යෙදුමෙන් කියවන්න

6. බීජනිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

6. බීජනි වර්‍ගය

51. විධූපනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

51. විධූපනදායක ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිකං ආයස‍්මතො විධූපනදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමජිනවරෙසු පූරිතපුඤ‍්ඤසම‍්භාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො විභවසම‍්පන‍්නො සද‍්ධාජාතො භගවති පසන‍්නො ගිම‍්හකාලෙ සුවණ‍්ණරජතමුත‍්තාමණිමයං බීජනිං කාරෙත්‍වා භගවතො අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවෙසු ච මනුස‍්සෙසු ච සංසරන‍්තො ද‍්වෙ සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්ස අම‍්හාකං සම‍්මාසම‍්බුද‍්ධස‍්ස උප‍්පන‍්නකාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො ඝරබන්‍ධනෙන බන්‍ධිත්‍වා ඝරාවාසෙ ආදීනවං දිස‍්වා පබ‍්බජ‍්ජාය ච ආනිසංසං දිස‍්වා සද‍්ධාසම‍්පන‍්නො සාසනෙ පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

පදුමුත්තරස්ස බුද්ධස්ස ආදි වශයෙන් ආයුෂ්මත් විධූපනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි පුරන ලද පුණ්‍ය සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ධනසම්පත් ඇත්තේ හටගත් ශ්‍රද්ධා ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනේ ග්‍රීෂ්ම කාලයෙහි රන්රිදී මුතුමැණික් මුවා විජිනිපතක් කරවා භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. හේ එම පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපන්කල්හි එක් කුලගෙයක උපන්නේ ගෘහ බන්ධනයෙන් බැඳී ගිහිගෙයි ආදීනව ද පැවිද්දෙහි ආනිසංස ද දැක ශ්‍රද්ධා ඇත්තේ සසුනෙහි පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් විය.

සො “කෙන මයා පුඤ‍්ඤකම‍්මෙන අයං ලොකුත‍්තරසම‍්පත‍්ති ලද‍්ධා”ති අත‍්තනො පුබ‍්බකම‍්මං අනුස‍්සරන‍්තො තං පච‍්චක‍්ඛතො ඤත්‍වා පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. බීජනිකා මයා දින‍්නාති විසෙසෙන සන‍්තාපයන‍්තානං සත‍්තානං සන‍්තාපං නිබ‍්බාපෙන‍්ති සීතලං වාතං ජනෙතීති බීජනී, බීජනීයෙව බීජනිකා, සා සත‍්තරතනමයා විජ‍්ජොතමානා බීජනිකා මයා කාරාපෙත්‍වා දින‍්නාති අත්‍ථො.

“මා විසින් ඒ පුණ්‍යකර්මයෙන් මේ ලෝකෝත්තර සම්පත්තිය ලබන ලද්දේය”යි තමාගේ පූර්ව කර්මය සිහිකරන්නේ එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරස්ස බුද්ධස්ස යනාදිය කීය. එය යට කියන ලද පරිදි වේ. වීජනිකා මයා දින්නා යනු විශේෂයෙන් තාපයට පැමිණි සත්ත්වයන්ගේ උෂ්ණය නිබ්බාපෙති නිවයි. සීතල වාතය උපදවයිනුයි වීජනී නමි. වීජනී ම වීජනිකා නමි. සත්රුවන් මුවා විජිනිපත කරවා දෙන ලද්දේය යන අර්ථයි.

විධූපනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

විධූපනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

52. සතරංසිත්‍ථෙරඅපදානවණ‍්ණනා

52. සතරංසික ථේර අපදාන වර්ණනාව

උච‍්චියං සෙලමාරුය‍්හාතිආදිකං ආයස‍්මතො සතරංසිත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සක‍්කටබ්‍යාකරණෙ වෙදත‍්තයෙ ච පාරඞ‍්ගතො ඝරාවාසං පහාය අරඤ‍්ඤං පවිසිත්‍වා ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තෙ වාසං කප‍්පෙසි. තස‍්මිං සමයෙ පදුමුත‍්තරො භගවා විවෙකකාමතාය උච‍්චං එකං පබ‍්බතං ආරුය‍්හ ජලිතග‍්ගික‍්ඛන‍්තො විය නිසීදි. තං තථානිසින‍්නං භගවන‍්තං දිස‍්වා තාපසො සොමනස‍්සජාතො අඤ‍්ජලිං පග‍්ගය‍්හ අනෙකෙහි කාරණෙහි ථොමෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන තතො චුතො ඡසු කාමාවචරදෙවෙසු දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා තතො මනුස‍්සලොකෙ සතරංසී නාම චක‍්කවත‍්තී රාජා හුත්‍වා නිබ‍්බත‍්ති. තම‍්පි සම‍්පත‍්තිං අනෙකක‍්ඛත‍්තුං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො පුබ‍්බපුඤ‍්ඤසම‍්භාරවසෙන ඤාණස‍්ස පරිපක‍්කත‍්තා සත‍්තවස‍්සිකොව පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි.

උච්චියං සෙලමාරුය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් සතරංසික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි උපන්නේ දැනමිති බවට පත්වූයේ සංස්කෘත ව්‍යාකරණයෙහිද ත්‍රිවේදයෙහිද පරතෙරට ගියේ ගිහිගෙයි වාසය හැර අරණ්‍යයට පිවිස සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව හිමවතෙහි වාසය කළේය. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ විවේකය කැමති බැවින් එක් උස් පර්වතයකට නැග දැල්වෙන ගිනිකඳක් මෙන් වැඩහුන් සේක. එසේ වැඩහුන් ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තාපසයා හටගත් සොම්නස් ඇත්තේ ඇඳිලි බැඳ නොයෙක් කරුණින් ස්තුති කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් එයින් චුතවූයේ කාමාවචර දේවලෝක සයෙහි දිව්‍ය සම්පත් අනුභව කොට එයින් මනුෂ්‍ය ලෝකයෙහි සතරංසි නම් සක්විති රජව උපන්නේ ය. ඒ සම්පත්තියද නොයෙක්වර අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ පුණ්‍ය සම්භාර වශයෙන් ඥානය මුහුකුරා ගිය බැවින් සත්හැවිරිදි වියෙහිම පැවිදිව රහත් විය.

සො “අහං කෙන කම‍්මෙන සත‍්තවස‍්සිකොව සන‍්තිපදං අනුප‍්පත‍්තොස‍්මී”ති සරමානො පුබ‍්බකම‍්මං ඤාණෙන පච‍්චක‍්ඛතො දිස‍්වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං උදානවසෙන පකාසෙන‍්තො උච‍්චියං සෙලමාරුය‍්හාතිආදිමාහ. තත්‍ථ උච‍්චියන‍්ති උච‍්චං සෙලමයං පබ‍්බතං ආරුය‍්හ නිසීදි පදුමුත‍්තරොති සම‍්බන්‍ධො. පබ‍්බතස‍්සාවිදූරම‍්හීති භගවතො නිසින‍්නස‍්ස පබ‍්බතස‍්ස ආසන‍්නට‍්ඨානෙති අත්‍ථො. බ්‍රාහ‍්මණො මන‍්තපාරගූති මන‍්තසඞ‍්ඛාතස‍්ස වෙදත‍්තයස‍්ස පාරං පරියොසානං කොටිං ගතො එකො බ්‍රාහ‍්මණොති අත්‍ථො, අඤ‍්ඤං විය අත‍්තානං නිද‍්දිසති අයං මන‍්තපාරගූති. උපවිට‍්ඨං මහාවීරන‍්ති තස‍්මිං පබ‍්බතෙ නිසින‍්නං වීරවන‍්තං ජිනං, කිං විසිට‍්ඨං? දෙවදෙවං සකලඡකාමාවචරබ්‍රහ‍්මදෙවානං අතිදෙවං නරාසභං නරානං ආසතං සෙට‍්ඨං ලොකනායකං සකලසත‍්තලොකං නයන‍්තං නිබ‍්බානං පාපෙන‍්තං අහං අඤ‍්ජලිං දසනඛසමොධානඤ‍්ජලිපුටං සිරසි මුද‍්ධනි පග‍්ගහෙත්‍වාන පතිට‍්ඨපෙත්‍වා සන්‍ථවිං සුට‍්ඨුං ථොමෙසින‍්ති සම‍්බන්‍ධො.

උන්වහන්සේ මම කිනම් කර්මයකින් සත්හැවිරිදි වියෙහිදීම නිර්වාණයට පැමිණියේ වෙම්දැයි සිහි කරන්නාහු පූර්ව කර්මය ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය උදාන වශයෙන් ප්‍රකාශ කරන්නාහු උච්චියං සෙලමාරුය්හ යනාදිය කීහ. එහි උච්චියං යනු උස සෙල්මුවා පර්වතයට නැග පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩහුන් සේක යනු සම්බන්ධයි. පබ්බතස්සාවිදුරම්හි යනු භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් පර්වතයට ආසන්න ස්ථානයෙහි යන අර්ථයි. බ්‍රාහ්මණො මන්තපොරගු යනු මන්ත්‍ර සංඛ්‍යාත තුන්වේදයෙහි පාරං අවසානයට, කෙළවරට ගිය එක් බ්‍රාහ්මණයෙක් යන අර්ථයි. අනිකකු මෙන් තමා නිර්දේශ කරයිද මොහු මන්තපාරගු නමි. උපවිට්ඨංමහාවීරං යනු එම පර්වතයෙහි වැඩහුන් වීරවත් වූ විශිෂ්ට වූ බුදුරජාණන් වහන්සේ දෙවදෙවං සියලු කාමාවචර බ්‍රහ්මයන්ට හා දෙවියන්ට උතුම් දෙවි වූ නරාසභං නරයන්ට ආසහං ශ්‍රේෂ්ඨ වූ. ලොකනායකං සියලු සත්වලෝකය ගෙනයන්නා වූ නිවනට පමුණුවන්නා වූ, මම අඤ්ජලිං දසනිය එක්කර තැනූ ඇඳිලිය. සිරසි මුදුනෙහි පග්ගහෙත්‍වාන පිහිටුවා. සත්‍ථවිං මනාසේ ස්තුති කෙළෙමි යන සම්බන්ධයි.

අභාසථාති “යෙනායං අඤ‍්ජලී දින‍්නො…පෙ… අරහා සො භවිස‍්සතී”ති බ්‍යාකාසි. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

අභාසථ යනු ‘යම්හෙයකින් මොහු ඈඳිලි දුන්නේ -පෙ- ඔහු රහත් වන්නේය’යයි ප්‍රකාශ කළ සේක. සෙස්ස කී පරිදි ම වෙයි.

සතරංසිත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සතරංසික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

53. සයනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

53. ශයනදායක ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිකං ආයස‍්මතො සයනදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා සුඛමනුභවන‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා සත්‍ථරි පසන‍්නො දන‍්තසුවණ‍්ණරජතමුත‍්තමණිමයං මහාරහං මඤ‍්චං කාරාපෙත්‍වා චීනපට‍්ටකම‍්බලාදීනි අත්‍ථරිත්‍වා සයනත්‍ථාය භගවතො අදාසි. භගවා තස‍්ස අනුග‍්ගහං කරොන‍්තො තත්‍ථ සයි . සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො තදනුරූපං ආකාසගමනසුඛසෙය්‍යාදිසුඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පාපුණිත්‍වා සත්‍ථු ධම‍්මදෙසනං සුත්‍වා පසන‍්නමානසො පබ‍්බජිත්‍වා විපස‍්සන‍්තො නචිරස‍්සෙව අරහා අහොසි.

පදුමුත්තරබුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා සැප අනුභව කරමින් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ඇත්දත් රන්රිදී මුතුමැණික් මුවා මාහැඟි ඇඳක් කරවා චීනපට කම්බිලි ආදිය අතුරා සැතපෙනු පිණිස භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ කරන්නාහු එහි සැතපුණු සේක. ඔහු එම පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ ඊට අනුරූප වූ අහස් ගමන් සැප සයන ආදී සැප අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පැමිණි ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් වූ සිතැත්තේ පැවිදිව විදර්ශනා වඩන්නේ නොබෝ කලකින්ම රහත් විය.

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව.

උන්වහන්සේ තමාගේ පූර්වකර්මය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය යට කී අර්ථ ඇත්තේ ම ය.

සුඛෙත‍්තෙ බීජසම‍්පදාති යථා තිණකචවරරහිතෙ කද‍්දමාදිසම‍්පන‍්නෙ සුඛෙත‍්තෙ වුත‍්තබීජානි සාදුඵලානි නිප‍්ඵාදෙන‍්ති, එවමෙව රාගදොසාදිදියඩ‍්ඪසහස‍්සකිලෙසසඞ‍්ඛාතතිණකචවරරහිතෙ සුද‍්ධසන‍්තානෙ පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ වුත‍්තදානානි අප‍්පානිපි සමානානි මහප‍්ඵලානි හොන‍්තීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

සුඛෙත්තෙ බීජ සම්පදා යනු යම්සේ තණ කැලිකසල නැති මඩ ආදිය යුතු මනා වූ කෙතෙහි වපුළ බිජුවට යහපත් පල නිපදවයිද, එසේම රාග දෝස ආදී එක්දහස් පන්සියයක් වූ කෙලෙස් නම් වූ තණ කැලිකසල රහිත සුද්ධ වූ සන්තානයෙහි, පින්කෙතෙහි වපුළ දන් අල්ප වුව ද මහත්ඵල වන්නේයයි අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

සයනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සයනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

54. ගන්‍ධොදකියත්‍ථෙරඅපදානවණ‍්ණනා

54. ගන්‍ධොදකිය ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිකං ආයස‍්මතො ගන්‍ධොදකියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමමුනිවරෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො පරිනිබ‍්බුතෙ භගවති නගරවාසිනො බොධිපූජං කුරුමානෙ දිස‍්වා විචිත‍්තඝටෙ චන්‍දනකප‍්පුරාගරුආදිමිස‍්සකසුගන්‍ධොදකෙන පූරෙත්‍වා බොධිරුක‍්ඛං අභිසිඤ‍්චි. තස‍්මිං ඛණෙ දෙවො මහාධාරාහි පවස‍්සි. තදා සො අසනිවෙගෙන කාලං කතො. තෙනෙව පුඤ‍්ඤකම‍්මෙන දෙවලොකෙ නිබ‍්බත‍්ති, තත්‍ථෙව ඨිතො “අහො බුද‍්ධො, අහො ධම‍්මො”තිආදිගාථායො අභාසි. එවං සො දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තියො අනුභවිත්‍වා සබ‍්බපරිළාහවිප‍්පමුත‍්තො නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සීතිභාවමුපගතො සුඛිතො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පසන‍්නො පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ආරභිත්‍වා විපස‍්සන‍්තො නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි. පුබ‍්බෙ කතපුඤ‍්ඤෙන ගන්‍ධොදකියත්‍ථෙරොති පාකටො අහොසි.

පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ගන්‍ධොදකිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර මුනිවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි නුවරවැසියන් පූජා පවත්වනු දැක විසිතුරු කරන ලද කළයක් සඳුන් කපුරු අගිල් ආදියෙන් මිශ්‍ර සුවඳ ජලයෙන් පුරවා බෝරුක නැහැවීය. එකෙණෙහි මහවැසි වැස්සේය. එදා ඔහු හෙණ පහරින් කලුරිය කළේ එයින්ම දෙව්ලොව උපන්නේ ය. එහිම සිට ‘අහො බුද්ධො අහො ධම්මො’ යනාදි ගාථා කීයේය. මෙසේ ඔහු දෙවි මිනිසුන් අතර සම්පත් අනුභව කොට සියලු උපද්‍රව්‍යයන්ගෙන් මිදුණේ උපනුපන් තැන සිහිල්බවට පැමිණියේ සැපවත් වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ කමටහන් අරඹා විදසුන් වඩන්නේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය. පෙර කරන ලද පිනෙහි නමින් ගන්‍ධොදකීය තෙරුන් වහන්සේයයි ප්‍රකට වීය.

සො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුතරස‍්සාතිආදිමාහ. තං වුත‍්තත්‍ථමෙව. මහාබොධිමහො අහූති මහාබොධිරුක‍්ඛස‍්ස පූජා අහොසීති අත්‍ථො. විචිත‍්තං ඝටමාදායාති අනෙකෙහි චිත‍්තකම‍්මසුවණ‍්ණකම‍්මෙහි විචිත‍්තං සොභමානං ගන්‍ධොදකපුණ‍්ණං ඝටං ගහෙත්‍වාති අත්‍ථො . ගන්‍ධොදකමදාසහන‍්ති ගන්‍ධොදකං අදාසිං, අහං ගන්‍ධොදකෙන අභිසිඤ‍්චින‍්ති අත්‍ථො.

උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු ඒ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස ආදිය කීහ. එය කියන ලද අර්ථ ඇත්තේ ම ය. මහාබෝධි මහෝ අහු යනු මහබෝරුකට පූජාවක් විය යන අර්ථයි. විචිත්තං ඝටමාදාය යනු නොයෙක් සිත්තම් රන්කම් වලින් විචිත්තං සෝභමාන වූ සුවඳපැනින් පිරුණු කළය ගෙන යන අර්ථයි. ගන්‍ධොදකමදාසහං යනු සුවඳපැන් දුන්නෙමි. මම සුවඳපැනින් නැහැවූයෙමි යන අර්ථයි.

න‍්හානකාලෙ ච බොධියාති බොධියා පූජාකරණසමයෙති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

නහාය කාලෙව බෝධියා බෝධීන් වහන්සේට පූජාකරන අවස්ථාවෙහිම යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

ගන්‍ධොදකියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ගන්‍ධොදකිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

55. ඔපවය‍්හත්‍ථෙරඅපදානවණ‍්ණනා

55. ඕපවය්හ ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිකං ආයස‍්මතො ඔපවය‍්හත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරජිනාදිච‍්චෙ ලොකෙ පාතුභූතෙ එකස‍්මිං විභවසම‍්පන‍්නකුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය මහද‍්ධනො මහාභොගො ඝරාවාසං වසමානො සාසනෙ පසන‍්නො සත්‍ථරි පසාදබහුමානො ආජානීයෙන සින්‍ධවෙන පූජං අකාසි, පූජෙත්‍වා ච පන “බුද‍්ධාදීනං සමණානං හත්‍ථිඅස‍්සාදයො න කප‍්පන‍්ති, කප‍්පියභණ‍්ඩං දස‍්සාමී”ති චින‍්තෙත්‍වා තං අග‍්ඝාපෙත්‍වා තදග‍්ඝනකෙන කහාපණෙන කප‍්පියං කප‍්පාසිකකම‍්බලකොජවාදිකං චීවරං කප‍්පූරතක‍්කොලාදිකං භෙසජ‍්ජපරික‍්ඛාරඤ‍්ච අදාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන යාවතායුකං ඨත්‍වා තතො චුතො දෙවෙසු ච මනුස‍්සෙසු ච හත්‍ථිඅස‍්සාදිඅනෙකවාහනසම‍්පන‍්නො සුඛං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සද‍්ධාසම‍්පන‍්නො සාසනෙ පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා මග‍්ගපටිපාටියා අරහත‍්තෙ පතිට‍්ඨාසි, පුබ‍්බෙ කතපුඤ‍්ඤසම‍්භාරවසෙන ඔපවය‍්හත්‍ථෙරොති පාකටො අහොසි.

පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ඔපවුය්හ තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නමැති සූර්යයා ලොව පහළවූ කල්හි එක් ධනසම්පත් ඇති කුලයක උපන්නේ දැනමිති බවට පත් ව මහාධන ඇත්තේ මහභෝග සම්පත් ඇත්තේ ගිහිගෙයි වසමින් සසුනෙහි පැහැදුණේ ශාස්තෲන් කෙරෙහි පහන් බුහුමන් ඇත්තේ ආජානීය සෛන්ධව අශ්වයකු පූජා කළේය. එසේ පුදා බුද්ධාදී ශ්‍රමණයන්ට ඇත් අසුන් ආදී දේ නො කැපය. කැප බඩුවක් දෙමියි සිතා එය මිලකරවා එම අගය ඇති කහවණුවලින් කපු පිළි සිවුරු ද, කම්බිලි හා පළස් ද, කපුරු, කපුකිනිස්ස ආදීකොට ඇති බෙහෙත් පිරිකර ද දුන්නේය. ඔහු ඒ පුණ්‍ය කර්මයෙන් දිවි ඇතිතෙක් සිට එයින් චුතවූයේ දෙවියන් අතර ද මිනිසුන් අතරද ඇත් අස් ආදී නොයෙක් වාහනයන් ඇතිව සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ, දැනමිති බවට පත්වූයේ, සැදැහැ ඇත්තේ, සසුනෙහි පැවිදිව කමටහන් ගෙන විදසුන් වඩා මාර්ග පිළිවෙලින් රහත් බවෙහි පිහිටියේය. පෙර කරන ලද පුණ්‍ය සම්භාර වශයෙන් ඔපවුය්හ තෙරුන්වහන්සේ යයි ප්‍රකට විය.

සො “කෙන නු ඛො කාරණෙන ඉදං මයා සන‍්තිපදං අධිගත”න‍්ති උපධාරෙන‍්තො පුබ‍්බකම‍්මං ඤාණෙන පච‍්චක‍්ඛතො ඤත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං උදානවසෙන පකාසෙන‍්තො පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිමාහ. තං වුත‍්තත්‍ථමෙව. ආජානීයමදාසහන‍්ති ආජානීයං උත‍්තමජාතිසින්‍ධවං අහං අදාසිං පූජෙසින‍්ති අත්‍ථො.

උන්වහන්සේ කිනම් කරුණකින් මා විසින් මේ නිවන්පදය අවබෝධ කරන ලද්දේ’දැයි සලකා බලන්නාහු පූර්වකර්මය ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය උදාන වශයෙන් ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය කියන ලද පරිදි ම ය. ආජානීයමදාසහං යනු උතුම් වූ ජාති සෛන්ධවයකු මම අදාසිං පූජා කෙළෙමි යන අර්ථයි.

සපත‍්තභාරොති සස‍්ස අත‍්තනො පත‍්තානි අට‍්ඨ පරික‍්ඛාරානි භාරානි යස‍්ස සො සපත‍්තභාරො, අට‍්ඨපරික‍්ඛාරයුත‍්තොති අත්‍ථො.

සපත්තභාරො යනු තමාට පැමිණි අටපිරිකර බර ඇත්තේ යමකුටද හේ සපත්තභාර නමි. අටපිරිකරින් යුතු යන අර්ථයි.

ඛමනීයමදාසහන‍්ති ඛමනීයයොග‍්ගං චීවරාදිකප‍්පියපරික‍්ඛාරන‍්ති අත්‍ථො.

ඛමනීයමදාසහං යනු ඛමනීයං යෝග්‍ය වූ සිවුරු ආදී කැප පිරිකර යන අර්ථයි.

චරිමොති පරියොසානො කොටිප‍්පත‍්තො භවොති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

චරිමො යනු අවසාන කෙළවරට පැමිණි භවය’ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

ඔපවය‍්හත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ඔපවුය්හ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

56. සපරිවාරාසනත්‍ථෙරඅපදානවණ‍්ණනා

56. සපරිවාරාසන ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිකං ආයස‍්මතො සපරිවාරාසනත්‍ථෙරස‍්ස අපදානං. සොපි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සද‍්ධාජාතො සාසනෙ පසන‍්නො දානඵලං සද‍්දහන‍්තො නානග‍්ගරසභොජනෙන භගවතො පිණ‍්ඩපාතං අදාසි, දත්‍වා ච පන භොජනසාලායං භොජනත්‍ථාය නිසින‍්නාසනං ජාතිසුමනමල‍්ලිකාදීහි අලඞ‍්කරි. භගවා ච භත‍්තානුමොදනමකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අනෙකවිධං සම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධො පසන‍්නො පබ‍්බජිත්‍වා න චිරස‍්සෙව අරහා අහොසි.

පදුමුත්තර බුද්ධස්ස යනාදි වහයෙන් ආයුෂ්මත් සපරිවාරාසන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයන්හි තැනින්තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධන සම්පත් ඇතිකුලයක උපන්නේ වැඩිවිය පත් වූයේ සැදැහැ ඇත්තේ සසුනෙහි පැහැදුණේ දානඵලය අදහන්නේ නොයෙක් අග්‍රරස භෝජනයෙන් භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය දුන්නේ ය. දීද වනාහි බොජුන් හලෙහි බොජුන් පිණිස වැඩහුන් අසුන දෑසමන් ආදී මලින් අලංකාර කළේය. භාග්‍යවතුන් වහන්සේ ද භුක්තානුමෝදනාව කළ සේක. හෙතෙමේ ඒ පුණ්‍යකර්මයෙහි දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නානාවිධ සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.

සො එවං පත‍්තසන‍්තිපදො “කෙන නු ඛො පුඤ‍්ඤෙන ඉදං සන‍්තිපදං අනුප‍්පත‍්ත”න‍්ති ඤාණෙන උපධාරෙන‍්තො පුබ‍්බකම‍්මං දිස‍්වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිමාහ. තං වුත‍්තත්‍ථමෙව. පිණ‍්ඩපාතං අදාසහන‍්ති තත්‍ථ තත්‍ථ ලද‍්ධානං පිණ‍්ඩානං කබළං කබළං කත්‍වා පාතබ‍්බතො ඛාදිතබ‍්බතො ආහාරො පිණ‍්ඩපාතො, තං පිණ‍්ඩපාතං භගවතො අදාසිං, භගවන‍්තං භොජෙසින‍්ති අත්‍ථො.

උන්වහන්සේ මෙසේ පැමිණි ශාන්තිපද ඇත්තේ ‘කවරනම් පිනකින් මේ ශාන්තිපදයට පැමිණියෙම්දැ’යි ඥානයෙන් සලකා බලන්නාහු පූර්ව කර්මය දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය කියන ලද අර්ථ ඇත්තේ ම ය. පිණ්ඩපාතමදාසහං යනු ඒ ඒ තැන පිඬු ගුළි ගුළිකොට පිය යුතු බැවින් කෑයුතු බැවින් ආහාරො පිණ්ඩපාතය. ඒ පිණ්ඩපාතය භාග්‍යවතුන් වහන්සේට දුනිමි. භාග්‍යවතුන් වහන්සේ වැළඳවූයෙමි යන අර්ථයි.

අකිත‍්තයි පිණ‍්ඩපාතන‍්ති මයා දින‍්නපිණ‍්ඩපාතස‍්ස ගුණං ආනිසංසං පකාසෙසීති අත්‍ථො.

අකිත්තයි පිණ්ඩපාතං යනු මා විසින් දෙන ලද පිණ්ඩපාතයෙහි ගුණං ආනිසංස ප්‍රකාශ කළ සේක යන අර්ථයි.

සංවුතො පාතිමොක‍්ඛස‍්මින‍්ති පාතිමොක‍්ඛසංවරසීලෙන සංවුතො පිහිතො පටිච‍්ඡන‍්නොති අත්‍ථො. ඉන්‍ද්‍රියෙසු ච පඤ‍්චසූති චක‍්ඛුන්‍ද්‍රියාදීසු පඤ‍්චසු ඉන්‍ද්‍රියෙසු රූපාදීහි ගොපිතො ඉන්‍ද්‍රියසංවරසීලඤ‍්ච ගොපිතොති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

සංවුතො පාතිමොක්ඛස්මිං යනු ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සීල සංවෘත වූයේ පිහිතො වැසුණේ යන අර්ථයි. ඉන්‍ද්‍රියෙසුච පඤ්චසු චක්‍ෂු ඉන්‍ද්‍රිය ආදී පසිඳුරන්හි රූප ආදියෙන් ගොපිතො ඉන්ද්‍රිය සංවර සීලය ද පාලනය කරන ලද්දේ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.

සපරිවාරාසනත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සපරිවාරාසන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

57. පඤ‍්චදීපකත්‍ථෙරඅපදානවණ‍්ණනා

57. පඤ්චදීපක ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිකං ආයස‍්මතො පඤ‍්චදීපකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො උප‍්පන‍්නුප‍්පන‍්නභවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය ඝරාවාසෙ වසන‍්තො භගවතො ධම‍්මං සුත්‍වා සම‍්මාදිට‍්ඨියං පතිට‍්ඨිතො සද‍්ධො පසන‍්නො මහාජනෙහි බොධිපූජං කයිරමානං දිස‍්වා සයම‍්පි බොධිං පරිවාරෙත්‍වා දීපං ජාලෙත්‍වා පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො චක‍්කවත‍්තිසම‍්පත‍්තිආදයො අනුභවිත්‍වා සබ‍්බත්‍ථෙව උප‍්පන‍්නභවෙ ජලමානො ජොතිසම‍්පන‍්නවිමානාදීසු වසිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං විභවසම‍්පන‍්නෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි, දීපපූජානිස‍්සන්‍දෙන දීපකත්‍ථෙරොති පාකටො.

පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් දීපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයන්හි පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ගිහිගෙයි වසන්නේ ධර්මය අසා සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටියේ සැදැහැ ඇත්තේ පහන් වූයේ මහජනයා බෝධිපූජා කරනු දැක බෝධිය වටා පහන් දල්වා බෝධියට පූජා කළේය. හේ ඒ පුණ්‍ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ චක්‍රවර්ති සම්පත් ආදිය අනුභවකොට උපන් සෑම භවයන්හිම බබලමින් ජෝතිමත් විමාන ආදියෙහි වැස, මේ බුද්ධෝත්පාද කාලෙයහි එක් ධනසම්පත් ඇති කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ උපන් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. පහන් පූජාවේ පිනින් දීපක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,

සො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිමාහ. තං වුත‍්තත්‍ථමෙව. උජුදිට‍්ඨි අහොසහන‍්ති වඞ‍්කං මිච‍්ඡාදිට‍්ඨිං ඡඩ‍්ඩෙත්‍වා උජු අවඞ‍්කං නිබ‍්බානාභිමුඛං පාපුණනසම‍්මාදිට‍්ඨි අහොසින‍්ති අත්‍ථො.

උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්ව කර්මය සිහිකොට උපන් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය කියන ලද අර්ථ ඇත්තේ ම ය. උජුදිට්ඨි අහොසහං යනු වංකවූ මිථ්‍යා දෘෂ්ටිය හැරදමා සෘජු වූ අවංක වූ නිර්වාණ අභිමුඛයට පමුණුවන සම්‍යක් දෘෂ්ටි ඇත්තේ වීමි යන අර්ථයි.

පදීපදානං පාදාසින‍්ති එත්‍ථ පකාරෙන දිබ‍්බති ජොතතීති පදීපො, තස‍්ස දානං පදීපදානං, තං අදාසිං පදීපපූජං අකාසින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

පදීපදානං පාදාසිං යනු මේ මැනවින් දැල්වෙයි. දිලෙයි යනු පදීප නම් වේ. ඒ දානය ප්‍රදීප දානයයි. අදාසිං ප්‍රදීප පූජාවක් කෙළෙමි යන අර්ථයි. සෙස්ස සැමතැන නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

පඤ‍්චදීපකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

දීපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

58. ධජදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

58. ධ්වජදායක ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිකං ආයස‍්මතො ධජදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සත්‍ථරි පසීදිත්‍වා සුන්‍දරෙහි අනෙකෙහි වත්‍ථෙහි ධජං කාරාපෙත්‍වා ධජපූජං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන උප‍්පන‍්නුප‍්පන‍්නභවෙ උච‍්චකුලෙ නිබ‍්බත‍්තො පූජනියො අහොසි. අපරභාගෙ ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය පුත‍්තදාරෙහි වඩ‍්ඪිත්‍වා මහාභොගො යසවා සද‍්ධාජාතො සත්‍ථරි පසන‍්නො ඝරාවාසං පහාය පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ධජදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද සුන්දර වූ නොයෙක් වස්ත්‍රයන්ගෙන් කොඩි කරවා ධ්වජ පූජාවක් කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් උපනුපන් භවයන්හි උසස් කුලවලම උපන්නේ පූජා ලැබිය යුතු කෙනෙක් වූයේය. පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව අඹුදරුවන් සමග වැඩී මහාභෝග ඇත්තේ යසස් ඇත්තේ උපන් සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ගිහිගෙය අතහැර පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.

සො පත‍්තඅරහත‍්තඵලො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො අත‍්තනො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිමාහ. තස‍්සත්‍ථො පුබ‍්බෙ වුත‍්තොයෙව. හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙනාති සොමනස‍්සසහගතචිත‍්තයුත‍්තත‍්තා හට‍්ඨො පරිපුණ‍්ණරූපකායො සද‍්ධාසම‍්පයුත‍්තචිත‍්තතාය හට‍්ඨෙන චිත‍්තෙන සන‍්තුට‍්ඨෙන චිත‍්තෙනාති අත්‍ථො. ධජමාරොපයිං අහන‍්ති ධුනාති කම‍්පති චලතීති ධජං, තං ධජං ආරොපයිං වෙළග‍්ගෙ ලග‍්ගෙත්‍වා පූජෙසින‍්ති අත්‍ථො.

උන්වහන්සේ පැමිණි අර්හත්ඵල ඇත්තාහු පූර්වකර්මය සිහිකොට උපන් සොම්නස් ඇත්තාහු තමාගේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එහි අර්ථය පෙර කියන ලද්දේ ම ය. හට්ඨො හට්ඨෙන චිත්තෙන යනු සොම්නස් සහගත සිත් ඇති බැවින් සතුටු වූයේ පිරිපුන් රූපකාය ඇත්තේ, ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත සිත් ඇති බැවින් හට්ඨෙන චිත්තෙන සතුටු වූ සිතින් යන අර්ථයි. ධජමාරොපයිං අහං යනු සෙලවෙතියි. කම්පනය වෙතියි. සැලෙතියි ධජනම් වේ. එම ධජය ආරොපයිං උණගසෙක අග බැඳ පූජාකෙළෙමි යන අර්ථයි.

පතිතපත‍්තානි ගණ‍්හිත්‍වාති පතිතානි බොධිපත‍්තානි ගහෙත්‍වා අහං බහි ඡඩ‍්ඩෙසින‍්ති අත්‍ථො. අන‍්තොසුද‍්ධං බහිසුද‍්ධන‍්ති අන‍්තො චිත‍්තසන‍්තානනාමකායතො ච බහි චක‍්ඛුසොතාදිරූපකායතො ච සුද‍්ධිං අධි විසෙසෙන මුත‍්තං කිලෙසතො විමුත‍්තං අනාසවං සම‍්බුද‍්ධං විය සම‍්මුඛා උත‍්තමං බොධිං අවන්‍දිං පණාමමකාසින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සත පත්තානි ගණහිත්‍වා යනු වැටුණු බෝකොළ සියයක් ගෙන මම පිටතට විසිකෙළෙමි යන අර්ථයි. අන්තො සුද්ධං බහිසුද්ධං යනු අන්තො චිත්ත සන්තානය නමැති කයින්ද, බහි චක්ඛුසෝත ආදී රූප කායෙන්ද සුද්ධං අතිශයින් මුදුණු, කිලෙසතො විමුත්තං කෙළෙසුන්ගෙන් මිදුණු, ආශ්‍රව රහිත වූ සම්බුදුන් වහන්සේ හමුවෙහි මනේ බෝධිය අවන්‍දිං වැන්දෙමි. යන අර්ථයි. සෙස්ස සියලු තැන කියන ලද අර්ථ ඇත්තේ ම ය.

ධජදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ධජදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

59. පදුමත්‍ථෙරඅපදානවණ‍්ණනා

59. පද්ම ථේර අපදාන වර්ණනාව

චතුසච‍්චං පකාසෙන‍්තොතිආදිකං ආයස‍්මතො පදුමත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතකුසලසම‍්භාරො පදුමුත‍්තරමුනිනා ධම‍්මපජ‍්ජොතෙ ජොතමානෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා භොගසම‍්පන‍්නොති පාකටො. සො සත්‍ථරි පසීදිත්‍වා මහාජනෙන සද‍්ධිං ධම‍්මං සුණන‍්තො ධජෙන සහ පදුමකලාපං ගහෙත්‍වා අට‍්ඨාසි, සධජං තං පදුමකලාපං ආකාසමුක‍්ඛිපිං, තං අච‍්ඡරියං දිස‍්වා අතිවිය සොමනස‍්සජාතො අහොසි. සො යාවජීවං කුසලං කත්‍වා ජීවිතපරියොසානෙ සග‍්ගෙ නිබ‍්බත‍්තො ධජමිව ඡකාමාවචරෙ පාකටො පූජිතො ච දිබ‍්බසම‍්පත‍්තිමනුභවිත්‍වා මනුස‍්සෙසු ච චක‍්කවත‍්තිසම‍්පත‍්තිමනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ විභවසම‍්පන‍්නෙ සද‍්ධාසම‍්පන‍්නෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය සද‍්ධාජාතො පඤ‍්චවස‍්සිකොව පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා හුත්‍වා කතපුඤ‍්ඤනාමෙන පදුමත්‍ථෙරොති පාකටො.

චතුසච්චං පකාසෙන්තො යනාදි වශයෙන් ආයුෂ්මත් පදුම තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ පදුමුත්තර මුනීන්ද්‍රයන් වහන්සේ විසින් දහම් පහන දල්වනු ලබන කල්හි, එක් කුලගෙයක උපන්නේ ගෘහවාසයෙහි පිහිටා භෝග සම්පත් ඇත්තේයයි ප්‍රකට විය. හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද මහජනයා සමග ධර්මය අසන්නේ මහජනයා සමග නෙළුම්මල් කලඹක් ගෙන ඒ නෙළුම්මල් කලඹ අහසට දැමීය. ඒ අසිරිය දැක අතිශයින් හටගත් සොම්නස් ඇත්තේ විය. හේ දිවි ඇති තාක් කුසල්කොට දිවි කෙළවර ස්වර්ගයෙහි උපන්නේ ධජයක් මෙන් කාමාවචර සයෙහි ප්‍රකට වූයේ, පූජිත වූයේ දිව්‍ය සම්පත් අනුභවකොට මනුෂ්‍යයන් අතරෙහි ද චක්‍රවර්ති සම්පත් අනුභවකොට, මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති ශ්‍රද්ධා සම්පන්න එක් කුලගෙයක ඉපදී හටගත් සැදැහැ ඇත්තේ වයස අවුරුදු පහේදීම පැවිදිව නොබෝ කලකින්ම රහත්වී, කරන ලද පිනෙහි නමින් පදුම තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.

අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො චතුසච‍්චං පකාසෙන‍්තොතිආදිමාහ. තත්‍ථ සච‍්චන‍්ති තථං අවිතථං අවිපරීතං සච‍්චං, දුක‍්ඛසමුදයනිරොධමග‍්ගවසෙන චත‍්තාරි සච‍්චානි සමාහටානීති චතුසච‍්චං, තං චතුසච‍්චං පකාසෙන‍්තො ලොකෙ පාකටං කරොන‍්තොති අත්‍ථො. වරධම‍්මප‍්පවත‍්තකොති උත‍්තමධම‍්මප‍්පවත‍්තකො පකාසකොති අත්‍ථො. අමතං වුට‍්ඨින‍්ති අමතමහානිබ‍්බානවුට‍්ඨිධාරං පවස‍්සන‍්තො පග‍්ඝරන‍්තො සදෙවකං ලොකං තෙමෙන‍්තො සබ‍්බකිලෙසපරිළාහං නිබ‍්බාපෙන‍්තො ධම‍්මවස‍්සං වස‍්සතීති අත්‍ථො.

තමාගේ පුණ්‍ය කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේන චතුසච්චං පකාසෙන්තො යනාදිය කීය. එහි සච්චං යනු සත්‍ය වූ අසත්‍ය නොවූ විපරීත නොවූ හෙයින් ඇත්ත නම් වේ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග වශයෙන් සතර සත්‍යයන් එක්තැන් චතුරාර්ය සත්‍යය චතුසච්චං. පකාසෙන්නො ලොවෙහි ප්‍රකට කරන්නේ යන අර්ථයි. වරධම්ම වස්සිතකො යනු උත්තම වූ දහම් වැසි වස්වන්නේ, ප්‍රකාශ කරන්නේ, යන අර්ථයි. අමතවුට්ඨි යනු අමෘත මහා නිර්වාණ නමැති වැසිදහර වස්වන්නේ, ගලා යවන්නේ, දෙවියන් සහිත ලෝවැස්සන් තෙමමින් තෙමෙන්තො සියලු කෙළෙස් දාහය නිවාලන්නේ ධර්ම නැමැති වර්ෂාව වස්වයි යන අර්ථයි.

සධජං පදුමං ගය‍්හාති ධජෙන සහ එකතො කත්‍වා පදුමං පදුමකලාපං ගහෙත්‍වාති අත්‍ථො. අඩ‍්ඪකොසෙ ඨිතො අහන‍්ති උභො උක‍්ඛිපිත්‍වා ඨිතො අහන‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

සධජං පදුමං ගය්හ යනු ධ්වජය සමග එක්කොට පදුමං නෙළුම් මල් කලඹ රැගෙන යන අර්ථයි. අඩ්ඪකොසෙඨිතො අහං යනු දෙකම ඔසවා සිටි මම යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

පදුමත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පදුම තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

60. අසනබොධියත්‍ථෙරඅපදානවණ‍්ණනා

60. අසනබෝධිය ථේර අපදාන වර්ණනාව

ජාතියා සත‍්තවස‍්සොහන‍්තිආදිකං ආයස‍්මතො අසනබොධියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො තිස‍්සස‍්ස භගවතො කාලෙ අඤ‍්ඤතරස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සුඛප‍්පත‍්තො සාසනෙ පසන‍්නො අසනබොධිතො ඵලං ගහෙත්‍වා තතො වුට‍්ඨිතබොධිතරුණෙ ගහෙත්‍වා බොධිං රොපෙසි, යථා න විනස‍්සති තථා උදකාසිඤ‍්චනාදිකම‍්මෙන රක‍්ඛිත්‍වා පූජෙසි. සො තෙන පුඤ‍්ඤෙන දෙවමනුස‍්සෙසු සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො පරිපක‍්කසම‍්භාරත‍්තා සත‍්තවස‍්සිකොව සමානො පබ‍්බජිත්‍වා ඛුරග‍්ගෙයෙව අරහත‍්තං පාපුණි, පුරාකතපුඤ‍්ඤනාමෙන අසනබොධියත්‍ථෙරොති පාකටො.

ජාතියා සත්තවස්සොහං යනාදි වශයෙන් ආයුෂ්මත් අසනබෝධිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ තිසස් භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපදී වැඩිවිය පත්ව සුවපත්ව සසුනෙහි පැහැදී පියා නම් බෝ රුකෙන් ඵලයක්ද අසනබෝධියෙන්ගෙන ඒ බෝධියෙන් පහලට වැටෙන මුල්ද ගෙන, බෝධියක් රෝපණය කළේය. එය යම්සේ විනාශ නොවේද එසේ ජලය ඉසීම් ආදී කාර්යයෙන් රැක පූජා කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ අවශ්‍ය කරුණු මුහුකුරා ගිය බැවින් සත්වැනි වයස්හිම පැවිදිව, හිස මුඩු කරද්දීම රහත් බවට පත්විය. පෙර කරන ලද පිනෙහි නමින් අසනබෝධිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,

සො පුබ‍්බසම‍්භාරමනුස‍්සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ජාතියා සත‍්තවස‍්සොහන‍්තිආදිමාහ. තත්‍ථ ජාතියාති මාතුගබ‍්භතො නික‍්ඛන‍්තකාලතො පට‍්ඨායාති අත්‍ථො. සත‍්තවස‍්සො පරිපුණ‍්ණසරදො අහං ලොකනායකං තිස‍්සං භගවන‍්තං අද‍්දසන‍්ති සම‍්බන්‍ධො. පසන‍්නචිත‍්තො සුමනොති පකාරෙන පසන‍්නඅනාලුළිතඅවිකම‍්පිතචිත‍්තො, සුමනො සුන්‍දරමනො සොමනස‍්සසහගතචිත‍්තොති අත්‍ථො.

පුණ්‍ය සම්භාරය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ජාති සත්තවස්සොහං යනාදිය කීය. එහි ජාතියා යනු මව්කුසින් උපන්කල්හි පටන් යන අර්ථයි. සත්වස් වූයේ පිරිපුන් සම්පත්අ ැත්තේ මම ලෝකනායක වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේ දුටුවෙමි යනු සම්බන්ධයි. පසන්නචිත්තො සුමනො යනු ප්‍රසන්න නොසැලුණු කම්පා නොවූ සිත් ඇත්තේ සුමනො සොඳුරු මනස් ඇත්තේ සොම්නස් සහගත සිත් ඇත්තේ යන අර්ථයි.

තිස‍්සස‍්සාහං භගවතොති තික‍්ඛත‍්තුං ජාතොති තිස‍්සො, සො මාතුගබ‍්භතො, මනුස‍්සජාතිතො, පඤ‍්චක‍්ඛන්‍ධතො ච මුත‍්තො හුත්‍වා ජාතො නිබ‍්බත‍්තො බුද‍්ධො ජාතොති අත්‍ථො. තස‍්ස තිස‍්සස‍්ස භගවතො තාදිනො, ලොකජෙට‍්ඨස‍්ස අසනබොධිං උත‍්තමං රොපයින‍්ති සම‍්බන්‍ධො.

තිස්සස්සාහං භගවතො යනු “තෙවරක් උපන් හෙතෙම මාතුගබ්භතො මනුෂ්‍ය ජාතියෙන් පඤ්චස්කන්ධයෙන් මිදී ජාතො උපන්නේ. බුදුවූයේ යන අර්ථයි.” ඒ තාදී ගුණ ඇති ලෝකයට ජ්‍යෙෂ්ඨ උත්තම වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ අසනබෝධිය රෝපණය කෙළෙමි යන සම්බන්ධයි.

අසනො නාමධෙය්‍යෙනාති නාමපඤ‍්ඤත‍්තියා නාමසඤ‍්ඤාය අසනො නාම අසනරුක‍්ඛො බොධි අහොසීති අත්‍ථො. ධරණීරුහපාදපොති වල‍්ලිරුක‍්ඛපබ‍්බතගඞ‍්ගාසාගරාදයො ධාරෙතීති ධරණී, කා සා? පථවී, තස‍්සං රුහති පතිට‍්ඨහතීති ධරණීරුහො, පාදෙන පිවතීති පාදපො, පාදසඞ‍්ඛාතෙන මූලෙන සිඤ‍්චිතොදකං පිවති ආපොරසං සිනෙහං ධාරෙතීති අත්‍ථො. ධරණීරුහො ච සො පාදපො චාති ධරණීරුහපාදපො, තං උත‍්තමං අසනං බොධිං පඤ‍්ච වස‍්සානි පරිචරිං පොසෙසින‍්ති අත්‍ථො.

අසනො නාමධෙය්‍යෙන යනු නාම ප්‍රඥප්තියෙන් නාම සංඥාවෙන් අසනොනාම අසන නම් බෝධියක් විය යන අර්ථයි. ධරණීරුහපාදපො යනු ගස්-වැල් පර්වත ගංගා සාගර ආදීන් දරානුයි ධරණී නමි. ඒ කවරක්ද? පෘථිවියයි. එහි රුහති පිහිටා සිටීනුයි ධරණීරුහ නමි. පාදයෙන් පානය කෙරේනුයි පාදප නමි. පාද සංඛයාත වූ මුලින් ඉසින ලද ජලය පානය කරයි. ආපොරසං තෙතමනය දරානුයි අර්ථයි. ධරණීරුහ වූයේද පාදප වූයේද එය ධරණීරුහපාදප නමි. ඒ උතුම් වූ අසනබෝධිය පස්වසක් පරිචරිං පෝෂණය කෙළෙමි යන අර්ථයි.

පුප‍්ඵිතං පාදපං දිස‍්වාති තං මයා පොසිතං අසනබොධිරුක‍්ඛං පුප‍්ඵිතං අච‍්ඡරයොග‍්ගභූතපුප‍්ඵත‍්තා අබ‍්භුතං ලොමහංසකරණං දිස‍්වා සකං කම‍්මං අත‍්තනො කම‍්මං පකිත‍්තෙන‍්තො පකාරෙන කථයන‍්තො බුද‍්ධසෙට‍්ඨස‍්ස සන‍්තිකං අගමාසින‍්ති අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

පුප්ඵිතං පාදපං දිස්වා යනු ඒ මා විසින් පෝෂණය කරනු ලැබූ අසනබෝධි වෘක්‍ෂය මල් පිපී ආශ්චර්ය අද්භූතව රෝමෝද්ගමනය කරනු දැක සකං කම්මං තමාගේ කර්මය පකිත්තෙන්තො මනාව කියමින් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ළඟට ගියෙමි යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේමය.

අසනබොධියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

අසනබොධිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

ඡට‍්ඨවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

සවැනිවග වර්ණනාවයි.