යෙදුමෙන් කියවන්න

51. විධූපනදායකත්‍ථෙරාපදානං

51. විධූපනදායකත්‍ථෙරාපදානං

51. විධූපනදායක ස්ථවිරාවදානය

1258. පදුමුත‍්තරබුද‍්ධස‍්ස ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, වීජනිකා මයා දින‍්නා දිපදින්‍දස‍්ස තාදිනො.

1258. තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට මා විසින් විදුනාවක් දෙන ලදි.

1259. සකං චිත‍්තං පසාදෙත්‍වා පග‍්ගහෙත්‍වාන අඤ‍්ජලිං, සම‍්බුද‍්ධං අභිවාදෙත්‍වා පක‍්කාමිං උත‍්තරාමුඛො.

1259. සිය සිත පහදවා ඇඳිලි බැඳ සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.

1260. වීජනිං පග‍්ගහෙත්‍වාන සත්‍ථා ලොකෙ අනුත‍්තරො, භික‍්ඛුසංඝෙ ඨිතො සන‍්තො ඉමං ගාථං අභාසථ:

1260. ලෝකයෙහි අසහාය ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ විදුනාව ගෙන මේ ගාථාව වදාළසේක:

1261. “ඉමිනා වීජනිදානෙන චිත‍්තස‍්ස පණිධීහි ච, කප‍්පානං සතසහස‍්සං විනිපාතං න ගච‍්ඡති”.

1261. “මේ වීජනී දානය හේතු කොට ගෙන ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යයි” යනු යි.

1262. ආරද‍්ධවිරියො පහිතත‍්තො චෙතොගුණසමාහිතො, ජාතියා සත‍්තවස‍්සො’හං අරහත‍්තමපාපුණිං.

1262. පිරිපුන් වීර්‍ය්‍යය ඇති (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති සමාධිගුණයෙන් යුත් උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.

1263. සට‍්ඨිකප‍්පසහස‍්සම‍්හි වීජමානසනාමකා, සොළසා’සිංසු රාජානො චක‍්කවත‍්තී මහබ‍්බලා.

1263. සැටදහසක් කපින් මතුයෙහි විජමාන යන සමාන නම් ඇති මහා බලවත් සක්විතිරජවරු සොළොස්දෙනෙක් වූහ.

1264. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1264. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා විධූපනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් විධූපනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.

විධුපනදායකත්‍ථෙරස‍්ස අපදානං පඨමං.

විධූපනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.