තිසම‍්පත‍්තිආදයො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසොමනස‍්සහදයො ගෙහං පහාය පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

මිගලුද්දො පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ අතරෙහි එක්තරා අකුසල දෝෂයකින් විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි නේසාද කුලයෙහි උපන්නේ මුව වැද්දෙක් ව අරණ්‍යයෙහි වාසය කරයි. එකල්හි විපස්සි භාග්‍යවතුන් වහන්සේ පළොල් බෝධිය පිරුණු කොළදලු ඇත්තේය. හරිත වර්ණ ඇත්තේය. නිල් ආලෝකය ඇත්තේය. මනෝරම්‍ය වූයේය. ඒ දැක මල් තුනකින් පුදා පරඬැල් හැර භාග්‍යවතුන් වහන්සේගේ සම්මුඛයෙහි මෙන් පළොල් මහා බෝධිය වැන්දේය. හේ එම පිනින් එයින් චුතවූයේ දෙව්ලොව උපන්නේ එහි දිව්‍ය සම්පත් අනුභවකොට එයින් චුතවූයේ මිනිසුන් අතර ඉපිද එහි චක්‍රවර්ති ආදි සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ලැබූ සොම්නස් සහගත හදවත් ඇත්තේ ගිහිගෙය අත්හැර පැවිදිව නොබෝ කලෙකින්ම රහත්විය.

සො එවං සිද‍්ධිප‍්පත‍්තො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො මිගලුද‍්දො පුරෙ ආසින‍්තිආදිමාහ. තත්‍ථ මරණාය ගච‍්ඡති පාපුණාතීති මිගො, අථ වා මගයමානො ඉහති පවත‍්තතීති මිගො, මිගානං මාරණෙ ලුද‍්දො ලොභී ගෙධොති මිගලුද‍්දො, පුරෙ මය‍්හං පුඤ‍්ඤකරණසමයෙ කානනසඞ‍්ඛාතෙ මහාඅරඤ‍්ඤෙ මිගලුද‍්දො ආසින‍්ති සම‍්බන්‍ධො. පාටලිං හරිතං දිස‍්වාති තත්‍ථ පකාරෙන තලෙන රත‍්තවණ‍්ණෙන භවතීති පාටලි , පුප‍්ඵානං රත‍්තවණ‍්ණතාය පාටලීති වොහාරො, පත‍්තානං හරිතතාය හරිතං නීලවණ‍්ණං පාටලිබොධිං දිස‍්වාති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

හේ මෙසේ ශුද්ධත්වයට පත්වූයේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘මිගලුද්දො පුරෙ ආසිං’ යනාදිය කීය. එහි මරණයට යතියි පමුණුවතියි මිග නමි. නැතහොත් බලමින් ඉහති පවත්නේනුයි මිග නමි. මුවන් මැරීමෙහි ලුද්දො ලොබ වූයේ කපන්නේ මිගලුද්ද නමි. පෙර මා පින් කරන සමයෙහි කාන්ත සංඛ්‍යාත වූ මහා අරණ්‍යයෙහි මුවවැද්දෙක් වීමි යන සම්බන්ධයි. පාටලිහරිතංදිස්වා යනු එහි මැනවින් පාලන කෙරේනුයි රත්පැහැ වේනුයි පාටලී. මල් රත්පැහැ ඇති බැවින් පාටලී යයි ව්‍යවහාරයක් වෙයි. පත්‍ර හරිතවර්ණ බැවින් නීල වර්ණ බැවින් හරිත වූ නීලවර්ණ පළොල් බෝධිය දැක යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නියමාකාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.

තිපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

තිපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

97. මධුපිණ‍්ඩිකත්‍ථෙරඅපදානවණ‍්ණනා

97. මධුපිණ්ඩික ථේර අපදාන වර්ණනාව

විවනෙ කානනෙ දිස‍්වාතිආදිකං ආයස‍්මතො මධුපිණ‍්ඩිකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ නෙසාදයොනියං නිබ‍්බත‍්තො මහාඅරඤ‍්ඤෙ පටිවසති. තදා විවෙකාභිරතියා සම‍්පත‍්තං සිද‍්ධත්‍ථං භගවන‍්තං දිස‍්වා සමාධිතො වුට‍්ඨිතස‍්ස තස‍්ස සුමධුරං මධුමදාසි. තත්‍ථ ච පසන‍්නමානසො වන්‍දිත්‍වා පක‍්කාමි. සො තෙනෙව පුඤ‍්ඤෙන සම‍්පත‍්තිං අනුභවන‍්තො දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

විවනෙ කානනෙ දිස්වා යනාදි වශයෙන් ආයුෂ්මත් මධුපිණ්ඩික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි නේසාද යෝනියෙහි ඉපිද මහා අරණ්‍යයෙහි වාසය කරයි. එකල්හි විවේකය කැමැත්තෙන් සපැමිණි සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක සමාධියෙන් නැගුණු උන්වහන්සේට සුමිහිරි මීපැණි දුන්නේය. එයින් වෙසෙසින් පහන් වූ සිතැත්තේ වැඳ ගියේය. හේ ඒ පිනින්ම සම්පත් අනුභව කරන්නේ දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලෙකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො විවනෙ කානනෙ දිස‍්වාතිආදිමාහ. තත්‍ථ විවනෙති විසෙසෙන වනං පත්‍ථටං විවනං, හත්‍ථිඅස‍්සරථසද‍්දෙහි භෙරිසද‍්දෙහි ච වත්‍ථුකාමකිලෙසකාමෙහි ච විගතං බ්‍යාපගතන‍්ති අත්‍ථො, කානනසඞ‍්ඛාතෙ මහාඅරඤ‍්ඤෙ විවනෙති සම‍්බන්‍ධො. ඔසධිංව විරොචන‍්තන‍්ති භවවඩ‍්ඪකිජනානං ඉච‍්ඡිතිච‍්ඡිතං නිප‍්ඵාදෙතීති ඔසධං. ඔජානිබ‍්බත‍්තිකාරණං පටිච‍්ච යාය තාරකාය උග‍්ගතාය උද‍්ධරන‍්ති ගණ‍්හන‍්තීති සා ඔසධි. ඔසධිතාරකා ඉව විරොචන‍්තීති වත‍්තබ‍්බෙ ගාථාබන්‍ධසුඛත්‍ථං “ඔසධිංව විරොචන‍්ත”න‍්ති ච වුත‍්තං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘විවනෙ කානනෙ දිස්වා’ යනාදිය කීය. එහි විවනෙ යනු විශේෂයෙන් වනය පැතිරුණේ විවන නමි. ඇත් අස් රිය ශබ්දයන්ගෙන්ද බෙර හඬින්ද වස්තුකාම ක්ලේශ කාමයන්ගෙන් පහවූ ව්‍යාප්ත නොවූ යන අර්ථයි. කානන සංඛ්‍යාත වූ මහා අරණ්‍යයෙහි විවනෙ යන සම්බන්ධයි. ඔසධිංව විරොවන්තං යනු අභිවර්ධනය වේනුයි ජොතනං කැමති කැමති දේ නිපදවානුයි ඔසධී. ඕෂධී තාරකාව මෙන් බබලත්නුයි කියයුතු තන්හි ගාථා බන්ධන පහසුව සඳහා ඔසධීංව විරොචන්ති යනුවෙන් කියන ලදි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේමය.

මධුපිණ‍්ඩිකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

මධුපිණ්ඩික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

98. සෙනාසනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

98. සේනාසනදායක ථේර අපදාන වර්ණනාව

සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො සෙනාසනදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා අත‍්තනො වසනට‍්ඨානං වනන‍්තරං සම‍්පත‍්තස‍්ස භගවතො පණාමං කත්‍වා පණ‍්ණසන්‍ථරං සන්‍ථරිත්‍වා අදාසි. භගවතො නිසින‍්නට‍්ඨානස‍්ස සමන‍්තතො භිත‍්තිපරිච‍්ඡෙදං කත්‍වා පුප‍්ඵපූජමකාසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් සේනාසන දායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී තමාගේ වසනස්ථානය වූ වනාන්තරයට සපැමිණි භාග්‍යවතුන් වහන්සේට ප්‍රණාම කොට කොළ ඇතිරියක් අතුරා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැන වටා බිත්තියක් කොට මල්පූජාවක් කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත්විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො අත‍්තනො පුබ‍්බචරිතාපදානං දස‍්සෙන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිමාහ. තං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සිද්ධත්‍ථස්ස භගවතො’ යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

සෙනාසනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සේනාසන දායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

99. වෙය්‍යාවච‍්චකරත්‍ථෙරඅපදානවණ‍්ණනා

99. වෙය්‍යාවච්චක ථේර අපදාන වර්ණනාව

විපස‍්සිස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො වෙය්‍යාවච‍්චකරත්‍ථෙරස‍්ස අපදානං. තස‍්ස උප‍්පත‍්තිආදයො හෙට‍්ඨා වුත‍්තනියාමෙනෙව දට‍්ඨබ‍්බා.

විපස්සිස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් වෙය්‍යාවච්චකර තෙරුන් වහන්සේගේ අපදානයයි. උන්වහන්සේගේ උත්පත්ති ආදිය යට කියන ලද පරිද්දෙන් ම දතයුතු ය.

වෙය්‍යාවච‍්චකරත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

වෙය්‍යාවච්චකර තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

100. බුද‍්ධුපට‍්ඨාකත්‍ථෙරඅපදානවණ‍්ණනා

100. බුද්ධුපට්ඨාක ථේර අපදාන වර්ණනාව

විපස‍්සිස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො බුද‍්ධුපට‍්ඨාකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ සඞ‍්ඛධමකකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය අත‍්තනො සිප‍්පෙ සඞ‍්ඛධමනෙ ඡෙකො අහොසි, නිච‍්චකාලං භගවතො සඞ‍්ඛං ධමෙත්‍වා සඞ‍්ඛසද‍්දෙනෙව පූජෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සබ‍්බත්‍ථ පාකටො මහාඝොසො මහානාදී මධුරස‍්සරො අහොසි, ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං පාකටකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො මධුරස‍්සරොති පාකටො, සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි, අපරභාගෙ මධුරස‍්සරත්‍ථෙරොති පාකටො.

විපස්සිනො භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සක්පිඹින කුලයක ඉපිද වැඩිවිය පත්ව තමා සියලු සක්පිඹීමෙහි දක්‍ෂ වූයේ විය. හේ නිතරම භාග්‍යවතුන් වහන්සේට සක පිඹීය. සක් හඬින්ම පූජා කළේය. හේ එම පිනින්ම දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සැමතැන ප්‍රකට වූයේ මහා ප්‍රතිරාව දෙන හඬ ඇත්තේ මිහිරිහඬ ඇත්තේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි ප්‍රසිද්ධ කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ මධුරස්සර යයි ප්‍රකට වූයේ ශාස්තෲන් වහන්සෙ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.

සො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො විපස‍්සිස‍්ස භගවතොතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තමෙව. අහොසිං සඞ‍්ඛධමකොති සං සුට‍්ඨු ඛනන‍්තො ගච‍්ඡතීති සඞ‍්ඛො, සමුද‍්දජලපරියන‍්තෙ චරමානො ගච‍්ඡති විචරතීති අත්‍ථො. තං සඞ‍්ඛං ධමති ඝොසං කරොතීති සඞ‍්ඛධමකො, සොහං සඞ‍්ඛධමකොව අහොසින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

එක් දවසක් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ විපස්සිස්ස භගවතො යනාදිය කීය. එය යට කියන ලද්දේ ම ය. ‘අහොසිං සඞ්ඛධම්මකො’ යනු සක් පිඹීනුයි ඝෝෂා කරානුයි සඞ්ඛධම්ම නමි. ඒ මම සඞ්ඛධම්මක වීමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

බුද‍්ධුපට‍්ඨාකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

බුද්ධුපට්ඨාක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

දසමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

දසවැනි වර්ග වර්ණනාව සමාප්තයි.