61. සකචින‍්තනියත්‍ථෙරාපදානං
61. සකචින‍්තනියත්‍ථෙරාපදානං
61. සකචින්තනිය ස්ථවිරාවදානය
1349. පවනං කානනං දිස‍්වා අප‍්පසදදමනාවිලං, ඉසීනං අනුචිණ‍්ණංව ආහුතීනං පටිග‍්ගහං.
1349-1350. ඍෂින් විසින් සෙවුනාලද ස්වල්ප වූ ශබ්ද ඇති කැලඹීම් රහිත මහවනයක් දැක දෙවිමිනිසුන්ගේ පූජාවන් පිළිගන්නා වූ බුදුරජානන් වහන්සේ උදෙසා වැලිසෑයක් කොට නොයෙක් මල් විසිරවීමි. නිර්මිත බුදුරදුන් ඉදිරියෙහි මෙන් මම ඒ සෑය වැන්දෙමි.
1350. ථූපං කත්‍වාන පුලිනං නානාපුප‍්ඵං සමොකිරිං. සම‍්මුඛා විය සම‍්බුද‍්ධං නිම‍්මිතං අභිවන්‍දහං.
1351. සත‍්තරතනසම‍්පන‍්නො රාජා රට‍්ඨම‍්හි ඉස‍්සරො, සකකම‍්මාභිරද‍්ධො’හං ථූපපූජායිදං ඵලං.
1351. ස්වකීය කර්‍මයෙන් සතුටු වූ මම (ඒ පිණින්) සත්රුවනින් යුක්ත ව රටෙහි අධිපති රජ වීමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1352. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵම‍්භිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි ථූපපූජායිදං ඵලං.
1352. මෙයින් එක්අනූවන කපෙහි (සෑයට) යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
1353. අසීතිකප‍්පෙ’නන‍්තයසො චක‍්කවත‍්තී අහොසහං, සත‍්තරතනසම‍්පන‍්නො චතුදීපම‍්හි ඉස‍්සරො.
1353. මම අසූවන කපෙහි සත්රුවනින් යුක්ත ව සිවුමහදිවයින්හි අධිපති වූ අනන්තයස නම් සක්විතිරජෙක් වීමි.
1354 පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.
1354. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සකවිත‍්තනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සකචින්තනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
සකවිත‍්තනියත්‍ථෙරස‍්ස අපදානං පඨමං.
සකචින්තනිය ස්ථවිරාවදානය පළමුවැනියි.
62. අවොපුප‍්ඵියත්‍ථෙරාපදානං.
62. අවොපුප්ඵිය ස්ථවිරාවදානය
1355. විහාරා අභිනික‍්ඛම‍්ම අබ‍්භුට‍්ඨහිය චඞ‍්කමෙ, චතුසච‍්චං පකාසෙන‍්තො දෙසෙති අමතං පදං.
1355. (සිඛී බුදු රජ තෙම) විහාරයෙන් නික්ම සක්මනෙහි සිට චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නේ අමෘතපදය (නිර්‍වාණධර්‍මය) දේශනා කරයි.
1356. සිඛිස‍්ස ගිරමඤ‍්ඤාය බුද‍්ධසෙට‍්ඨස‍්ස තාදිනො, නානාපුප‍්ඵං ගහෙත්‍වාන ආකාසම‍්හි සමොකිරිං.
1356. තාදීගුණ ඇති සිඛී නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හඬ අසා නොයෙක් මල් ගෙණවුත් අහසෙහි විසිරවීමි.
1357. තෙන කම‍්මෙන දිපදින්‍දෙ ලොකජෙට‍්ඨෙ නරාසභෙ පත‍්තො’ම‍්භි අචලං ඨානං හිත්‍වා ජයපරාජයං.
1357. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණලද එ ම කර්‍මය හේතු කොට ගෙණ ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
1358. එකතිංසෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි පුප‍්ඵපූජායිදං ඵලං.
1358. මෙයින් එක්තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, ඒ හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. මල් පූජාවේ මේ විපාකය යි.
1359. ඉතො වීසතිකප‍්පම‍්හි සුමෙධො නාම ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.
1359. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමේධ නම් සක්විතිරජෙක් වීමි.
1360 පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.
1360. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා අවොපුප‍්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවෙපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
අවොපුප‍්ඵියත්‍ථෙරස‍්ස අපදානං දුතියං.
අවොපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.