යෙදුමෙන් කියවන්න

65. භිසදායකත්‍ථෙරාපදානං

65. භිසදායකත්‍ථෙරාපදානං

65. භිසදායක ස්ථවිරාවදානය

1377. වෙස‍්සභූ නාම නාමෙන ඉසීනං තතියො අහු, කානනං වනමොගය‍්හ විහාසි පුරිසුත‍්තමො.

1377. (එක් කපක වූ) බුදුවරයන් අතුරෙහි තෙවැන්නෙක් නමින් වෙස්සභූ නම් විය. පුරුෂෝත්තම වූ ඒ බුදුරජ තෙම මහවනයට පිවිස එහි විසී ය.

1378. භිසං මුලාලං ගණ‍්හිත්‍වා අගමං බුද‍්ධසන‍්තිකං, තං ච බුද‍්ධස‍්ස පාදාසිං පසන‍්නො සෙහි පාණිහි.

1378. නෙළුඹල ද නෙළුඹුදඬු ද ගෙණ බුදුරජානන් වහන්සේගේ සමීපයට ගියෙමි. පහන් වූයෙම් සියසොඬින් එය බුදුරජානන් වහන්සේට පිදීමි.

1379. කරෙන ච පරාමට‍්ඨො වෙස‍්සභූවරබුද‍්ධිනා, සුඛාහං නාභිජානාමි සමං තෙන තතුත‍්තරිං.

1379. උතුම් නුවණැති වෙස්සභූ බුදුරජානන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රීහස්තයෙන් පරාමර්‍ශනය කරන (=පිරිමදින) ලද්දාවූ මම ඒ හා සමාන සැපයක් නො දනිමි. එයට වැඩි සැපයක් නම් කොයින් ද?

1380. චරිමො වත‍්තතෙ මය‍්හං භවා සබ‍්බෙ සමූහතා, හත්‍ථිනාගෙන සන‍්තෙන කුසලං රොපිතං මයා.

1380. සියලු භවයෝ නසන ලදහ. මාගේ මේ අන්තිම භවය වේ. එකල හස්තිරාජයකු වූ මා විසින් කුසල් බිජුවටක් රෝපණය කරනලදි.

1381. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භිසදානස‍්සිදං ඵලං.

1381. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹලදානයාගේ මේ විපාක ය යි.

1382. සමොධානා ච රාජානො සොළස මනුජාධිපා, කප‍්පම‍්හි තෙරසෙ ආසුං චක‍්කවත‍්තී මහබ‍්බලා.

1382. තෙළෙස්වන කපෙහි මහත් බල ඇති සමෝධාන නමින් මනුජාධිපති වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.

1383 පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1383. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා භිසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යි.

භිසදායකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

භිසදායකස්ථවිරාවදානය පස්වැනියි.