යෙදුමෙන් කියවන්න

8. නාගසමාලවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

8. නාගසමාල වර්‍ගය

71. නාගසමාලත්‍ථෙරඅපදානවණ‍්ණනා

71. නාගසමාල ථේර අපදාන වර්ණනාව

ආපාටලිං අහං පුප‍්ඵන‍්තිආදිකං ආයස‍්මතො නාගසමාලත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා තථාරූපසජ‍්ජනසංසග‍්ගස‍්ස අලාභෙන සත්‍ථරි ධරමානකාලෙ දස‍්සනසවනපූජාකම‍්මමකරිත්‍වා පරිනිබ‍්බුතකාලෙ තස‍්ස භගවතො සාරීරිකධාතුං නිදහිත්‍වා කතචෙතියම‍්හි චිත‍්තං පසාදෙත්‍වා පාටලිපුප‍්ඵං පූජෙත්‍වා සොමනස‍්සං උප‍්පාදෙත්‍වා යාවතායුකං ඨත්‍වා තෙනෙව සොමනස‍්සෙන තතො කාලං කතො තුසිතාදීසු ඡසු දෙවලොකෙසු සුඛමනුභවිත්‍වා අපරභාගෙ මනුස‍්සෙසු මනුස‍්සසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො නාගරුක‍්ඛපල‍්ලවකොමළසදිසසරීරත‍්තා නාගසමාලොති මාතාපිතූහි කතනාමධෙය්‍යො භගවති පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

අපාටලිං අහං පුප්ඵං යනාදි වශයෙන් ආයුෂ්මත් නාගසමාල තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. වයසින් දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා සුදුසු සත්පුරුෂ ආශ්‍රයක් නැති බැවින් ශාස්තෲන් වහන්සේ ජීවත්වන කාලයෙහි දැකීම් ඇසීම් පිදීම් නොකොට, පිරිනිවන්පෑ කල්හි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු චෛත්‍යය කෙරෙහි සිත් පහදවා, පළොල්මලක් පූජාකොට සොම්නස් උපදවා දිවි ඇති තාක් සිට එම සොම්නසින්ම එයින් චුතව තුසිත පුරයෙහි දෙදෙව්ලොව සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපදී දැනමිති බවට පත්වූයේය. නා ගස්වල දලු හා සමාන කෝමල වූද රත්පැහැ වූ ද සමාන ශරීරයක් ඇති බැවින් නාගසමාල යයි මාපියන් විසින් තබන ලද නම් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.

සො පච‍්ඡා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ආපාටලිං අහං පුප‍්ඵන‍්තිආදිමාහ. තත්‍ථ ආපාටලින‍්ති ආ සමන‍්තතො, ආදරෙන වා පාටලිපුප‍්ඵං ගහෙත්‍වා අහං ථූපම‍්හි අභිරොපෙසිං පූජෙසින‍්ති අත්‍ථො. උජ‍්ඣිතං සුමහාපථෙති සබ‍්බනගරවාසීනං වන්‍දනපූජනත්‍ථාය මහාපථෙ නගරමජ‍්ඣෙ වීථියං උජ‍්ඣිතං උට‍්ඨාපිතං, ඉට‍්ඨකකම‍්මසුධාකම‍්මාදීහි නිප‍්ඵාදිතන‍්ති අත්‍ථො. සෙසං හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථත‍්තා ච සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ පසුව පූර්ව කර්මය සිහිකොට ‘අපාටලිං අහං පුප්ඵං’ යනාදිය කීහ. එහි අපාටලිං යනු හාත්පසින් හෝ ආදරයෙන් හෝ පළොල්මලක් ගෙන මම ස්තූපයෙහි අභිරොපෙසිං පිදුවෙමි යන අර්ථයි. උජ්ඣිතං සුමහාපථෙ යනු සියලු නගරවාසීහු සඳුන් පුදනු පිණිස මහාපථෙ නුවර මැද වීථියෙහි උජ්ඣිතං ගොඩනැගූ උළුකම් සුණුකම් ආදියෙන් නිෂ්පාදනය කරන ලද යන අර්ථයි. සෙස්ස යට කියන ලද පරිදි පහසුවෙන් දත හැක්කේමය.

නාගසමාලත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

නාගසමාල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

72. පදසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා

72. පදසඤ්ඤක ථේර අපදාන වර්ණනාව

අක‍්කන‍්තඤ‍්ච පදං දිස‍්වාතිආදිකං ආයස‍්මතො පදසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං සද‍්ධාසම‍්පන‍්නෙ උපාසකගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො රතනත‍්තයෙ පසන‍්නො භගවතා තස‍්ස අනුකම‍්පාය දස‍්සිතං පදචෙතියං දිස‍්වා පසන‍්නො ලොමහට‍්ඨජාතො වන්‍දනපූජනාදිබහුමානමකාසි. සො තෙනෙව සුඛෙත‍්තෙ සුකතෙන පුඤ‍්ඤෙන තතො චුතො සග‍්ගෙ නිබ‍්බත‍්තො තත්‍ථ දිබ‍්බසුඛමනුභවිත්‍වා අපරභාගෙ මනුස‍්සෙසු ජාතො මනුස‍්සසම‍්පත‍්තිං සබ‍්බමනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි, පුරාකතපුඤ‍්ඤනාමෙන පදසඤ‍්ඤකත්‍ථෙරොති පාකටො.

අක්කන්තඤ්ච පදංදිස්වා යනාදි වශයෙන් ආයුෂ්මත් පදසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් ශ්‍රද්ධා සම්පන්න වූ උපාසක ගෘහයක ඉපිද දැනමිති බවට පත්ව තෙරුවන්හි පැහැදුණේ, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔහුට අනුකම්පාවෙන් දක්වන ලද පද සලකුණ දැක රෝමෝද්ගමන ඇත්තේ සඳුන් පූජා ආදි බුහුමන් කළේය. හේ මනා වූ කෙතක මනාසේ කරන ලද එම පිනින් එයින් චුත වැ ස්වර්ගයෙහි ඉපිද එහි දිවසැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. පෙර කරන ලද පිනෙහි නමින් පදසඤ්ඤක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,

සො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අක‍්කන‍්තඤ‍්ච පදං දිස‍්වාතිආදිමාහ. තත්‍ථ අක‍්කන‍්තන‍්ති අක‍්කමිතං දස‍්සිතං. සබ‍්බබුද‍්ධානං සබ‍්බදා චතුරඞ‍්ගුලොපරියෙව ගමනං, අයං පන තස‍්ස සද‍්ධාසම‍්පන‍්නතං ඤත්‍වා “එසො ඉමං පස‍්සතූ”ති පදචෙතියං දස‍්සෙසි, තස‍්මා සො තස‍්මිං පසීදිත්‍වා වන්‍දනපූජනාදිසක‍්කාරමකාසීති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

එක් දවසක් තමාගේ පුණ්‍යකර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘අක්කන්තඤ්චපදංදිස්වා’ යනාදිය කීය. එහි අක්කන්තං යනු පාතැබූ තැන දක්වන ලදි. සියලු බුදුවරුන්ගේ සියලු කල්හි සිව්අඟුල් ප්‍රදීපයක මෙන් ගමනක් වෙයි. මෙය ඔහුගේ ශ්‍රද්ධා සම්පන්නභාවය දැන මොහු මා දකීවායි පාද චෛත්‍යය පෙන්වූ සේක. ඒනිසා ඔහු එහි පැහැද සඳුන්පූජා ආදී සත්කාර කළේය යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

පදසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පදසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

73. බුද‍්ධසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා

73. බුද්ධසඤ්ඤක ථේර අපදාන වර්ණනාව

දුමග‍්ගෙ පංසුකූලිකන‍්තිආදිකං ආයස‍්මතො බුද‍්ධසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සද‍්ධාජාතො දුමග‍්ගෙ ලග‍්ගිතං භගවතො පංසුකූලචීවරං දිස‍්වා පසන‍්නමානසො “අරහද‍්ධජ”න‍්ති චින‍්තෙත්‍වා වන්‍දනපූජනාදිසක‍්කාරමකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සසම‍්පත‍්තිමනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

දුමග්ගෙ පංසුකූලිකං යනාදි වශයෙන් ආයුෂ්මත් සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ ගස් මුදුනක රැඳී තිබුණු පාංශුකූල චීවරයක් දැක, එය භාග්‍යවතුන් වහන්සේගේ අර්හත් ධජය යැයි පහන් සිතැතිව සඳුන් පූජා ආදී සත්කාර කළේය. හේ ඒ පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලගෙයක ඉපිද හටගත් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින් ම රහත් විය.

සො පත‍්තඅරහත‍්තාධිගමො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො දුමග‍්ගෙ පංසුකූලිකන‍්තිආදිමාහ. තත්‍ථ ධුනාති කම‍්පතීති දුමො. දුහති පූරෙති ආකාසතලන‍්ති වා දුමො, දුමස‍්ස අග‍්ගො කොටීති දුමග‍්ගො, තස‍්මිං දුමග‍්ගෙ. පංසුමිව පටික‍්කූලභාවං අමනුඤ‍්ඤභාවං උලති ගච‍්ඡතීති පංසුකූලං, පංසුකූලමෙව පංසුකූලිකං, සත්‍ථුනො පංසුකූලං දුමග‍්ගෙ ලග‍්ගිතං දිස‍්වා අහං අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා තං පංසුකූලං අවන්‍දිං පණාමමකාසින‍්ති අත්‍ථො. තන‍්ති නිපාතමත‍්තං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

රහත්බවට පැමිණි උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘දුමග්ගෙ පංසුකූලිකං’ යනාදිය කීහ. එහි හිස් අවකාශය අහස්තලය පුරවානුයි දුමො ද්‍රැම නම් වේ- වෘක්‍ෂයයි. දුමස්ස අග්ගො කොටීති ගසෙහි උඩ අග කෙළවරේ තිබුණේ යයි දුමග්ග නම් වේ. ඒ ගස උඩ තිබුණු, පංසුකූල චීවරං පිළිකුල් බවටද අමනෝඥ භාවයට යනුයි පංසකූල නම් වේ. ඒ පංසුකූල සිවුර ගස උඩ තිබෙනු දුටු මම ඇඳිලි බැඳ වැන්දෙමි. ප්‍රණාමය කළෙමි යන අදහසයි. තන්ති වනාහි නිපාත මාත්‍රයකි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේමය.

බුද‍්ධසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

74. භිසාලුවදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

74. භිසාලුවදායක ථේර අපදාන වර්ණනාව

කානනං වනමොග‍්ගය‍්හාතිආදිකං ආයස‍්මතො භිසාලුවදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ හිමවන‍්තස‍්ස සමීපෙ අරඤ‍්ඤාවාසෙ වසන‍්තො වනමූලඵලාහාරො විවෙකවසෙනාගතං විපස‍්සිං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො පඤ‍්චභිසාලුවෙ අදාසි. භගවා තස‍්ස චිත‍්තං පසාදෙතුං පස‍්සන‍්තස‍්සෙව පරිභුඤ‍්ජි. සො තෙන චිත‍්තප‍්පසාදෙන කාලං කත්‍වා තුසිතාදීසු සම‍්පත‍්තිමනුභවිත්‍වා පච‍්ඡා මනුස‍්සසම‍්පත‍්තිඤ‍්ච අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විභවසම‍්පත‍්තිං පත‍්තො තං පහාය සාසනෙ පබ‍්බජිතො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

කාන්නං වන මොගය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් හිසාලුවදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත සමීපයෙහි අරණ්‍ය වාසයෙහි වසන්නේ, වනමුල්පල ආහාරකොට ඇත්තේ, විවේක වශයෙන් පැමිණි විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ නෙළුම් අල පහක් දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ සිත පහදවා ඔහු බලා සිටිය දී ම වැළඳූ සේක. හේ චිත්තප්‍රසාදයෙන් කලුරිය කොට තුසිත ආදී දිව්‍ය ලෝකවල සම්පත් අනුභවකොට පසුව මනුෂ්‍ය සම්පත් ද අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපදී ධන සම්පත්තියට පැමිණියේ එය අත්හැර සසුනෙහි පැවිදිව නොබේ කලකින්ම රහත් බවට පත්විය.

සො තතො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො කානනං වනමොග‍්ගය‍්හාතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. වසාමි විපිනෙ අහන‍්ති විවෙකවාසො අහං වසාමීති සම‍්බන්‍ධො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

ඉන් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘කානනං වන මොගය්හ’ යනාදිය කීය. එය යට කියූ පරිදි වේ ම ය. වසාමි විපිනෙ අහං යනු මම විවේක වාස ඇත්තේ වාසය කරමි යන සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

භිසාලුවදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

හිසාලුවදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

ඡට‍්ඨභාණවාරවණ‍්ණනා නිට‍්ඨිතා.

අටවැනි බණවර වර්ණනාව සමාප්තයි.

75. එකසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා

75. ඒකසඤ්ඤක ථේර අපදාන වර්ණනාව

ඛණ‍්ඩො නාමාසි නාමෙනාතිආදිකං ආයස‍්මතො එකසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො රතනත‍්තයෙ පසන‍්නමානසො තස‍්ස සත්‍ථුනො ඛණ‍්ඩං නාම අග‍්ගසාවකං භික‍්ඛාය චරමානං දිස‍්වා සද‍්දහිත්‍වා පිණ‍්ඩපාතමදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ සාවත්‍ථියං එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. සො එකදිවසං පිණ‍්ඩපාතස‍්ස සඤ‍්ඤං මනසිකරිත්‍වා පටිලද‍්ධවිසෙසත‍්තා එකසඤ‍්ඤකත්‍ථෙරොති පාකටො.

ඛණ්ඩො නාමාසි නාමෙන ආදි වශයෙන් ආයුෂ්මත් එකසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපදී දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදුණු සිතැත්තේ ඒ ශාස්තෲන් වහන්සේගේ ඛණ්ඩ නමැති අග්‍රශ්‍රාවකයා දන්පිණිස හැසිරෙනු දැක සැදැහැයෙන් යුතුව පිණ්ඩපාතය දුන්නේය. හේ එම පුණ්‍ය කර්මයෙන් දෙව්මිනිස් සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසා ලැබූ සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය. උන්වහන්සේ එක් දවසක් පිඬු පිණිස වූ සංඥාව සිහිකොට ලැබූ විශේෂය නිසා එකසඤ්ඤක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූවාහු,

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඛණ‍්ඩො නාමාසි නාමෙනාතිආදිමාහ. තත්‍ථ තස‍්ස අග‍්ගසාවකත්‍ථෙරස‍්ස කිලෙසානං ඛණ‍්ඩිතත‍්තා ඛණ‍්ඩොති නාමං. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

පසුකලෙක තමාගේ පින සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඛණ්ඩො නාමාසි නාමෙන’ යනාදිය කීහ. ඒ අග්‍රශ්‍රාවක තෙරුන් වහන්සේ කෙලෙස් කඩන ලද බැවින් ඛණ්ඩ යයි නම් වූහ. සෙස්ස සියලුතන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

එකසඤ‍්ඤකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

එකසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

76. තිණසන්‍ථරදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

76. තිණසන්‍ථරදායක ථේර අපදාන වර්ණනාව

හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිකං ආයස‍්මතො තිණසන්‍ථරදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො බුද‍්ධුප‍්පාදතො පගෙව උප‍්පන‍්නත‍්තා ඝරාවාසං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තස‍්ස අවිදූරෙ එකං සරං නිස‍්සාය පටිවසති. තස‍්මිං සමයෙ තිස‍්සො භගවා තස‍්සානුකම‍්පාය ආකාසෙන අගමාසි. අථ ඛො සො තාපසො ආකාසතො ඔරුය‍්හ ඨිතං තං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො තිණං ලායිත්‍වා තිණසන්‍ථරං කත්‍වා නිසීදාපෙත්‍වා බහුමානාදරෙන පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා පටිකුටිකො හුත්‍වා පක‍්කාමි. සො යාවතායුකං ඨත්‍වා තතො චවිත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අනෙකවිධසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

හිමවන්තස්ස අවිදුරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් තිණසන්‍ථරදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. බුද්ධෝත්පාදයට පෙරාතුව උපන් බැවින් ගෘහවාසය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත නුදුරෙහි එක් විලක් ඇසුරුකොට වාසය කරයි. එසමයෙහි තිස්ස භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස අහසින් වැඩි සේක. ඉක්බිති ඒ තවුසා අහසින් බැස සිටි ඒ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ තණ කපා තණ ඇතිරියක් කොට වඩා හිඳවා බුහුමන් අදරින් පසඟ පිහිටුවා වැඳ ගියේය. හේ දිවි ඇති තෙක් සිට එයින් චුත ව දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ නොයෙක් ආකාර වූ සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිවූයේ නොබෝ කලකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. මහාජාතස‍්සරොති එත්‍ථ පන සරන‍්ති එත්‍ථ පානීයත්‍ථිකා ද‍්විපදචතුප‍්පදාදයො සත‍්තාති සරං, අථ වා සරන‍්ති එත්‍ථ නදීකන්‍දරාදයොති සරං, මහන‍්තො ච සො සයමෙව ජාතත‍්තා සරො චෙති මහාජාතස‍්සරො. අනොතත‍්තඡද‍්දන‍්තදහාදයො විය අපාකටනාමත‍්තා “මහාජාතස‍්සරො”ති වුත‍්තොති දට‍්ඨබ‍්බො. සතපත‍්තෙහි සඤ‍්ඡන‍්නොති එකෙකස‍්මිං පුප‍්ඵෙ සතසතපත‍්තානං වසෙන සතපත‍්තො, සතපත‍්තසෙතපදුමෙහි සඤ‍්ඡන‍්නො ගහනීභූතොති අත්‍ථො. නානාසකුණමාලයොති අනෙකෙ හංසකුක‍්කුටකුක‍්කුහදෙණ‍්ඩිභාදයො එකතො කුණන‍්ති සද‍්දං කරොන‍්තීති සකුණාති ලද‍්ධනාමානං පක‍්ඛීනං ආලයො ආධාරභූතොති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

උන්වහන්සේ පසුකලෙක තමාගේ පුණ්‍යකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරමින් හිමවන්තස්ස අවිදූරෙ යනාදිය කීහ. එය යට කියන ලද අරුත් ඇත්තේ ම ය. මහාජාතස්සරො යනු දෙපා සිව්පා සත්ත්වයෝ පිපාසිත වූවාහු බොනු පිණිස මෙහි හැසිරෙත්නුයි සරං නමි. නැතහොත් මෙහි ගංගා කඳුරු ආදිය ගලාබසීනුයි සරං නමි. මහත්වූ ද එය තෙමේම හටගත් බැවින් සරද වෙයි. මහාජාතස්සරො අනෝතත්ත විල ඡද්දන්ත විල ආදිය මෙන් ප්‍රකට නම් නොමැති බැවින් මහාජාතස්සරො යයි කියන ලදැයි දතයුතුය. සතපත්තෙහි සඤ්ජන්නො යනු එක් එක් මලෙහි සියයක් සියයක් පෙති වශයෙන් සතපත්තෙහි සුදු නෙළුමින් සඤ්ජන්නො ගහණ වූයේය යන අර්ථයි. නානාසකුණානමාලයො යනු නොයෙක් හංස ආදීහු එක්ව කූනත්ති ශබ්ද කරත්නුයි සකුණ යයි ලද නම් ඇති පක්‍ෂීන්ට ආලයො ආධාර වූයේය යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

තිණසන්‍ථරදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

තිණසත්‍ථරදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

77. සූචිදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

77. සුචිදායක ථේර අපදාන වර්ණනාව

තිංසකප‍්පසහස‍්සම‍්හීතිආදිකං ආයස‍්මතො සූචිදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය භගවතො චීවරකම‍්මං කාතුං පඤ‍්ච සූචියො අදාසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු පුඤ‍්ඤමනුභවිත්‍වා විචරන‍්තො උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ තික‍්ඛපඤ‍්ඤො හුත්‍වා පාකටො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජන‍්තො තික‍්ඛපඤ‍්ඤතාය ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණි.

තිංසකප්ප සහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සුචිදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු මැසීමට ඉඳිකටු පහක් දුන්නේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර පින් අනුභවකොට හැසිරෙන්නේ උපනුපන් භවයෙහි තියුණු ප්‍රඥා ඇත්තේ ව උපන්නේ ය. මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වන්නේ තියුණු ප්‍රඥා ඇති බැවින් හිසමුඩු කරද්දීම රහත් බවට පත්විය.

සො අපරභාගෙ පුඤ‍්ඤං පච‍්චවෙක‍්ඛන‍්තො තං දිස‍්වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො තිංසකප‍්පසහස‍්සම‍්හීතිආදිමාහ. අන‍්තරන‍්තරං පනෙත්‍ථ සුවිඤ‍්ඤෙය්‍යමෙව.

උන්වහන්සේ පසුකලෙක පින නැවත බලන්නාහු ඒ දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘තිංස කප්ප සහස්සම්හි’ යනාදිය කීහ. මෙහි අතරතුර පහසුවෙන් දතහැක්කේමය.

පඤ‍්චසූචී මයා දින‍්නාති එත්‍ථ සූචති ඡිද‍්දං කරොති විජ‍්ඣතීති සූචි, පඤ‍්චමත‍්තා සූචී පඤ‍්චසූචී මයා දින‍්නාති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

පඤ්චසූචි මයා දින්නා යනු සූවති සිදුරු කෙරේනුයි විදීනුයි සුචිනමි. පහක් පමණ ඉඳිකටු මා විසින් දෙන ලදී යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.

සූචිදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සූචිදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

78. පාටලිපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

78. පාටලිපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධන‍්තිආදිකං ආයස‍්මතො පාටලිපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමජිනවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ සෙට‍්ඨිපුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො කුසලාකුසලඤ‍්ඤූ සත්‍ථරි පසීදිත්‍වා පාටලිපුප‍්ඵං ගහෙත්‍වා සත්‍ථු පූජෙසි. සො තෙන පුඤ‍්ඤෙන බහුධා සුඛසම‍්පත‍්තියො අනුභවන‍්තො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් පාටලී පුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ දක්‍ෂවූයේ කුසල සංඥා ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පළොල්මලක් ගෙන ශාස්තෲන් වහන්සේට පූජා කළේය. හේ එම පිනින් බෙහෙවින් සුවසම්පත් අනුභව කරමින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.

සො අපරභාගෙ අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධන‍්තිආදිමාහ. තත්‍ථ අන‍්තරාපණෙති ආ සමන‍්තතො හිරඤ‍්ඤසුවණ‍්ණාදිකං භණ‍්ඩං පණෙන‍්ති වික‍්කිණන‍්ති පත්‍ථරන‍්ති එත්‍ථාති ආපණං, ආපණස‍්ස අන‍්තරං වීථීති අන‍්තරාපණං, තස‍්මිං අන‍්තරාපණෙ. සුවණ‍්ණවණ‍්ණං කඤ‍්චනග‍්ඝියසංකාසං ද‍්වත‍්තිංසවරලක‍්ඛණං සම‍්බුද‍්ධං දිස‍්වා පාටලිපුප‍්ඵං පූජෙසින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේන සුවණ්ණ වණ්ණං සම්බුද්ධං යනාදිය කීය. අන්තරාපණෙ යනු හාත්පසින් අමුරන් රත්රන් ආදී භාණ්ඩ පණෙන්ති මෙහි ගෙන එත්නුයි විකුණත්නුයි පතුරත්නුයි ආපණ නමි. රන් බඩු විකිණීමට වෙන් වූ වීදිය ආපණ අතුරුවීදිය යනුයි අන්තරාපණං, එහි අන්තරාපණෙ. රන්වන් වූ රන්මුවා ඇගෑයක් සේ දෙතිස් වර ලක්‍ෂණ ඇති සම්බුදුන් දැක පළොල් මලක් පිදුවෙමි යන අර්ථයි. සෙස්ස සියලු තැන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

පාටලිපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පාටලීපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

79. ඨිතඤ‍්ජලියත්‍ථෙරඅපදානවණ‍්ණනා

79. ඨිතඤ්ජලිය ථේර අපදාන වර්ණනාව

මිගලුද‍්දො පුරෙ ආසින‍්තිආදිකං ආයස‍්මතො ඨිතඤ‍්ජලියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථුප‍්පන‍්නභවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ පුරාකතෙන එකෙන කම‍්මච‍්ඡිද‍්දෙන නෙසාදයොනියං නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො මිගසූකරාදයො මාරෙත්‍වා නෙසාදකම‍්මෙන අරඤ‍්ඤෙ වාසං කප‍්පෙසි. තස‍්මිං සමයෙ තිස‍්සො භගවා තස‍්සානුකම‍්පාය හිමවන‍්තං අගමාසි. සො තං ද‍්වත‍්තිංසවරලක‍්ඛණෙහි අසීතානුබ්‍යඤ‍්ජනබ්‍යාමප‍්පභාහි ච ජලමානං භගවන‍්තං දිස‍්වා සොමනස‍්සජාතො පණාමං කත්‍වා ගන‍්ත්‍වා පණ‍්ණසන්‍ථරෙ නිසීදි. තස‍්මිං ඛණෙ දෙවො ගජ‍්ජන‍්තො අසනි පති, තතො මරණසමයෙ බුද‍්ධමනුස‍්සරිත්‍වා පුනඤ‍්ජලිමකාසි. සො තෙන පුඤ‍්ඤෙන සුඛෙත‍්තෙ කතකුසලත‍්තා අකුසලවිපාකං පටිබාහිත්‍වා සග‍්ගෙ නිබ‍්බත‍්තො කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා මනුස‍්සෙසු මනුස‍්සසම‍්පත‍්තියො ච අනුභවිත්‍වා අපරභාගෙ ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය පුරාකතවාසනාය සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

මිගලුද්දො පුරෙ ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් ඨිතඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයන්හි තැනින් තැන පින් රැස් කරන්නේ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි පෙර කරන ලද කර්ම විපාකයක් අනුව එක් වැදි යෝනියෙක ඉපිද දැනමිති බවට පත්වූයේ මුවන් ඌරන් ආදීන් මරා දඩයමින් අරණ්‍යයෙහි වාසය කළේය. එසමයෙහි තිස්ස භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. හේ දෙතිස් වර ලක්‍ෂණයන්ගෙන් අසූවක් අනූව්‍යංජනයන්ගෙන් ව්‍යාම ප්‍රභාවන්ගෙන්ද දිලිසෙන ඒ භාග්‍යවතුන් වහන්සේ දැක හටගත් සොම්නස් ඇත්තේ ප්‍රණාම කොට ගොස් කොළ ඇතිරියෙහි හිඳගත්තේය. එවේලෙහි අහස ගුගුරමින් හෙණයක් වැටුණේය. වැද්දා එයින් මියයන කල්හි බුදුන් සිහිකොට නැවත ඇඳිලි බැඳගත්තේය. හේ එම පිනින් මනා කෙතන කරන ලද කුශලයක් බැවින් අකුශල විපාකය පසුබාවා ස්වර්ගයෙහි ඉපිද කාමාවචර සම්පත් ද, මිනිසුන් අතර මනුෂ්‍ය සම්පත් ද අනුභවකොට පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව පෙරකළ වාසනා හේතුවෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.

සො තතො පරං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො මිගලුද‍්දො පුරෙ ආසින‍්තිආදිමාහ. තත්‍ථ මිගලුද‍්දොති මිගානං මාරණං උපගච‍්ඡතීති මිගලුද‍්දො. මිගන‍්ති සීඝං වාතවෙගෙන ගච‍්ඡන‍්ති ධාවන‍්තීති මිගා, තෙසං මිගානං මාරණෙ ලුද‍්දො දාරුණො ලොභීති මිගලුද‍්දො. සො අහං පුරෙ භගවතො දස‍්සනසමයෙ මිගලුද‍්දො ආසිං අහොසින‍්ති අත්‍ථො . අරඤ‍්ඤෙ කානනෙති අරති ගච‍්ඡති මිගසමූහො එත්‍ථාති අරඤ‍්ඤං, අථ වා ආ සමන‍්තතො රජ‍්ජන‍්ති තත්‍ථ විවෙකාභිරතා බුද‍්ධපච‍්චෙකබුද‍්ධාදයො මහාසාරප‍්පත‍්තා සප‍්පුරිසාති අරඤ‍්ඤං. කා කුච‍්ඡිතාකාරෙන වා භයානකාකාරෙන වා නදන‍්ති සද‍්දං කරොන‍්ති, ආනන‍්ති වින්‍දන‍්තීති වා කානනං, තස‍්මිං අරඤ‍්ඤෙ කානනෙ මිගලුද‍්දො පුරෙ ආසින‍්ති සම‍්බන්‍ධො. තත්‍ථ අද‍්දසං සම‍්බුද‍්ධන‍්ති තත්‍ථ තස‍්මිං අරඤ‍්ඤෙ උපගතං සම‍්බුද‍්ධං අද‍්දසං අද‍්දක‍්ඛින‍්ති අත්‍ථො. දස‍්සනං පුරෙ අහොසි අවිදූරෙ, තස‍්මා මනොද‍්වාරානුසාරෙන චක‍්ඛුවිඤ‍්ඤාණං පුරෙචාරිකං කායවිඤ‍්ඤාණසමඞ‍්ගිං පාපෙති අප‍්පෙතීති අත්‍ථො.

උන්වහන්සේ ඉන්පසුව පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු මිගලුද්දො පුරෙ ආසිං යනාදිය කීහ. එහි මිගලුද්දො යනු මුවන් මරනු පිණිස ළඟට යේනුයි මිගලුද්දො. මිගති වාත වේගයෙන්ම යනුයි දුවානුයි මිගලුද්ද නම් වේ. ඒ මම පෙර භාග්‍යවතුන් වහන්සේ දකින අවස්ථාවෙහි මුවවැද්දෙක් ආසිං වීමි යන අර්ථයි. අරඤ්ඤෙකානනෙ යනු අරති මුව සමූහයා මෙහි යේනුයි අරඤ්ඤ නමි. නැතහොත් හාත්පසින් රජ්ජන්ති එහි විවේක කැමති බුදු පසේබුදු ආදීහු ද මහා ඓශ්වර්යට පැමිණි සත්පුරුෂයෝ ද ඇලෙතියි අරඤ්ඤ නමි. පහත් අයුරින් හෝ භයානක අයුරින් නදන්ති ශබ්ද කරත්නුයි හෝ කානන නමි. එම අරණ්‍යයෙහි කානනයෙහි පෙර මුවවැද්දෙක් වීමි යන සම්බන්ධයි. තත්‍ථද්දසාහං සම්බුද්ධං යනු තත්‍ථ ඒ අරණ්‍යයෙහි සමීපයට පැමිණි සම්බුදුන් වහන්සේ අද්දසං දුටුවෙමි යන අර්ථයි. පෙර දර්ශනය නුදුරෙහි විය. ඒ නිසා මනෝද්වාර අනුසාරයෙන් චක්ඛුවිඤ්ඤාණය, පෙර හැසිරෙන කායවිඤ්ඤාණය සම තත්ත්වයට පමුණුවයි යන අර්ථයි.

තතො මෙ අසනීපාතොති ආ සමන‍්තතො සනන‍්තො ගජ‍්ජන‍්තො පතතීති අසනි, අසනියා පාතො පතනං අසනීපාතො, දෙවදණ‍්ඩොති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

තතො මෙ අසනිපාතො යනු හාත්පසින් සනන්නො ගර්ජනය කරමින් වැටේනුයි අසනි. අසනියෙහි පාතය අසනි පාතො නමි. දෙවියන්ගේ දණ්ඩ යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

ඨිතඤ‍්ජලියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ඨිතඤ්ජලිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

80. තිපදුමියත්‍ථෙරඅපදානවණ‍්ණනා

80. තිපදුමිය ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරො නාම ජිනොතිආදිකං ආයස‍්මතො තිපදුමියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතියං මාලාකාරකුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො මාලාකාරකම‍්මං කත්‍වා වසන‍්තො එකදිවසං අනෙකවිධානි ජලජථලජපුප‍්ඵානි ගහෙත්‍වා රඤ‍්ඤො සන‍්තිකං ගන‍්තුකාමො එවං චින‍්තෙසි – “රාජා ඉමානි තාව පුප‍්ඵානි දිස‍්වා පසන‍්නො සහස‍්සං වා ධනං ගාමාදිකං වා දදෙය්‍ය, ලොකනාථං පන පූජෙත්‍වා නිබ‍්බානාමතධනං ලභාමි, කිං මෙ එතෙසු සුන්‍දර”න‍්ති තෙන “භගවන‍්තං පූජෙත්‍වා සග‍්ගමොක‍්ඛසම‍්පත‍්තියො නිප‍්ඵාදෙතුං වට‍්ටතී”ති චින‍්තෙත්‍වා වණ‍්ණවන‍්තං අතීව රත‍්තපුප‍්ඵත‍්තයං ගහෙත්‍වා පූජෙසි. තානි ගන‍්ත්‍වා ආකාසං ඡාදෙත්‍වා පත්‍ථරිත්‍වා අට‍්ඨංසු. නගරවාසිනො අච‍්ඡරියබ‍්භුතචිත‍්තජාතා චෙලුක‍්ඛෙපසහස‍්සානි පවත‍්තයිංසු. තං දිස‍්වා භගවා අනුමොදනං අකාසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ ගහපතිකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසීදිත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් තිපදුමිනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මාලාකාර කුලයක උපන්නේ වැඩිවිය පත්වූයේ මාලාකාර කර්මය කොට වාසය කරන්නේ එක් දවසක් අනේකවිධ වූ දියගොඩ මල්ගෙන රජුගේ සමීපයට යනු කැමැත්තේ මෙසේ සිතීය. රජ මේ මල් කම් දැක පැහැදී ප්‍රසාද වශයෙන් ධනය හෝ ගම් ආදියක් දෙන්නේය. ලෝකනාථයන් වහන්සේ පුදා නිර්වාණාමෘත ධනය ලබමි. මෙයින් යමක් සුන්දරනම් එයින් භාග්‍යවතුන් වහන්සේ පුදා ස්වර්ග මෝක්‍ෂ සම්පත්තීන් සාදා ගැනීමම වටනේ යයි සිතා වර්ණ ගන්ධයෙන් යුක්ත වූ අතිශයින් උත්තම වූ මල්තුනක් ගෙන පූජා කළේය. ඒවා ගොස් අහස වසා පැතිරී සිටියේය. නුවරවැසියෝ ආශ්චර්ය අද්භූත සිත් ඇත්තාහු දහස් ගණන් පිළි එසවීම් පැවැත්වූහ. ඒ දැක භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කළ සේක. හේ ඒ පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ගෘහපති කුලයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරො නාම ජිනොතිආදිමාහ. තස‍්සත්‍ථො හෙට‍්ඨා වුත‍්තොව. සබ‍්බධම‍්මාන පාරගූති සබ‍්බෙසං නවලොකුත‍්තරධම‍්මානං පාරං නිබ‍්බානං ගතො පච‍්චක‍්ඛං කතොති අත්‍ථො. දන‍්තො දන‍්තපරිවුතොති සයං කායවාචාදීහි දන‍්තො එතදග‍්ගෙ ඨපිතෙහි සාවකෙහි පරිවුතොති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ සම‍්බන්‍ධවසෙන උත‍්තානත්‍ථමෙවාති.

උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තරො නාමජිනො යනාදිය කීහ. එහි අර්ථය යට කියන ලද්දේ ම ය. සබ්බ ධම්මාන පාරගූ යනු සියලු නවලෝකෝත්තර ධර්මයන් පාරං නිර්වාණය ගතො ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේය යන අර්ථයි. දන්තො දන්තෙහි පරිවුතො යනු තමා කායවාචාදියෙහි දමනය වූයේ. අගපත් වූයේ යයි දේශනා කරනු ලැබූ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලද්දේ යන අර්ථයි. සෙස්ස අර්ථ සම්බන්ධ වශයෙන් නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

තිපදුමියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

තිපදුමිනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

අට‍්ඨමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

අටවැනි වර්ග වර්ණනාවයි.