යෙදුමෙන් කියවන්න

71. නාගසමාලගත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

71. නාගසමාලගත්‍ථෙරාපදානං

71. නාගසමාල ස්ථවිරාවදානය

1423. ආපාටලිං අහං පුප‍්ඵං උච‍්චිතස‍්මිං මහාපථෙ, ඵූපම‍්භි අභිරොපෙසිං සිඛිනො ලොකබන්‍ධුනො.

1423. මම (නගරවාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා) නගරමැද වීථියෙහි (ගඩොල් ආදියෙන්) නිමවනලද සිඛී බුදුරජුන්ගේ ස්තූපයෙහි ආදර සහිතව පළොල්මලක් ගෙණ පිදීමි.

1424. එකතිංසෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ථූපපූජායිදං ඵලං.

1424. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.

1425. ඉතො පණ‍්ණරසෙ කප‍්පෙ භූමියො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1425. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භූමිය නම් සක්විති රජෙක් වීමි.

1426 පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1426. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා නාගසමාලො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

නාගසමාලත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

නාගසමාලස්ථවීරාවදානය පළමුවැනි යි.

72. පදසඤ‍්ඤකත්‍ථෙරාපදානං

72. පදසඤ්ඤක ස්ථවිරාවදානය

1427. අක‍්කන‍්තං ච පදං දිස‍්වා තිස‍්සස‍්සාදිච‍්චබන්‍ධුනො. හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන පාදෙ චිත‍්තං පසාදයිං.

1427. තිස්ස බුදුරජානන් වහන්සේගේ ඇක්මුනු පදලස් දැක සතුටු වූයේ සතුටු සිතින් ඒ ශ්‍රීපාදයෙහි සිත පැහැදවීමි.

1428. දෙවනවුතෙ ඉතො කප‍්පෙ යං සඤ‍්ඤමලභිං තදා, දුග‍්ගතිං නාභිජානාමි පදසඤ‍්ඤායිදං ඵලං.

1428. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි (ශ්‍රීපාදය පිළිබඳ) යම් සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදසංඥාවෙහි (සිරිපාසටහන් පිදීමෙහි) මේ විපාකය යි.

1429. ඉතො සත‍්තමකෙ කප‍්පෙ සුමෙධො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1429. මෙයින් සත්වන කපෙහි වූ සත්රුවනින් යුත් මහත් බලඇති සුමේධ නම් සක්විති රජෙක් වි ය.

1430 පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1430. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පදසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

පදසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

පදසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි.

73. බුද‍්ධසඤ‍්ඤකත්‍ථෙරාපදානං

73. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය

1431. දුමග‍්ගෙ පංසුකූලිකං ලග‍්ගං දිස‍්වාන සත්‍ථුනො, තතො තමඤ‍්ජලිං කත්‍වා පංසුකූලං අවන්‍දහං.

1431. ගසක් මුදුනෙහි ලැගුනු බුදුරජානන් වහන්සේගේ පවුල් සිවුර දැක ඉක්බිති එයට ඇඳිලි බැඳ මම ඒ පවුල්සිවුර වැන්දෙමි.

1432. ද‍්වෙ නවුතෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධසඤ‍්ඤායිදං ඵලං.

1432. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ය යන හැඟීමෙහි මේ විපාකයයි.

1433. ඉතො චතුත්‍ථකෙ කප‍්පෙ දුමසාරො’සි ඛත‍්තියො චාතුරන‍්තො විජිතාවී චක‍්කවත‍්තී මහබ‍්බලො.

1433. මෙයින් සිවුවැනි කපෙහි සිවුමහ සයුර කෙළවර කොට ඇති පොළවට අධිපති වූ සතුරුරජුන් ජයගත්තා වූ මහත් බලඇති දුමසාර නම් සක්විති රජෙක් වී ය. (=වීමි)

1434. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1434. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා බුද‍්ධසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

බුද‍්ධසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං තතියං.

බුද්ධසඤ්ඤකස්ථවිරාවදානය තෙවැනියි.

74. භිසාලුවදායකත්‍ථෙරාපදානං

74. භිසාලුවදායක ස්ථවිරාවදානය

1435. කානනං වනමොගය‍්හ වසාමි විපිනෙ අහං, විපස‍්සිං අද‍්දසං බුද‍්ධං ආහුතීනං පටිග‍්ගහං.

1435. මම මහවනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවට ගෙයක් වැනි වූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.

1436. භිසාලුවඤ‍්ච පාදාසිං උදකං හත්‍ථධොවනං, වන්‍දිත්‍වා සිරසා පාදෙ පක‍්කාමිං උත‍්තරාමුඛො.

1436. (උන්වහන්සේට) අත දෝනා දිය ද නෙළුඹල ද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්‍රීපාදයන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.

1437. එකනවුතෙ ඉතො කප‍්පෙ භිසාලුවමදං තදා, දුග‍්ගතිං නාභිජානාමි පුඤ‍්ඤාකම‍්මස‍්සිදං ඵලං.

1437. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි නෙළුඹල දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ ඒ පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.

1438. ඉතො තතියකෙ කප‍්පෙ භිසසම‍්මතඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1438. මෙයින් තෙවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය (=වීමි).

1439. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1439. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාන්න වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා භිසාලුවදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

භිසාලුවදායකත්‍ථෙරස‍්ස අපදානං චතුත්‍ථං.

භිසාලුවදායකස්ථවිරාවදානය සිවුවැනියි.

75. එකසඤ‍්ඤකත්‍ථෙරාපදානං

75. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය

1440. ඛණ‍්ඩො නාමාසි නාමෙන විපස‍්සිස‍්ස’ග‍්ගසාවකො, එකා භික‍්ඛා මයා දින‍්නා ලොකාහුතිපටිග‍්ගහෙ.

1440. විපස්සී බුදුරජානන් වහන්සේගේ නමින් ඛණ්ඩ නම් වූ අග්‍රශ්‍රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු (දක්‍ෂිණාර්‍හ) වූ උන්වහන්සේ කෙරෙහි මා විසින් එක භික්‍ෂාවක් දෙනලදී.

1441. තෙන චිත‍්තප‍්පසාදෙන දිපදින්‍දෙ නරාසභෙ, දුග‍්ගතිං නාභිජානාමි එකභික‍්ඛායිදං ඵලං.

1441. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි වූ ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. එක භික්‍ෂාවෙහි මේ විපාකය යි.

1442. චත‍්තාළීසෙ ඉතො කප‍්පෙ වරුණො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1442. මෙයින් සතළිස්වන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති වරුණ නම් සක්විති රජෙක් විය (=වීමි).

1443. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1443. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකසඤ‍්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.

එකසඤ‍්ඤකත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

ඒකසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනියි.