යෙදුමෙන් කියවන්න

45. පඤ‍්චහත්‍ථියත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

45. පඤ‍්චහත්‍ථියත්‍ථෙරාපදානං

45. පඤ්චහත්‍ථිය ස්ථවිරාවදානය

1191. සුමෙධො නාම සම‍්බුද‍්ධො ගච‍්ඡතෙ අන‍්තරාපණෙ, ඔක‍්ඛිත‍්තචක‍්ඛු මිතභාණී සතිමා සංවුතින්‍ද්‍රියො.

1191. යටට හෙළන ලද ඇස් ඇති ප්‍රමාණවත් වචන ඇති, සිහියෙන් යුත් සංවරණය කරණලද ඉඳුරන් ඇති, සුමේධ නම් බුදුරජතෙමේ ඇතුළු වීථියෙහි වඩනා කල්හි-

1192. පඤ‍්ච උප‍්පලහත්‍ථානි ආවෙලත්‍ථං අහංසු මෙ, තෙන බුද‍්ධං අපූජෙසිං පසන‍්නො සෙහි පාණිහි.

1192. මට මුදුන්මල්කඩ පිණිස උපුල්අත් (උපුල්මිටි) පසක් ගෙණාවාහු ය. මම පහන් වූයෙම් ඒ මලින් සියතින් බුදුන් පිදීමි.

1193. ආරොපිතා ච තෙ පුප‍්ඵා ඡදනං ආසු සත්‍ථුනො, සංසාවිංසු මහානාගං සිස‍්සා ආචරියං යථා.

1193. උඩට නැගුනු ඒ මල් බුදුරජානන් වහන්සේට වියනක් වී ය. ශිෂ්‍යයෝ ගුරුවරයෙකුගේ මෙන් සියලු පුෂ්පයෝ බුදුරජානන් වහන්සේගේ ගිමන් නිවූහ.

1194. තිංසකප‍්පසහස‍්සම‍්හි යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

1194. මෙයින් තිස්දහස්වන කපෙහි යම් මල් රැසක් (බුදුන් මුදුනෙහි) එළවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

1195. ඉතො වීසකප‍්පසතෙ අහෙසුං පඤ‍්ච ඛත‍්තියා, හත්‍ථියා නාම නාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලා.

1195. මෙයින් දෙදහස්වන කපෙහි නමින් හත්‍ථිය නම් වූ මහත් බල ඇති සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.

1196. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1196. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පඤ‍්චහත්‍ථියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.

පඤ‍්චහත‍්තියත්‍ථෙරස‍්ස අපදානං පඤ‍්චමං.

පඤ්චහත්‍ථියස්ථවිරාවදානය පස්වැනි යි.

46. පදුමච‍්ඡදනියත්‍ථෙරාපදානං

46. පදුමච්ඡදනිය ස්ථවිරාවදානය

1197. නිබ‍්බුතෙ ලොකනාථම‍්භි විපස‍්සිම‍්හග‍්ගපුග‍්ගලො, සුඵුල‍්ලං පදුමං ගය‍්හ චිතකමාරොපයිං අහං.

1197. එකල්හි අග්‍රපුද්ගල වූ විපස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම මැනැවින් පිපුනු පියුම් ගෙණ චිතකයට පිදීමි.

1198. ආරොපිතෙ ච චිතකෙ වෙහාසං නභමුග‍්ගමී, ආකාසච‍්ඡදනං කත්‍වා චිතකම‍්භි අධාරයිං.

1198. චිතකයට නැගු කල්හි (ඒ පියුම්) අහසට නැගුනේ ය. එය අහසෙහි වියනක් කොට චිතකයෙහි දැරීමි.

1199. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුප‍්ඵමභිරොපයිං, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධපූජායිදං ඵලං.

1199. මෙයින් එක්අනූවන කපෙහි යම් මලක් පිදුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.

1200. සත‍්තතාළීසිතො කප‍්පෙ පදුමිස‍්සරනාමකො, චාතුරන‍්තො විජිතාවී චක‍්කවත‍්තී මහබ‍්බලො.

1200. මෙයින් සත්සාලිස්වන කපෙහි සිවුමහදිවයින් හා සිවු සයුරු කෙළවර කොට ඇති පෘථිවිශ්චර වූ, සතුරු රජුන් ජය ගන්නාසුලු වූ මහත් බල ඇති පදුමිස්සර නම් සක්විතිරජෙක් වීමි.

1201. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1201. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පදුමච‍්ඡදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් පදුමච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.

පදුමච‍්ඡදනියත්‍ථෙරස‍්ස අපදානං ඡට‍්ඨං.

පදුමච්ඡදනිය ස්ථවිරාවදානය සවැනි යි.

47. සයනදායකත්‍ථෙරාපදානං

47. ශයනදායක ස්ථවිරාවදානය

1202. සිද‍්ධත්‍ථස‍්ස භගවතො මෙත‍්තචිත‍්තස‍්ස තාදිනො, සයනග‍්ගං මයා දින‍්නං දුස‍්සභණ‍්ඩෙහි අත්‍ථතං.

1202. තාදීගුණ ඇති මෛත්‍රී සිත් ඇති සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ඇතිරි ආදි වූ දුස්සභාණ්ඩයන්ගෙන් අතුරණ ලද උතුම් සයනයක් මා විසින් දෙනලදී.

1203. පටිග‍්ගහෙසි භගවා කප‍්පියං සයනාසනං, උට‍්ඨාය ආසනා තම‍්හා වෙහාසං උග‍්ගමී ජිනො.

1203. භාග්‍යවතුන් වහන්සේ ඒ කැප ශයනාසනය පිළිගත් සේක. පස්මරුන් දිනූ බුදුරජතෙමේ ඒ අසුනින් නැගිට අහසට නැගුනේ ය.

1204. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං සයනමදාසහං, දුග‍්ගතිං නාභිජානාමි සයනදානස‍්සිදං ඵලං.

1204. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් සයනයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සයනදානයාගේ මේ විපාකය යි.

1205. එකපඤ‍්ඤාසිතො කප‍්පෙ වරුණො දෙවසව‍්හයො, සත‍්තරතනසම‍්පන‍්නො චක‍්කවත‍්තී මහබ‍්බලො.

1205. මෙයින් එක්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහා බල ඇති වරුණදේව නම් සක්විතිරජෙක් වීමි.

1206. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

1206. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සයනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.

සයනදායකත්‍ථෙරස‍්ස අපදානං සත‍්තමං.

ශයනදායක ස්ථවිරාවදානය සත්වැනි යි.