යෙදුමෙන් කියවන්න

5. උපාලිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. උපාලි වර්‍ගය

41. භාගිනෙය්‍යුපාලිත්‍ථෙරඅපදානවණ‍්ණනා

41. භාගිනෙය්‍ය උපාලි ථේර අපදාන වර්ණනාව

ඛීණාසවසහස‍්සෙහීතිආදිකං ආයස‍්මතො උපාලිත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යුපාලිත්‍ථෙරස‍්ස අපදානං. එසො හි ථෙරො පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තස‍්මිං තස‍්මිං භවෙ පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිමන්‍වාය ඝරාවාසෙ ආදීනවං දිස‍්වා ගෙහං පහාය ඉසිපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා පඤ‍්චාභිඤ‍්ඤාඅට‍්ඨසමාපත‍්තිලාභී හුත්‍වා හිමවන‍්තෙ වාසං කප‍්පෙසි. තස‍්මිං සමයෙ පදුමුත‍්තරො භගවා විවෙකකාමො හිමවන‍්තං පාවිසි. තාපසො භගවන‍්තං පුණ‍්ණචන්‍දමිව විරොචමානං දූරතොව දිස‍්වා පසන‍්නමානසො අජිනචම‍්මං අංසෙ කත්‍වා අඤ‍්ජලිං පග‍්ගය‍්හ වන්‍දිත්‍වා ඨිතකොව දසනඛසමොධානඤ‍්ජලිං සිරසි පතිට‍්ඨපෙත්‍වා අනෙකාහි උපමාහි අනෙකෙහි ථුතිවචනෙහි භගවන‍්තං ථොමෙසි. තං සුත්‍වා භගවා – “අයං තාපසො අනාගතෙ ගොතමස‍්ස නාම භගවතො සාසනෙ පබ‍්බජිත්‍වා විනයෙ තිඛිණපඤ‍්ඤානං අග‍්ගො භවිස‍්සතී”ති බ්‍යාකරණමදාසි. සො යාවතායුකං ඨත්‍වා අපරිහීනජ‍්ඣානො බ්‍රහ‍්මලොකෙ නිබ‍්බත‍්ති. තතො චුතො දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කපිලවත්‍ථුනගරෙ උපාලිත්‍ථෙරස‍්ස භාගිනෙය්‍යො හුත්‍වා නිබ‍්බත‍්ති. සො කමෙන වුද‍්ධිප‍්පත‍්තො මාතුලස‍්ස උපාලිත්‍ථෙරස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා කම‍්මට‍්ඨානං ගහෙත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. සො අත‍්තනො ආචරියස‍්ස සමීපෙ වසිතත‍්තා විනයපඤ‍්හෙ තිඛිණඤාණො අහොසි. අථ භගවා “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං විනයපඤ‍්හෙ තිඛිණපඤ‍්ඤානං භික‍්ඛූනං යදිදං භාගිනෙය්‍යුපාලී”ති තං එතදග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

ඛීණාසව සහස්සෙහි ආදි වශයෙන් ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේගේ බෑණනු උපාලි තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු ඒ ඒ භවයන්හි පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු වැඩිවිය පත්ව ගෘහවාසයෙහි ආදීනව දැක ගිහිගෙය අතහැර සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව, පඤ්චඅභිඥා අෂ්ට සමාපත්තිලාභීව හිමවතෙහි විසූහ. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ විවේකීව වසනු කැමති සේක් හිමවතට පිවිසිසේක. තවුසා පූර්ණ චන්ද්‍රයා මෙන් බබලන භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක පහන් වූ සිතැත්තේ අඳුන්දිවි සම ඒකාංශකොට ඇඳිලිබැඳ වැඳ සිටියේම දසනිය එක්කොට ගත් ඇඳිලි හිසමත තබා නොයෙක් උපමාවන්ගෙන් නොයෙක් ස්තුති වචනයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේට ස්තුති කළේය. ඒ අසා භාග්‍යවතුන් වහන්සේ ‘මේ තවුසා අනාගතයෙහි ගෞතම නම් ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැවිදිව විනයෙහි තියුණු නැණ ඇත්තවුන්ට අග්‍ර වන්නේයයි විවරණ දුන් සේක. ඔහු දිවිඇති තාක් සිට නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ, එයින් චුතව දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවස්තු නගරයෙහි උපාලි තෙරුන් වහන්සේගේ බෑණනුවන් වී උපන්නේය. ඔහු ක්‍රමයෙන් වැඩිවියපත් වූයේ මාමා වූ උපාලි තෙරුන් වහන්සේ සමීපයෙහි පැවිදිව, කමටහන් ගෙන විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් විය. උන්වහන්සේ ආචාර්යයන් සමීපයෙහි විසූ බැවින් විනය ප්‍රශ්නයෙහි තියුණු නැණ ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර විනය ප්‍රශ්නයෙහි තියුණු නැණ ඇති යමෙක් වේද ඒ බෑණනු උපාලිය’යි උන්වහන්සේ අගතන්හි තැබූ සේක.

සො එවං එතදග‍්ගට‍්ඨානං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො ඛීණාසවසහස‍්සෙහීතිආදිමාහ. තත්‍ථ ආ සමන‍්තතො යාවභවග‍්ගා සවන‍්ති පවත‍්තන‍්තීති ආසවා. කාමාසවාදයො චත‍්තාරො ආසවා, තෙ ඛීණා සොසිතා විසොසිතා විද‍්ධංසිතා යෙහි තෙති ඛීණාසවා, තෙයෙව සහස‍්සා ඛීණාසවසහස‍්සා, තෙහි ඛීණාසවසහස‍්සෙහි . පරෙතො පරිවුතො ලොකනායකො ලොකස‍්ස නිබ‍්බානපාපනකො විවෙකං අනුයුත‍්තො පටිසල‍්ලිතුං එකීභවිතුං ගච‍්ඡතෙති සම‍්බන්‍ධො.

උන්වහන්සේ මෙසේ තැනට පැමිණ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වූවාහු පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ඛීණාසව සහස්සෙහි ආදිය කී සේක. එහි හාත්පස සිට භවාග්‍රය තෙක් ගලාබසිති පවතිතියි ආසවා නම්. කාමාසව ආදී සතර ආසවයෝ. ඒ ආසව ක්‍ෂය කරන ලද්දේ වියලන ලද්දේ විශේෂයෙන් වියලන ලද්දේ විධ්වංසනය කරන ලද්දේ යම් කෙනකු විසින්ද ඒ ක්‍ෂීණ ආශ්‍රවයෝම දහසක් ඛීණාසවසහස්සා. ඒ දහසක් ඛීණාසවයන් විසින්. පරෙතො පිරිවරන ලද්දේ, ලොකනායකො ලෝකයා නිර්වාණයට පමුණුවන තැනැත්තේ, විවේකමනුයුත්තො සැඟවී සිටීමට, තනිවී සිටීමට ගියේයි සම්බන්ධයි.

අජිනෙන නිවත්‍ථොහන‍්ති අහං අජිනමිගචම‍්මෙන පටිච‍්ඡන‍්නො, අජිනචම‍්මවසනොති අත්‍ථො. තිදණ‍්ඩපරිධාරකොති කුණ‍්ඩිකට‍්ඨපනත්‍ථාය තිදණ‍්ඩං ගහෙත්‍වා ධාරෙන‍්තොති අත්‍ථො. භික‍්ඛුසඞ‍්ඝෙන පරිබ්‍යූළ‍්හං පරිවාරිතං ලොකනායකං අද‍්දසන‍්ති සම‍්බන්‍ධො. සෙසං පාකටමෙවාති.

අජිනෙන නිවත්‍ථොහං යනු මම අඳුන්දිවි සමින් වැසුණේ අඳුන් දිවිසම වස්ත්‍රයක් සේ අඳින්නේ යන අර්ථයි. තිදණ්ඩපරිවාරකො යනු කෙණ්ඩිය තබනු පිණිස දඬුවක් ගෙන දරන්නේ යන අර්ථයි. භික්ඛුසංඝපරිබ්බුළ්හං භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද ලෝකනායක බුදුරජාණන් වහන්සේ දුටුවෙමියි සම්බන්ධයි. සෙස්ස පැහැදිලි ම ය.

භාගිනෙය්‍යුපාලිත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

භාගිනෙය්‍ය උපාලි තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

42. සොණකොළිවිසත්‍ථෙරඅපදානවණ‍්ණනා

42. සෝණකෝටිකණ්ණ ථේර අපදාන වර්ණනාව

අනොමදස‍්සිස‍්ස මුනිනොතිආදිකං ආයස‍්මතො කොළිවිසත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අනොමදස‍්සිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වයප‍්පත‍්තො පුත‍්තදාරෙහි වඩ‍්ඪිතො විභවසම‍්පන‍්නො භගවතො චඞ‍්කමනත්‍ථාය සොභනං චඞ‍්කමං කාරෙත්‍වා සුධාපරිකම‍්මං කාරෙත්‍වා ආදාසතලමිව සමං විජ‍්ජොතමානං කත්‍වා දීපධූපපුප‍්ඵාදීහි සජ‍්ජෙත්‍වා භගවතො නිය්‍යාදෙත්‍වා බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං පණීතෙනාහාරෙන පූජෙසි. සො එවං යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තතො චවිත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තො. තත්‍ථ පාළියා වුත‍්තනයෙන දිබ‍්බසම‍්පත‍්තිං අනුභවිත්‍වා අන‍්තරා ඔක‍්කාකකුලප‍්පසුතොති තං සබ‍්බං පාළියා වුත‍්තානුසාරෙන වෙදිතබ‍්බං. පච‍්ඡිමභවෙ පන කොලියරාජවංසෙ ජාතො වයප‍්පත‍්තො කොටිඅග‍්ඝනකස‍්ස කණ‍්ණපිළන්‍ධනස‍්ස ධාරිතත‍්තා කොටිකණ‍්ණොති, කුටිකණ‍්ණොති ච පාකටො අහොසි. සො භගවති පසන‍්නො ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

අනොමදස්සිස්ස මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් කොටිකණ්ණ තෙරුන් වහන්සේගේ අපදානයයි. මුන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නාහු අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු වැඩිවියට පත්වූවාහු අඹුදරුවන් විසින් වඩන ලද්දාහු ධන සම්පත් ඇත්තාහු සසුනෙහි පැහැදුණාහු භාග්‍යවතුන් වහන්සේට සක්මන් කරනු පිණිස අලංකාර වූ සක්මනක් කරවා සුණුපිරියම් කරවා ආදාසතලයක් මෙන් සමසේ බබලන්නාක් කොට පහන් සුවඳ දුම් මල් ආදියෙන් සරසා භාග්‍යවතුන් වහන්සේට පවරා බුදුපාමොක් භික්‍ෂු සංඝයා ප්‍රණීත අහරින් පිදූහ. ඔහු මෙසේ දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙව්ලොව උපන්නේ එහි පෙළෙහි කියූ නයින් දිව්‍ය සම්පත් අනුභව කොට අතරෙහි ඔක්කාක කුලයෙහි උපන්නේ යයි ඒ සියල්ල පෙළෙහි කියූ අයුරින් දතයුතුය. පශ්චිම භවයෙහි කෝලිය රාජ වංශයෙහි උපන්නේ. වැඩිවිය පැමිණියේ කෝටියක් අගනා කන් පළඳනාවක් දැරූ බැවින් කොටිකණ්ණ කුටිකණ්ණ යනුවෙන්ද ප්‍රකට විය. ඔහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්බවට පැමිණියහ.

සො අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අනොමදස‍්සිස‍්ස මුනිනොතිආදිමාහ. තත්‍ථ අනොමදස‍්සිස‍්සාති අනොමං අලාමකං සුන්‍දරං දස‍්සනං ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණපටිමණ‍්ඩිතත‍්තා බ්‍යාමප‍්පභාමණ‍්ඩලොපසොභිතත‍්තා ආරොහපරිණාහෙන සමන‍්නාගතත‍්තා ච දස‍්සනීයං සරීරං යස‍්ස භගවතො සො අනොමදස‍්සී, තස‍්ස අනොමදස‍්සිස‍්ස මුනිනොති අත්‍ථො. තාදිනොති ඉට‍්ඨානිට‍්ඨෙසු අකම‍්පියසභාවස‍්ස. සුධාය ලෙපනං කත්‍වාති සුධාය අවලිත‍්තං කත්‍වා දීපධූපපුප‍්ඵධජපටාකාදීහි ච අලඞ‍්කතං චඞ‍්කමං කාරයිං අකාසින‍්ති අත්‍ථො. සෙසගාථානං අත්‍ථො පාළියා අනුසාරෙන සුවිඤ‍්ඤෙය්‍යොව.

උන්වහන්සේ රහත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට උපන් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය විස්තර කරන්නාහු අනොමදස්සිස්ස මුනිනො ආදිය කීහ. අනොමදස්සිස්ස යනු අනොමං අලාමක වූ සොඳුරු දැක්ම දෙතිස් මහපුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිත වූ බැවින්, ව්‍යාමප්‍රභා මණ්ඩලයෙන් යුක්ත බැවින්, ආරෝහපරිණාහයෙන් යුක්ත බැවින්ද දර්ශනීය වූ ශරීරය යම් භාග්‍යවතුන් වහන්සේ කෙනකුන්ගේද ඒ අනෝමදස්සී මුනීන්ද්‍රයන් වහන්සේගේ යන අර්ථයි. තාදිනො යනු ඉටු අනිටු දෙයෙහි නොසැලෙන ස්වභාව ඇති. සුධාය ලොනං කත්‍වා යනු සුණුයෙන් තැවරූවක් කොට පහන් සුවඳ දුම් මල් ධජ පතාකාදියෙන් ද අලංකාර වූ සක්මනක් කාරයිං කෙළෙමි යන අර්ථයි. සෙසු ගාථාවල අර්ථය පෙළ අනුසරින් පහසුවෙන් දතහැක්කේ ම ය.

පරිවාරසම‍්පත‍්තිධනසම‍්පත‍්තිසඞ‍්ඛාතං යසං ධාරෙතීති යසොධරො, සබ‍්බෙ එතෙ සත‍්තසත‍්තතිචක‍්කවත‍්තිරාජානො යසොධරනාමෙන එකනාමකාති සම‍්බන්‍ධො.

පිරිවර සම්පත්, ධන සම්පත් සංඛ්‍යාත යසස කරතියි යසෝධරා නමි. මේ සියලු සත් සත් චක්‍රවර්ති රජවරු යශෝධර නමින් එක් නමක් ඇත්තාහුයි සම්බන්ධයි.

අඞ‍්ගීරසොති අඞ‍්ගතො සරීරතො නිග‍්ගතා රස‍්මි යස‍්ස සො අඞ‍්ගීරසො, ඡන්‍දදොසමොහභයාගතීහි වා පාපාචාරවසෙන වා චතුරාපායං න ගච‍්ඡතීති නාගො, මහන‍්තො පූජිතො ච සො නාගො චෙති මහානාගො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

අඞ්ගීරසො යනු අංගයන්ගෙන් ශරීරයෙන් නික්මුණු රශ්මිය යමකුගේද හෙතෙම අඞ්ගීරස නමි. ඡන්ද, දෝස, මෝහ, භය, අගතීන්ගෙන් හෝ පාපාචාර වශයෙන් හෝ සතර අපායට නොයතියි නාග නමි. මහත් වූයේද පූජිත වූයේද හෙතෙම නාග වෙතියි මහානාග නමි. සෙස්ස කියන ලද අර්ථ ඇත්තේ ම ය.

කොළිවිසත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කොටිකණ්ණ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

43. කාළිගොධාපුත‍්තභද‍්දියත්‍ථෙරඅපදානවණ‍්ණනා

43. කාළිගෝධාපුත්‍රභද්දිය ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරසම‍්බුද‍්ධන‍්තිආදිකං ආයස‍්මතො භද‍්දියස‍්ස කාළිගොධාපුත‍්තත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො පුත‍්තදාරෙහි වඩ‍්ඪිතො නගරවාසිනො පුඤ‍්ඤානි කරොන‍්තෙ දිස‍්වා සයම‍්පි පුඤ‍්ඤානි කාතුකාමො බුද‍්ධප‍්පමුඛං භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා ථූලපටලිකාදිඅනෙකානි මහාරහානි සයනානි පඤ‍්ඤාපෙත්‍වා තත්‍ථ නිසින‍්නෙ භගවති සසඞ‍්ඝෙ පණීතෙනාහාරෙන භොජෙත්‍වා මහාදානං අදාසි. සො එවං යාවතායුකං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා අපරභාගෙ ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කාළිගොධාය නාම දෙවියා පුත‍්තො හුත්‍වා නිබ‍්බත‍්ති. සො විඤ‍්ඤුතං පත‍්තො ආරොහපරිණාහහත්‍ථපාදරූපසම‍්පත‍්තියා භද‍්දත‍්තා ච කාළිගොධාය දෙවියා පුත‍්තත‍්තා ච භද‍්දියො කාළිගොධාපුත‍්තොති පාකටො. සත්‍ථරි පසීදිත්‍වා මාතාපිතරො ආරාධෙත්‍වා පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි.

පදුමුත්තර සම්බුද්ධං යනාදී වශයෙන් ආයුෂ්මත් භද්දිය කාලිශොධාපුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මුන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයක උපන්නාහු වැඩිවිය පත්වූවාහු අඹුදරුවන් විසින් වර්ධනය කරන ලද්දාහු නුවරවැසියන් පින් කරනු දැක තමාද පින්කරනු කැමැත්තාහු බුදුපාමොක් භික්‍ෂු සංඝයා ආරාධනය කොට ඝන හැසුණු මල්කම් ආදිය යොදා නොයෙක් මාහැඟි යහන් පනවා සංඝයා සමග භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි ප්‍රණීත ආහාරයෙන් වළඳවා මහා දානයක් දුන්හ. හේ මෙසේ දිවි ඇති තාක් පින්කොට දෙවි මිනිසුන් අතර උභය සම්පත්තීන් අනුභවකොට පසුකලෙක මෙම බුද්ධෝත්පාද කාලයෙහි කාලිගෝධා නම් දේවියගේ පුත්‍ර ව උපන්නේය. හේ දැනමිති බවට පත්වූයේ ආරෝහ පරිණාහ අත්පා රූප සම්පත්තියෙන් සුන්දර වූ බැවින්ද, කාලිගෝධා දේවියගේ පුත්‍රයා වූ බැවින්ද භද්දිය කාලිගෝධාපුත්‍රයයි ප්‍රකට වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද මව්පියන් සතුටුකොට පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය.

සො අරහා හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරසම‍්බුද‍්ධන‍්තිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. මෙත‍්තචිත‍්තන‍්ති මිජ‍්ජති සිනෙහති නන්‍දති සබ‍්බසත‍්තෙති මෙත‍්තා, මෙත‍්තාය සහගතං චිත‍්තං මෙත‍්තචිත‍්තං, තං යස‍්ස භගවතො අත්‍ථීති මෙත‍්තචිත‍්තො, තං මෙත‍්තචිත‍්තං. මහාමුනින‍්ති සකලභික‍්ඛූනං මහන‍්තත‍්තා මහාමුනි, තං පදුමුත‍්තරං සම‍්බුද‍්ධන‍්ති සම‍්බන්‍ධො. ජනතා සබ‍්බාති සබ‍්බො ජනකායො, සබ‍්බනගරවාසිනොති අත්‍ථො. සබ‍්බලොකග‍්ගනායකන‍්ති සකලලොකස‍්ස අග‍්ගං සෙට‍්ඨං නිබ‍්බානස‍්ස නයනතො පාපනතො නායකං පදුමුත‍්තරසම‍්බුද‍්ධං ජනතා උපෙති සමීපං ගච‍්ඡතීති සම‍්බන්‍ධො.

හේ රහත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තර සම්බුද්ධං යනාදිය කීය. එය පෙර කී අර්ථය ම ය. මෙත්ත චිත්තං යනු සියලු සත්ත්වයන් කෙරෙහි මෘදුවෙයි. සෙනෙහවත් වෙයි. සතුටුවෙයි නුයි මෙත්තා. මෛත්‍රියෙන් යුත් සිත මෙත්තචිත්තං. එය මේ භාග්‍යවතුන් වහන්සේට ඇත්තේනුයි මෙත්තචිත්තො. එය මෙත්තචිත්තං. මහාමුනී යනු සියලු භික්‍ෂූන්ට මහත්වේනුයි මහාමුනි. උන්වහන්සේ පදුමුත්තර සම්බුද්ධං යනු සම්බන්ධයි. ජනතා සබ්බා යනු සියලු ජනකාය. සියලු නගර වැසියෝ යන අර්ථයි. සබ්බ ලොකග්ගනායකං යනු සියලු ලෝකයාට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ නිර්වාණයට ගෙනයන බැවින් පමුණවන බැවින් නායක වූ පදුමුත්තර සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ. ජනතා උපෙති සමීපයට යතියි සම්බන්ධයි.

සත‍්තුකඤ‍්ච බද‍්ධකඤ‍්චාති බද‍්ධසත‍්තුඅබද‍්ධසත‍්තුසඞ‍්ඛාතං ආමිසං. අථ වා භත‍්තපූපඛජ‍්ජභොජ‍්ජයාගුආදයො යාවකාලිකත‍්තා ආමිසං පානභොජනඤ‍්ච ගහෙත්‍වා පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ සත්‍ථුනො දදන‍්තීති සම‍්බන්‍ධො.

අග්ගලා අත්සුණු සංඛ්‍යාත ආමිෂය. නැතහොත් බත්, කැවුම්, කෑයුතු දෑ, බිවයුතු දෑ, කැඳ ආදිය යාවකාලික බැවින් ආමිෂ වූ බෙහෙත් ද පැන් ද ගෙන පින්කෙත් වූ අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ වෙත දෙති යනු සම්බන්ධයි.

ආසනං බුද‍්ධයුත‍්තකන‍්ති බුද‍්ධයොග‍්ගං බුද‍්ධාරහං බුද‍්ධානුච‍්ඡවිකං සත‍්තරතනමයං ආසනන‍්ති අත්‍ථො. සෙසං නයානුයොගෙන සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

ආසනං බුද්ධපුත්තකං යනු බුදුන්ට යෝග්‍ය වූ, බුදුන්ට සුදුසු වූ, බුදුන්ට ගැළපෙන්නා වූ සත්රුවන් මුවා අසුන යන අර්ථයි. සෙස්ස නියමානුයෝගයෙන් පහසුවෙන් දත හැක්කේමය.

කාළිගොධාපුත‍්තභද‍්දියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

භද්දිය කාලිශොධා පුත්‍ර තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

44. සන‍්නිට‍්ඨාපකත්‍ථෙරඅපදානවණ‍්ණනා

44. සන්නිට්ඨාපක ථේර අපදාන වර්ණනාව

අරඤ‍්ඤෙ කුටිකං කත්‍වාතිආදිකං ආයස‍්මතො සන‍්නිට‍්ඨාපකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො ඝරබන්‍ධනෙන බද‍්ධො ඝරාවාසෙ ආදීනවං දිස‍්වා වත්‍ථුකාමකිලෙසකාමෙ පහාය හිමවන‍්තස‍්ස අවිදූරෙ පබ‍්බතන‍්තරෙ අරඤ‍්ඤවාසං කප‍්පෙසි. තස‍්මිං කාලෙ පදුමුත‍්තරො භගවා විවෙකකාමතාය තං ඨානං පාපුණි. අථ සො තාපසො භගවන‍්තං දිස‍්වා පසන‍්නමානසො වන්‍දිත්‍වා නිසීදනත්‍ථාය තිණසන්‍ථරං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. තත්‍ථ නිසින‍්නං භගවන‍්තං අනෙකෙහි මධුරෙහි තිණ‍්ඩුකාදීහි ඵලාඵලෙහි සන‍්තප‍්පෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන තතො චුතො දෙවෙසු ච මනුස‍්සෙසු ච අපරාපරං සංසරන‍්තො ද‍්වෙ සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො සද‍්ධාසම‍්පන‍්නො පබ‍්බජිතො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. ඛුරග‍්ගෙ අරහත‍්තඵලප‍්පත‍්තියං විය නිරුස‍්සාහෙනෙව සන‍්තිපදසඞ‍්ඛාතෙ නිබ‍්බානෙ සුට‍්ඨු ඨිතත‍්තා සන‍්නිට‍්ඨාපකත්‍ථෙරොති පාකටො.

අරඤ්ඤෙකුටිකං කත්‍වා යනාදි වශයෙන් ආයුෂ්මත් සන්නිට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු පෙරබුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණියේ ගෘහබන්ධනයෙන් බැඳුණේ ගිහිගෙයි ආදීනව දැක වස්තුකාම ක්ලේශ කාමයන් හැර හිමවත නුදුරෙහි පර්වත අතරෙහි අරණ්‍යවාසය කළේය. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහ්නසේ විවේක කැමති බැවින් එතැනට පැමිණි සේක. ඉක්බිති ඒ තවුසා භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ වැඳ වැඩහිඳිනු පිණිස තණ ඇතිරියක් පනවා දුන්නේය. එහි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ නොයෙක් මිහිරි තිඹිරි ආදී කුදුමහත් ඵලයෙන් සන්තර්පණය කළේය. හේ ඒ පින්කමින් එයින් චුතව දෙවියන් අතරද මනුෂ්‍යයන් අතරද වරින්වර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ ශ්‍රද්ධා ඇත්තේ පැවිදි වූයේ විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් විය. හිස බානා කල්හිම රහත් ඵලයට පත්වූවාක් මෙන් නිරුත්සාහයෙන්ම ශාන්තිපද සංඛ්‍යාත වූ නිර්වාණයෙහි මනාව සිටි බැවින් සන්නිට්ඨාපක තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.

අරහා පන හුත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අරඤ‍්ඤෙ කුටිකං කත්‍වාතිආදිමාහ. තත්‍ථ අරඤ‍්ඤෙති සීහබ්‍යග‍්ඝාදීනං භයෙන මනුස‍්සා එත්‍ථ න රජ‍්ජන‍්ති න රමන‍්ති න අල‍්ලීයන‍්තීති අරඤ‍්ඤං, තස‍්මිං අරඤ‍්ඤෙ. කුටිකන‍්ති තිණච‍්ඡදනකුටිකං කත්‍වා පබ‍්බතන‍්තරෙ වසාමි වාසං කප‍්පෙසින‍්ති අත්‍ථො. ලාභෙන ච අලාභෙන ච යසෙන ච අයසෙන ච සන‍්තුට‍්ඨො විහාසින‍්ති සම‍්බන්‍ධො.

රහත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ අරඤ්ඤෙකුටිකං කත්‍වා යනාදිය කීය. එහි අරඤ්ඤෙ යනු සිංහ ව්‍යාඝ්‍ර ආදීන්ගේ භය නිසා මනුෂ්‍යයෝ එහි නොඇලෙති. රමණය නොකරති. ඇලීගැලී නොසිටිතියි අරඤ්ඤ නම් වේ. එම අරණ්‍යයෙහි කුටිකං යනු තණ හෙවූ කුඩා කුටියක් කොට පර්වත අතරෙහි වසාමි වාසය කරමි යන අර්ථයි. ලාභයෙන් ද, අලාභයෙන් ද, යසසින් ද, අයසින් ද සතුටුව විසුවෙමියි සම්බන්ධයි.

ජලජුත‍්තමනාමකන‍්ති ජලෙ ජාතං ජලජං, පදුමං, ජලජං උත‍්තමං ජලජුත‍්තමං, ජලජුත‍්තමෙන සමානං නාමං යස‍්ස සො ජලජුත‍්තමනාමකො, තං ජලජුත‍්තමනාමකං බුද‍්ධන‍්ති අත්‍ථො. සෙසං පාළිනයානුයොගෙන සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

ජලජුත්තම නාමකං යනු ජලයෙහි උපන් ජලජං පියුම ජලජං උත්තමං ජලජුත්තමං. පියුමකට සමාන නමක් යමකුට ඇත්ද හේ ජලජුත්තම නම් වේ. ඒ පදුමුත්තර නම් වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ යන අර්ථයි. සෙස්ස පෙළෙහි නියමානුසාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.

සන‍්නිට‍්ඨාපකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සන්නිට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

45. පඤ‍්චහත්‍ථියත්‍ථෙරඅපදානවණ‍්ණනා

45. පඤ්චහත්‍ථිය ථේර අපදාන වර්ණනාව

සුමෙධො නාම සම‍්බුද‍්ධොතිආදිකං ආයස‍්මතො පඤ‍්චහත්‍ථියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා රතනත‍්තයෙ පසන‍්නො විහාසි. තස‍්මිං සමයෙ පඤ‍්චඋප‍්පලහත්‍ථානි ආනෙසුං. සො තෙහි පඤ‍්චඋප‍්පලහත්‍ථෙහි වීථියං චරමානං සුමෙධං භගවන‍්තං පූජෙසි. තානි ගන‍්ත්‍වා ආකාසෙ විතානං හුත්‍වා ඡායං කුරුමානානි තථාගතෙනෙව සද‍්ධිං ගච‍්ඡිංසු. සො තං දිස‍්වා සොමනස‍්සජාතො පීතියා ඵුට‍්ඨසරීරො යාවජීවං තදෙව පුඤ‍්ඤං අනුස‍්සරිත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තො අපරාපරං සංසරන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සද‍්ධාජාතො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. කතකුසලනාමෙන පඤ‍්චහත්‍ථියත්‍ථෙරොති පාකටො.

සුමෙධොනාම සම්බුද්ධො යනාදී වශයෙන් ආයුෂ්මත් පඤ්චහත්‍ථිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව තෙරුවන්හි පැහැදී වාසය කළේය. එසමයෙහි උපුල්මල් මිටි පහක් ගෙනාවාහුය. හේ එම උපුල්මල් මිටි පහ ගෙන වීථියෙහි ගමන් කරන්නා වූ සුමේධ භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. ඒවා ගොස් අහසෙහි වියනක්ව සෙවන සදමින් තථාගතයන් වහන්සේ සමගම ගියේය. හේ එය දැක සොම්නස්ව ප්‍රීතියෙන් පිරුණු සිරුර ඇත්තේ දිවිඇති තාක් එම පිනම සිහිකොට එයින් චුතව දෙව්ලොව උපන්නේ යළියළිත් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණියේ සැදැහැ ඇත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් විය. කරන ලද කුසලයෙහි නමින් පඤ්චහත්‍ථිය තෙරුන්වහන්සේ යයි ප්‍රකට විය.

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා පච‍්චක‍්ඛතො පඤ‍්ඤාය දිට‍්ඨපුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සුමෙධො නාම සම‍්බුද‍්ධොතිආදිමාහ. තත්‍ථ සුමෙධොති සුන්‍දරා මෙධා චතුසච‍්චපටිවෙධපටිසම‍්භිදාදයො පඤ‍්ඤා යස‍්ස සො භගවා සුමෙධො සම‍්බුද‍්ධො අන‍්තරාපණෙ අන‍්තරවීථියං ගච‍්ඡතීති සම‍්බන්‍ධො. ඔක‍්ඛිත‍්තචක‍්ඛූති අධොඛිත‍්තචක‍්ඛු. මිතභාණීති පමාණං ඤත්‍වා භණනසීලො, පමාණං ජානිත්‍වා ධම‍්මං දෙසෙසීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

හේ තමාගේ පූර්ව කර්මය සිහිකොට ප්‍රත්‍යක්‍ෂයෙන් ප්‍රඥාවෙන් දුටු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සුමෙධොනම සම්බුද්ධො ආදිය කීය. එහි සුමෙධො යනු යහපත් සොඳුරු නුවණ චතුරාර්ය සත්‍ය අවබෝධය. පටිසම්භිදා ආදි ප්‍රඥාව යමෙකුට ඇත්තේද ඒ භාග්‍යවතුන් වහන්සේ සුමේධ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේය. අන්තරාපණෙ අතුරු වීදියෙහි යයි යනු සම්බන්ධයි. ඔක්ඛිත්තචක්ඛු යටට නැඹුරු වූ ඇස්. මිතභාණී යනු පමණ දැන කථාකරන සුලු, පමණ දැන ධර්මය දේශනා කරයි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.

පඤ‍්චහත්‍ථියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පඤ්චහත්‍ථිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

46. පදුමච‍්ඡදනියත්‍ථෙරඅපදානවණ‍්ණනා

46. පදුමච්ඡදනිය ථේර අපදාන වර්ණනාව

නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිකං ආයස‍්මතො පදුමච‍්ඡදනියත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතපුඤ‍්ඤසම‍්භාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො රතනත‍්තයෙ පසන‍්නො පරිනිබ‍්බුතස‍්ස විපස‍්සිස‍්ස භගවතො චිතකං පදුමපුප‍්ඵෙහි පූජෙසි. සො තෙනෙව චිත‍්තප‍්පසාදෙන යාවතායුකං ඨත්‍වා තතො සුගතීසුයෙව සංසරන‍්තො දිබ‍්බසම‍්පත‍්තිං මනුස‍්සසම‍්පත‍්තිඤ‍්චාති ද‍්වෙ සම‍්පත‍්තියො අනෙකක‍්ඛත‍්තුං අනුභවිත්‍වා ඉමස‍්මිං අම‍්හාකං සම‍්මාසම‍්බුද‍්ධකාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා සාසනෙ පබ‍්බජිතො ඝටෙන‍්තො වායමන‍්තො නචිරස‍්සෙව අරහා අහොසි. තස‍්ස රත‍්තිට‍්ඨානදිවාට‍්ඨානාදීසු තත්‍ථ තත්‍ථ විහරන‍්තස‍්ස විහාරො පදුමපුප‍්ඵෙහි ඡාදීයති, තෙන සො පදුමච‍්ඡදනියත්‍ථෙරොති පාකටො.

නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් පදුමච්ඡදනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පුණ්‍ය සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ තෙරුවන්හි පැහැදුණේ, පිරිනිවන්පෑ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ චිතකය නෙළුම්මලින් පිදුවේය. හේ එම සිත් පැහැදීමෙන් දිවි ඇතිතාක් කල් සිට එයින් සුගතීන්හිම සැරි සරන්නේ දිව්‍ය සම්පත්තිය මනුෂ්‍ය සම්පත්තිය යන උභය සම්පත්තීන් නොයෙක්වර අනුභවකොට මේ අපගේ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද සසුනෙහි පැවිදිවූයේ වෑයම් කරන්නේ නොබෝ කලකින්ම රහත්විය. රාත්‍රිස්ථාන දිවා ස්ථානයන්හි ඒ ඒ තැන වසන්නා වූ උන්වහන්සේගේ විහාරය නෙළුම්මලින් වැසීයයි. එයින් උන්වහන්සේ පදුමච්ඡදනිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූවාහු,

අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිමාහ. තත්‍ථ නිබ‍්බුතෙති ඛන්‍ධපරිනිබ‍්බානෙන පරිනිබ‍්බුතෙ සත්‍ථරි, විපස‍්සිස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස සරීරෙ චිතමානියමානෙ චිතකෙ ආරොපිතෙ සුඵුල‍්ලං පදුමකලාපං අහං ගහෙත්‍වා චිතකං ආරොපයිං පූජෙසින‍්ති අත්‍ථො. සෙසගාථාසු හෙට‍්ඨා වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙවාති.

තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු නිබ්බුතෙ ලොකනාථම්හි යනාදිය කීහ. එහි නිබ්බුතෙ යනු ස්කන්ධ පරිනිර්වාණයෙන් ශාස්තෲන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි විපස්සි සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ සිරුර චිතමානීයමානෙ චිතකයට නැංවූ කල්හි සුපුල් නෙළුම්මල් කලඹක් ගෙන මම චිතකයට ආරොපයිං පිදුවෙමි යන අර්ථයි. සෙසු ගාථාවල අර්ථ යට කියූ පරිදි වේ.

පදුමච‍්ඡදනියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

පදුමච්ඡදනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

47. සයනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

47. ශයනදායක ථේර අපදාන වර්ණනාව

සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො සයනදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ අඤ‍්ඤතරස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා හත්‍ථිදණ‍්ඩසුවණ‍්ණාදීහි සයනත්‍ථාය මඤ‍්චං කාරෙත්‍වා අනග‍්ඝෙහි විචිත‍්තත්‍ථරණෙහි අත්‍ථරිත්‍වා භගවන‍්තං පූජෙසි. සො භගවා තස‍්සානුකම‍්පාය පටිග‍්ගහෙත්‍වා අනුභවි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දිබ‍්බමනුස‍්සසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථු සාසනෙ පසන‍්නො පබ‍්බජිත්‍වා විපස‍්සනං ආරභිත්‍වා නචිරස‍්සෙව අරහා අහොසි. පුබ‍්බෙ කතපුඤ‍්ඤනාමෙන සයනදායකත්‍ථෙරොති පාකටො.

සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තැනැත්තේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණියේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ඇත්දත් රන් ආදියෙන් නිදනු පිණිස ඇඳක් කරවා අනර්ඝ වූ විසිතුරු ඇතිරිලිවලින් අතුරා භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පිළිගෙන පරිහරණය කළ සේක. හේ එම පින්කමින් දෙව් මිනිස් සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැහැද පැවිදිව විදසුන් අරඹා නොබෝ කලෙකින්ම රහත් විය. පෙර කරන ලද පින්කමෙහි නමින් සයනදායක තෙරුන් වහන්සේයයි ප්‍රකට විය.

සො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිමාහ. තං සබ‍්බං පාළිනයානුසාරෙන සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ එක් දවසක් තමාගේ පුණ්‍යකර්මය සිහිකොට සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු සිද්ධත්‍ථස්ස භගවතො යනාදිය කීහ. ඒ සියල්ල පාළියෙහි නියමානුසාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.

සයනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සයනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

48. චඞ‍්කමනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

48. චඞ්ක්‍රමදායක ථේර අපදාන වර්ණනාව

අත්‍ථදස‍්සිස‍්ස මුනිනොතිආදිකං ආයස‍්මතො චඞ‍්කමනදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පායස‍්මා පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තෙසු තෙසු භවෙසු විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො සත්‍ථරි පසීදිත්‍වා උච‍්චවත්‍ථුකං සුධාපරිකම‍්මකතං රජතරාසිසදිසං සොභමානං චඞ‍්කමං කාරෙත්‍වා මුත‍්තදලසදිසං සෙතපුලිනං අත්‍ථරිත්‍වා භගවතො අදාසි. පටිග‍්ගහෙසි භගවා, චඞ‍්කමං පටිග‍්ගහෙත්‍වා ච පන සුඛං කායචිත‍්තසමාධිං අප‍්පෙත්‍වා “අයං අනාගතෙ ගොතමස‍්ස භගවතො සාසනෙ සාවකො භවිස‍්සතී”ති බ්‍යාකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු අපරාපරං සංසරන‍්තො ද‍්වෙ සම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො සද‍්ධාසම‍්පන‍්නො සාසනෙ පබ‍්බජිත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පත්‍වා කතපුඤ‍්ඤනාමෙන චඞ‍්කමනදායකත්‍ථෙරොති පාකටො අහොසි.

අත්‍ථදස්සිස්ස මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් චඞ්කමදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙම ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු ඒ ඒ භවයන්හි නිවනට හේතුවූ පින් රැස් කරන්නාහු අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු දැනමිති බවට පත්වූවාහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී උස් පාදමක් ඇති සුණු පිරියම් කළ රිදී රැසක් බඳු අලංකාර සක්මනක් කරවා මුතුදැල් වැනි සුදුවැලි අතුරා භාග්‍යවතුන් වහන්සේට දුන්හ. භාග්‍යවතුන් වහන්සේ සක්මන පිළිගත් සේක. පිළිගෙනද ස්වකීය සිත සමාධියට නංවා අනාගතයෙහි ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි ශ්‍රාවකයෙක් වන්නේ යයි ප්‍රකාශ කළ සේක. හේ එම පුණ්‍යකර්මයෙන් දෙවිමිනිසුන් අතර නැවත නැවත සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ සැදැහැ ඇත්තේ සසුනෙහි පැවිදිව නොබෝ කලකින්ම රහත් බවට පත්ව කරන ලද පින්කමෙහි නමින් චඞ්කමදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.

සො එකදිවසං අත‍්තනා පුබ‍්බෙ කතපුඤ‍්ඤකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො අත්‍ථදස‍්සිස‍්ස මුනිනොතිආදිමාහ. තත්‍ථ අත්‍ථදස‍්සිස‍්සාති අත්‍ථං පයොජනං වුද‍්ධිං විරූළ‍්හිං නිබ‍්බානං දක‍්ඛති පස‍්සතීති අත්‍ථදස‍්සී, අථ වා අත්‍ථං නිබ‍්බානං දස‍්සනසීලො ජානනසීලොති අත්‍ථදස‍්සී, තස‍්ස අත්‍ථදස‍්සිස‍්ස මුනිනො මොනෙන ඤාණෙන සමන‍්නාගතස‍්ස භගවතො මනොරමං මනල‍්ලීනං භාවනීයං මනසි කාතබ‍්බං චඞ‍්කමං කාරෙසින‍්ති සම‍්බන්‍ධො. සෙසං වුත‍්තනයානුසාරෙනෙව සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

උන්වහන්සේ එක් දවසක් තමා විසින් පෙර කරන ලද පුණ්‍ය කර්මය සිහිකොට සොම්නස් වූවාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු අත්‍ථදස්සිස්ස මුනිනො යනාදිය කීහ. එහි අත්‍ථදස්සිස්ස යනු අත්‍ථං ප්‍රයෝජනය වෘද්ධිය නැගීම නිර්වාණය පෙන්වතියි දකිතියි අර්ථයි. නැතහොත් අත්‍ථං අර්ථය, නිර්වාණය දකිනසුලු, දන්නාසුලු යන අර්ථයි. ඒ අත්‍ථදස්සිහුගේ. මුනිනො මොනෙන ඤාණයෙන් යුක්ත වූ භාග්‍යවතුන් වහන්සේගේ. මනෝරමං මනබඳනා. භාවනීයං සිත තබා ගතයුතු සක්මනක් කරවීය යනු සම්බන්ධයි. සෙස්ස කියූ පරිදි පහසුවෙන් දතහැක්කේමය.

චඞ‍්කමනදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

චඞ්කමදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

49. සුභද‍්දත්‍ථෙරඅපදානවණ‍්ණනා

49. සුභද්‍ර ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරො ලොකවිදූතිආදිකං ආයස‍්මතො සුභද‍්දත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ නිබ‍්බානාධිගමනත්‍ථාය පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ සද‍්ධාසම‍්පන‍්නෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බතො විඤ‍්ඤුතං පත්‍වා ඝරබන්‍ධනෙන බද‍්ධො රතනත‍්තයෙ පසන‍්නො පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නං පදුමුත‍්තරං භගවන‍්තං දිස‍්වා සන‍්නිපතිතා දසසහස‍්සචක‍්කවාළදෙවතායො ච දිස‍්වා පසන‍්නමානසො නිග‍්ගුණ‍්ඩිකෙටකනීලකාසොකාසිතාදිඅනෙකෙහි සුගන්‍ධපුප‍්ඵෙහි පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන යාවතායුකං ඨත්‍වා තතො චවිත්‍වා තුසිතාදීසු දිබ‍්බසම‍්පත‍්තියො අනුභවිත්‍වා තතො මනුස‍්සෙසු මනුස‍්සසම‍්පත‍්තියො අනුභවිත්‍වා නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙසු ච සුගන්‍ධෙහි පුප‍්ඵෙහි පූජිතො අහොසි. ඉමස‍්මිං පන බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං විභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො කාමෙසු ආදීනවං දිස‍්වාපි යාව බුද‍්ධස‍්ස භගවතො පරිනිබ‍්බානකාලො තාව අලද‍්ධබුද‍්ධදස‍්සනො භගවතො පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නකාලෙයෙව පබ‍්බජිත්‍වා අරහත‍්තං පාපුණි. පුබ‍්බෙ කතපුඤ‍්ඤනාමෙන සුභද‍්දොති පාකටො අහොසි.

පදුමුත්තරො ලොකවිදූ ආදී වශයෙන් ආයුෂ්මත් සුභද්‍ර තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන නිර්වාණාවබෝධයට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධනසම්පත් ඇති සැදැහැති එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණ ගෘහ බන්ධනයෙන් බැඳුණේ තෙරුවන්හි පහන් වූයේ පිරිනිවන් මංචකයෙහි වැදහොත් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දැක, රැස්වූ දසදහසක් සක්වළ දෙවියන් ද දැක පහන් සිතැත්තේ නිග්ගුණ්ඩි, කේතකී, නීලක, අසෝක අසිත ආදී නොයෙක් සුවඳමලින් පූජා කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් දිවි ඇතිතාක් සිට එයින් මියගොස් තුසිත ආදියෙහි දිව්‍යසම්පත් අනුභවකොට ඉන් මනුෂ්‍යයන් අතර උපනුපන් තැන්වලදී ද සුවඳ මලින් ද පුදන ලද්දේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් ධනසම්පත් ඇති කුලයෙක ඉපිද මිනිස් සැප අනුභවකොට දැනමිති බවට පැමිණියේ කාමයන්හි ආදීනව දැක පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පානා කල්හි එතෙක් නොලද බුද්ධ දර්ශන ඇත්තේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැදහොත් කල්හිම පැවිදිව රහත්බවට පත්විය. පෙර කරන ලද පින්කමෙහි නමින් සුභද්‍ර යයි ප්‍රකට විය.

සො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරො ලොකවිදූතිආදිමාහ. තං උත‍්තානත්‍ථමෙව. සුණාථ මම භාසතො…පෙ… නිබ‍්බායිස‍්සතිනාසවොති ඉදං පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නොව පදුමුත‍්තරො භගවා බ්‍යාකාසි.

හේ තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරො ලොකවිදූ යනාදිය කීය. එය නොගැඹුරු අරුත් ඇත්තේමය. “මා කියන්නක් අසවු. ආශ්‍රව නැත්තේ පිරිනිවන් පාන්නේය”යි මෙය පිරිනිවන් මංචකයෙහි වැදහොත් සේක්ම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ සේක.

පඤ‍්චමභාණවාරවණ‍්ණනා සමත‍්තා.

පස්වැනි මහ බණවර වර්ණනාව සමාප්තයි.

සො අත‍්තනො පටිපත‍්තිං දස‍්සෙන‍්තො පුබ‍්බකම‍්මෙන සංයුත‍්තොතිආදිමාහ. එකග‍්ගොති එකග‍්ගචිත‍්තො. සුසමාහිතොති සුට‍්ඨු සමාහිතො, සන‍්තකායචිත‍්තොති අත්‍ථො. බුද‍්ධස‍්ස ඔරසො පුත‍්තොති බුද‍්ධස‍්ස උරසා හදයෙන නිග‍්ගතඔවාදානුසාසනිං සුත්‍වා පත‍්තඅරහත‍්තඵලොති අත්‍ථො. ධම‍්මජොම‍්හි සුනිම‍්මිතොති ධම‍්මතො කම‍්මට‍්ඨානධම‍්මතො ජාතො අරියාය ජාතියා සුනිම‍්මිතො සුට‍්ඨු නිප‍්ඵාදිතසබ‍්බකිච‍්චො අම‍්හි භවාමීති අත්‍ථො.

හේ තමාගේ ප්‍රතිපත්තිය දක්වන්නේ පුබ්බකම්මෙන සංයුත්තො ආදිය කීය. එකග්ගො යනු ඒකාග්‍ර සිත් ඇත්තේ. සුසමාහිතො යනු මනාසේ සමාහිත වූයේ නිවුනු සිතැත්තේ යන අර්ථයි. බුද්ධස්ස ඔරසොපුත්තො යනු බුදුරජාණන් වහන්සේගේ උරසා හදවතින් නික්මුණු අවවාද අනුශාසනා අසා පැමිණි රහත්ඵල ඇත්තේය යන අර්ථයි. ධම්මජොම්හි සුනිම්මිතො යනු ධර්මයෙන් කර්මස්ථාන ස්වභාවයෙන් උපන්නේ ආර්ය ජාතියෙන් සුනිම්මිතො මනාසේ නිපදවාගත් සියලු කෘත්‍ය ඇත්තේ අම්හි වෙමියි අර්ථයි.

ධම‍්මරාජං උපගම‍්මාති ධම‍්මෙන සබ‍්බසත‍්තානං රාජානං ඉස‍්සරභූතං භගවන‍්තං උපගන‍්ත්‍වා සමීපං ගන‍්ත්‍වාති අත්‍ථො. අපුච‍්ඡිං පඤ‍්හමුත‍්තමන‍්ති උත‍්තමං ඛන්‍ධායතනධාතුසච‍්චසමුප‍්පාදාදිපටිසංයුත‍්තං පඤ‍්හං අපුච‍්ඡින‍්ති අත්‍ථො. කථයන‍්තො ච මෙ පඤ‍්හන‍්ති එසො අම‍්හාකං භගවා මෙ මය‍්හං පඤ‍්හං කථයන‍්තො බ්‍යාකරොන‍්තො. ධම‍්මසොතං උපානයීති අනුපාදිසෙසනිබ‍්බානධාතුසඞ‍්ඛාතං ධම‍්මසොතං ධම‍්මපවාහං උපානයි පාවිසීති අත්‍ථො.

ධම්මරාජං උපාගම්ම යනු ධර්මයෙන් සියලු සත්ත්වයන්ට රාජානං ප්‍රධාන වූ භාග්‍යවතුන් වහන්සේ කරා උපගන්ත්‍වා සමීපයට ගොස් යන අර්ථයි. ආපුච්ඡිං පඤ්හමුත්තමං යනු උතුම් වූ ස්කන්ධ ආයතන ධාතු ප්‍රතීත්‍ය සමුත්පාද ආදියෙන් යුතු ප්‍රශ්නයක් ඇසුවෙමි යන අර්ථයි. කථයන්තො ච මෙ පඤ්හං යනු මේ අපගේ භාග්‍යවතුන් වහන්සේය. මෙ මාගේ ප්‍රශ්න කථයන්තො ප්‍රකාශ කරන්නේ ධම්මසොතං උපානයී යනු අනුපාදිශේෂ නිර්වාණ සංඛ්‍යාත වූ ධම්මසොතං ධර්මය නමැති ප්‍රවාහයට උපානධි පිවිසියේය යන අර්ථයි.

ජලජුත‍්තමනායකොති පදුමුත‍්තරනාමකො ම-කාරස‍්ස ය-කාරං කත්‍වා කතවොහාරො. නිබ‍්බායි අනුපාදානොති උපාදානෙ පඤ‍්චක‍්ඛන්‍ධෙ අග‍්ගහෙත්‍වා නිබ‍්බායි න පඤ‍්ඤායි අදස‍්සනං අගමාසි, මනුස‍්සලොකාදීසු කත්‍ථචිපි අපතිට‍්ඨිතොති අත්‍ථො. දීපොව තෙලසඞ‍්ඛයාති වට‍්ටිතෙලානං සඞ‍්ඛයා අභාවා පදීපො ඉව නිබ‍්බායීති සම‍්බන්‍ධො.

ජලජුත්තරනායකො යනු පදුමුත්තර නම් ඇති මකාරයට රකාරය කොට කරන ලද ව්‍යවහාරයයි. නිබ්බායි නොපෙනුණේය. නෙපෙනී ගියේය. මනුෂ්‍ය ලෝකාදියෙහි කිසිතැනක නොපිහිටියේය යන අර්ථයි. දීපොව තෙල සඞ්ඛයා යනු පහන්වැටි නැතිවීමෙන් නිවීගිය පහනක් මෙන් යන සම්බන්ධයි.

සත‍්තයොජනිකං ආසීති තස‍්ස පරිනිබ‍්බුතස‍්ස පදුමුත‍්තරස‍්ස භගවතො රතනමයං ථූපං සත‍්තයොජනුබ‍්බෙධං ආසි අහොසීති අත්‍ථො. ධජං තත්‍ථ අපූජෙසින‍්ති තත්‍ථ තස‍්මිං චෙතියෙ සබ‍්බභද‍්දං සබ‍්බතො භද‍්දං සබ‍්බසො මනොරමං ධජං පූජෙසින‍්ති අත්‍ථො.

සත්තයොජනිකං ආසී යනු පිරිනිවියා වූ ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ රුවන්මුවා ස්තූපය යොදුන් සතක් උස ආසි විය යන අර්ථයි. ධජංතත්‍ථ අපූජයිං යනු තත්‍ථ ඒ චෛත්‍යයෙහි සබ්බ භද්දං සියල්ල සුන්දර වූ මනහර වූ ධජයක් පිදුවෙමි යන අර්ථයි.

කස‍්සපස‍්ස ච බුද‍්ධස‍්සාති පදුමුත‍්තරස‍්ස භගවතො කාලතො පට‍්ඨාය ආගතස‍්ස දෙවමනුස‍්සෙසු සංසරතො මෙ මය‍්හං ඔරසො පුත‍්තො තිස‍්සො නාම කස‍්සපස‍්ස සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අග‍්ගසාවකො ජිනසාසනෙ බුද‍්ධසාසනෙ දායාදො ආසි අහොසීති සම‍්බන්‍ධො.

කස්සපස්සච බුද්ධස්ස යනු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කාලයෙහි පටන් පැමිණ දෙවිමිනිසුන් අතර හැසිරීමෙන් පසුව කාශ්‍යප සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයා වූ තිස්ස තෙමේ මාගේ පුත්‍රයා විය. ජින සාසනෙ බුද්ධ ශාසනයෙහි දායාදයක් ආසි විය යනු සම්බන්ධයි.

තස‍්ස හීනෙන මනසාති තස‍්ස මම පුත‍්තස‍්ස තිස‍්සස‍්ස අග‍්ගසාවකස‍්ස හීනෙන ලාමකෙන මනසා චිත‍්තෙන අභද‍්දකං අසුන්‍දරං අයුත‍්තකං “අන‍්තකො පච‍්ඡිමො”ති වාචං වචනං අභාසිං කථෙසින‍්ති අත්‍ථො. තෙන කම‍්මවිපාකෙනාති තෙන අරහන‍්තභක‍්ඛානසඞ‍්ඛාතස‍්ස අකුසලකම‍්මස‍්ස විපාකෙන. පච‍්ඡිමෙ අද‍්දසං ජිනන‍්ති පච‍්ඡිමෙ පරියොසානෙ පරිනිබ‍්බානකාලෙ මල‍්ලානං උපවත‍්තනෙ සාලවනෙ පරිනිබ‍්බානමඤ‍්චෙ නිපන‍්නං ජිනං ජිතසබ‍්බමාරං අම‍්හාකං ගොතමසම‍්මාසම‍්බුද‍්ධං අද‍්දසං අහන‍්ති අත්‍ථො. “පච‍්ඡා මෙ ආසි භද‍්දක”න‍්තිපි පාඨො. තස‍්ස පච‍්ඡා තස‍්ස භගවතො අවසානකාලෙ නිබ‍්බානාසන‍්නකාලෙ මෙ මය‍්හං භද‍්දකං සුන්‍දරං චතුසච‍්චපටිවිජ‍්ඣනං ආසි අහොසීති අත්‍ථො.

තස්ස හීනෙන මනසා යනු ඒ මාගේ පුත්‍ර වූ තිස්ස නම් අග්‍ර ශ්‍රාවකයාට හීනෙන ලාමක වූ මනසා සිතින් අභද්දකං අසුන්දර වූ අයුතු වූ අන්තකො අන්තකයා පශ්චිමයාය. යන චාවං වචනයක් අභාසිං කීවෙමියි අර්ථයි. තෙන කම්මවිපාකෙන යනු ඒ රහත්බවට නිගරුකිරීම් සංඛ්‍යාත අකුසල කර්මයෙහි විපාකයෙන්. පච්ඡිමෙ අද්දසංජිනං යනු පච්ඡිමෙ අවසානයෙහි, පිරිනිවන්පානා අවස්ථාවෙහි මල්ලයන්ගේ උපවර්තන සල්වනයෙහි පිරිනිවන් මංචකයෙහි වැදහොත් ජිනං සියලු මරුන් දිනූ අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ මම දුටුවෙමි යන අර්ථයි. පච්ඡිමෙ අසි භද්දකං යනුවෙන්ද පාඨයක් ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන කාලයෙහි, පිරිනිවන්පෑමට ආසන්න කාලයෙහි මෙ මාගේ භද්දකං සොඳුරු වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ආසි විය යන අර්ථයි.

පබ‍්බාජෙසි මහාවීරොති මහාවීරියො සබ‍්බසත‍්තහිතො කරුණායුත‍්තො ජිතමාරො මුනි මල‍්ලානං උපවත‍්තනෙ සාලවනෙ පච‍්ඡිමෙ සයනෙ පරිනිබ‍්බානමඤ‍්චෙ සයිතොව මං පබ‍්බාජෙසීති සම‍්බන්‍ධො.

පබ්බාජෙසි මහාවීරො යනු මහාවීර්ය ඇති සියලු සතුන්ට හිතවත් කරුණාවෙන් යුතු මරුන් දිනූ මුනිවරයන් වහන්සේ මල්ලයන්ගේ උපවර්තන සල්වනයෙහි අවසන් සයනයෙහි පිරිනිවන් මංචකයෙහි වැදහොත් සේක්ම මා පැවිදිකළ සේක යන සම්බන්ධයි.

අජ‍්ජෙව දානි පබ‍්බජ‍්ජාති අජ‍්ජ එව භගවතො පරිනිබ‍්බානදිවසෙයෙව මම පබ‍්බජ‍්ජා, තථා අජ‍්ජ එව උපසම‍්පදා, අජ‍්ජ එව ද‍්විපදුත‍්තමස‍්ස සම‍්මුඛා පරිනිබ‍්බානං අහොසීති සම‍්බන්‍ධො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

අජ්ජෙවදානි පබ්බජ්ජා යනු අජ්ජඑව භාග්‍යවතුන් වහන්සේගේ පිරිනිවන්පානා දවසෙහිම මාගේ පැවිද්ද විය. එසේම උපසම්පදාව විය. එදිනම බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමද වීය යනු සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

සුභද‍්දත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සුභද්ද තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

50. චුන්‍දත්‍ථෙරඅපදානවණ‍්ණනා

50. චුන්‍ද ථේර අපදාන වර්ණනාව

සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො චුන්‍දත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතපුඤ‍්ඤසම‍්භාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ කුලෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත්‍වා සත්‍ථරි පසීදිත්‍වා සත‍්තරතනමයං සුවණ‍්ණග‍්ඝියං කාරෙත්‍වා සුමනපුප‍්ඵෙහි ඡාදෙත්‍වා භගවන‍්තං පූජෙසි. තානි පුප‍්ඵානි ආකාසං සමුග‍්ගන‍්ත්‍වා විතානාකාරෙන අට‍්ඨංසු. අථ නං භගවා “අනාගතෙ ගොතමස‍්ස නාම භගවතො සාසනෙ චුන්‍දො නාම සාවකො භවිස‍්සතී”ති බ්‍යාකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන තතො චුතො දෙවලොකෙ උපපන‍්නො කමෙන ඡසු කාමාවචරදෙවෙසු සුඛං අනුභවිත්‍වා මනුස‍්සෙසු චක‍්කවත‍්තිආදිසම‍්පත‍්තියො ච අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බ්‍රාහ‍්මණකුලෙ රූපසාරියා පුත‍්තො සාරිපුත‍්තත්‍ථෙරස‍්ස කනිට‍්ඨො හුත්‍වා නිබ‍්බත‍්ති. තස‍්ස විඤ‍්ඤුතං පත‍්තස‍්ස ආරොහපරිණාහරූපවයානං සුන්‍දරතාය සකාරස‍්ස චකාරං කත්‍වා චුන්‍දොති නාමං කරිංසු. සො වයප‍්පත‍්තො ඝරාවාසෙ ආදීනවං පබ‍්බජ‍්ජාය ච ආනිසංසං දිස‍්වා භාතුත්‍ථෙරස‍්ස සන‍්තිකෙ පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පාපුණි.

සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් චුන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පුණ්‍ය සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධනසම්පත් ඇති කුලයක උපන්නේ දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී සත්රුවන්මුවා රන් ඇගෑයක් කරවා සමන්මලින් වසා භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. ඒ මල් අහසට පැනනැගී වියනක ආකාරයෙන් සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ඔහු ගෞතම නම් භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි චුන්‍ද නම් ශ්‍රාවකයෙක් වන්නේයයි ප්‍රකාශ කළ සේක. හේ එම පුණ්‍යකර්මයෙන් ඉන් චුතවූයේ දෙව්ලොව උපන්නේ ක්‍රමයෙන් කාමාවචර සයෙහි දෙවියන් අතර සැප අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභව කළේය. ඉන්පසු මේ බුද්ධෝත්පාද කාලයෙහි බමුණු කුලයෙහි රූපසාරීයගේ පුත්‍ර වූ සාරිපුත්‍ර තෙරුන් වහන්සේගේ බාල සොහොයුරා වී උපන්නේය. දැනමිති බවට පත් ආරෝහ පරිණාහ රූප අවයවයන්ගේ සොඳුරු බව නිසා සකාරයව චකාරය තබා චුන්‍දයයි නම් කළහ. හේ වැඩිවිය පත්වූයේ ගිහිගෙයි ආදීනවද පැවිද්දෙහි ආනිසංසද දැක සොහොයුරු තෙරුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය.

සො පත‍්තඅරහත‍්තඵලො එකදිවසං අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිමාහ. තං හෙට‍්ඨා වුත‍්තත්‍ථමෙව. අග‍්ඝියන‍්තිආදයොපි උත‍්තානත්‍ථායෙව.

උන්වහන්සේ පැමිණි රහත්ඵල ඇත්තාහු එක් දවසක් තමාගේ පුණ්‍යකර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු සිද්ධත්‍ථස්ස භගවතො ආදිය කීහ. එය යට කියන ලද පරිදි වේ. අගසියං යනාදියද නොගැඹුරු අර්ථ ඇත්තේමය.

විතිණ‍්ණකඞ‍්ඛො සම‍්බුද‍්ධොති විසෙසෙන මග‍්ගාධිගමෙන විචිකිච‍්ඡාය ඛෙපිතත‍්තා විතිණ‍්ණකඞ‍්ඛො අසංසයො සම‍්බුද‍්ධො. තිණ‍්ණොඝෙහි පුරක‍්ඛතොති කාමොඝාදීනං චතුන‍්නං ඔඝානං තිණ‍්ණත‍්තා අතික‍්කන‍්තත‍්තා ඔඝතිණ‍්ණෙහි ඛීණාසවෙහි පුරක‍්ඛතො පරිවාරිතොති අත්‍ථො. බ්‍යාකරණගාථා උත‍්තානත්‍ථායෙව.

විතිණ්ණකඞ්ඛො සම්බුද්ධො යනු විශේෂයෙන් මාර්ගාධිගමයෙන් විචිකිච්ඡාව අත්හැර දැමූ බැවින් විතිණ්ණකඞ්ඛො සැක නැති සම්බුදු රජාණන් වහන්සේය. තිණ්ණොඝෙහි පුරක්ඛතො යනු කාමාදී සතර ඕඝයන්ගෙන් තිණ්ණකො එතෙර වූ බැවින් ඕඝතරණය කළ රහතන් වහන්සේ විසින් පුරක්ඛතො පිරිවරන ලද්දේ යන අර්ථයි. ව්‍යාකරණ ගාථා නොගැඹුරු අර්ථ ඇත්තේමය.

උපට‍්ඨහිං මහාවීරන‍්ති උත‍්තමත්‍ථස‍්ස නිබ‍්බානස‍්ස පත‍්තියා පාපුණනත්‍ථාය කප‍්පසතසහස‍්සාධිකෙසු චතුරාසඞ‍්ඛ්‍යෙය්‍යෙසු කප‍්පෙසු පාරමියො පූරෙන‍්තෙන කතවීරියත‍්තා මහාවීරං බුද‍්ධං උපට‍්ඨහිං උපට‍්ඨානං අකාසින‍්ති අත්‍ථො. අඤ‍්ඤෙ ච පෙසලෙ බහූති න කෙවලමෙව බුද‍්ධං උපට‍්ඨහිං, පෙසලෙ පියසීලෙ සීලවන‍්තෙ අඤ‍්ඤෙ ච බහුඅග‍්ගප‍්පත‍්තෙ සාවකෙ, මෙ මය‍්හං භාතරං සාරිපුත‍්තත්‍ථෙරඤ‍්ච උපට‍්ඨහින‍්ති සම‍්බන්‍ධො.

උපට්ඨහිං මහාවීරං යනු උත්තම අර්ථ ඇති නිර්වාණයට පත්තියා පැමිණීම පිණිස කල්ප දසදහසකට අධික චතුරාසංඛ්‍ය කල්පයන්හි පාරමී පුරන්නා වූ කරන ලද වීර්ය ඇති බැවින් මහාවීරං බුදුරජාණන් වහන්සේට උපට්ඨහිං උපස්ථාන කළෙමි යන අර්ථයි. අඤ්ඤෙච පෙසලෙ බහු යනු හුදෙක් උපස්ථාන කළේ බුදුරජාණන් වහන්සේට පමණක් නොවේ. පෙසලෙ ප්‍රියශීලී වූ සීලවන්ත වූ අනික් බොහෝ අග්‍රප්‍රාප්ත වූ ශ්‍රාවකයන්ට. මෙ මාගේ භාතරං සැරියුත් තෙරුන් වහන්සේටද උපස්ථාන කෙළෙමි යනු සම්බන්ධයි.

භාතරං මෙ උපට‍්ඨහිත්‍වාති මය‍්හං භාතරං උපට‍්ඨහිත්‍වා වත‍්තපටිවත‍්තං කත්‍වා තස‍්ස පරිනිබ‍්බුතකාලෙ භගවතො පඨමං පරිනිබ‍්බුතත‍්තා තස‍්ස ධාතුයො ගහෙත්‍වා පත‍්තම‍්හි ඔකිරිත්‍වා ලොකජෙට‍්ඨස‍්ස නරානං ආසභස‍්ස බුද‍්ධස‍්ස උපනාමෙසිං අදාසින‍්ති අත්‍ථො.

භාතරං මෙ උපට්ඨහිත්‍වා යනු මාගේ සහෝදරයාට උපට්ඨහිත්‍වා වත් පිළිවෙත් කොට උන්වහන්සේ පිරිනිවියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමට කලින් බැවින් උන්වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන පාත්‍රයෙහි බහා ලොකජෙට්ඨස්ස මනුෂ්‍යයන්ට ප්‍රධාන වූ බුදුරජාණන් වහන්සේට උපනාමෙසිං දුන්නෙමි යන අර්ථයි.

උභො හත්‍ථෙහි පග‍්ගය‍්හාති තං මහා දින‍්නං ධාතුං සො භගවා අත‍්තනො උභොහි හත්‍ථෙහි පකාරෙන ගහෙත්‍වා තං ධාතුං සංසුට‍්ඨු දස‍්සයන‍්තො අග‍්ගසාවකං සාරිපුත‍්තත්‍ථෙරං කිත‍්තයි පකාසෙසීති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

උභොහත්‍ථෙහි පග්ගයහාති යනු ඒ මා දුන් ධාතූන් ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ දෑතින් මනාව ගෙන ඒ ධාතූන් සං මනාසේ පෙන්වමින් අග්ගසාවකං සාරිපුත්‍ර තෙරුන් වහන්සේ කිත්තයි ප්‍රකාශ කළ සේක යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

චුන්‍දත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

චුන්ද තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

පඤ‍්චමවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

පස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.