යෙදුමෙන් කියවන්න

55. ඔපවය‍්හ ත්‍ථෙරාපදානං

55. ඔපවය‍්හ ත්‍ථෙරාපදානං

55. ඕපවය්හ ස්ථවිරාවදානය

1290. පදුමුත‍්තරබුද‍්ධස‍්ස ආජානීයමදාසහං, නිය්‍යාදෙත්‍වාන සම‍්බුද‍්ධෙ අගමාසිං සකං ඝරං.

1290. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට අජානීය අශ්වයකු දිනිමි. බුදුරජානන් වහන්සේට (ඒ අශ්වයා) දක්වා දී ස්වකීය ගෘහයට ගියෙමි.

1291. දෙවලො නාම නාමෙන සත්‍ථුනො අග‍්ගසාවකො, වරධම‍්මස‍්ස දායාදො ආගච‍්ඡි මම සන‍්තිකං.

1291. උතුම් ධර්‍මයට දායාද වූ (පදුමුත්තර) ශාස්තෲන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නමින් දේවල නම් වූ තෙරණුවෝ මා වෙත පැමිණියහ. (පැමිණ මෙසේ කීහ:)

1292. “සපත‍්තභාරො භගවා ආජානෙය්‍යො න කප‍්පති, තව සඞ‍්කප‍්පමඤ‍්ඤාය අධිවාසෙසි චක‍්ඛුමා.”

1292. “භාග්‍යවත්හු සපත්තභාරයහ. (= පාත්‍රය සහිත අටපිරිකරබර උසුලන්නෝ ය. උන්වහන්සේට) අජානීය අශ්ව තෙමේ කැප නො වේ. පසැස් ඇත්තා වූ බුදුරජහු ඔබගේ අදහස දැන එය පිළිගත්හ” කියා යි.

1293. අග‍්ඝාපෙත්‍වා වාතජවං සින්‍ධවං සීඝවාහනං, පදුමුත‍්තරබුද‍්ධස‍්ස ඛමනීයමදාසහං.

1293. ඉක්බිති මම වාතවේගය ඇති ශීඝ්‍ර ව ගමන් යන වාහනයක් වූ සෛන්‍ධවයා අගය කොට (විකුණා) පදුමුත්තර බුදුරජානන් වහන්සේට යෝග්‍ය වූ පිරිකරක් දිනිමි.

1294. යං යං යොනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, ඛමනීයා වාතජවා චිත‍්තා නිබ‍්බත‍්තරෙ මම.

1294. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, මට රිසි වූ විසිතුරු වූ වාතජවයෝ (සෛන්‍ධවයෝ) උපදිත්.

1295. ලාභා තෙසං සුලද‍්ධං’ව යෙ ලභන‍්තුපසම‍්පදං, පුනපි පයිරුපාසෙය්‍යං බුද‍්ධො ලොකෙ සචෙ භවෙ.

1295. (ඒ බුදුන් වෙත) යම්කෙනෙක් උපසම්පදාව ලබත් ද, (ඔවුනට) එය ලාභයෙකි. මනා ලාභයෙකි. ඉඳින් බුදුකෙනෙක් ලෙව්හි (පහළ) වන්නෝ නම්, නැවත ද පයිරුපාසානය කරන්නෙමි.

1296. අට‍්ඨවීසතික‍්ඛත‍්තුං’හං රාජා ආසිං මහබ‍්බලො, චාතුරන‍්තො විජිතාවී ජම‍්බුසණ‍්ඩස‍්ස ඉස‍්සරො.

1296. මම අටවිසිවරක් මහත් බල ඇති සතරමහ දිවයින් හා සිවු මහ සයුරු කෙළවර කොට ඇති පෘථිවියෙහි අධිපති වූ සතුරු රජුන් ජය ගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සක්විතිරජ වීමි.

1297. ඉදං පච‍්ඡිමකං මය‍්හං චරිමො වත‍්තතෙ භවො, පත‍්තො’ස‍්මි අචලං ඨානං හිත්‍වා ජයපරාජයං.

1297. මෙය මාගේ පශ්චිමදේහය යි. පැසිම් උපත වේ. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානය (= නිවණ) ට පැමිණියෙම් වෙමි.

1298. චතුත‍්තිංසසහස‍්සම‍්හි මහාතෙජො’සි ඛත‍්තියො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1298. සූතිස්දහස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් මහත් තේජස් ඇති සක්විති රජෙක් විය.

1299. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1299. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ඔපවය‍්හො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඕපවය්හ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

ඔපවය‍්හත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

ඕපවය්හ ස්ථවිරාවදානය පස්වැනි යි.