යෙදුමෙන් කියවන්න

67. වත්‍ථදායකත්‍ථෙරාපදානං

67. වත්‍ථදායකත්‍ථෙරාපදානං

67. වත්‍ථදායක ස්ථවිරාවදානය

1393. පක‍්ඛිජාතො තදා ආසිං සුවණ‍්ණො ගරුළාධිපො, අද‍්දසං විරජං බුද‍්ධං ගච‍්ඡන‍්තං ගන්‍ධමාදනං.

1393. (මම) පක්‍ෂියෝනියෙහි උපන්නේ මනා පැහැ ඇති ගුරුළු රජෙක් වීමි. එකල්හි ගන්‍ධමාදන පර්‍වතයට වඩින්නා වූ බැහැර කළ කෙලෙස් රජස් ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.

1394. ජහිත්‍වා ගරුළං වණ‍්ණං මාණවකං අධාරයිං, එකං වත්‍ථං මයා දින‍්නං දිපදින්‍දස‍්ස තාදිනො.

1394. (දැක) ගුරුළු වෙස හැර මාණවක වෙසක් දැරීමි. තාදිගුණ ඇති ද්විපදෝත්තම බුදුරජානන් වහන්සේ ට මා විසින් එක් වස්ත්‍රයක් දෙනලදි.

1395. තඤ‍්ච දුස‍්සං පටිග‍්ගය‍්හ බුද‍්ධො ලොකග‍්ගනායකො, අන‍්තළික‍්ඛෙ ඨිතො සත්‍ථා ඉමං ගාථං අභාසථ:

1395. ලෝකයෙහි අසහාය නායක වූ ශාස්තෘ වූ බුදුරජ තෙම ඒ වස්ත්‍රය පිළිගෙන අහසෙහි සිටියේ මේ ගාථාව දෙසීය:

1396. “ඉමිනා වත්‍ථදානෙන චිත‍්තස‍්ස පණිධීහි ච, පහාය ගරුළං යොනිං දෙවලොකෙ රමිස‍්සති.”

1396. “මේ වස්ත්‍රදානය හේතු කොට ගෙන ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද ගුරුළු අත්බව හැර දෙව්ලොව සිත් අලවා වසන්නේය.”

1397. අත්‍ථදස‍්සී තු භගවා ලොකජෙට‍්ඨො නරාසභො, වත්‍ථදානං පසංසිත්‍වා පක‍්කාමි උත‍්තරාමුඛො.

1397. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ වස්ත්‍රදානය පසසා උතුරු දිගට මුහුණ ලා වැඩියේය.

1398. භවෙ තිබ‍්බත‍්තමානම‍්හි හොන‍්ති මෙ වත්‍ථසම‍්පදා, ආකාසෙ ඡදනං හොති වත්‍ථදානස‍්සිදං ඵලං.

1398. භවයෙහි උපදින කල්හි මට වස්තුසම්පත් (ඇති) වේ. අහසෙහි වියනත් ඇති වේ. වස්තුදානයාගේ මේ විපාකය යි.

1399. අරුණකා සත‍්ත ජනා චක‍්කවත‍්තී මහබ‍්බලා, ඡත‍්තිංසතිම‍්හි කප‍්පම‍්හි ආසිංසු මනුජාධිපා.

1399. සතිස්වන කපෙහි මනුෂ්‍යාධිපති වූ මහත් බල ඇති අරුණක නම ඇති සක්විති රජවරු සත්දෙනෙක් වූහ.

1400 පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1400. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා වත්‍ථදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් වත්‍ථදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

වත්‍ථදායකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

වත්‍ථදායකස්ථවිරාවදානය සත්වැනියි.