66. සුචින්තිතත්ථෙරාපදානං
66. සුචින්තිතත්ථෙරාපදානං
66. සුචින්තිත ස්ථවිරාවදානය
1384. ගිරිදුග්ගචරො ආසිං අභිජාතොව කෙසරී, මිගසංඝං වධිත්වාන ජීවාමි පබ්බතන්තරෙ.
1384. (මම) විශිෂ්ට ජන්ම ඇති කේශරසිංහ රාජයෙකු වැනි දුර්ගයන්හි හැසිරෙන නේසාදයෙක් (=වැද්දෙක්) වීමි. මෘග සමූහයා මරාගෙණ කඳු අතරෙහි ජීවත් වෙමි.
1385. අත්ථදස්සී තු භගවා සබ්බඤ්ඤූ වදතං වරො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි පබ්බතුත්තමං.
1385. සර්වඥ වූ වාදීවර වූ ඒ අත්ථදස්සී භාග්‍යවත්තෙම මා (පවින්) නගා සිටුවනු කැමැත්තේ උතුම් පර්වතයට වැඩියේය.
1386. පසදඤ්ච මිගං හන්ත්වා භක්ඛිතුං සමුපාගමිං, භගවා තම්හි සමයෙ භික්ඛමානො උපාගමි.
1386. පසදමෘගයකු (තිත්මුවකු) මරා අනුභව කිරීමට එළඹියෙමි. එසමයෙහි භාග්‍යවත් තෙමේ පිඬු සිඟමින් (එතැනට) වැඩියේය.
1387. වරමංසානි පග්ගය්හ අදාසිං තස්ස සත්ථුනො, අනුමොදි මහාවීරො නිබ්බාපෙන්තො මමං තදා.
1387. උතුම් මස්ගෙණ (මම) ඒ ශාස්තෲන් වහන්සේට දිනිමි. මහා වීර වූ බුදුරජානන් වහන්සේ එකල්හි සිත නිවමින් අනුමෝදනා කළසේක.
1388. තෙන චිත්තප්පසාදෙන ගිරිදුග්ගං පවීසහං, පීතිං උප්පාදයිත්වාන තත්ථ කාලකතො අහං.
1388. මම ඒ චිත්තප්රසාදයෙන් යුතු ව ගිරිදුර්ගයට පිවිසියෙමි. ප්‍රීතිය උපදවා එහි කලුරිය කෙළෙමි.
1389. එතෙන මංසදානෙන චිත්තස්ස පණිධීහි ච, පණ්ණරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිං අහං.
1389. මේ මස්දෙන හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් (=ප්රාර්ත්ථනාවන්) හේතු කොට ගෙණ ද, එක්දහස් පන්සිය කපක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
1390. අවසෙසෙසු කප්පෙසු කුසලං නිචිතං මයා, තෙනෙව මංසදානෙන බුද්ධානුස්සරණෙන ච.
1390-1391. අවශේෂ කල්පයන්හි ද මා විසින් කුසල් රැස් කරණ ලදි. එම මාංශදානයෙන් ද බුදුගුණ සිහි කිරීමෙන් ද, අටතිස්වන කපෙහි දීඝායු නම් වූ රජවරු අට දෙනෙක් වූහ. මෙයින් කල්ප සදහසකින් පෙර වරුණ නමින් රජවරු දෙදෙනෙක් වූහ.
1391. අට්ඨතිංසම්හි කප්පම්හි අට්ඨ දීඝායුනාමකා, සට්ඨිම්හි’තො කප්පසතෙ දුවෙ වරුණනාමකා.
1392 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1392. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
ඉත්ථං සුදං ආයස්මා සුචින්තිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුචින්තිතත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
සුචින්තිතස්ථවිරාවදානය සවැනියි.