69. සුමනත්‍ථෙරාපදානං
69. සුමනත්‍ථෙරාපදානං
69. සුමන ස්ථවිරාවදානය
1410. සුමනො නාම නාමෙන මාලාකාරො අහං තදා අද‍්දසං විරජං බුද‍්ධං ලොකාහුතිපටිග‍්ගහං
1410. මම එකල්හි නමින් සුමන නම් වූ මල්කරුවෙක් වීමි. (ඒ මම) කෙලෙස් රජස් රහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නෙහොත් පූජාවනට ගෙයක් වැනි වූ සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි.
1411. උභො හත්‍ථෙහි පග‍්ගය‍්හ සුමනං පුප‍්ඵමුත‍්තමං, බුද‍්ධස‍්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්‍ධුනො.
1411. දෝතින් උතුම් සමන් මල් ගෙණ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
1412. ඉමාය පුප‍්ඵපූජාය චෙතනාපණිධීහි ච, දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵපූජායිදං ඵලං.
1412. මේ මල්පූජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් (ප්‍රාර්‍ත්‍ථනාවන්) හේතු කොට ගෙණ ද දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1413. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵම‍්භිරොපයිං. දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵපූජායිදං ඵලං.
1413. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
1414. ඡබ‍්බීසතිම‍්හි කප‍්පම‍්හි චත‍්තාරොසුං මහායසා, සත‍්තරතනසම‍්පන‍්නා රාජානො චක‍්කවත‍්තිනො.
1414. සවිසිවන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.
1415. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.
1415. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සුමනො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
සුමනත්‍ථෙරස‍්ස අපදානං නවමං.
සුමනස්ථවිරාවදානය නවවැනියි.