53. සයනදායකත්ථෙරාපදානං
53. සයනදායකත්ථෙරාපදානං
53. ශයනදායක ස්ථවිරාවදානය
1277. පදුමුත්තරබුද්ධස්ස සබ්බලොකානුකම්පිනො, සයනං තස්ස පාදාසිං විප්පසන්නෙන චෙතසා.
1277. සියලු ලොවැසියනට අනුකම්පා කරණසුලු වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පහන්සිතින් යහනක් දිනිමි.
1278. තෙන සයනදානෙන සුඛෙත්තෙ බීජසම්පදා, භොගා නිබ්බත්තරෙ තස්ස සයනස්ස ඉදං ඵලං.
1278. ඒ ශයනදානය කරණ කොට ගෙන යහපත් කෙතක සස්යසම්පත් මෙන් ඔහුට භෝගයෝ උපදිත්. ශයනදානයාගේ මේ විපාකය යි.
1279. ආකාසෙ සෙය්යං කප්පෙමි ධාරෙමි පඨවිං ඉමං, පාණෙසු මෙ ඉස්සරියං සයනස්ස ඉදං ඵලං.
1279. අහසෙහි ශයනය කරමි. මේ පෘථිවිය (ඊශ්වරත්වයෙන්) දරමි. සත්ත්වයන් කෙරෙහි මාගේ අධිපතිත්වය පවතී. ශයනදානයාගේ මේ විපාකය යි.
1280. පඤ්චකප්පසහස්සම්හි අට්ඨ ආසුං මහාවරා, චතුත්තිංසෙ කප්පසතෙ චතුරො ච මහබ්බලා.
1280. මෙයින් පන්දහස්වන කපෙහි මාහාවර නමින් රජවරු ඇට දෙනෙක් වූහ. තුන්දහස්සිවුසියවන කපෙහි මහත් බල ඇති රජවරු සිය දෙනෙක් වූහ.
1281 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
1281. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සයනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
සයනදායකත්ථෙරස්ස අපදානං තතියං.
ශයනදායකස්ථවිරාවදානය තෙවැනි යි.