යෙදුමෙන් කියවන්න

9. තිමිරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

9. තිමිර වර්‍ගය

81. තිමිරපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

81. තිමිරපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

චන්‍දභාගානදීතීරෙතිආදිකං ආයස‍්මතො තිමිරපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. කා උප‍්පත‍්ති? අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා වසන‍්තො කාමෙසු ආදීනවං දිස‍්වා ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා චන්‍දභාගාය නදියා සමීපෙ වසති, විවෙකකාමතාය හිමවන‍්තං ගන‍්ත්‍වා නිසින‍්නං සිද‍්ධත්‍ථං භගවන‍්තං දිස‍්වා වන්‍දිත්‍වා තස‍්ස ගුණං පසීදිත්‍වා තිමිරපුප‍්ඵං ගහෙත්‍වා පූජෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවෙසු ච මනුස‍්සෙසු ච සම‍්පත‍්තිමනුභවන‍්තො සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

චන්‍දභාගානදීතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිමිරපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා වාසය කරන්නේ ආදීනව දැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව චන්‍දභාගා නදිය අසබඩ වාසය කරයි. විවේක කැමති බැවින් හිමවතට වැඩි සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දැක වැඳ උන්වහන්සේගේ ගුණ සිහිකොට තිමිර මලක් පූජා කළේය. හේ ඒ පිනින් දෙවියන් අතරද මනුෂ්‍යයන් අතරද සම්පත් අනුභව කරමින් සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.

සො අපරභාගෙ පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො චන්‍දභාගානදීතීරෙතිආදිමාහ. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොව. අනුභොතං වජාමහන‍්ති ගඞ‍්ගාය ආසන‍්නෙ වසනභාවෙන සබ‍්බත්‍ථ රම‍්මභාවෙන ගඞ‍්ගාතො හෙට‍්ඨා සොතානුසාරෙන අහං වජාමි ගච‍්ඡාමි තත්‍ථ තත්‍ථ වසාමීති අත්‍ථො. නිසින‍්නං සමණං දිස‍්වාති සමිතපාපත‍්තා සොසිතපාපත‍්තා සමණසඞ‍්ඛාතං සම‍්මාසම‍්බුද‍්ධං දිස‍්වාති අත්‍ථො.

උන්වහන්සේ පසුකලෙක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු චන්‍දභාගා නදීතීරෙ යනාදිය කීහ. එහි අර්ථය යට කියන ලදි. අනුසොතං වජාමහං ගඟ ආසන්නයෙහි, ගංතෙර යන අනුසාරයෙන් යට කියන ලද පරිදි වජාමි යමි. තැන තැන වසමි යන අර්ථයි. නිසින්තං සමණං දිස්වා සමනය කරන ලද පාපයන් ඇති බැවින්, දවාලන ලද පාපයන් ඇති බැවින් ශ්‍රමණ සංඛ්‍යාත වූ සම්මා සම්බුදුන් වහන්සේ දැක යන අර්ථයි.

එවං චින‍්තෙසහං තදාති අයං භගවා සයං තිණ‍්ණො සබ‍්බසත‍්තෙ තාරයිස‍්සති සංසාරතො උත‍්තාරෙති සයං කායද‍්වාරාදීහි දමිතො අයං භගවා පරෙ දමෙති.

එවං චින්තෙසහං තදා යනු මේ භාග්‍යවතුන් වහන්සේ තමන් එතරවූ සේක් සියලු සත්ත්වයන් තාරයිස්සති සංසාරයෙන් එගොඩ කරවන සේක.

සයං අස‍්සත්‍ථො අස‍්සාසම‍්පත‍්තො, කිලෙසපරිළාහතො මුත‍්තො සබ‍්බසත‍්තෙ අස‍්සාසෙති, සන‍්තභාවං ආපාපෙති. සයං සන‍්තො සන‍්තකායචිත‍්තො පරෙසං සන‍්තකායචිත‍්තං පාපෙති. සයං මුත‍්තො සංසාරතො මුච‍්චිතො පරෙ සංසාරතො මොචයිස‍්සති. සො අයං භගවා සයං නිබ‍්බුතො කිලෙසග‍්ගීහි නිබ‍්බුතො පරෙසම‍්පි කිලෙසග‍්ගීහි නිබ‍්බාපෙස‍්සතීති අහං තදා එවං චින‍්තෙසින‍්ති අත්‍ථො.

තමන් කායද්වාර ආදියෙන් දමනය වූ සේ මේ භාග්‍යවතුන් වහන්සේ අනුන් දමනය කරන සේක. තමන් අස්සත්‍ථො අස්වැසුණු බවට පත්වූවාහු ක්ලේශ පරිදාහයෙන් මිදුණාහු සංසාරයෙන් මිදුණාහු අනුන් සංසාරයෙන් මුදවන සේක. ඒ මේ භාග්‍යවතුන් වහන්සේ තමන් කෙලෙස් ගින්නෙන් මිදුණාහු අනුන්ද කෙලෙස් ගින්නෙන් නිවාලන සේක. මෙසේ මම එදා සිතුවෙමි යන අර්ථයි.

ගහෙත්‍වා තිමිරපුප‍්ඵන‍්ති සකලං වනන‍්තං නීලකාළරංසීහි අන්‍ධකාරං විය කුරුමානං ඛායතීති තිමිරං පුප‍්ඵං තං ගහෙත්‍වා කණ‍්ණිකාවණ‍්ටං ගහෙත්‍වා මත්‍ථකෙ සීසස‍්ස උපරි ආකාසෙ ඔකිරිං පූජෙසින‍්ති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

ගහෙත්‍වා තිමිරං පුප්ඵං යනු සියලු වනාන්තරය නිල්වන් රශ්මීන්ගෙන් අන්ධකාරයක් මෙන් කරමින් ගෙවයිනුයි තිමිරපුප්ඵං. ඒ තිමිර පුෂ්පයි කර්ණිකාවෙන් තංගහෙත්‍වා අල්ලාගෙන මත්‍ථකෙ හිසට උඩින් අහසෙහි ඔකිරිං පිදුවෙමි යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

තිමිරපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

තිමිර පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

82. ගතසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා

82. ගතසඤ්ඤක ථේර අපදාන වර්ණනාව

ජාතියා සත‍්තවස‍්සොහන‍්තිආදිකං ආයස‍්මතො ගතසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො පුරාකතවාසනාවසෙන සද‍්ධාජාතො සත‍්තවස‍්සිකකාලෙයෙව පබ‍්බජිතො භගවතො පණාමකරණෙනෙව පාකටො අහොසි. සො එකදිවසං අතීව නීලමණිප‍්පභානි නඞ‍්ගලකසිතට‍්ඨානෙ උට‍්ඨිතසත‍්තපුප‍්ඵානි ගහෙත්‍වා ආකාසෙ පූජෙසි. සො යාවතායුකං සමණධම‍්මං කත්‍වා තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

ජාතියා සත්තවස්සොහං යනාදි වශයෙන් ගතසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරමින් තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද, පෙර කරන ලද වාසනා වශයෙන් හටගත් සැදැහැ ඇත්තේ සත්හැවිරිදි වියෙහි ම පැවිදි වූයේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රණාමකරණයෙන්ම ප්‍රකට විය. හේ එක් දවසක් අතිශයින් නිල්වන් මැණිකක පැහැය ඇති නගුලින් සීසෑ අංගනයෙහි නැගුණු මල්සතක් ගෙන අහසෙහි පිදුවේය. හේ දිවි ඇතිතෙක් මහණදම් කොට ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නම් බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී නොබෝ කලෙකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ජාතියා සත‍්තවස‍්සොහන‍්තිආදිමාහ. තත්‍ථ ජාතියා සත‍්තවස‍්සොති මාතුගබ‍්භතො නික‍්ඛන‍්තකාලතො පට‍්ඨාය පරිපුණ‍්ණසත‍්තවස‍්සිකොති අත්‍ථො. පබ‍්බජිං අනගාරියන‍්ති අගාරස‍්ස හිතං ආගාරියං කසිවාණිජ‍්ජාදිකම‍්මං නත්‍ථි ආගාරියන‍්ති අනගාරියං, බුද‍්ධසාසනෙ පබ‍්බජිං අහන‍්ති අත්‍ථො.

පසුකලෙක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘ජාතියා සත්තවස්සොහං’ යනාදිය කීය. එහි ජාතියා යනු මව්කුසින් උපන්තැන් පටන් පිරිපුන් සත්වස් වූයේ යන අර්ථයි. පබ්බජිං අනගාරියං යනු අගාරයට හිතවූයේ අගාරියං. කෘෂි වණික් කර්ම. අගාරිය නැත්තේ අනාගරිය නමි. බුදුසසුනෙහි මම පැවිදි වූයෙමි යන අර්ථයි.

සුගතානුගතං මග‍්ගන‍්ති බුද‍්ධෙන ගතං මග‍්ගං. අථ වා සුගතෙන දෙසිතං ධම‍්මානුධම‍්මපටිපත‍්තිපූරණවසෙන හට‍්ඨමානසො තුට‍්ඨචිත‍්තො පූජෙත්‍වාති සම‍්බන්‍ධො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සුගතෙන ගතමග්ගං - බුදුන් වහන්සේ ගියමග. සුගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මානුධර්ම ප්‍රතිපත්ති පිරීම් වශයෙන්. හට්ඨමානසො තුටුසිතින් පුදා යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේමය.

ගතසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ගතසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

83. නිපන‍්නඤ‍්ජලිකත්‍ථෙරඅපදානවණ‍්ණනා

83. නිපන්නඤ්ජලිය ථේර අපදාන වර්ණනාව

රුක‍්ඛමූලෙ නිසින‍්නොහන‍්තිආදිකං ආයස‍්මතො නිපන‍්නඤ‍්ජලිකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො පබ‍්බජිත්‍වා රුක‍්ඛමූලිකඞ‍්ගං පූරයමානො අරඤ‍්ඤෙ විහරති. තස‍්මිං සමයෙ ඛරො ආබාධො උප‍්පජ‍්ජි, තෙන පීළිතො පරමකාරුඤ‍්ඤප‍්පත‍්තො අහොසි. තදා භගවා තස‍්ස කාරුඤ‍්ඤෙන තත්‍ථ අගමාසි. අථ සො නිපන‍්නකොව උට‍්ඨිතුං අසක‍්කොන‍්තො සිරසි අඤ‍්ජලිං කත්‍වා භගවතො පණාමං අකාසි. සො තතො චුතො තුසිතභවනෙ උප‍්පන‍්නො තත්‍ථ සම‍්පත‍්තිමනුභවිත්‍වා එවං ඡ කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි, පුරාකතපුඤ‍්ඤවසෙන නිපන‍්නඤ‍්ජලිකත්‍ථෙරොති පාකටො.

රුක්ඛමූලෙ නිසින්නොහං යනාදි වශයෙන් ආයුෂ්මත් නිපන්නඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ පැවිදි වී රුක්ඛමූලිකාංගය පුරමින් අරණ්‍යයෙහි වාසය කරයි. එක්කලෙක කටුක ආබාධයක් හටගත්තේය. එයින් පෙළුණේ අතිශයින් අනුකම්පා කටයුතු බවට පත්වූයේ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුට කරුණාවෙන් එහි වැඩි සේක. ඉක්බිති ඔහු වැදහොත්තේම නැගිටින්නට අපොහොසත් වූයේ හිසෙහි ඇඳිලිකොට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළේය. හේ එයින් චුතව තුසිත භවනයෙහි උපන්නේ එහි සම්පත් ද කාමාවචර සයෙහි සම්පත් ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ශෘස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය. පෙර කරන ලද පින් වශයෙන් නිපන්නඤ්ජලිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,

සො අපරභාගෙ අත‍්තනො පුඤ‍්ඤසම‍්පත‍්තියො ඔලොකෙත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො රුක‍්ඛමූලෙ නිසින‍්නොහන‍්තිආදිමාහ. තත්‍ථ රුහති පටිරුහති උද‍්ධමුද‍්ධං ආරොහතීති රුක‍්ඛො, තස‍්ස රුක‍්ඛස‍්ස මූලෙ සමීපෙති අත්‍ථො. බ්‍යාධිතො පරමෙන චාති පරමෙන අධිකෙන ඛරෙන කක‍්ඛළෙන බ්‍යාධිනා රොගෙන බ්‍යාධිතො, බ්‍යාධිනා අහං සමන‍්නාගතොති අත්‍ථො. පරමකාරුඤ‍්ඤප‍්පත‍්තොම‍්හීති පරමං අධිකං කාරුඤ‍්ඤං දීනභාවං දුක‍්ඛිතභාවං පත‍්තොම‍්හි අරඤ‍්ඤෙ කානනෙති සම‍්බන්‍ධො.

පසුකලක පුණ්‍ය සම්පත් බලා හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘රුක්ඛමූලෙ නිසිනොහං’ යනාදිය කීය. එහි වැඩේනුයි නැවත වැඩේනුයි මුදුන උසට නගීනුයි රුක්ඛ නමි. එම රුකෙහි මූලෙ සමීපයෙහි යන අර්ථයි. බ්‍යාධිතො පරමෙනාහං යනු පරමෙන අධික වූ බරෙන කටුක වූ බ්‍යාධිනා රෝගයෙන් මම යුක්ත වූයෙමි යන අර්ථයි. පරම කාරුඤ්ඤ පත්තොම්හි පරමං අධික වූ කාරුඤ්ඤං කරුණාවන්ත බවට දීන බවට දුක්ඛිත බවට පැමිණියේ අරඤ්ඤෙ වනයෙහි යන සම්බන්ධයි.

පඤ‍්චෙවාසුං මහාසිඛාති සිරසි පිළන්‍ධනත්‍ථෙන සිඛා වුච‍්චති චූළා. මණීති ජොතමානං මකුටං තස‍්ස අත්‍ථීති සිඛො, චක‍්කවත‍්තිනො එකනාමකා පඤ‍්චෙව චක‍්කවත‍්තිනො ආසුං අහෙසුන‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

පඤ්චෙවාසුං මහාසිඛා යනු හිසෙහි පළඳින අර්ථයෙන් සිඛා යයි කියනු ලැබේ. සිළුමිණක් මෙන් බබළන සිබාවක් ඔහුට ඇත්තේනුයි සිඛා නමි. එක් නමක් ඇති සක්විති රජවරු පස්දෙනෙක් ආසුං වූහ යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

නිපන‍්නඤ‍්ජලිකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

නිපන්නඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

84. අධොපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

84. අධෝපුප්ථීය ථේර අපදාන වර්ණනාව

අභිභූ නාම සො භික‍්ඛූතිආදිකං ආයස‍්මතො අධොපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අනෙකෙසු භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා අපරභාගෙ කාමෙසු ආදීනවං දිස‍්වා තං පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පඤ‍්චාභිඤ‍්ඤාඅට‍්ඨසමාපත‍්තිලාභී ඉද‍්ධීසු ච වසීභාවං පත්‍වා හිමවන‍්තස‍්මිං පටිවසති. තස‍්ස සිඛිස‍්ස භගවතො අභිභූ නාම අග‍්ගසාවකො විවෙකාභිරතො හිමවන‍්තමගමාසි. අථ සො තාපසො තං අග‍්ගසාවකත්‍ථෙරං දිස‍්වා ථෙරස‍්ස ඨිතපබ‍්බතං ආරුහන‍්තො පබ‍්බතස‍්ස හෙට‍්ඨාතලතො සුගන්‍ධානි වණ‍්ණසම‍්පන‍්නානි සත‍්ත පුප‍්ඵානි ගහෙත්‍වා පූජෙසි. අථ සො ථෙරො තස‍්සානුමොදනමකාසි. සොපි තාපසො සකස‍්සමං අගමාසි. තත්‍ථ එකෙන අජගරෙන පීළිතො අපරභාගෙ අපරිහීනජ‍්ඣානො තෙනෙව උපද‍්දවෙන උපද‍්දුතො කාලං කත්‍වා බ්‍රහ‍්මලොකපරායනො හුත්‍වා බ්‍රහ‍්මසම‍්පත‍්තිං ඡකාමාවචරසම‍්පත‍්තිඤ‍්ච අනුභවිත්‍වා මනුස‍්සෙසු මනුස‍්සසම‍්පත‍්තියො ච ඛෙපෙත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො භගවතො ධම‍්මං සුත්‍වා පසන‍්නමානසො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. සො අපරභාගෙ අත‍්තනො කතපුඤ‍්ඤනාමෙන අධොපුප‍්ඵියත්‍ථෙරොති පාකටො.

අභිභූනාම සො භික්ඛු යනාදි වශයෙන් ආයුෂ්මත් අධොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් භවයන්හි පින් රැස්කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ගෘහවාසය පිහිටුවා පසුකලෙක කාමයන්හි ආදීනව දැක එය අත්හැර සෘෂි පැවිද්දෙන් පැවිදිව පඤ්චාභිඥා අෂ්ට සමාපත්තිලාභීව සෘද්ධීන්හි ද නිපුණ බවට පත්ව හිමවතෙහි වෙසෙයි. ඉන්පසුව සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අභිභූ නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේ විවේකය කැමැතිව හිමවතට වැඩි සේක. ඒ තවුසා අග්‍රශ්‍රාවකයන් වහන්සේ දැක, තෙරුන් වහන්සේ සිටි පව්වට නැග, එහි යටතලයෙන් සුවඳවත් පැහැපත් මල් සතක් ගෙන පූජා කළේය. ඉක්බිති ඒ තෙරුන් වහන්සේ ඔහුට අනුමෝදනාව කළහ. ඒ තවුසා ද තමාගේ අසපුවට ගියේය. එහිදී එක් පිඹුරකු විසින් පීඩා කරන ලද්දේ නොපිරිහුන් ධ්‍යාන ඇත්තේ එම උපද්‍රවයෙන් ම බ්‍රහ්මලෝකයට පැමිණියේ විය. සදිව්‍ය ලෝකවලදී කාමාවචර සම්පත් අනුභව කොට, මිනිසුන් අතර මනුෂ්‍ය සම්පත් ද ගෙවා මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලඟෙයක ඉපදී වැඩිවිය පත්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා පැහැදුණු සිත් ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. පසුකලක තමා කරන ලද පිනෙහි නමින් අධොපුප්ඵිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,

සො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අභිභූ නාම සො භික‍්ඛූතිආදිමාහ. තත්‍ථ සීලසමාධීහි පරෙ අභිභවතීති අභිභූ, ඛන්‍ධමාරාදිමාරෙ අභිභවති අජ‍්ඣොත්‍ථරතීති වා අභිභූ, සසන‍්තානපරසන‍්තානගතකිලෙසෙ අභිභවති විහෙසෙති විද‍්ධංසෙතීති වා අභිභූ. භික‍්ඛනසීලො යාචනසීලොති භික‍්ඛු, ඡින‍්නභින‍්නපටධරොති වා භික‍්ඛු. අභිභූ නාම අග‍්ගසාවකො සො භික‍්ඛූති අත්‍ථො, සිඛිස‍්ස භගවතො අග‍්ගසාවකොති සම‍්බන්‍ධො.

එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ අභිභූනාමසොභික්ඛු යනාදිය කීය. එහි සීල සමාධීන්ගෙන් අනුන් අභිභවනය කෙරේනුයි අභිභූ නමි. ස්කන්ධ මාරාදී මාරයන් අභිභවති යටපත් කෙරේනුයි හෝ අභිභූ නමි. ස්වසන්තාන පරසන්තාන ගත ක්ලේශයන් යටපත් කෙරේනුයි, දවා හරීනුයි විශේෂයෙන් දවා හරීනුයි, විධ්වංසනය කෙරේනුයි හෝ අභිභු නමි. පිඬු සිඟා යන සුලු යදින සුලු වූයේ භික්ඛු නමි. සුන්බුන් වස්ත්‍ර දරානුයි හෝ භික්ඛු නමි. අභිභූ වූයේද හේ භික්ඛු වූයේද ඒ භික්‍ෂුවනුයි අභිභූ භික්ඛු නමි. ඒ අග්‍රශ්‍රාවක නම් වේනුයි අර්ථයි. සිඛී භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක භික්‍ෂුව යන සම්බන්ධයි.

අජගරො මං පීළෙසීති තථාරූපං සීලසම‍්පන‍්නං ඣානසම‍්පන‍්නං තාපසං පුබ‍්බෙ කතපාපෙන වෙරෙන ච මහන‍්තො අජගරසප‍්පො පීළෙසි. සො තෙනෙව උපද‍්දවෙන උපද‍්දුතො අපරිහීනජ‍්ඣානො කාලං කත්‍වා බ්‍රහ‍්මලොකපරායණො ආසි. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

අජගරො මං පීළෙසි යනු මහත් වූ පිඹුරෙක් එබඳු සිල්වත් ධ්‍යානවත් තාපසයා පෙර කරන ලද පවින් හා වෛරයෙන්ද පෙළීය. හේ ඒ උපද්‍රවයෙන්ම උපද්‍රවයට පත්වූයේ නොපිරිහුන් ධ්‍යාන ඇත්තේ කලුරියකොට බ්‍රහ්මලෝක පරායණ විය. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

අධොපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

අධොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

85. රංසිසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා

85. රංසිසඤ්ඤක ථේර අපදාන වර්ණනාව

පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිකං ආයස‍්මතො රංසිසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තෙසු තෙසු භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා කාමෙසු ආදීනවං දිස‍්වා ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා අජිනචම‍්මධරො හිමවන‍්තම‍්හි වාසං කප‍්පෙසි. තස‍්මිං සමයෙ විපස‍්සී භගවා හිමවන‍්තමගමාසි. අථ සො තාපසො තමුපගතං භගවන‍්තං දිස‍්වා තස‍්ස භගවතො සරීරතො නික‍්ඛන‍්තඡබ‍්බණ‍්ණබුද‍්ධරංසීසු පසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ පඤ‍්චඞ‍්ගෙන නමක‍්කාරමකාසි. සො තෙනෙව පුඤ‍්ඤෙන ඉතො චුතො තුසිතාදීසු දිබ‍්බසම‍්පත‍්තියො අනුභවිත්‍වා අපරභාගෙ මනුස‍්සසම‍්පත‍්තියො ච අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා තත්‍ථාදීනවං දිස‍්වා ගෙහං පහාය පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් රංසිසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ ඒ ඒ භවයන්හි පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා කාමයන්හි ආදීනව දැක ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව අඳුන්දිවිසම් දරන්නේ හිමවතෙහි වාසය කළේය. එසමයෙහි විපස්සි භාග්‍යවතුන් වහන්සේ හිමවතට වැඩි සේක. ඉක්බිති ඒ තවුසා ඔහු වෙතට පැමිණි භාග්‍යවතුන් වහන්සේ දැක ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙන් නිකුත්වූ සවණක් බුදුරැස්හි පැහැදී ඇඳිලිබැඳ පසඟ පිහිටුවා නමස්කාර කළේය. හේ ඒ පුණ්‍ය කර්මයෙන් ම එයින් චුත ව තුසිත ආදී දිව්‍යලෝකවල දිවසැපත් අනුභවකොට පසුකලෙක මිනිස් සැපත් ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ගෘහවාසයෙහි පිහිටා එහි ආදීනව දැක ගිහිගෙය අත්හැර පැවිදි ව නොබෝ කලකින් ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිමාහ. තත්‍ථ පබ‍්බතෙති පකාරෙන බ්‍රූහති වඩ‍්ඪෙතීති පබ‍්බතො, හිමො අස‍්ස අත්‍ථීති හිමවන‍්තො, හිමවන‍්තො ච සො පබ‍්බතො චාති හිමවන‍්තපබ‍්බතො. හිමවන‍්තපබ‍්බතෙති වත‍්තබ‍්බෙ ගාථාවචනසුඛත්‍ථං “පබ‍්බතෙ හිමවන‍්තම‍්හී”ති වුත‍්තං. තස‍්මිං හිමවන‍්තම‍්හි පබ‍්බතෙ වාසං කප‍්පෙසිං පුරෙ අහන‍්ති සම‍්බන්‍ධො. සෙසං සබ‍්බත්‍ථ නයානුසාරෙන උත‍්තානමෙවාති.

හේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පබ්බතෙ හිම වන්තම්හි යනාදිය කීය. එහි පබ්බතෙ යනු ක්‍රමයෙන් බ්‍රෑහති වැඩෙන්නේනුයි පබ්බත නමි. එයට හිම ඇත්තේනුයි හිමවා නමි. හිමවන්ත වූයේද එම පබ්බත වූයේ ද හිමවන්ත පබ්බත නමි. හිමවන්තම්හි යයි කියන ලදි. පෙර මම හිමවත් පව්වෙහි වාසය කෙළෙමි යන සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නියමාකාරයෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

රංසිසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

රංසිසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

86. දුතියරංසිසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා

86. දුතියරංසිසඤ්ඤක ථේර අපදාන වර්ණනාව

පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිකං ආයස‍්මතො දුතියරංසිසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතකුසලො උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො ඵුස‍්සස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා තත්‍ථ දොසං දිස‍්වා තං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තපබ‍්බතෙ වසන‍්තො වාකචීරනිවසනො විවෙකසුඛෙන විහරති. තස‍්මිං සමයෙ සො ඵුස‍්සං භගවන‍්තං තං පදෙසං සම‍්පත‍්තං දිස‍්වා තස‍්ස සරීරතො නික‍්ඛන‍්තඡබ‍්බණ‍්ණබුද‍්ධරංසියො ඉතො චිතො විධාවන‍්තියො දණ‍්ඩදීපිකානික‍්ඛන‍්තවිප‍්ඵුරන‍්තමිව දිස‍්වා තස‍්මිං පසන‍්නො අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා වන්‍දිත්‍වා චිත‍්තං පසාදෙත්‍වා තෙනෙව පීතිසොමනස‍්සෙන කාලං කත්‍වා තුසිතාදීසු නිබ‍්බත‍්තො තත්‍ථ ඡ කාමාවචරසම‍්පත‍්තියො ච අනුභවිත්‍වා අපරභාගෙ මනුස‍්සසම‍්පත‍්තියො ච අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො පුබ‍්බවාසනාවසෙන පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් දුතිය රංසි සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල් ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවියට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා එහි දොස් දැක එය හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත් පව්වෙහි වාසය කරන්නේ වැහැරී සිවුරු හඳින්නේ විවේක සුවයෙන් වාසය කරයි. එසමයෙහි හේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ ඒ පෙදෙසට පැමිණි බව දැක උන්වහන්සේගේ ශරීරයෙන් නික්මුණු සවණක් බුදුරැස් එහි මෙහි දිවෙනු දඬුවැට පහන් වැටක් සේ එහා මෙහා ඈතට ඈතට විහිදෙනු දැක එහි පැහැදුණේ ඇඳිලිබැඳ වැඳ සිත පහදවා ඒ ප්‍රීති සෝමනස්සයෙන්ම කලුරිය කොට තුසිත ආදී දිව්‍යලෝකවල උපන්නේ එහි සය කාමාවචරයන්හි සම්පත් ද අනුභවකොට පසුකලෙක මිනිස් සැපත් ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ පූර්ව වාසනා වශයෙන් පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.

සො අපරභාගෙ පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

උන්වහන්සේ පසුකලෙක පූර්ව කුශලය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පබ්බතෙහිමවන්තමහි’ යනාදිය කීහ. එය නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

දුතියරංසිසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

දුතිය රංසිසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

87. ඵලදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

87. ඵලදායක ථේර අපදාන වර්ණනාව

පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිකං ආයස‍්මතො ඵලදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතකුසලසම‍්භාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො ඵුස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො සුඛප‍්පත‍්තො තං සබ‍්බං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා ඛරාජිනචම‍්මධාරී හුත්‍වා විහරති. තස‍්මිඤ‍්ච සමයෙ ඵුස‍්සං භගවන‍්තං තත්‍ථ සම‍්පත‍්තං දිස‍්වා පසන‍්නමානසො මධුරානි ඵලානි ගහෙත්‍වා භොජෙසි. සො තෙනෙව කුසලෙන දෙවලොකාදීසු පුඤ‍්ඤසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේගේ අටුවාවයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද සියල්ල අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව කළුඅඳුන් දිවිසම් දරන්නේ වාසය කරයි. එසමයෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ එහි පැමිණි බව දැක පහන් සිතැත්තේ මිහිරි ඵල ගෙන වැළඳවීය. හේ ඒ කුසලයෙන් දිව්‍ය ලෝකාදියෙහි පුණ්‍ය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං අනුස‍්සරිත්‍වා පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිමාහ. තං සබ‍්බං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

පසුකලෙක තමාගේ පුණ්‍යකර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පබ්බතෙ හිමවන්තම්හි යනාදිය කීය. ඒ සියල්ල යට කියන ලද පරිදි නොගැඹුරු අර්ථ ඇත්තේමය.

ඵලදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ඵලදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

88. සද‍්දසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා

88. සද්දසඤ්ඤක ථේර අපදාන වර්ණනාව

පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිකං ආයස‍්මතො සද‍්දසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො ඵුස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සද‍්ධාජාතො තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තම‍්හි අරඤ‍්ඤාවාසෙ වසන‍්තො අත‍්තනො අනුකම‍්පාය උපගතස‍්ස භගවතො ධම‍්මං සුත්‍වා ධම‍්මෙසු චිත‍්තං පසාදෙත්‍වා යාවතායුකං ඨත්‍වා අපරභාගෙ කාලං කත්‍වා තුසිතාදීසු ඡසු කාමාවචරසම‍්පත‍්තියො ච මනුස‍්සෙසු මනුස‍්සසම‍්පත‍්තියො ච අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පාපුණි.

පබ්බතෙ හිමවන්තම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සද්ද සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවියට පැමිණියේ හටගත් සැදැහැ ඇත්තේ තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවතෙහි අරණ්‍ය වාසය වසන්නේ තමාට අනුකම්පා පිණිස පැමිණියා වූ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා දහම්හි සිත් පහදවා දිවි ඇතිතාක් සිට පසුකලෙක කලුරිය කොට තුසිත ආදි සදිව්‍යලෝකවල කාමාවචර සම්පත් ද මිනිසුන් අතර මිනිස් සම්පත් ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ විදසුන් වඩා රහත්බවට පත්විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පබ‍්බතෙ හිමවන‍්තම‍්හීතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

උන්වහන්සේ පසුකලෙක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පබ්බතෙ හිමවන්තම්හි’ යනාදිය කීහ. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

සද‍්දසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සද්දසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

89. බොධිසිඤ‍්චකත්‍ථෙරඅපදානවණ‍්ණනා

89. බෝධිසිඤ්චක ථේර අපදාන වර්ණනාව

විපස‍්සිස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො බොධිසිඤ‍්චකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො අනෙකාසු ජාතීසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො සාසනෙ පබ‍්බජිත්‍වා වත‍්තපටිපත‍්තියා සාසනං සොභයන‍්තො මහාජනෙ බොධිපූජං කුරුමානෙ දිස‍්වා අනෙකානි පුප‍්ඵානි සුගන්‍ධොදකානි ච ගාහාපෙත්‍වා පූජෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවලොකෙ නිබ‍්බත‍්තො ඡ කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

විපස්සිස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් බෝධිසිඤ්චක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නොයෙක් ජාතිවලදී පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ සසුනෙහි පැවිදිව වත්පිළිවෙතින් සසුන බබලවන්නේ මහජනයා බෝධිපූජා කරනු දැක නොයෙක් මල්ද සුවඳ පැන්ද ගෙන්වාගෙන පූජා කළේය. හේ ඒ පිනින් දෙව්ලොව උපන්නේ කාමාවචර සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ උපන් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය.

සො අරහා හුත්‍වා ඣානඵලසුඛෙන වීතිනාමෙත්‍වා පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො විපස‍්සිස‍්ස භගවතොතිආදිමාහ. තත්‍ථ විසෙසං පරමත්‍ථං නිබ‍්බානං පස‍්සතීති විපස‍්සී, විසෙසෙන භබ‍්බාභබ‍්බජනෙ පස‍්සතීති වා විපස‍්සී, විපස‍්සන‍්තො චතුසච‍්චං පස‍්සනදක‍්ඛනසීලොති වා විපස‍්සී, තස‍්ස විපස‍්සිස‍්ස භගවතො මහාබොධිමහො අහූති සම‍්බන්‍ධො. තත්‍රාපි මහාබොධීති බොධි වුච‍්චති චතූසු මග‍්ගෙසු ඤාණං, තමෙත්‍ථ නිසින‍්නො භගවා පටිවිජ‍්ඣතීති කණිකාරපාදපරුක‍්ඛොපි බොධිච‍්චෙව වුච‍්චති, මහිතො ච සො දෙවබ්‍රහ‍්මනරාසුරෙහි බොධි චෙති මහාබොධි, මහතො බුද‍්ධස‍්ස භගවතො බොධීති වා මහාබොධි, තස‍්ස මහො පූජා අහොසීති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

රහත් ව සාසනඵල අනුභව කරන්නේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේන ‘විපස්සිස්ස භගවතො මහාබොධිමහො’ යනාදිය කීය. එහි විශේෂයෙන් පරම වූ නිර්වාණය බලානුයි විපස්සී නමි. විපස්සන්තො චතුරාර්ය සත්‍යය දක්නාසුලුනුයි විපස්සි නමි. විශේෂයෙන් ශ්‍රද්ධාවත් අශ්‍රද්ධාවත් ජනයන් බලානුයි විපස්සි නමි. ඒ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ මහාබෝධි උත්සවය විය යන සම්බන්ධයි. එහිද මහාබොධී යනු සතරමග ඥානය බෝධියයි කියනු ලැබේ. එය මෙහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළසේක්නුයි කිණිහිරි රුකද බෝධියයි කියනු ලැබේ ම ය. දෙව්බඹුන් නරන් විසින් පුදන ලද්දේ එය බෝධි යනුයි මහාබෝධි නමි. මහත් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බෝධි හෝනුයි මහාබොධි නමි. එයට මහා පූජාවක් විය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

බොධිසිඤ‍්චකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

බොධිසිඤ්චක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

90. පදුමපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

90. පදූමපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

පොක‍්ඛරවනං පවිට‍්ඨොතිආදිකං ආයස‍්මතො පදුමපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො ඵුස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය පදුමසම‍්පන‍්නං එකං පොක‍්ඛරණිං පවිසිත්‍වා භිසමුළාලෙ ඛාදන‍්තො පොක‍්ඛරණියා අවිදූරෙ ගච‍්ඡමානං ඵුස‍්සං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො තතො පදුමානි ඔචිනිත්‍වා ආකාසෙ උක‍්ඛිපිත්‍වා භගවන‍්තං පූජෙසි, තානි පුප‍්ඵානි ආකාසෙ විතානං හුත්‍වා අට‍්ඨංසු. සො භිය්‍යොසොමත‍්තාය පසන‍්නමානසො පබ‍්බජිත්‍වා වත‍්තපටිපත‍්තිසාරො සමණධම‍්මං පූරෙත්‍වා තතො චුතො තුසිතභවනමලං කුරුමානො විය තත්‍ථ උප‍්පජ‍්ජිත්‍වා කමෙන ඡ කාමාවචරසම‍්පත‍්තියො ච මනුස‍්සසම‍්පත‍්තියො ච අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

පොක්ඛරවනං පවිට්ඨොහං යනාදි වශයෙන් ආයුෂ්මත් පදුමපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව පද්මයන්ගෙන් යුතු එක් පොකුණකට පිවිස නෙළුම් අල කන්නේ පොකුණ නුදුරෙහි වසනා ඵුස්ස භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිතැත්තේ එයින් නෙළුම් මල් නෙළා අහසෙහි ඔසවා භාග්‍යවතුන් වහන්සේ පිදීය. ඒ මල් අහසෙහි වියනක් ව සිටියේය. හේ බෙහෙවින් පැහැදුණු සිතැත්තේ පැවිදි ව පිළිවෙත් සරු වූයේ මහණදම් පුරා එයින් චුතව තුසිත භවනය අලංකාර කරමින් මෙන් එහි ඉපිද ක්‍රමයෙන් කාමාවචර සම්පත්ද මිනිස් සම්පත්ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පොක‍්ඛරවනං පවිට‍්ඨොතිආදිමාහ. තත්‍ථ පකාරෙන නළදණ‍්ඩපත‍්තාදීහි ඛරන‍්තීති පොක‍්ඛරා, පොක‍්ඛරානං සමුට‍්ඨිතට‍්ඨෙන සමූහන‍්ති පොක‍්ඛරවනං, පදුමගච‍්ඡසණ‍්ඩෙහි මණ‍්ඩිතං මජ‍්ඣං පවිට‍්ඨො අහන‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘පොක්ඛර වනං පවිට්ඨො’ යනාදිය කීය. එහි මනාව දඬුකොළ ආදියෙන් වැගිරෙත්නුයි පොක්ඛරානි. පොකුණු සමූහය යනුයි පොක්ඛර වනය. නෙළුම් පඳුරු මඬුලුවලින් අලංකෘත මධ්‍යයට මම පිවිසියෙමි යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේමය.

පදුමපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පදුම පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

නවමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

නවවැනි වර්ග වර්ණනාව සමාප්තයි.