යෙදුමෙන් කියවන්න

68. අම‍්බදායකත්‍ථෙරාපදානං

68. අම‍්බදායකත්‍ථෙරාපදානං

68. අම්බදායක ස්ථවිරාවදානය

1401. අනොමදස‍්සී භගවා නිසින‍්නො පබ‍්බතන‍්තරෙ, මෙත‍්තාය අඵරී ලොකං අප‍්පමාණං නිරූපධි.

1401. හිමවත් පර්‍වතාන්තරයෙහි වැඩහුන් උපධිරහිත වූ අනෝමදස්සී බුදුරජතෙම අප්‍රමාණ වූ (සත්ත්‍ව) ලෝකයෙහි මෛත්‍රිය පැතිරවීය.

1402. කපි අහං තදා ආසිං හිමවන‍්තෙ නගුත‍්තමෙ, දිස‍්වා අනොමං අමිතං බුද‍්ධෙ චිත‍්තං පසාදයිං.

1402. එකල්හි මම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමක වූ අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක ඒ බුදුරදුන් කෙරෙහි සිත පැහැදවීමි.

1403. හිමවතන‍්තස‍්ස අවිදූරෙ අම‍්බාසුං ඵලිනො තදා, තතො පක‍්කං ගහෙත්‍වාන අම‍්බං සමධුකං අදං.

1403. එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් අඹරුක් වූහ. එයින් අඹගෙඩියක් මීවදයක් සහිතව බුදුරජානන් වහන්සේට දිනිමි.

1404. තම‍්මෙ බුද‍්ධො වියාකාසි අනොමදස‍්සී මහාමුනි, “ඉමිනා මධුදානෙන අම‍්බදානෙන චූභයං.

1404-1405. අනෝමදස්සී බුදුරජානන් වහන්සේ මට මෙසේ ප්‍රකාශ කළසේක: “මේ මීවද දානයෙන් ද අඹදානයෙන් ද යන දෙකින් මෙතෙම සත් පණස් කපක් මුළුල්ලෙහි දවේලොව සිත් අලවා වසන්නේ ය. සෙසු කල්පයන්හි (දිව්‍යමනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍රවශයෙන් සැරිසරන්නේ ය.

1405. සත‍්තපඤ‍්ඤාස කප‍්පානි දෙවලොකෙ රමිස‍්සති, අවසෙසෙසු කප‍්පෙසු වොකිණ‍්ණං සංසරිස‍්සති.

1406. ඛෙපෙත්‍වා පාපකං කම‍්මං පරිපක‍්කාය බුද‍්ධියා, විනිපාතමගන‍්ත්‍වාන කිලෙසෙ ඣාපයිස‍්සති.”

1406. පිරිපැසුනු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙලෙස් දවන්නේ ය.” (කියායි.)

1407. දමෙන උත‍්තමෙනාහං දමිතො’මබි මහෙසිනා, පත‍්තො’ම‍්භි අචලං ඨානං හිත්‍වා ජයපරාජයං.

1407. මම මහර්ෂීන් වහන්සේ විසින් උත්තම වූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙම්.

1408. සත‍්තසත‍්තතිකප‍්පසතෙ අම‍්බට‍්ඨජ සනාමකා, චතුද‍්දසා තෙ රාජානො චක‍්කවත‍්තී මහබ‍්බලා.

1408. සත්දහස්සත්සියවන කපෙහි මහත් බල ඇති අම්බට්ඨ නම් වූ ඒ තුදුස් සක්විති රජවරු වූහ.

1409. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1409. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අම‍්බදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

අම‍්බදායකත්‍ථෙරස‍්ස අපදානං අට‍්ඨමං.

අම්බදායකස්ථවිරාවදානය අටවැනියි.