යෙදුමෙන් කියවන්න

7. සකචින‍්තනියවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

7. සකචින්තනිය වර්‍ගය

61. සකචින‍්තනියත්‍ථෙරඅපදානවණ‍්ණනා

61. සකචින්තනිය ථේර අපදාන වර්ණනාව

පවනං කානනං දිස‍්වාතිආදිකං ආයස‍්මතො සකචින‍්තනියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය තස‍්ස භගවතො ආයුපරියොසානෙ උප‍්පන‍්නො ධරමානං භගවන‍්තං අපාපුණිත්‍වා පරිනිබ‍්බුතකාලෙ ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තෙ වසන‍්තො විවෙකං රමණීයං එකං වනං පත්‍වා තත්‍ථෙවෙකාය කන්‍දරාය පුලිනචෙතියං කත්‍වා භගවති සඤ‍්ඤං කත්‍වා සධාතුකසඤ‍්ඤඤ‍්ච කත්‍වා වනපුප‍්ඵෙහි පූජෙත්‍වා නමස‍්සමානො පරිචරි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො ද‍්වීසු අග‍්ගං අග‍්ගසම‍්පත‍්තිං අග‍්ගඤ‍්ච චක‍්කවත‍්තිසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විභවසම‍්පන‍්නො සද‍්ධාසම‍්පන‍්නො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිත්‍වා අරහා ඡළභිඤ‍්ඤො අහොසි.

පවනං කානනං දිස්වා යනාදි වශයෙන් ආයුෂ්මත් සකචින්තනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. වැඩිවිය පත්වූ ඔහු ආයුෂ කෙළවර ජීවත්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පිරිනිවන් පෑ කල්හි සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමාලයෙහි වසන්නේ, විවේකී වූ රමණීය වූ එක් වනයකට පැමිණ එහි එක් කඳුරෙක වැලි චෛත්‍යයක් කොට භාග්‍යවතුන් වහන්සේයයි හැඟීම ඇතිකොට, ධාතූන් සහිතයයි හැඟීම ද ඇතිකොට වනමලින් පුදා නමදිමින් ගරු කළේය. ඒ පුණ්‍ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ දෙලොවම අග්‍ර වූ ශක්‍ර සම්පත්තිය ද අග්‍ර වූ චක්‍රවර්ති සම්පත්තිය ද අනුභවකොට, මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ ධනසම්පත් ඇත්තේ, සැදැහැ ඇත්තේ, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව රහත්ව ෂට් අභිඥා ඇත්තේ විය.

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පවනං කානනං දිස‍්වාතිආදිමාහ. තත්‍ථ පවනන‍්ති පකාරෙන වනං පත්‍ථටං විත්‍ථිණ‍්ණං ගහනභූතන‍්ති පවනං. කානනං අවකුච‍්ඡිතං ආනනං අවහනං සතතං සීහබ්‍යග‍්ඝයක‍්ඛරක‍්ඛසමද‍්දහත්‍ථිඅස‍්සසුපණ‍්ණඋරගෙහි විහඞ‍්ගගණසද‍්දකුක‍්කුටකොකිලෙහි වා බහලන‍්ති කානනං, තං කානනසඞ‍්ඛාතං පවනං මනුස‍්සසද‍්දවිරහිතත‍්තා අප‍්පසද‍්දං නිස‍්සද‍්දන‍්ති අත්‍ථො. අනාවිලන‍්ති න ආවිලං උපද‍්දවරහිතන‍්ති අත්‍ථො. ඉසීනං අනුචිණ‍්ණන‍්ති බුද‍්ධපච‍්චෙකබුද‍්ධඅරහන‍්තඛීණාසවසඞ‍්ඛාතානං ඉසීනං අනුචිණ‍්ණං නිසෙවිතන‍්ති අත්‍ථො. ආහුතීනං පටිග‍්ගහන‍්ති ආහුනං වුච‍්චති පූජාසක‍්කාරං පටිග‍්ගහං ගෙහසදිසන‍්ති අත්‍ථො.

හේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පවනං කානනං දිස්වා යනාදිය කීය. එහි පවනං යනු ක්‍රමයෙන් වනය විස්තීර්ණ වූයේ ගහණ වූයේනුයි පවන නමි. අපිරිසිදු ආශ්වාස ප්‍රශ්වාස කිරීම් කැඳවීම් කානන නමි. ඒ කානන සංඛ්‍යාත වූ පවන. මිනිස් හඬ නැති බැවින් අල්ප ශබ්ද යන අර්ථයි. අනාවිලං යනු නආවිලං උපද්‍රව නැති යන අර්ථයි. ඉසීනං අනුචිණ්ණං යනු බුදු පසේබුදු රහත් ක්‍ෂීණාශ්‍රව සංඛ්‍යාත වූ සෘෂීන් විසින් අනුචිණ්ණං සේවනය කරන ලද්දේ යන අර්ථයි. ආහුතීනං පටිග්ගහං යනු ආහුනං පූජා සත්කාර ප්‍රතිග්‍රහණයෙහි ගෙයක් වැනිය යන අර්ථයි.

ථූපං කත්‍වාන වෙළුනාති වෙළුපෙසිකාහි චෙතියං කත්‍වාති අත්‍ථො. නානාපුප‍්ඵං සමොකිරින‍්ති චම‍්පකාදීහි අනෙකෙහි පුප‍්ඵෙහි සමොකිරිං පූජෙසින‍්ති අත්‍ථො. සම‍්මුඛා විය සම‍්බුද‍්ධන‍්ති සජීවමානස‍්ස සම‍්බුද‍්ධස‍්ස සම‍්මුඛා ඉව නිම‍්මිතං උප‍්පාදිතං චෙතියං අහං අභි විසෙසෙන වන්‍දිං පණාමමකාසින‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

ථූපං කත්‍වාන වෙළුනා යනු උණපතුරුවලින් චෛත්‍යයක් කොට යන අර්ථයි. නානා පුප්ඵං සමොකිරිං යනු සපු ආදී නොයෙක් මලින් සමොකිරිං සැදුවෙමි යන අර්ථයි. සම්මුඛා විය සම්බුද්ධං යනු ජීවමාන සම්බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම නිර්මාණය කරන ලද උත්පාදනය කරන ලද කරවන ලද චෛත්‍යය මම විශේෂයෙන් වදිං ප්‍රණාම කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.

සකචින‍්තනියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සකචින්තනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

62. අවොපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා

62. අවොපුප්ඵිය ථේර අපදාන වර්ණනාව

විහාරා අභිනික‍්ඛම‍්මාතිආදිකං ආයස‍්මතො අවොපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සද‍්ධාසම‍්පන‍්නො ධම‍්මං සුත්‍වා සොමනස‍්සප‍්පත‍්තො නානාපුප‍්ඵානි උභොහි හත්‍ථෙහි ගහෙත්‍වා බුද‍්ධස‍්ස උපරි අබ‍්භුක‍්කිරි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සග‍්ගසම‍්පත‍්තිඤ‍්ච චක‍්කවත‍්තිසම‍්පත‍්තිඤ‍්ච අනුභවිත්‍වා සබ‍්බත්‍ථ පූජිතො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බතො වුද‍්ධිප‍්පත‍්තො සාසනෙ පසීදිත්‍වා පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. ආ සමන‍්තතො කාසති දිප‍්පතීති ආකාසො, තස‍්මිං ආකාසෙ පුප‍්ඵානං අවකිරිතත‍්තා අවොපුප‍්ඵියත්‍ථෙරොති පාකටො.

විහාරා අභිනික්ඛම්ම යනාදි වශයෙන් ආයුෂ්මත් අවොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව සැදැහැ ඇත්තේ දහම් අසා සොම්නසට පැමිණියේ නොයෙක් මල් දෑතින් ගෙන බුදුරජාණන් වහන්සේ මතින් විසුරුවා හැරියේය. හේ එම පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ ස්වර්ග සම්පත්තිය ද චක්‍රවර්ති සම්පත්තියද අනුභවකොට සැමතැන පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපදී වැඩිවිය පත්ව සසුනෙහි පැහැද පැවිදි වූයේ නොබෝ දිනකින්ම රහත් විය. ආ හාත්පසින් කාසනි බබුළුවානුයි ආකාස නමි. ඒ ආකාසයෙහි මල් විසුරුවා හැරියේය. එයින් අවොපුප්ඵිය තෙරුන් වහන්සේ යනුවෙන් ප්‍රකට වූයේ,

එවං පත‍්තසන‍්තිපදො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො විහාරා අභිනික‍්ඛම‍්මාතිආදිමාහ. තත්‍ථ විහාරාති විසෙසෙන හරති චතූහි ඉරියාපථෙහි අපතන‍්තං අත‍්තභාවං ආහරති පවත‍්තෙති එත්‍ථාති විහාරො, තස‍්මා විහාරා අභි විසෙසෙන නික‍්ඛම‍්ම නික‍්ඛමිත්‍වා. අබ‍්භුට‍්ඨාසි ච චඞ‍්කමෙති චඞ‍්කමනත්‍ථාය සට‍්ඨිරතනෙ චඞ‍්කමෙ අභිවිසෙසෙන උට‍්ඨාසි, අභිරුහීති අත්‍ථො. චතුසච‍්චං පකාසෙන‍්තොති තස‍්මිං චඞ‍්කමෙ චඞ‍්කමන‍්තො දුක‍්ඛසමුදයනිරොධමග‍්ගසච‍්චසඞ‍්ඛාතං චතුසච‍්චං පකාසෙන‍්තො පාකටං කරොන‍්තො අමතං පදං නිබ‍්බානං දෙසෙන‍්තො විභජන‍්තො උත‍්තානීකරොන‍්තො තස‍්මිං චඞ‍්කමෙති සම‍්බන්‍ධො.

මෙසේ පැමිණි ශාන්ති පද ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ විහාරා අභිනික්ඛම්ම යනාදිය කීය. එහි විහාරො යනු විශේෂයෙන් හරති සිව් ඉරියව්වෙන් නොතැවෙන ආත්මභාවය ආහරති මෙහි පවත්වා ගනීනුයි විහාර නමි. විශ්වාසයෙන් නික්ඛම්ම නික්මී අබ්භුට්ඨා සිංච චඞ්කමෙ සක්මන් කරනු පිණිස සැටරියන් සක්මනෙහි විශ්වාසයෙන් යුතුව උපට්ඨාසිං නැගුණෙමි යන අර්ථයි. චතුසච්චං පකාසෙන්තො යනු එම සක්මනෙහි සක්මන් කරන්නේ දුක්ඛ සමුදය නිරොධ මග්ග සංඛ්‍යාත වූ චතුස්සත්‍යය පකාසෙන්තො ප්‍රකට කරන්නේ අමතංපදං නිර්වාණය දෙසෙන්තො විභජනය කරන්නේ පැහැදිලි කරන්නේ එම සක්මනෙහි යනු සම්බන්ධයි.

සිඛිස‍්ස ගිරමඤ‍්ඤාය, බුද‍්ධසෙට‍්ඨස‍්ස තාදිනොති සෙට‍්ඨස‍්ස තාදිගුණසමඞ‍්ගිස‍්ස සිඛිස‍්ස බුද‍්ධස‍්ස ගිරං සද‍්දං ඝොසං අඤ‍්ඤාය ජානිත්‍වා. නානාපුප‍්ඵං ගහෙත්‍වානාති නාගපුන‍්නාගාදිඅනෙකානි පුප‍්ඵානි ගහෙත්‍වා ආහරිත්‍වා. ආකාසම‍්හි සමොකිරින‍්ති චඞ‍්කමන‍්තස‍්ස භගවතො මුද‍්ධනි ආකාසෙ ඔකිරිං පූජෙසිං.

සිඛිස්ස ගිරමඤ්ඤාය බුද්ධසෙට්ඨස්ස තාදිනො යනු ශ්‍රේෂ්ඨ වූ තාදිගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගිරං ශබ්දය ඝෝෂාව. අඤ්ඤාය දැන. නානාපුප්ඵං ගහෙත්‍වා යනු නා පුවක් ආදී නොයෙක් මල් ගහෙත්‍වා ගෙනැවිත්. ආකාසම්හි සමොකිරිං යනු සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ මුදුනෙහි අහසෙහි ඔකිරිං පිදුවෙමි.

තෙන කම‍්මෙන ද‍්විපදින්‍දාති ද‍්විපදානං දෙවබ්‍රහ‍්මමනුස‍්සානං ඉන්‍ද පධානභූත. නරාසභ නරානං ආසභභූත. පත‍්තොම‍්හි අචලං ඨානන‍්ති තුම‍්හාකං සන‍්තිකෙ පබ‍්බජිත්‍වා අචලං ඨානං නිබ‍්බානං පත‍්තො අම‍්හි භවාමි. හිත්‍වා ජයපරාජයන‍්ති දිබ‍්බමනුස‍්සසම‍්පත‍්තිසඞ‍්ඛාතං ජයඤ‍්ච චතුරාපායදුක‍්ඛසඞ‍්ඛාතං පරාජයඤ‍්ච හිත්‍වා ඡඩ‍්ඩෙත්‍වා නිබ‍්බානං පත‍්තොස‍්මීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

තෙන කම්මෙන දිපදින්‍දා යනු මිනිසුන්ට දෙවි මිනිසුන්ට ඉන්දු! ප්‍රධාන වූ තැනැත්ත! නරාසභ! නරයන්ට ප්‍රධාන වූ තැනැත්ත! පත්තොම්හි අචලංඨානං යනු ඔබගේ සමීපයෙහි පැවිදිව අචලට්ඨානං නිවනට පැමිණියේ අම්හි වෙමි. හිත්‍වාජයපරාජයං යනු දිව්‍ය මනුෂ්‍ය සම්පත්ති සංඛ්‍යාත වූ ජයද, සතර අපාය දුක් සංඛ්‍යාත වූ පරාජයද හිත්‍වා හැරදමා නිවනට පැමිණියේ වෙමි යන අර්ථයි.

අවොපුප‍්ඵියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තො.

අවොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

63. පච‍්චාගමනියත්‍ථෙරඅපදානවණ‍්ණනා

63. පච්චාගමනිය ථේර අපදාන වර්ණනාව

සින්‍ධුයා නදියා තීරෙතිආදිකං ආයස‍්මතො පච‍්චාගමනියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ සින්‍ධුයා ගඞ‍්ගාය සමීපෙ චක‍්කවාකයොනියං නිබ‍්බත‍්තො පුබ‍්බසම‍්භාරයුත‍්තත‍්තා පාණිනො අඛාදන‍්තො සෙවාලමෙව භක‍්ඛයන‍්තො චරති. තස‍්මිං සමයෙ විපස‍්සිභගවා සත‍්තානුග‍්ගහං කරොන‍්තො තත්‍ථ අගමාසි. තස‍්මිං ඛණෙ සො චක‍්කවාකො විජ‍්ජොතමානං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො තුණ‍්ඩෙන සාලරුක‍්ඛතො සාලපුප‍්ඵං ඡින්‍දිත්‍වා ආගම‍්ම පූජෙසි. සො තෙනෙව චිත‍්තප‍්පසාදෙන තතො චුතො දෙවලොකෙ උප‍්පන‍්නො අපරාපරං ඡකාමාවචරසම‍්පත‍්තිං අනුභවිත්‍වා තතො චුතො මනුස‍්සලොකෙ උප‍්පජ‍්ජිත්‍වා චක‍්කවත‍්තිසම‍්පත‍්තිආදයො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො පුබ‍්බචරිතවසෙන සත්‍ථරි පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි, චක‍්කවාකො හුත්‍වා භගවන‍්තං දිස‍්වා කත්‍ථචි ගන‍්ත්‍වා පුප‍්ඵමාහරිත්‍වා පූජිතත‍්තා පුබ‍්බපුඤ‍්ඤනාමෙන පච‍්චාගමනියත්‍ථෙරොති පාකටො.

සින්‍ධුයා නදියාතීරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පච්චාගමනීය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සින්ධු ගංගාව සමීපයෙහි සක්වා යෝනියෙහි ඉපිද පෙර කළ පින් ඇති බැවින් පණ ඇති සතුන් නොකා සෙවෙල්ම කමින් හැසිරෙයි. එසමයෙහි විපස්සි භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන්ට අනුග්‍රහ කරන්නේ එහි වැඩි සේක. එකෙණෙහි සක්වාලිහිණියා බබලන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිත් ඇතිව තුඩින් සල් රුකකි සල්මලක් කඩාගෙන අවුත් පූජා කළේය. ඌ එම සිත් පැහැදීමෙන් ම එයින් මියගොස් දෙව්ලොව උපන්නේ නැවත නැවත සය කාමාවචර සම්පත් අනුභවකොට එයින් චුතව මිනිස්ලොව ඉපිද චක්‍රවර්තී සම්පත් ආදිය අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයෙක උපන්නේය. එහි දැනමිති බවට පැමිණි හෙතෙම පෙර සිරිත් වශයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත්විය. සක්වාලිහිණියකුව භාග්‍යවතුන් වහන්සේ දැක කිසියම් තැනකට ගොස් මලක් ගෙනවුත් පිදූ බැවින් පිනෙහි නමින් පච්චාගමනීය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේය.

අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සින්‍ධුයා නදියා තීරෙතිආදිමාහ. සීති සද‍්දං කුරුමානා ධුනාති කම‍්පතීති සින්‍ධු, නදති සද‍්දං කරොන‍්තො ගච‍්ඡතීති නදි. චක‍්කවාකො අහං තදාති චක‍්කං සීඝං ගච‍්ඡන‍්තං ඉව උදකෙ වා ථලෙ වා ආකාසෙ වා සීඝං වාති ගච‍්ඡතීති චක‍්කවාකො. තදා විපස‍්සිං භගවන‍්තං දස‍්සනකාලෙ අහං චක‍්කවාකො අහොසින‍්ති අත්‍ථො. සුද‍්ධසෙවාලභක‍්ඛොහන‍්ති අඤ‍්ඤගොචරඅමිස‍්සත‍්තා සුද‍්ධසෙවාලමෙව ඛාදන‍්තො අහං වසාමි. පාපෙසු ච සුසඤ‍්ඤතොති පුබ‍්බවාසනාවසෙන පාපකරණෙ සුට‍්ඨු සඤ‍්ඤතො තීහි ද‍්වාරෙහි සඤ‍්ඤතො සුසික‍්ඛිතො.

හේ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සින්‍ධුයා නදියා තීරෙ යනාදිය කීහ. සන්සුන් ශබ්ද කරමින් ධුනාති සැලේනුයි සින්ධු. නදති ශබ්ද කරමින් යතියි නදී. චක්කවාකො අහං තදා යනු රියසකක් වේගයෙන් යන්නාක් මෙන් දියෙහි හෝ ගොඩබිම හෝ අහසෙහි හෝ වේගයෙන් වාති යනුයි චක්කවාකො; එකල්හි විපස්සි බුදුරජාණන් වහන්සේ දක්නාවිට මම සක්වාලිහිණියෙක් වීමි යන අර්ථයි සුද්ධසෙවාල භක්ඛොහං යනු වෙනත් ගොදුරකින් නොමුසු බැවින් පිරිසිදු සෙවෙල්ම කන්නේ මම වසමි. පාපෙසු ච සුසඤ්ඤතො යනු පූර්ව වාසනා වශයෙන් පව් කිරීමෙහි මනා සංයමයකින් තුන්දොරින් සඤ්ඤතො මැනවින් හික්මුණෙ,

අද‍්දසං විරජං බුද‍්ධන‍්ති රාගදොසමොහවිරහිතත‍්තා විරජං නික‍්කිලෙසං බුද‍්ධං අද‍්දසං අද‍්දක‍්ඛිං. ගච‍්ඡන‍්තං අනිලඤ‍්ජසෙති අනිලඤ‍්ජසෙ ආකාසපථෙ ගච‍්ඡන‍්තං බුද‍්ධං. තුණ‍්ඩෙන මය‍්හං මුඛතුණ‍්ඩෙන තාලං සාලපුප‍්ඵං පග‍්ගය‍්හ පග‍්ගහෙත්‍වා විපස‍්සිස‍්සාභිරොපයිං විපස‍්සිස‍්ස භගවතො පූජෙසින‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

අද්දසං විරජං බුද්ධං යනු රාග දෝසයන්ගෙන් විරහිත බැවින් විරජ වූ නික්ලේශී වූ බුදුරජාණන් වහන්සේ අද්දසං දුටුවෙමි. ගච්ඡන්තං අනිලඤ්ජසෙ යනු අනිලඅඤ්ජසෙ අහස් මගෙහි වඩින්නා වූ බුදුරජාණන් වහන්සේට තුණ්ඩෙන මාගේ තුඩින් සාලං සල්මලක්. පග්ගය්හ ගෙන, විපස්සිස්සාහිරොපයිං විපස්සි බුදුරජාණන් වහන්සේට පූජා කෙළෙමි යන අර්ථයි.

පච‍්චාගමනියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පච්චාගමනීය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

64. පරප‍්පසාදකත්‍ථෙරඅපදානවණ‍්ණනා

64. පරප්පසාදක ථේර අපදාන වර්ණනාව

උසභං පවරං වීරන‍්තිආදිකං ආයස‍්මතො පරප‍්පසාදකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො තිණ‍්ණං වෙදානං පාරගූ ඉතිහාසපඤ‍්චමානං පදකො වෙය්‍යාකරණො සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො නාමෙන සෙලබ්‍රාහ‍්මණොති පාකටො සිද‍්ධත්‍ථං භගවන‍්තං දිස‍්වා ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණෙහි අසීතිඅනුබ්‍යඤ‍්ජනෙහි චාති සයං සොභමානං දිස‍්වා පසන‍්නමානසො අනෙකෙහි කාරණෙහි අනෙකාහි උපමාහි ථොමනං පකාසෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ සක‍්කමාරාදයො ඡ කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා මනුස‍්සෙසු චක‍්කවත‍්තිසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පසීදිස‍්වා පබ‍්බජිතො නචිරස‍්සෙව චතුපටිසම‍්භිදාඡළභිඤ‍්ඤප‍්පත‍්තො මහාඛීණාසවො අහොසි, බුද‍්ධස‍්ස ථුතියා සත‍්තානං සබ‍්බෙසං චිත‍්තප‍්පසාදකරණතො පරප‍්පසාදකත්‍ථෙරොති පාකටො.

උසභං පවරං වීරං යනාදි වශයෙන් ආයුෂ්මත් පරප්පසාදක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙක උපන්නේය. ඉතිහාසය පස්වෙනිකොට ඇතිව වේදත්‍රයෙහි පරතෙරට ගිය ඔහු ව්‍යාකරණ නිඝණ්ඩු සහිත කේටුභයන්හි ද ලෝකායත මහාපුරුෂ ලක්ෂණයන්හිද දක්‍ෂ වූයේ නමින් සේල බ්‍රාහ්මණයා යයි ප්‍රකට වූයේය. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින්ද අසූ අනුව්‍යඤ්ජනයෙන් ද බබලනු දැක පහන් සිතැත්තේ නොයෙක් කරැණුවලින් උපමාවනින් ස්තුති කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ ඒ දෙකෙහි අග්‍රවූ ස්වර්ග සම්පත්තියද අග්‍ර වූ චක්‍රවර්ති සම්පත්තියද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ද සැදැහැ ද ඇති එක් කුලගෙයක උපන්නේය. අපගේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව නොබෝ කලකින්ම සිව්පිළිසිඹියා ෂට් අභිඥාවන්ට පත්වූයේ මහා ක්‍ෂීණාශ්‍රව කෙනෙක් විය. බුදුරජාණන් වහන්සේට ස්තුති කිරීමෙන් සියලු සතුන්ටත් සිත් පැහැදවීම් කිරීම නිසා පරප්පසාදක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේය.

එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො උසභං පවරං වීරන‍්තිආදිමාහ. තත්‍ථ උසභන‍්ති වසභො නිසභො විසභො ආසභොති චත‍්තාරො ජෙට‍්ඨපුඞ‍්ගවා. තත්‍ථ ගවසතජෙට‍්ඨකො වසභො, ගවසහස‍්සජෙට‍්ඨකො නිසභො, ගවසතසහස‍්සජෙට‍්ඨකො විසභො, ගවකොටිසතසහස‍්සජෙට‍්ඨකො ආසභොති ච යස‍්ස කස‍්සචි ථුතිං කරොන‍්තා බ්‍රාහ‍්මණපණ‍්ඩිතා බහුස‍්සුතා අත‍්තනො අත‍්තනො පඤ‍්ඤාවසෙන ථුතිං කරොන‍්ති, බුද‍්ධානං පන සබ‍්බාකාරෙන ථුතිං කාතුං සමත්‍ථො එකොපි නත්‍ථි. අප‍්පමෙය්‍යො හි බුද‍්ධො. වුත‍්තඤ‍්හෙතං –

එක් දවසක් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ උසහංපවර වීරං යනාදිය කීය. එහි උසභං යනු වසභය, නිසභය, විසභය, ආසභ යයි ජ්‍යෙෂ්ඨ පිරිමි ගවයෝ සිව් දෙනෙකි. එහි ගවයන් සියයකට ජ්‍යෙෂ්ඨ වූයේ වසභ නමි. ගවයන් දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ නිසභ නමි. ගවයන් දසදහසකට ජ්‍යෙෂ්ඨ වූයේ විසභ නමි. ගවයන් කෝටි දස දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ ආසභ නමි. උසභ යනුද වේ. යම් කිසිවකුට ස්තුති කරන්නා වූ බහුශ්‍රැත බමුණු පඬිවරු තම තමන්ගේ ප්‍රඥා වශයෙන් ස්තුති කරති. බුදුවරුන්ට සර්වාකාරයෙන් ස්තුති කිරීමට සමර්ථ වූ එකෙක්වත් නැත. බුදුරජාණන් වහන්සේ නොමිනිය හැකි වෙති. මෙය කියන ලදි.

“බුද‍්ධොපි බුද‍්ධස‍්ස භණෙය්‍ය වණ‍්ණං, කප‍්පම‍්පි චෙ අඤ‍්ඤමභාසමානො; ඛීයෙථ කප‍්පො චිරදීඝමන‍්තරෙ, වණ‍්ණො න ඛීයෙථ තථාගතස‍්සා”ති. (දී· නි· අට‍්ඨ· 1.304; 3.141; ම· නි· අට‍්ඨ· 2.425; උදා· අට‍්ඨ· 53) – ආදිකං.

‘බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍යවණ්ණං, කප්පම්හි චෙ අඤ්ඤමභාසමානො, ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ, වණ්ණො නබීයෙථ තථාගතස්ස’ ත්‍යාදිකං

‘කපක් කල් වෙන බසක් නොබැණම බුදුකෙනෙකුගේ ගුණ වණත් හොත් කප ගෙවී යයි කල් ඇවෑමෙන් බුදුන්ගේ ගුණ නොසිඳයේමැයි

අයම‍්පි බ්‍රාහ‍්මණො මුඛාරූළ‍්හවසෙන එකපසීදනවසෙන “ආසභ”න‍්ති වත‍්තබ‍්බෙ “උසභ”න‍්තිආදිමාහ. වරිතබ‍්බො පත්‍ථෙතබ‍්බොති වරො. අනෙකෙසු කප‍්පසතසහස‍්සෙසු කතවීරියත‍්තා වීරො. මහන‍්තං සීලක‍්ඛන්‍ධාදිකං එසති ගවෙසතීති මහෙසී, තං මහෙසිං බුද‍්ධං. විසෙසෙන කිලෙසඛන්‍ධමාරාදයො මාරෙ ජිතවාති විජිතාවී, තං විජිතාවිනං සම‍්බුද‍්ධං. සුවණ‍්ණස‍්ස වණ‍්ණො ඉව වණ‍්ණො යස‍්ස සම‍්බුද‍්ධස‍්ස සො සුවණ‍්ණවණ‍්ණො, තං සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං දිස‍්වා කො නාම සත‍්තො නප‍්පසීදතීති.

මේ බමුණාද මුවට නැගුණු පමණින් මෙයද සිද්ධි වශයෙන් ආසභං යනුවෙන් කියයුතු කල්හි උසභං යනුවෙන් කීවේය. අත්හළ යුත්තේ ප්‍රාර්ථනා කළ යුත්තේ වර නමි. නොයෙක් කල්ප සිය දහසක් කල්හි කරන ලද වීර්ය ඇත්තේනුයි වීර නමි. මහත්වූ ශීලස්කන්ධ ආදිය සොයනුයි ගවේෂණය කරනුයි මහේසී නමි. විශේෂයෙන් ක්ලේශ ස්කන්ධ මාර ආදී වූ මාරයන් දිනන ලද්දේනුයි ජිතවා නමි. ඒ විජිතාවී නම් වූ සම්බුදු රජාණන් වහන්සේ. රනෙහි වර්ණය වැනි වර්ණය යම් සම්බුදුවරයකුට ඇද්ද උන්වහ්නසේ සුවණ්ණවණ්ණ නමි. ඒ රන්වන් සම්බුදු රජාණන් වහන්සේ දැක කවරෙක් නම් නොපහදීද යනුයි.

පරප‍්පසාදකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පරප්පසාදක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

65. භිසදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

65. භිසදායක ථේර අපදාන වර්ණනාව

වෙස‍්සභූ නාම නාමෙනාතිආදිකං ආයස‍්මතො භිසදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො වෙස‍්සභුස‍්ස භගවතො කාලෙ හිමවන‍්තස‍්මිං හත්‍ථියොනියං නිබ‍්බත‍්තො තස‍්මිං පටිවසති. තස‍්මිං සමයෙ වෙස‍්සභූ භගවා විවෙකකාමො හිමවන‍්තමගමාසි. තං දිස‍්වා සො හත්‍ථිනාගො පසන‍්නමානසො භිසමුළාලං ගහෙත්‍වා භගවන‍්තං භොජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන හත්‍ථියොනිතො චුතො දෙවලොකෙ උප‍්පජ‍්ජිත්‍වා තත්‍ථ ඡ කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා මනුස‍්සත‍්තමාගතො මනුස‍්සෙසු චක‍්කවත‍්තිසම‍්පත‍්තිආදයො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ මහාභොගෙ අඤ‍්ඤතරස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො පුබ‍්බවාසනාබලෙන සත්‍ථරි පසන‍්නො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි, සො පුබ‍්බෙ කතකුසලනාමෙන භිසදායකත්‍ථෙරොති පාකටො.

වෙස්සභූ නාම නාමෙන යනාදි වහයෙන් ආයුෂ්මත් භිසදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවතෙහි ඇත් යෝනියක ඉපදී එහි වාසය කරයි. එසමයෙහි වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ විවේක කැමති සේක් හිමවතට පැමිණි සේක. උන්වහන්සේ දැක ඒ ඇත්රජ පහන් සිතැත්තේ නෙළුම් මුල් අල ගෙන භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. ඌ ඒ කුශල කර්මයෙන් ඇත් යෝනියෙන් චුතව දෙව්ලොව ඉපිද, එහි ෂට් කාමාවචර සම්පත් අනුභව කොට මිනිස් බවට පැමිණියේ මිනිසුන් අතර චක්‍රවර්ති සම්පත් ආදීන් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි මහා ධන ඇති එක්තරා කුලගෙයක උපන්නේය. පූර්ව වාසනා වශයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය. උන්වහන්සේ පෙර කළ පිනෙහි නමින් භිසදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූවාහු,

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා පුබ‍්බචරිතාපදානං දස‍්සෙන‍්තො වෙස‍්සභූ නාම නාමෙනාතිආදිමාහ. තත්‍ථ වෙස‍්සභූති වෙස‍්සං භුනාති අතික‍්කමතීති වෙස‍්සභූ. අථ වා වෙස‍්සෙ වාණිජකම‍්මෙ වා කාමරාගාදිකෙ වා කුසලාදිකම‍්මෙ වා වත්‍ථුකාමකිලෙසකාමෙ වා භුනාති අභිභවතීති වෙස‍්සභූ, සො නාමෙන වෙස‍්සභූ නාම භගවා. ඉසීනං තතියො අහූති කුසලධම‍්මෙ එසති ගවෙසතීති ඉසි, “විපස‍්සී, සිඛී, වෙස‍්සභූ”ති වුත‍්තත‍්තා තතියො ඉසි තතියො භගවා අහු අහොසීති අත්‍ථො. කානනං වනමොග‍්ගය‍්හාති කානනසඞ‍්ඛාතං වනං ඔගය‍්හ ඔගහෙත්‍වා පාවිසීති අත්‍ථො.

තමාගේ පූර්ව කර්මය සිහිකොට පූර්ව චරිතාපදානය දක්වන්නාහු වෙස්සභූනාම නාමෙන යනාදිය කීහ. එහි වෙස්සභූ යනු වෛශ්‍යයා ධුනාති ඉක්මවා යේනුයි වෙස්සභු. නැතහොත් වෛශ්‍යවාණිජ කර්මයෙහි හෝ කාමාරාගාදිය මෙන් කුසල් ආදි කර්මයෙහි හෝ වස්තු කාම ක්ලේශ කාමයන් මෙන් භුනාති අභිභවනය කෙරේනුයි වෙස්සභු උන්වහන්සේ නමින් වෙස්සභු නම් භාග්‍යවතුන් වහන්සේය. ඉසීනං තතියො අහු යනු කුශල කර්මයන් සොයන්නේනුයි ගවේෂණය කෙරේනුයි ඉසි නමි. විපස්සි සිඛි වෙස්සභු යැයි කියූ බැවින් තුන්වැනි ඉසි. තුන්වැනි භාග්‍යවතුන් වහන්සේ වූ සේක. කානනං වන මොගය්භා යනු කානන සංඛ්‍යාත වූ වනය ඔගාය්හ විසීය යන අර්ථයි.

භිසමුළාලං ගණ‍්හිත්‍වාති ද‍්විපදචතුප‍්පදානං ඡාතකං භිසති හිංසති විනාසෙතීති භිසං, කො සො? පදුමකන්‍දො, භිසඤ‍්ච මුළාලඤ‍්ච භිසමුළාලං, තං භිසමුළාලං ගහෙත්‍වාති අත්‍ථො.

භිසංමුලාළං ගණ්හිත්‍වා යනු පා දෙකක් ඇත්තවුන්ගේද පා සතරක් ඇත්තවුන්ගේද පිපාසය භිසති නසානුයි භිස නමි. නෙළුම් මුල භිසො මුලළො මුල් අල ද වෙයි. නෙළුම් අල ගෙනවුත් යන අර්ථයි. කරෙනව පරාමට්ඨො යනු ඒ මා විසින් දෙන ලද දානය. වෙස්සභු වරබුද්ධිනා උතුම් බුද්ධි ඇති වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විසින්.

කරෙන ච පරාමට‍්ඨොති තං මයා දින‍්නදානං, වෙස‍්සභූවරබුද‍්ධිනා උත‍්තමබුද‍්ධිනා වෙස‍්සභුනා කරෙන හත්‍ථතලෙන පරාමට‍්ඨො කතසම‍්ඵස‍්සො අහොසි. සුඛාහං නාභිජානාමි, සමං තෙන කුතොත‍්තරින‍්ති තෙන සුඛෙන සමං සුඛං නාභිජානාමි, තතො උත‍්තරිං තතො පරං තතො අධිකං සුඛං කුතොති අත්‍ථො. සෙසං නයානුසාරෙන සුවිඤ‍්ඤෙය්‍යන‍්ති.

කරෙන අත් තලයෙන් පරාමට්ඨො කරන ලද ස්පර්ශ ඇත්තේ විය. සුබාහං නාභිජානාමි සමං තෙන කුතුත්තරිං ඒ සැපයට සමාන සැපයක් නොදනිමි. එයට ඉහළ. එයින් අන්‍ය වූ එයට වැඩි සැපයක් කොයින්ද යන අර්ථයි. සෙස්ස නය අනුසාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.

භිසදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

භිසදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

66. සුචින‍්තිතත්‍ථෙරඅපදානවණ‍්ණනා

66. සුචින්තිත ථේර අපදාන වර්ණනාව

ගිරිදුග‍්ගචරො ආසින‍්තිආදිකං ආයස‍්මතො සුචින‍්තිතත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ හිමවන‍්තප‍්පදෙසෙ නෙසාදකුලෙ උප‍්පන‍්නො මිගසූකරාදයො වධිත්‍වා ඛාදන‍්තො විහරති. තදා ලොකනාථො ලොකානුග‍්ගහං සත‍්තානුද‍්දයතඤ‍්ච පටිච‍්ච හිමවන‍්තමගමාසි. තදා සො නෙසාදො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො අත‍්තනො ඛාදනත්‍ථාය ආනීතං වරමධුරමංසං අදාසි. පටිග‍්ගහෙසි භගවා තස‍්සානුකම‍්පාය, තං භුඤ‍්ජිත්‍වා අනුමොදනං වත්‍වා පක‍්කාමි. සො තෙනෙව පුඤ‍්ඤෙන තෙනෙව සොමනස‍්සෙන තතො චුතො සුගතීසු සංසරන‍්තො ඡ කාමාවචරසම‍්පත‍්තියො අනුභවිත්‍වා මනුස‍්සෙසු චක‍්කවත‍්තිසම‍්පත‍්තිආදයො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

ගිරිදුග්ගචරො ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් සුචින්ති තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත් පෙදෙසක වැදිකුලයෙක ඉපදී මුවන් ඌරන් ආදීන් මරා කමින් වාසය කරයි. එකල්හි ලෝකනාථයන් වහන්සේ ලෝකයාට අනුග්‍රහය ද, සත්ත්වයන්ට අනුග්‍රහය ද නිසා හිමවතට වැඩි සේක. එකල්හි ඒ වැද්දා පහන් සිතැත්තේ තමාට කෑම පිණිස ගෙන ආ උතුම් මධුර මාංශය භාග්‍යවතුන් වහන්සේට දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිළිගත් සේක. එය වළඳා අනුමෝදන් කොට ආපසු වැඩි සේක. ඔහු ඒ පිනින් ඒ සොම්නසින් එයින් චුතව සුගතිවල සැරිසරන්නේ ෂට් කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති සම්පත් ආදිය අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලෙකින්ම රහත් විය.

චතුපටිසම‍්භිදාපඤ‍්චාභිඤ‍්ඤාදිභෙදං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ගිරිදුග‍්ගචරො ආසින‍්තිආදිමාහ. ගිරති සද‍්දං කරොතීති ගිරි, කො සො? සිලාපංසුමයපබ‍්බතො, දුට‍්ඨු දුක‍්ඛෙන ගමනීයං දුග‍්ගං, ගිරීහි දුග‍්ගං ගිරිදුග‍්ගං, දුග‍්ගමොති අත්‍ථො. තස‍්මිං ගිරිදුග‍්ගෙ පබ‍්බතන‍්තරෙ චරො චරණසීලො ආසිං අහොසිං. අභිජාතොව කෙසරීති අභි විසෙසෙන ජාතො නිබ‍්බත‍්තො කෙසරීව කෙසරසීහො ඉව ගිරිදුග‍්ගස‍්මිං චරාමීති අත්‍ථො.

සිව්පිළිසිඹියා පස් අභිඥා ආදී භේදවලට පැමිණ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ගිරිදුග්ගචරො ආසිං යනාදිය කීය. කතා කෙරේනුයි ශබ්ද කෙරේනුයි ගිරි නමි. ඒ කුමක්ද? ගල් පස් පර්වතයයි. දුට්ඨ දුකසේ යා යුතු වූයේ දුග්ගං දුග්ග නමි. පර්වත නිසා දුර්ගය නැගීමට අපහසු වේ යන අර්ථයි. ඒ ගිරිදුර්ගයෙහි පර්වත අතරෙහි චරො හැසිරෙන සුලු. ආසිං වීමි. අභිජාතොව කෙසරී යනු විශ්වාසයෙන් ජාතො උපන්නේ කෙසරීව කේශර සිංහයකු මෙන් ගිරි දුර්ගයෙහි හැසිරෙමි.

ගිරිදුග‍්ගං පවිසිං අහන‍්ති අහං තදා තෙන මංසදානෙන පීතිසොමනස‍්සජාතො පබ‍්බතන‍්තරං පාවිසිං. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

ගිරිදුග්ගං පවිසහං යනු මම එකල්හි ඒ මුවමස් දානයෙන් හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ පර්වත අතරට පිවිසියෙමි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.

සුචින‍්තිතත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුචින්තිත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

67. වත්‍ථදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

67. වත්‍ථදායක ථේර අපදාන වර්ණනාව

පක‍්ඛිජාතො තදා ආසින‍්තිආදිකං ආයස‍්මතො වත්‍ථදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ සුපණ‍්ණයොනියං නිබ‍්බත‍්තො ගන්‍ධමාදනපබ‍්බතං ගච‍්ඡන‍්තං අත්‍ථදස‍්සිං භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො සුපණ‍්ණවණ‍්ණං විජහිත්‍වා මාණවකවණ‍්ණං නිම‍්මිනිත්‍වා මහග‍්ඝං දිබ‍්බවත්‍ථං ආදාය භගවන‍්තං පූජෙසි. සොපි භගවා පටිග‍්ගහෙත්‍වා අනුමොදනං වත්‍වා පක‍්කාමි. සො තෙනෙව සොමනස‍්සෙන වීතිනාමෙත්‍වා යාවතායුකං ඨත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තො තත්‍ථ අපරාපරං සංසරන‍්තො පුඤ‍්ඤානි අනුභවිත්‍වා තතො මනුස‍්සෙසු මනුස‍්සසම‍්පත‍්තින‍්ති සබ‍්බත්‍ථ මහග‍්ඝං වත්‍ථාභරණං ලද‍්ධං, තතො උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ වත්‍ථච‍්ඡායාය ගතගතට‍්ඨානෙ වසන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤප‍්පත‍්තඛීණාසවො අහොසි, පුබ‍්බෙ කතපුඤ‍්ඤනාමෙන වත්‍ථදායකත්‍ථෙරොති පාකටො.

පක්ඛිජාතො තදාආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් වත්‍ථදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නිවනට හේතුවන පින් රැස්කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගුරුළු යෝනියෙහි උපන්නේය. ගන්ධමාදන පර්වතයට වඩින්නා වූ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇතිව ගුරුළු ස්වරූපය හැර තරුණයකුගේ ස්වරූපය මවාගෙන මාහැඟි දිවසළුවක් ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. ඒ භාග්‍යවතුන් වහන්සේ ද පිළිගෙන අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ සොම්නසින් ම දවස් ගෙවා දිවි ඇති තෙක් සිට එයින් චුතව දෙව්ලොව උපන්නේ එහි වරින්වර සැරිසරන්නේ පින් අනුභවකොට එයින් මිනිසුන් අතර මනුෂ්‍ය සම්පත් ද යන සැමතැන මාහැඟි වස්ත්‍ර ආභරණද ලැබීය. ඉන්පසු උපනුපන් භවයෙහි වස්ත්‍ර සෙවනැල්ලෙහි ගිය ගිය තැන වසන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලෙකින්ම ෂට් අභිඥාවන්ට පැමිණි රහත් කෙනෙක් විය. පෙර කරන ලද පුණ්‍යකර්මයෙන් වත්‍ථදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පක‍්ඛිජාතො තදා ආසින‍්තිආදිමාහ. තත්‍ථ පක‍්ඛිජාතොති පක‍්ඛන්‍දති උපලවති සකුණො එතෙනාති පක‍්ඛං, පක‍්ඛමස‍්ස අත්‍ථීති පක‍්ඛී, පක‍්ඛියොනියං ජාතො නිබ‍්බත‍්තොති අත්‍ථො. සුපණ‍්ණොති සුන්‍දරං පණ‍්ණං පත‍්තං යස‍්ස සො සුපණ‍්ණො, වාතග‍්ගාහසුවණ‍්ණවණ‍්ණජලමානපත‍්තමහාභාරොති අත්‍ථො. ගරුළාධිපොති නාගෙ ගණ‍්හනත්‍ථාය ගරුං භාරං පාසාණං ගිළන‍්තීති ගරුළා, ගරුළානං අධිපො රාජාති ගරුළාධිපො, විරජං බුද‍්ධං අද‍්දසාහන‍්ති සම‍්බන්‍ධො.

උන්වහන්සේ තමාගේ පුණ්‍යකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පක්ඛිජාතො තදා ආසිං’ යනාදිය කීහ. එහි පක්ඛිජාතො යනු එයින් පනීනුයි. එයින් පාවේනුයි සකුන නමි. පියාපත් ‘පක්ඛමස්ස අත්‍ථීති’ ඔහුට පියාපත් ඇත්තේනුයි පක්ඛී නමි. පක්ඛිජාතො පක්ෂි යෝනියෙහි උපන්නේ යන අර්ථයි. සුපණ්ණො යනු සොඳුරු පියාපත් ඇත්තේ යමෙකුටද ඔහු සුපණ්ණ නමි. වාතය අල්ලා ගන්නා රන්වන් දිලිසෙන පියාපත් නමැති මහ බරක් ඇත්තේ යන අර්ථයි. ගරුළාධිපො යනු නයින් අල්ලා ගැනීම පිණිස ගරුං බර ගල් ගිලින්නෝනුයි ගරුළා. ගරුඬයන්ට අධිපති වූයේ රජ වූයේ ගරුළාධිපො නමි. විරාගී බුදුරජාණන් වහන්සේ මම දැක්කෙමි යන සම්බන්ධයි.

වත්‍ථදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

වත්‍ථදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

68. අම‍්බදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

68. අම්බදායක ථේර අපදාන වර්ණනාව

අනොමදස‍්සී භගවාතිආදිකං ආයස‍්මතො අම‍්බදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අනොමදස‍්සිස‍්ස භගවතො කාලෙ වානරයොනියං නිබ‍්බත‍්තො හිමවන‍්තෙ කපිරාජා හුත්‍වා පටිවසති. තස‍්මිං සමයෙ අනොමදස‍්සී භගවා තස‍්සානුකම‍්පාය හිමවන‍්තමගමාසි. අථ සො කපිරාජා භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො සුමධුරං අම‍්බඵලං ඛුද‍්දමධුනා අදාසි. අථ භගවා තස‍්ස පස‍්සන‍්තස‍්සෙව තං සබ‍්බං පරිභුඤ‍්ජිත්‍වා අනුමොදනං වත්‍වා පක‍්කාමි. අථ සො සොමනස‍්සසම‍්පන‍්නහදයො තෙනෙව පීතිසොමනස‍්සෙන යාවතායුකං ඨත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තො අපරාපරං තත්‍ථ දිබ‍්බසුඛමනුභවිත්‍වා මනුස‍්සෙසු ච මනුස‍්සසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව ඡළභිඤ‍්ඤප‍්පත‍්තො අහොසි. පුබ‍්බපුඤ‍්ඤනාමෙන අම‍්බදායකත්‍ථෙරොති පාකටො.

අනොමදස්සි භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් අම්බදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වඳුරු යෝනියෙහි ඉපිද හිමවතෙහි වඳුරු රජෙක්ව වාසය කරයි. එසමයෙහි අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. ඉක්බිති ඒ වඳුරු රාජයා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ සුමධුර වූ අඹ ඵලයක් පැණි ස්වල්පයක් සමග දුන්නේය. ඉක්බිති භාග්‍යවතුන් වහ්නසේ ඔහු බලා සිටියදීම ඒ සියල්ල වළඳා අනුමෝදනා කොට වැඩි සේක. ඉක්බිති ඔහු සොම්නසින් පිරුණු හදවතින් යුතුව එම ප්‍රීති සොම්නසින් දිවි ඇති තෙක් සිට එයින් චුතව දෙව්ලොව උපන්නේ වරින්වර එහි දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර මිනිස් සම්පත් ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයෙක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව නොබෝ කලෙකින්ම ෂට් අභිඥාවන්ට පැමිණියේ විය. පෙර පිනෙහි නමින් අම්බදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.

සො අපරභාගෙ අත‍්තනා කතකුසලබීජං දිස‍්වා සොමනස‍්සජාතො අත‍්තනො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අනොමදස‍්සී භගවාතිආදිමාහ. මෙත‍්තාය අඵරි ලොකෙ, අප‍්පමාණෙ නිරූපධීති සො භගවා සබ‍්බලොකෙ අප‍්පමාණෙ සත‍්තෙ “සුඛී හොන‍්තූ”තිආදිනා නිරුපධි උපධිවිරහිතං කත්‍වා මෙත‍්තාය මෙත‍්තචිත‍්තෙන අඵරි පත්‍ථරි වඩ‍්ඪෙසීති අත්‍ථො.

පසුකලෙක තමා විසින් කරන ලද කුශල බීජය දැක හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘අනොමදස්සි භගවා’ යනාදිය කීය. මෙත්තාය අඵරීලොකං අප්පමාණං නිරූපධී යනු ඒ භාග්‍යවතුන් වනහන්සේ සියලු ලොව අපමණ සත්ත්වයෝ සුවපත් වෙත්වායි ආදියෙන් නිරුපධී උපධි විරහිත කොට මෙත්තාය මෛත්‍රී සිත අඵරි පැතිරූ සේක. වර්ධනය කළ සේක යන අර්ථයි.

කපි අහං තදා ආසින‍්ති තදා තස‍්සාගමනකාලෙ කපිරාජා අහොසින‍්ති අත්‍ථො.

කපි අහං තදා ආසිං යනු එකල්හි උන්වහන්සේ වඩනා කල්හි මම වඳුරු රජෙක් වීමි යන අර්ථයි.

අම‍්බදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

අම්බදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

69. සුමනත්‍ථෙරඅපදානවණ‍්ණනා

69. සුමන ථේර අපදාන වර්ණනාව

සුමනො නාම නාමෙනාතිආදිකං ආයස‍්මතො සුමනත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ මාලාකාරස‍්ස කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධාජාතො භගවති පසන‍්නමානසො සුමනමාලාමුට‍්ඨියො ගහෙත්‍වා උභොහි හත්‍ථෙහි පූජෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු ද‍්වෙ සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය පුත‍්තදාරෙහි වඩ‍්ඪිත්‍වා සුමනනාමෙන පාකටො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහා අහොසි.

සුමනො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් සුමන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි මල්කරුවකුගේ කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පහන් සිතැත්තේ සමන් මල් මිටි ගෙන දෑතින්ම පූජා කළේය. හේ ඒ පුණ්‍ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව අඹුදරුවන් සමග වැඩී සුමන නමින් ප්‍රකට වූයේ ශාස්තෲන් කෙරෙහි පැහැදී පැවිදි වී නොබෝ කලකින්ම රහත් විය.

සො අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො අත‍්තනො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සුමනො නාම නාමෙනාතිආදිමාහ. සුන්‍දරං මනං චිත‍්තං යස‍්ස සො සුමනො. සද‍්ධාපසාදබහුමානෙන යුත‍්තො නාමෙන සුමනො නාම මාලාකාරො තදා අහං අහොසිං.

හේ රහත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ‘සුමනොනාම නාමෙන’ යනාදිය කීය. සොඳුරු වූ මනං සිතක් ඇත්තේ යමකුටද හේ සුමනො නමි. ශ්‍රද්ධා ප්‍රසාද බහුමානයෙන් යුතු වූයේ එදා නමින් සුමන නමි. මල්කරුවෙක් වීමි.

සිඛිනො ලොකබන්‍ධුනොති සිඛා මුද‍්ධා කාසතීති සිඛී. අථ වා සම‍්පයුත‍්තසම‍්පයොගෙ ඛාදති විද‍්ධංසෙතීති සිඛී, කා සා? අග‍්ගිසිඛා, අග‍්ගිසිඛා විය සිඛාය දිප‍්පනතො සිඛී. යථා අග‍්ගිසිඛා ජොතති පාකටා හොති, සිඛී පත‍්තතිණකට‍්ඨපලාසාදිකෙ දහති, එවමයම‍්පි භගවා නීලපීතාදිරංසීහි ජොතති සකලලොකසන‍්නිවාසෙ පාකටො හොති. සකසන‍්තානගතසබ‍්බකිලෙසෙ සොසෙති විද‍්ධංසෙති ඣාපෙතීති වොහාරනාමං නාමකම‍්මං නාමධෙය්‍යං, තස‍්ස සිඛිනො. සකලලොකස‍්ස බන්‍ධුඤාතකොති ලොකබන්‍ධු, තස‍්ස සිඛිනො ලොකබන්‍ධුනො භගවතො සුමනපුප‍්ඵං අභිරොපයිං පූජෙසින‍්ති අත්‍ථො.

සිඛිනො ලොකබන්‍ධුනො යනු සිඛා හිස බබලානුයි සිඛී නමි. නැතහොත් සම්ප්‍රයුක්ත සම්ප්‍රයෝගයෙහි කානුයි, විනාශ කෙරේනුයි සිඛී නමි. ඒ කවරක්ද? ගිනිසිළුවක් මෙන් හිස දිලෙන බැවින් සිඛී නමි. යම්සේ ගිනිසිළුවක් දිලේද ප්‍රකට වේද, පත්‍ර තණකබල් පරඬැල් ආදිය දහනය කෙරේද, එසේම මේ භාග්‍යවතුන් වහන්සේද නීල පීත ආදී රශ්මියෙන් බබලන සේක් ද, සියලු ලෝක සන්නිවාසයෙහි ප්‍රකට වන සේක්ද, ස්වකීය සන්තානගත වූ සියලු කෙලෙස් වියලවන සේක් ද, විනාශ වන සේක් ද, දවාලන සේක් දැයි ව්‍යවහාර නාම කර්මයක් නමක් යමකුට ඇත්ද ඒ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ, සියලු ලෝකයට බන්‍ධු ඥාතියෙක් වන සේක්නුයි ලොකබන්‍ධු නමි. ඒ සිඛී නම් ලෝකබන්‍ධු වූ භාග්‍යවතුන් වහන්සේට සමන් මලක් අභිරොපයිං පූජා කළෙමි යන අර්ථයි.

සුමනත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුමන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

70. පුප‍්ඵචඞ‍්කොටියත්‍ථෙරඅපදානවණ‍්ණනා

70. පුප්ඵචඞ්ගොටිය ථේර අපදාන වර්ණනාව

අභීතරූපං සීහං වාතිආදිකං ආයස‍්මතො පුප‍්ඵචඞ‍්කොටියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො මහාවිභවසම‍්පන‍්නො සත්‍ථරි පසීදිත්‍වා පසන‍්නාකාරං දස‍්සෙන‍්තො සුවණ‍්ණවණ‍්ණං අනොජපුප‍්ඵමොචිනිත්‍වා චඞ‍්කොටකං පූරෙත්‍වා භගවන‍්තං පූජෙත්‍වා “භගවා , ඉමස‍්ස නිස‍්සන්‍දෙන නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සුවණ‍්ණවණ‍්ණො පූජනීයො හුත්‍වා නිබ‍්බානං පාපුණෙය්‍ය”න‍්ති පත්‍ථනමකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු නිබ‍්බත‍්තො සබ‍්බත්‍ථ පූජිතො සුවණ‍්ණවණ‍්ණො අභිරූපො අහොසි. සො අපරභාගෙ ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා පබ‍්බජිතො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

අභීතරූපං සීහංවා යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵචංගොටිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. වැඩිවියට පත් ඔහු මහා ධනසම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැහැදුණු අයුරු පෙන්වන්නේ, රන්වන් කටුකරඬු මල් බහා වට්ටියක් පුරවා භාග්‍යවතුන් වහන්සේට පූජාකොට, මේ විපාකයෙන් උපනුපන් තැන රන්වන්ව පිදිය යුත්තේව නිවනට පැමිණෙන්නෙමි යි ප්‍රාර්ථනාවක් කළේය. හේ ඒ පිනෙන් දෙවි මිනිසුන් අතර උපන්නේ සියලු තන්හි පුදනු ලැබුවේ රන්වන්ව සුරූපී විය. හේ මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලගෙයක ඉපදී වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්විය.

සො පත‍්තඅරහත‍්තඵලො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අභීතරූපං සීහං වාතිආදිමාහ. තත්‍ථ සීහන‍්ති ද‍්විපදචතුප‍්පදාදයො සත‍්තෙ අභිභවති අජ‍්ඣොත්‍ථරතීති සීහො, අභීතරූපො අභීතසභාවො, තං අභීතරූපං සීහං ඉව නිසින‍්නං පූජෙසින‍්ති සම‍්බන්‍ධො. පක‍්ඛීනං අග‍්ගං ගරුළරාජං ඉව පවරං උත‍්තමං බ්‍යග‍්ඝරාජං ඉව අභි විසෙසෙන ජාතං සබ‍්බසීහානං විසෙසං කෙසරසීහං ඉව තිලොකස‍්ස සරණං සිඛිං සම‍්මාසම‍්බුද‍්ධං. කිං භූතං? අනෙජං නික‍්කිලෙසං ඛන්‍ධමාරාදීහි අපරාජිතං නිසින‍්නං සිඛින‍්ති සම‍්බන්‍ධො. මාරණානග‍්ගන‍්ති සබ‍්බකිලෙසානං මාරණෙ සොසනෙ විද‍්ධංසනෙ අග‍්ගං සෙට‍්ඨං කිලෙසෙ මාරෙන‍්තානං පච‍්චෙකබුද‍්ධබුද‍්ධසාවකානං විජ‍්ජමානානම‍්පි තෙසං අග‍්ගන‍්ති අත්‍ථො. භික‍්ඛුසඞ‍්ඝපුරක‍්ඛතං පරිවාරිතං පරිවාරෙත්‍වා නිසින‍්නං සිඛින‍්ති සම‍්බන්‍ධො.

උන්වහන්සේ පැමිණි අර්හත්ඵල ඇත්තාහු තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු අභීතරූපං සීහංව යනාදිය කීහ. එහි සීහං යනු දෙපා සිව්පා ආදී සත්ත්වයන් අභිභවනය කෙරේනුයි, යටපත් කෙරේනුයි සීහො. අභීතරූපො අභීත ස්වභාව ඇත්තේ, ඒ අභීත ස්වරූප ඇති සිංහයකු මෙන් වැඩහුන් බුදුරජාණන් වහන්සේ පිදුවෙමි යන සම්බන්ධයි. පක්‍ෂීන්ට අග්‍ර වූ කුරුලු රජකු මෙන් උතුම් වූ කේසර සිංහයකු මෙන් තුන්ලොවට සරණ වූ සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කවරෙක් වීද? අනෙජං නිකෙලෙස්. ස්කන්ධ මාරාදීන් විසින් අපරාජිතව වැඩහුන් සිඛී බුදුරජාණන් වහන්සේ යනු සම්බන්ධයි. සමණානග්ගං යනු සියලු කෙලෙසුන් නැසීමෙහි දැවීමෙහි අග්‍ර වූ, පසේබුදු බුදුසව්වන්ට අග්‍ර වූ යනු සම්බන්ධයි. භික්‍ෂු සංඝයා පෙරටුකොට පරිවාරිතං පිරිවරා වැඩහුන් සිඛී බුදුරජාණන් වහන්සේ යන සම්බන්ධයි.

චඞ‍්කොටකෙ ඨපෙත්‍වානාති උත‍්තමං අනොජපුප‍්ඵං කරණ‍්ඩකෙ පූරෙත්‍වා සිඛීසම‍්බුද‍්ධං සෙට‍්ඨං සමොකිරිං පූජෙසින‍්ති අත්‍ථො.

චඞ්ගොටකෙ ගහෙත්‍වාන යනු උතුම් වූ කටුකරඬුමළු කරඬුවක පුරවා ශ්‍රේෂ්ඨ වූ සිඛී සම්බුදු රජාණන් වහන්සේට සිමොකිරිං පූජාකෙළෙමි යන අර්ථයි.

පුප‍්ඵචඞ‍්කොටියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පුප්ඵචංගොටිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

සත‍්තමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

සත්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.