70. පුප්ඵචඞ්ගොටියත්ථෙරාපදානං
70. පුප්ඵචඞ්ගොටියත්ථෙරාපදානං
70. පුප්ඵචඞ්ගොටිය ස්ථවිරාවදානය
1416. අභීතරූපං සීහංව අභිජාතංව කෙසරිං, ව්යග්ඝූසභංව පවරං ගරුළග්ගංව පක්ඛිනං.
1416. උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහරාජයකු මෙන් ද, උතුම් ව්‍යාඝ්‍රයෙකු මෙන් ද, පක්ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගුරුළකු මෙන් ද,
1417. සිඛිං තිලොකසරණං අනෙජං අපරාජිතං, නිසින්නං සමණානග්ගං භික්ඛුසංඝපුරක්ඛතං.
1417-1418. කෙලෙස් රහිත වූ පස්මරුන් දිනුවා වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්ෂුසංඝයා පිරිවරා හුන් තිලොවට පිළිසරණ වූ සිඛී බුදුරජානන් වහන්සේට උතුම් කටුකරඬු මල් ගොටුවක තබා ගොටුව ද සමග පිදීමි.
1418. වඞ්ගොටකෙ ඨපෙත්වාන අනොජං පුප්ඵමුත්තමං, සහ චඞ්ගොටකොනෙව බුද්ධසෙට්ඨං සමොකිරිං.
1419. තෙන චිත්තප්පසාදෙන දිපදින්දෙ නරාසභෙ පත්තො’ම්භි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
1419. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ජයපරාජය දෙක ම (හැර) නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
1420. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
1420. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක ය යි.
1421. සම්පුණ්ණෙ තිංසකප්පම්භි දෙවභූතිසනාමකා, සත්තරතනසම්පන්නො පඤ්චාසුං චක්කවත්තිනො.
1421. තිස්කපක් සම්පූර්ණ වූ කල්හි සත්රුවනින් යුත් දේවභූති නම් සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
1422. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1422. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
ඉත්ථං සුදං ආයස්මා පුප්ඵචඞ්ගොටියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵවඞ්ගොටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
පුප්ඵචඞ්ගොටියත්ථෙරස්ස අපදානං දසමං.
පුප්ඵචඞ්ගොටියස්ථවිරාවදානය දසවැනියි.
උද්දානං:
උද්දානය:
සකවින්තී අවොපුප්ඵි පච්චාභිගමනෙන ච පරප්පසාදී භිසදො සුචින්තී වත්ථදායකො අම්බදායී ච සුමනො පුප්ඵචඞ්ගොටියො’පි ච ගාථෙකසත්තතී වුත්තා ගණිතා අත්ථදස්සිහි.
සකචින්තිය ආවොපුපඵිය - පච්චාගමනීය ද, පරප්පවාදිය භිසදය - සුචින්තිය වත්ථදායකය, අම්බදායක සුමනය - පුප්ඵචඞ්ගොටිය දස ගී එක්සැත්තෑවකින් - පිඬුකොට මෙහි කියන ලදි.
සකවිත්තනියවග්ගො සත්තමො.
සකවින්තනියවර්ගය සත්වැනියි.