යෙදුමෙන් කියවන්න

52. සතරංසිකත්‍ථෙරාපදානං

52. සතරංසිකත්‍ථෙරාපදානං

52. සතරංසික ස්ථවිරාවදානය

1265. උච‍්චියං සෙලමාරුය‍්හ නිසීදි පුරිසුත‍්තමො, පබ‍්බතස‍්සාවිදූරම‍්හි බ්‍රාහ‍්මණො මන‍්තපාරගූ.

1265. පුරුෂෝත්තම වූ පදුමුත්තර බුදුරජහු උස වූ පව්වකට නැගී වැඩ හුන්හ. ඒ පර්‍වතයට නුදුරෙහි හුන් වේදමන්ත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වූ (මම) -

1266. උපවිට‍්ඨං මහාවීරං දෙවදෙවං නරාසභං, අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන සන්‍ථවිං ලොකනායකං:

1266. එසේ වැඩහුන්නා වූ මහාවීර වූ දේවාතිදේව වූ නර ශ්‍රේෂ්ඨ වූ ලෝකනායකයන් වහන්සේට ඇඳිලි බැඳගෙන ස්තුති කෙළෙමි:

1267. “එස බුද‍්ධො මහාවීරො වරධම‍්මප‍්පකාසකො, ජලතී අග‍්ගිඛන්‍ධො’ව භික‍්ඛුසංඝපුරක‍්ඛතො.

1267. “උතුම් ධර්‍මය ප්‍රකාශ කරන්නා වූ මහාවීර වූ මේ සර්‍වඥයන් වහන්සේ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලදසේක් ගිනිකඳක් මෙන් බබලන සේක.

1268. මහාසමුද‍්දො ‘වක‍්ඛොභො අණ‍්ණවො ‘ව දුරුත‍්තරො, මිගරාජා’වසම‍්භීතො ධම‍්මං දෙසෙති චක‍්ඛුමා”.

1268. මහාසමුදුර මෙන් නො කැලඹිය හැකි සයුර මෙන් තරණය කළ නො හැකි සිහරජෙකු මෙන් අසම්භීත වූ පසැස් ඇත්තා වූ බුදුරජානන් වහන්සේ ධර්‍ම දේශනා කරණ සේක” යනුයි.

1269. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය පදුමුත‍්තරනායකො, භික‍්ඛුසංඝෙ ඨිතො සත්‍ථා ඉමා ගාථා අභාසථ:

1269. ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන භික්‍ෂුසංඝයා මැද වැඩසිටිසේක් මේ ගාථාවන් වදාළසේක:

1270. “යෙනායං අඤ‍්ජලි දින‍්නො බුද‍්ධාසෙට‍්ඨො ච ථොමිතො, තිංසකප‍්පසහස‍්සානි දෙවරජ‍්ජං කරිස‍්සති.

1270. “යමකු විසින් (සර්‍වඥයන්හට) ඇඳිලි බඳනා ලද ද, එසේ ම යමකු විසින් බුද්ධශ්‍රේෂ්ඨ තෙම පසසන ලද ද, (එසේ කළ) මේ තෙමේ තිස්දහසක් කප් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.

1271. කප‍්පසතසහස‍්සම‍්හි අංගීරසසනාමකො, විවත‍්තච‍්ඡද‍්දො සම‍්බුද‍්ධො උප‍්පජ‍්ජිස‍්සති තාවදෙ.

1271. මෙයින් කල්පලක්‍ෂයක් ඉක්ම ගිය කල්හි අංගීරස නම් වූ බැහැර කළ කෙලෙස්සෙවෙනි ඇති ගෞතම සම්බුදුරජ තෙමේ උපදින්නේ ය.

1272. තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො, . සතරංසීති නාමෙන අරහා සො භවිස‍්සති.”

1272. හෙතෙම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්‍මයට දායාද වූ ඖරස පුත්‍ර වූ ධර්‍මය වූ නමින් සතරංසී වූ රහතෙක් වන්නේ ය” කියා යි.

1273. ජාතියා සත‍්තවස‍්සො’හං පබ‍්බජිං අනගාරියං, සතරංසී’ම‍්හි නාමෙන පභා නිද‍්ධාවතෙ මම.

1273. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම සසුනෙහි පැවිදි වීමි. නමින් සතරංසි වෙමි. මාගේ සිරුරින් පැහැය නික්ම දිවෙයි.

1274. මණ‍්ඩපෙ රුක‍්ඛමූලෙ වා ඣායී ඣානරතො අහං, ධාරෙමි අන‍්තිමං දෙහං සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

1274. මණ්ඩපයක හෝ වෘක්‍ෂමූලයක හෝ ධ්‍යාන කරණසුලු වූ ධ්‍යානයෙහි ඇලුනා වූ මම සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම භවය යි.)

1275. සට‍්ඨිකප‍්පසහස‍්සම‍්හි චතුරො රාමනාමකා, සත‍්තරතනසම‍්පන‍්නා වක‍්කවත‍්තී මහබ‍්බලා.

1275. සැටදහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රාම නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක් වූහ.

1276. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1276. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සතරංසියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සතරංසි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළහ.

සතරංසිකත්‍ථෙරස‍්ස අපදානං දුතියං.

සතරංසිකස්ථවිරාවදානය දෙවැනි යි.