යෙදුමෙන් කියවන්න

56. සපරිවාරාසනත්‍ථෙරාපදානං

56. සපරිවාරාසනත්‍ථෙරාපදානං

56. සපරිවාරාසන ස්ථවිරාවදානය

1300. පදුමුත‍්තරබුද‍්ධස‍්ස පිණ‍්ඩපාතං අදාසහං, ගන‍්ත්‍වා තං භොජනට‍්ඨානං මල‍්ලිකාහි පරික‍්ඛිපිං.

1300. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිණ්ඩපාත දානයක් දිනිමි. ඒ වළඳන ස්ථානයට ගොස් බෝලිද්ද මලින් පිරිකෙව් කෙළෙමි.(සැරසීමි)

1301. තම‍්හාසනම‍්භි ආසීනො බුද‍්ධො ලොකග‍්ගනායකො, අකිත‍්තයී පිණ‍්ඩපාතං උජුභූතො සමාහිතො:

1301. ලෝකයෙහි අග්‍රනායක වූ ඍජුගුණ ඇති සන්හුන් වූ බුදුරජහු ඒ අසුනෙහි වැඩහුන්නාහු එ ම පිණ්ඩපාතය (පිළිබඳ අනුසස්) වදාළහ:

1302. “යථාපි භද‍්දකෙ ඛෙත‍්තෙ බීජං අප‍්පම‍්පි රොපිතං, සම‍්මා ධාරං පවෙච‍්ඡන‍්තෙ ඵලං තොසෙති කස‍්සකං.

1302. “යම්සේ මනා කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජයක් මැනැවින් වැසිදහර වස්නා කල්හි ඵලය ගොවියා සතුටු කෙරේ ද,

1303. තථෙවායං පිණ‍්ඩපාතො සුඛෙත‍්තෙ රොපිතො තයා, භවෙ නිබ‍්බත‍්තමානං හි ඵලතො තොසයිස‍්සති”

1303. එසේ ම තා විසින් මනා කෙතෙහි රෝපණය කරණ ලද මේ පිණ්ඩපාත (කර්‍ම)ය තෙම භවයෙහි උපදින්නා වූ තා ඵලයෙන් සතුටු කරන්නේ ය.”

1304. ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො ජලජුත‍්තරනාමකො, පිණ‍්ඩපාතං ථවිත්‍වාන පක‍්කාමි උත‍්තරාමුඛො.

1304. පදුමුත්තර නම් වූ බුදුරජහු මෙය වදාරා පිණ්ඩපාතය පසසා උතුරුදෙසට මුහුණ ලා වැඩියහ.

1305. සංවුතො පාතිමොක‍්ඛස‍්මිං ඉන්‍ද්‍රියෙසු ච පඤ‍්චසු, පවිවෙකමනුයුත‍්තො විහරාමි අනාසවො.

1305. ප්‍රාතිමෝක්‍ෂයෙහි ද පසිඳුරන් විෂයයෙහි ද සංවෘත වූයෙම් ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.

1306 පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1306. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සපරිවාරාසනො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරාසන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යී.

සපරිවාරාසනත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

සපරිවාරාසන ස්ථවිරාවදානය සවැනි යි.