යෙදුමෙන් කියවන්න

64. පරප‍්පසාදකත්‍ථෙරාපදානං

64. පරප‍්පසාදකත්‍ථෙරාපදානං

64. පරප්පසාදක ස්ථවිරාවදානය

1368. උසභං පවරං වීරං මහෙසිං විජිතාවිනං, සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං කො දිස‍්වා නප‍්පසීදති.

1368. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂි වූ කෙලෙස්සතුරන් ජය ගන්නාසුලු වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජු දැක කවරෙක් (නම්) නො පහදී ද?

1369. හිමවා ‘වාපරිමෙය්‍යො සාගරො’ව දුරුත‍්තරො, තථෙව ඣානං බුද‍්ධස‍්ස කො දිස‍්වා නප‍්පසීදති.

1369. ප්‍රමාණ කළ නො හැකි හිමවත්පව්ව යම්සේ ද, තරණය කළ නො හැකි සාගරය යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ධ්‍යානය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් (නම්) නො පහදී ද?

1370. වසුධා යථා අප‍්පමෙය්‍යා චිත‍්තා වනවටංසකා, තථෙව සීලං බුද‍්ධස‍්ස කො දිස‍්වා නප‍්පසීදති.

1370. විසිතුරු වන අරම් නමැති මුදුන්මල්කඩ ඇති පොළොව යම් සේ ප්‍රමාණ නො කට හැකි ද, බුදුරජානන් වහන්සේගේ ශීලය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නො පහදී ද?

1371. අනිලජො’ව අසඞ‍්ඛොභො යථාකාසො අසඞ‍්ඛියො, තථෙව ඤාණං බුද‍්ධස‍්ස කො දිස‍්වා නප‍්පසීදති.

1371. නො කැලඹිය හැකි සයුර යම් සේ ද, පමණ කළ නො හැකි අහස යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ඤාණය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?

1372. ඉමාහි චතුගාථාහි බ්‍රාහ‍්මණො සෙනසව‍්හයො, බුද‍්ධසෙට‍්ඨං ථවිත්‍වාන සිද‍්ධත්‍ථං අපරාජිතං.

1372. සේන නම් වු බ්‍රාහ්මණ තෙමේ මේ සිවු ගයින් පස්මරුන් දිනූ සිද්ධත්‍ථ නම් වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තූති කොට -

1373. චතුනවුතිකප‍්පානි දුග‍්ගතිං නුපපජ‍්ජථ, සුගතීසු සුසම‍්පත‍්තිං අනුභොසි අනප‍්පකං.

1373. සිවු අනූ කපක් මුළුල්ලෙහි දුගතියක නූපන්නේ ය. සුගතීන්හි බොහෝ වූ මනා සම්පත් අනුභව කෙළේ ය.

1374. චතුනවුතෙ ඉතො කප‍්පෙ ථවිත්‍වා ලොකනායකං, දුග‍්ගතිං නාභිජානාමි ථොමනාය ඉදං ඵලං.

1374. මෙයින් සිවුඅනූවන කපෙහි ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ පසසා (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.

1375. චතුද‍්දසම‍්භි කප‍්පම‍්හි චතුරො ආසුමුග‍්ගතා සත‍්තරතනසම‍්පන‍්නා චක‍්කවත‍්තී මහබ‍්බලා.

1375. තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උග්ගත නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.

1376. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1376. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පරප‍්පසාදකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරප්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

පරප‍්පසාදකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

පරප්පසාදකස්ථවිරාවදානය සිවුවැනියි.