49. සුභද‍්දත්‍ථෙරාපදානං
49. සුභද‍්දත්‍ථෙරාපදානං
49. සුභද්‍ර ස්ථවිරාවදානය
1215. පදුමුත‍්තරො ලොකවිදූ ආහුතීනං පටිග‍්ගහො, ජනතං උද‍්ධරිත්‍වාන නිබ‍්බායති මහායසො.
1215. පූජාවන් පිළිගන්නා වූ මහා පිරිවර ඇති පදුමුත්තර බුදුරජානන් වහන්සේ ජනසමූහයා සසරින් ගොඩ නගා පිරිනිවන් පානාසේක.
1216. නිබ‍්බායන‍්තෙ ච සම‍්බුද‍්ධෙ දසසහස‍්සී පකම‍්පථ, ජනකායො මහා ආසි දෙවා සන‍්නිපතුං තදා.
1216. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පානා කල්හි දසදහසක් ලෝධා කම්පිත වී ය. (රැස් වූ) ජනසමූහයා ද මහත් වී ය. එකල්හි දෙවියෝ ද රැස් වූහ.
1217. වන්‍දනං පූජයිත්‍වාන තගරමල‍්ලිකාහි ච, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන ආලෙපෙසිං නරුත‍්තමං.
1217. සතුටු වූයෙම් සතුටු සිතින් තුවරලා හා බෝලිද්ද මලින් යුත් සඳුන් පුදා නරෝත්තමයන් වහන්සේට සඳුනින් අලෙවු දනිමි.
1218. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සත්‍ථා ලොකෙ අනුත‍්තරො, නිපන‍්නකොව සම‍්බුද‍්ධො ඉමා ගාථා අභාසථ:
1218. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ සම්බුදුරජ තෙමේ (පරිනිර්‍වාණ මඤ්චකයෙහි) හොත්තේ ම මාගේ අදහස් දැන මේ ගාථාවන් වදාළේ ය:
1219. “යො මෙ පච‍්ඡිමකෙ කාලෙ ගන්‍ධමාල්‍යෙන ඡාදයී, තමහං කිත‍්තයිස‍්සාමි සුණාථ මම භාසතො.
1219. “යමෙක් මාගේ අන්තිම කාලයෙහි මා ගඳින් මලින් පිදී ද, ඔහු ප්‍රකට කරන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
1220. ඉතො චුතො අයං පොසො තුසිතකායං ගමිස‍්සති, තත්‍ථ රජ‍්ජං කරිත්‍වාන නිම‍්මානං සො ගමිස‍්සති.
1220. මේ පුරුෂතෙමේ මෙයින් චුත ව තුෂිත දෙව්ලොවට යන්නේ ය. හෙතෙමේ එහි රාජ්‍යය කොට නිර්‍මාණරති දෙව්ලොවට යන්නේ ය.
1221. එතෙනෙව උපායෙන දත්‍වා මල්‍යං වරුත‍්තමං, සකකම‍්මාභිරද‍්ධො සො සම‍්පත‍්තිං අනුභොස‍්සති.
1221.මේ ක්‍රමයෙන් ම උතුම් මල් පුදා ස්වකීය කර්‍මයෙන් තුටු වූයේ සම්පත් අනුභව කරන්නේ ය.
1222. පුනාපි තුසිතෙ කායෙ නිබ‍්බත‍්තිස‍්සතයං නරො, තම‍්හා කායා චවිත්‍වාන මනුස‍්සත‍්තං ගමිස‍්සති.
1222. මේ මිනිස් තෙමේ නැවත ද තුෂිතදෙව්ලොව උපදින්නේ ය. ඒ අත්බැවින් ච්‍යුත ව මිනිසත් බවට පැමිණෙන්නේ ය.
1223. සක්‍යපුත‍්තො මහානාගො අග‍්ගො ලොකෙ සදෙවකෙ, බොධයිත්‍වා බහූ සත‍්තෙ නිබ‍්බායිස‍්සති චක‍්ඛුමා.
1223. ශාක්‍යපුත්‍ර වූ මහොත්තම වූ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍රපුද්ගල වූ පසැස් ඇති ගෞතම බුදුරජතෙමේ බොහෝ සත්ත්‍වයන්ට ධර්‍මාවබෝධය කරවා පිරිනිවන් පානේ ය.
1224. පබ‍්බජ‍්ජූපගතො සන‍්තො සුක‍්කමූලෙන චොදිතො, උපසඞ‍්කම‍්ම සම‍්බුද‍්ධං පඤ‍්හං පුච‍්ඡිස‍්සතී තදා.
1224. හේ කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ ම එකල්හි බුදුරජුන් කරා එළඹ ප්‍රශ්න විචාරන්නේ ය.
1225. හාසයිත්‍වාන සම‍්බුද‍්ධො සබ‍්බඤ‍්ඤූ ලොකනායකො, පුඤ‍්ඤකම‍්මං පරිඤ‍්ඤාය සච‍්චානි විවරිස‍්සති.
1225. ලෝකනායක වූ සර්‍වඥ වූ (ගෞතම) බුදුරජ තෙම ඔහු සතුටු කොට (පෙර කළ) පුණ්‍යකර්‍මයන් පිරිසිඳ දැන සත්‍යයන් ප්‍රකට කරන්නේ ය.
1226. ආරද‍්ධො ච අයං පඤ‍්හෙ තුට‍්ඨො එකග‍්ගමානසො, සත්‍ථාරං අභිවාදෙත්‍වා පබ‍්බජ‍්ජං යාචයිස‍්සති.
1226. මෙතෙමේ ප්‍රශ්න (විසර්‍ජන)යෙන් ආරාධිත වූයේ සතුටු වූයේ එකඟ සිත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ වැඳ පැවිද්ද ඉල්ලන්නේ ය.
1227. පසන‍්නමානසං දිස‍්වා සක‍්කම‍්මෙන තොසිතං, පබ‍්බාජෙස‍්සති සො බුද‍්ධො අග‍්ගධම‍්මස‍්ස කොවිදො.
1227. අග්‍ර වූ (චතුරාය්‍යසත්‍යය) ධර්‍මයෙහි දක්‍ෂ වූ ඒ සම්‍යක් සම්බුද්ධ තෙමේ ස්වකීය කර්‍මයෙන් සතුටට පැමිණ පහන් සිත් ඇති ඔහු දැක පැවිදි කරන්නේ ය.
1228. වායමිත්‍වාන’යං පොසො සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය නිබ‍්බායිස‍්සතනාසවො”.
1228. මේ පුරුෂ තෙමේ බුදුසසුන්හි වීර්‍ය්‍ය වඩා සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව පිරිනිවන් පානේ ය” (කියා යි).
(පඤ‍්චමහාණවාරං.)
(පස්වැනි බණවර යි.)
1229. පුබ‍්බකම‍්මෙන සංයුත‍්තො එකග‍්ගො සුසමාහිතො, බුද‍්ධස‍්ස ඔරසො පුත‍්තො ධම‍්මජො’ම‍්හි සුනිම‍්මිතො.
1229. (මම) පෙර කළ කුශලකර්‍මයෙන් යුක්ත වූයෙම් එකඟ සිත් ඇත්තෙම් සන්හිඳුනෙම් බුදුරදුන් උරදා පුත් වූයෙම් (කර්‍මස්ථාන) ධර්‍මයෙන් ආර්‍ය්‍යජාතියෙහි උපන්නෙම් නිම කළ මගකිස ඇත්තෙම් වීමි.
1230. ධම‍්මරාජං උපාගම‍්ම ආපුච‍්ඡිං පඤ‍්හමුත‍්තමං, කථයන‍්තො ච මෙ පඤ‍්හං ධම‍්මසොතං උපානයී.
1230. බුදුරජුන් වෙත එළඹ උතුම් ප්‍රශ්න විචාළෙමි. ඔබ මට ප්‍රශ්න (විසඳා) වදාරන්නාහු ම (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ධර්‍මප්‍රවාහය එළවූහ.
1231. තස‍්සාහං ධම‍්මමඤ‍්ඤාය විහාසිං සාසනෙ රතො, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.
1231. මම උන්වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇලුනෙම් විසීමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව වෙසෙමි.
1232. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ ජලජුත‍්තරනායකො, නිබ‍්බායි අනුපාදානො දීපො’ව තෙලසඞ‍්ඛයා.
1232. මෙයින් කල්පලක්‍ෂයකට පෙර පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ තෙල් ක්‍ෂීණ වීමෙන් (නිවෙන) පහනක් මෙන් (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත) උපාදාන රහිත ව පිරිනිවන් පෑසේක.
1233. සත‍්තයොජනිකං ආසි ථූපඤ‍්ච රතනාමයං, ධජං තත්‍ථ අපූජෙසිං සබ‍්බභද‍්දං මනොරමං.
1233. එහි උසින් සත්යොදුන් වූ රුවන්මුවා ස්තූපයෙක් වී ය. සියල්ලෙන් යහපත් වූ මනහර ධජයක් එහි පිදීමි.
1234. කස‍්සපස‍්ස ච බුද‍්ධස‍්ස තිස‍්සො නාමග‍්ගසාවකො, පුත‍්තො මෙ ඔරසො ආසි දායාදො ජිනසාසනෙ.
1234. තව ද කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි දායාද වූ තිස්ස නම් අග්‍රශ්‍රාවක තෙමේ මාගේ ඖරසපුත්‍රයා වීය.
1235. තස‍්ස හීනෙන මනසා වාචං භාසිං අභද‍්දකං, තෙන කම‍්මවිපාකෙන පච‍්ඡිමෙ අද‍්දසං ජිනං.
1235. ඒ මාගේ පුත්‍ර තිස්ස නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේට ලාමක සිතින් අයහපත් වචනයක් ( -“අන්තකයා, පශ්චිමයා”) යන වචනය කීමි. ඒ කර්‍මවිපාකයෙන් පශ්චිම (පරිනිර්‍වාණ) කාලයෙහි බුදුරජ දිටිමි.
1236. උපවත‍්තනෙ සාලවනෙ පච‍්ඡිමෙ සයනෙ මුනි, පබ‍්බාජෙසි මහාවීරො හිතො කාරුණිකො ජිනො.
1236. මහාවීර වූ සත්ත්‍වලෝකයාට හිත වූ කාරුණික වූ පස්මරුන් දිනූ (ගෞතම) බුදුරජානන් වහන්සේ උපවර්‍තන සාලවනයෙහි පරිනිර්‍වාණ මඤ්චකයෙහි දී මා පැවිදි කළ සේක.
1237. අජ‍්ජෙව’දානි පබ‍්බජා අජ‍්ජෙව උපසම‍්පදා, අජ‍්ජෙව පරිනිබ‍්බාණං සම‍්මුඛා දිපදුත‍්තමෙ.
1237. බුදුරජානන් වහන්සේ ඉදිරියෙහි අද ම (මාගේ) පැවිද්ද විය. අද ම උපසම්පදාව විය. අද ම පරිනිර්‍වාණය ද විය.
1238. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.
1238. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සුභද‍්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභද්‍රස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
සුභද‍්දත්‍ථෙරස‍්ස අපදානං නවමං.
සුභද්‍රස්ථවිරාවදානය නවවැනි යි.