යෙදුමෙන් කියවන්න

35. මොඝරාජත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

35. මොඝරාජත්‍ථෙරඅපදානවණ‍්ණනා

35. මෝඝරාජ ථේර අපදාන වර්ණනාව

අත්‍ථදස‍්සී තු භගවාතිආදිකං ආයස‍්මතො මොඝරාජත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං ලූඛචීවරධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා තං ඨානන‍්තරං ආකඞ‍්ඛන‍්තො පණිධානං කත්‍වා තත්‍ථ තත්‍ථ භවෙ පුඤ‍්ඤානි කරොන‍්තො අත්‍ථදස‍්සිස‍්ස භගවතො කාලෙ පුන බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා බ්‍රාහ‍්මණානං විජ‍්ජාසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං ගතො එකදිවසං අත්‍ථදස‍්සිං භගවන‍්තං භික‍්ඛුසඞ‍්ඝපරිවුතං රථියං ගච‍්ඡන‍්තං දිස‍්වා පසන‍්නමානසො පඤ‍්චපතිට‍්ඨිතෙන වන්‍දිත්‍වා සිරසි අඤ‍්ජලිං කත්‍වා “යාවතා රූපිනො සත්‍ථා”තිආදීහි ඡහි ගාථාහි අභිත්‍ථවිත්‍වා භාජනං පූරෙත්‍වා මධුං උපනෙසි. සත්‍ථා තං පටිග‍්ගහෙත්‍වා අනුමොදනං අකාසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො කස‍්සපභගවතො කාලෙ කට‍්ඨවාහනස‍්ස නාම රඤ‍්ඤො අමච‍්චො හුත්‍වා නිබ‍්බත‍්තො තෙන සත්‍ථු ආනයනත්‍ථාය පෙසිතො සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා වීසතිවස‍්සසහස‍්සානි සමණධම‍්මං කත්‍වා තතො චුතො එකං බුද‍්ධන‍්තරං සුගතීසුයෙව පරිවත‍්තෙන‍්තො ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තිත්‍වා මොඝරාජාති ලද‍්ධනාමො බාවරීයබ්‍රාහ‍්මණස‍්ස සන‍්තිකෙ උග‍්ගහිතසිප‍්පො සංවෙගජාතො තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා තාපසසහස‍්සපරිවාරො අජිතාදීහි සද‍්ධිං සත්‍ථු සන‍්තිකං පෙසිතො තෙසං පන‍්නරසමො හුත්‍වා පඤ‍්හං පුච‍්ඡිත්‍වා විස‍්සජ‍්ජනපරියොසානෙ අරහත‍්තං පාපුණි. අරහත‍්තං පන පත්‍වා සත්‍ථලූඛං සුත‍්තලූඛං රජනලූඛන‍්ති විසෙසෙන තිවිධෙනපි ලූඛෙන සමන‍්නාගතං පංසුකූලං ධාරෙසි. තෙන නං සත්‍ථා ලූඛචීවරධරානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

අත්‍ථදස්සි තු භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් මොඝරාජ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් රළුසිවුරු දරන්නන් අතර අගතැන්හි තබනු දැක ඒ තනතුර අපේක්‍ෂා කරන්නේ ප්‍රාර්ථනාවක් කොට භවයෙහි තැනින් තැන පින් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයෙහිම නැවත බමුණු කුලයක ඉපිද බමුණන්ගේ විද්‍යා ශිල්පයන්හි පරතෙරට ගියේ එක්දවස් අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරා වීදියෙහි යනු දැක පහන් සිත් ඇත්තේ පසඟ පිහිටුවා වැඳ හිසෙහි ඇඳිලි බැඳ ‘යාවතා රූපිනො සත්තා’ යනාදී ගාථා සයකින් ප්‍රශංසා කොට බඳුන පුරවා මීපැණි පිරිනැමීය. ශාස්තෲන් වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කළ සේක. ඔහු ඒ පුණ්‍යකර්මයෙන් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කාෂ්ටවාහන නම් රජුගේ අමාත්‍යයකුව උපන්නේ, ඔහු විසින් ශාස්තෲන් වහන්සේ වඩමවාගෙන එනු පිණිස යවන ලද්දේ ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව විසිදහසක් අවුරුදු මහණදම් පුරා එයින් චුතව එක් බුද්ධාන්තරයක් සුගතීන්හිම පරිවර්තනය වන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද මොඝරාජ යයි ලැබූ නම් ඇත්තේ, පාවාරිය බමුණාගේ සමීපයෙහි උගත් ශිල්ප ඇත්තේ, සංවේගයට පත්වූයේ, තවුස් පැවිද්දෙන් පැවිදිව තවුසන් දහසක් පිරිවරකොට ඇත්තේ අජිත ආදීන් සමග ශාස්තෲන් වහන්සේ සමීපයට යවන ලද්දේ ඔවුන්ගේ පහළොස් වෙනියාව රහත් බවට පත්ව වස්ත්‍රයෙන් රළු, මැස්මෙන් රළු වර්ණයෙන් රළු යන විශේෂත්වයක් ඇති ත්‍රිවිධාකාර රළු බවින් යුතු පාංශුකූලය දැරීය. ඒ නිසා ශාස්තෲන් වහන්සේ ඔහු රළුසිවුරු දරන්නවුන් අතර අගතැන්හි තැබූ සේක.

එවං සො පණිධානානුරූපෙන අරහත‍්තඵලං පත්‍වා අත‍්තනො පුබ‍්බසම‍්භාරං දිස‍්වා පුබ‍්බකම‍්මාපදානං පකාසෙන‍්තො අත්‍ථදස‍්සී තු භගවාතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙව.

මෙසේ ඔහු ප්‍රාර්ථනාකූලව රහත් ඵලයට පත්ව තමාගේ පෙර කළ දේ දැක පූර්වකර්ම අපදානය ප්‍රකාශ කරන්නේ ‘අත්‍ථදස්සිතු භගවා’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේමය.

පුටකං පූරයිත්‍වානාති පුටකං වුච‍්චති වාරකං, ඝටං වා. අනෙළකං නිද‍්දොසං මක‍්ඛිකණ‍්ඩවිරහිතං ඛුද‍්දමධුනා ඝටං පූරෙත්‍වා තං උභොහි හත්‍ථෙහි පග‍්ගය‍්හ පකාරෙන ආදරෙන ගහෙත්‍වා මහෙසිනො භගවතො උපනෙසින‍්ති සම‍්බන්‍ධො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

පුටකං පූරයිත්‍වා පුටක යනු බඳුන හෝ කළය හෝ යයි කියනු ලැබේ. අනෙලකං දොසක් නැති. මැසි බිජු නැති නොවැදගත් මීපැණියෙන් කළය පුරවා එය දෑතින් අල්ලා ගෞරවාදරයෙන් ගෙන මහේසී භාග්‍යවතුන් වහන්සේට පිරිනැමීය යනු සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

මොඝරාජත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

මොඝරාජ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

36. අධිමුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා

36. අධිමුත්ත ථේර අපදාන වර්ණනාව

නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිකං ආයස‍්මතො අධිමුත‍්තත්‍ථෙරස‍්ස අපදානං (ථෙරගා· අට‍්ඨ· 2.අධිමුත‍්තත්‍ථෙරගාථාවණ‍්ණනා). අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො අත්‍ථදස‍්සිම‍්හි ලොකනාථෙ පරිනිබ‍්බුතෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො රතනත‍්තයෙ පසන‍්නො භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා උච‍්ඡූහි මණ‍්ඩපං කාරෙත්‍වා මහාදානං පවත‍්තෙත්‍වා පරියොසානෙ සන‍්තිපදං පණිධෙසි. සො තතො චුතො දෙවෙසු ච මනුස‍්සෙසු ච උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො සාසනෙ පසීදිත්‍වා සද‍්ධාය පතිට‍්ඨිතත‍්තා අධිමුත‍්තත්‍ථෙරොති පාකටො.

නිබ්බුතෙ ලොක නාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් අධිමුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි එක් කුලගෙයක උපන්නේ තෙරුවන්හි පැහැදුණේ භික්‍ෂු සංඝයාට ආරාධනාකොට උක්ගසින් මණ්ඩපයක් කොට මහාදානයක් පවත්වා අවසන්හි නිර්වාණය ප්‍රාර්ථනා කළේය. ඔහු එයින් චුතව දෙවිමිනිසුන් අතර උභයසම්පත් අනුභව කොට මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ සසුනෙහි පැහැදී ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බැවින් අධිමුත්ත තෙරුන්වහන්සේ යයි ප්‍රකට වූයේ විය.

එවං කතසම‍්භාරවසෙන අරහත‍්තං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිමාහ. තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

මෙසේ කරන ලද දේ වශයෙන් රහත්බවට පත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ නිබ්බුතෙ ලොකනාථම්හි ආදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.

අධිමුත‍්තත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

අධිමුත්ත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

37. ලසුණදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

37. ලසුණදායක ථේර අපදාන වර්ණනාව

හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිකං ආයස‍්මතො ලසුණදායකත්‍ථෙරස‍්ස අපදානං. එසොපායස‍්මා පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො විපස‍්සිස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තිත්‍වා විඤ‍්ඤුතං පත‍්තො ඝරාවාසෙ ආදීනවං දිස‍්වා ගෙහං පහාය තාපසපබ‍්බජ‍්ජං පබ‍්බජිත්‍වා හිමවන‍්තං නිස‍්සාය වනෙ වසන‍්තො බහූනි ලසුණානි රොපෙත්‍වා තදෙව වනමූලඵලඤ‍්ච ඛාදන‍්තො විහාසි. සො බහූනි ලසුණානි කාජෙනාදාය මනුස‍්සපථං ආහරිත්‍වා පසන‍්නො දානං දත්‍වා බුද‍්ධප‍්පමුඛස‍්ස භික‍්ඛුසඞ‍්ඝස‍්ස භෙසජ‍්ජත්‍ථාය දත්‍වා ගච‍්ඡති. එවං සො යාවජීවං පුඤ‍්ඤානි කත්‍වා තෙනෙව පුඤ‍්ඤබලෙන දෙවමනුස‍්සෙසු සංසරන‍්තො උභයසම‍්පත‍්තිං අනුභවිත්‍වා කමෙන ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ උප‍්පන‍්නො පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පත‍්තො පුබ‍්බකම‍්මවසෙන ලසුණදායකත්‍ථෙරොති පාකටො.

හිමවන්තස්සාවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ලසුණදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ගිහිගෙයි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත ඇසුරුකොට වනයෙහි වසන්නාහු බොහෝ සුදුලූණු වවා එම වනමුල් ගෙඩිද අනුභව කරන්නාහු වාසය කළහ. ඔහු බොහෝ සුදුලූණු කදින් ගෙන මිනිස් පියසට ගෙනවුත් පහන් සිතින් දන් දී බුදුපාමොක් භික්‍ෂු සංඝයාට බෙහෙත් පිණිස දී යයි. මෙසේ ඔහු දිවි ඇති තෙක් පින්කොට ඒ පින් බෙලෙන්ම දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ, උභය සම්පත්තීන් අනුභවකොට ක්‍රමයෙන් මෙම බුද්ධෝත්පාද කාලයෙහි උපන්නේ ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව විදර්ශනා වඩා නොබෝ කලෙකින්ම රහත්බවට පැමිණියේ පූර්වකර්ම වශයෙන් ලසුණදායක තෙරුන් වහන්සේයයි ප්‍රකට වූයේ,

අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො හිමවන‍්තස‍්සාවිදූරෙතිආදිමාහ. තත්‍ථ හිමාලයපබ‍්බතස‍්ස පරියොසානෙ මනුස‍්සානං සඤ‍්චරණට‍්ඨානෙ යදා විපස‍්සී භගවා උදපාදි, තදා අහං තාපසො අහොසින‍්ති සම‍්බන්‍ධො. ලසුණං උපජීවාමීති රත‍්තලසුණං රොපෙත්‍වා තදෙව ගොචරං කත්‍වා ජීවිකං කප‍්පෙමීති අත්‍ථො. තෙන වුත‍්තං “ලසුණං මය‍්හභොජන”න‍්ති.

තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ හිමවන්තස්සාවිදුරෙ යනාදිය කීය. එහි හිමාලය පර්වතය කෙළවර මිනිසුන් හැසිරෙන තන්හි යම්කලෙක විපස්සි භාග්‍යවතුන් වහන්සේ උපන්සේක්ද එකල්හි මම තවුසෙක් වීමි යනු සම්බන්ධයි. ලසුණං උපජීවාමි යනු සුදුලූණු වවා එයම ආහාරයට ගෙන ජීවිතය ගෙනයමියි අර්ථයි. එසේ හෙයින් කියන ලදි ලසුණං මය්හං භොජනං.

ඛාරියො පූරයිත්‍වානාති තාපසභාජනානි ලසුණෙන පූරයිත්‍වා කාජෙනාදාය සඞ‍්ඝාරාමං සඞ‍්ඝස‍්ස වසනට‍්ඨානං හෙමන‍්තාදීසු තීසු කාලෙසු සඞ‍්ඝස‍්ස චතූහි ඉරියාපථෙහි වසනවිහාරං අගච‍්ඡිං අගමාසින‍්ති අත්‍ථො. හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙනාති අහං සන‍්තුට‍්ඨො සොමනස‍්සයුත‍්තචිත‍්තෙන සඞ‍්ඝස‍්ස ලසුණං අදාසින‍්ති අත්‍ථො.

බාරියො පූරයිත්‍වාන යනු තාපසයන්ගේ බඳුන් සුදුලූණුවලින් පුරවා කදින් ගෙන සඞ්ඝාරාමං සංඝයා වසන තැන. හේමන්ත ආදී තුන්කල්හි සංඝයා සිව් ඉරියව්වෙන් වාසය කරන විහාරයට අගඤ්ජිං ගියෙමි යනු අර්ථයි.

විපස‍්සිස‍්ස…පෙ… නිරතස‍්සහන‍්ති නරානං අග‍්ගස‍්ස සෙට‍්ඨස‍්ස අස‍්ස විපස‍්සිස‍්ස භගවතො සාසනෙ නිරතො නිස‍්සෙසෙන රතො අහන‍්ති සම‍්බන්‍ධො. සඞ‍්ඝස‍්ස…පෙ… මොදහන‍්ති අහං සඞ‍්ඝස‍්ස ලසුණදානං දත්‍වා සග‍්ගම‍්හි සුට‍්ඨු අග‍්ගස‍්මිං දෙවලොකෙ ආයුකප‍්පං දිබ‍්බසම‍්පත‍්තිං අනුභවමානො මොදිං, සන‍්තුට‍්ඨො භවාමීති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

විපස්සිස්ස -පෙ- නිරතස්සහං යනු නරයන්ට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි මම නිරත වීමි යන සම්බන්ධයි. සඞ්ඝස්ස ලසුණං දත්‍වා කප්පං සග්ගම්හි මොදහං යනු මම සංඝයාට ලුණු දන් දී සග්ගම්හි මනා අගයක් ඇති දෙව්ලොව ආයු කල්පයක් දිවසැපත් අනුභව කරමින් මොදිං සතුටුවූයේ වෙමි යි අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

ලසුණදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ලසුණදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

38. ආයාගදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා

38. ආයාගදායක ථේර අපදාන වර්ණනාව

නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිකං ආයස‍්මතො ආයාගදායකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිඛිස‍්ස භගවතො පරිනිබ‍්බුතකාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො සාසනෙ පසන‍්නො වඩ‍්ඪකීනං මූලං දත්‍වා අතිමනොහරං දීඝං භොජනසාලං කාරාපෙත්‍වා භික‍්ඛුසඞ‍්ඝං නිමන‍්තෙත්‍වා පණීතෙනාහාරෙන භොජෙත්‍වා මහාදානං දත්‍වා චිත‍්තං පසාදෙසි. සො යාවතායුකං පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසුයෙව සංසරන‍්තො උභයසම‍්පත‍්තිං අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො පටිලද‍්ධසද‍්ධො පබ‍්බජිත්‍වා ඝටෙන‍්තො වායමන‍්තො විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා න චිරස‍්සෙව අරහත‍්තං පාපුණි. පුබ‍්බෙ කතපුඤ‍්ඤවසෙන ආයාගත්‍ථෙරොති පාකටො.

නිබ්බුතො ලොකනාථම්හි ආදී වශයෙන් ආයුෂ්මත් ආයාගදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවිකල්හි එක් කුලගෙයක උපන්නේ සසුනෙහි පැහැදුණේ වඩුවන්ට මුදල් දී අතිමනෝහර දික් බොජුන්හලක් කරවා භික්‍ෂු සංඝයාට ආරාධනාකොට ප්‍රණීත ආහාරයෙන් වළඳවා මහදන් දී සිත පැහැදවීය. ඔහු දිවි ඇති තෙක් පින්කොට දෙවි මිනිසුන් අතරම සැරිසරන්නේ උභයසම්පත්තීන් අනුභවකොට මෙම බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක උපන්නේ ලද සැදැහැ ඇත්තේ පැවිදිව උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ විදර්ශනා වඩා නොබෝ කලෙකින්ම රහත් බවට පත්විය. පෙර කරන ලද පුණ්‍ය වශයෙන් ආයාග තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.

එවං සො කතපුඤ‍්ඤසම‍්භාරවසෙන අරහත‍්තං පත්‍වා අත‍්තනා පුබ‍්බෙ කතකුසලකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො නිබ‍්බුතෙ ලොකනාථම‍්හීතිආදිමාහ. තත්‍ථ නිබ‍්බුතෙති වදතං “මයං බුද‍්ධා”ති වදන‍්තානං අන‍්තරෙ වරෙ උත‍්තමෙ සිඛිම‍්හි භගවති පරිනිබ‍්බුතෙති අත්‍ථො. හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙනාති සද‍්ධතාය හට‍්ඨපහට‍්ඨො සොමනස‍්සයුත‍්තචිත‍්තතාය පහට‍්ඨෙන චිත‍්තෙන උත‍්තමං ථූපං සෙට‍්ඨං චෙතියං අවන්‍දිං පණාමයින‍්ති අත්‍ථො.

මෙසේ ඔහු කරන ලද පුණ්‍යසම්භාර වශයෙන් රහත් බවට පත්ව තමා විසින් පෙර කරන ලද කුසල කර්මය සිහිකොට සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ නිබ්බුතෙ ලොකනාථම්හි ආදිය කීය. එහි වදතං අපි බුදුවරුයයි කියන්නවුන් අතරෙහි, වරෙ උත්තම වූ සිඛී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යන අර්ථයි. හට්ඨො හට්ඨෙන චිත්තෙන යනු ශ්‍රද්ධාව නිසා තුටුපහටු වූයේ සොම්නස් සහිත සිත් ඇති බැවින් පහටු වූ සිතින්. උත්තමං ථූපං ශ්‍රේෂ්ඨ චෛත්‍යය. අවන්‍දිං වැන්දෙමියි අර්ථයි.

වඩ‍්ඪකීහි කථාපෙත්‍වාති “භොජනසාලාය පමාණං කිත‍්තක”න‍්ති පමාණං කථාපෙත්‍වාති අත්‍ථො. මූලං දත්‍වානහං තදාති තදා තස‍්මිං කාලෙ අහං කම‍්මකරණත්‍ථාය තෙසං වඩ‍්ඪකීනං මූලං දත්‍වා ආයාගං ආයතං දීඝං භොජනසාලං අහං සන‍්තුට‍්ඨො සොමනස‍්සචිත‍්තෙන කාරපෙසහං කාරාපෙසිං අහන‍්ති අත්‍ථො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

වඩ්ඪකීහි කථාපෙත්‍වා යනු බොජුන්හලෙහි පමාණං ප්‍රමාණය කොපමණදැයි කියවා යනු අර්ථයි. මූලං දත්‍වානහං තදා යනු තදා එකල්හි මම වැඩකරනු පිණිස ඒ වඩුවන්ට මුදල් දී ආයාගං දිග බොජුන්හලක් සන්තුට්ඨො සොම්නස් සිතින්. මම කරාපෙසහං කරවීමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.

ආයාගස‍්ස ඉදං ඵලන‍්ති භොජනසාලදානස‍්ස ඉදං විපාකන‍්ති අත්‍ථො.

ආයාගස්ස ඉදංඵලං යනු බොජුන්හල් දන්දීමේ මේ විපාකයයි අර්ථයි.

ආයාගදායකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ආයාගදායක තෙරුන්වහන්සේගේ අපදාන අටුවාවයි.

39. ධම‍්මචක‍්කිකත්‍ථෙරඅපදානවණ‍්ණනා

39. ධම්මචක්කික ථේර අපදාන වර්ණනාව

සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො ධම‍්මචක‍්කිකත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො වුද‍්ධිප‍්පත‍්තො පුත‍්තදාරෙහි වඩ‍්ඪිතො විභවසම‍්පන‍්නො මහාභොගො, සො රතනත‍්තයෙ පසන‍්නො සද‍්ධාජාතො ධම‍්මසභායං ධම‍්මාසනස‍්ස පිට‍්ඨිතො රතනමයං ධම‍්මචක‍්කං කාරෙත්‍වා පූජෙසි. සො තෙන පුඤ‍්ඤකම‍්මෙන දෙවමනුස‍්සෙසු නිබ‍්බත‍්තට‍්ඨානෙසු සක‍්කසම‍්පත‍්තිං චක‍්කවත‍්තිසම‍්පත‍්තිඤ‍්ච අනුභවිත්‍වා කමෙන ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ උප‍්පන‍්නො විභවසම‍්පන‍්නො සඤ‍්ජාතසද‍්ධො පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා නචිරස‍්සෙව අරහත‍්තං පත්‍වා පුබ‍්බෙ කතකුසලනාමසදිසනාමෙන ධම‍්මචක‍්කිකත්‍ථෙරොති පාකටො ජාතො අහොසි.

සිද්ධත්‍ථස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් ධම්මචක්කදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ අඹුදරුවන් සමග වැඩුණේ විභව සම්පත් ඇත්තේ මහාභෝග ඇත්තේ තුනුරුවන්හි පැහැදුණේ සැදැහැ ඇත්තේ දම්සභාවෙහි ධර්මාසනය පිටුපස රුවන්මුවා ධර්මචක්‍රයක් කරවා පූජා කළේය. ඔහු ඒ පුණ්‍ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර උපනුපන් තැන ශක්‍රසම්පත්තිය ද චක්‍රවර්ති සම්පත්තිය ද අනුභවකොට ක්‍රමයෙන් මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ විභව සම්පත් ඇත්තේ උපන් ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව විදර්ශනා වඩා නොබෝ කලකින්ම රහත්බවට පත්ව පෙර කරන ලද කුසල නාමයට සමාන නමින් ධම්මචක්කිය තෙරුන්වහන්සේ යයි ප්‍රකට විය.

සො පුඤ‍්ඤසම‍්භාරානුරූපෙන පත‍්තඅරහත‍්තඵලො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා ජාතසොමනස‍්සො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිමාහ. සීහාසනස‍්ස සම‍්මුඛාති සීහස‍්ස භගවතො නිසින‍්නස‍්ස සම‍්මුඛා බුද‍්ධාසනස‍්ස අභිමුඛට‍්ඨානෙති අත්‍ථො, ධම‍්මචක‍්කං මෙ ඨපිතන‍්ති මයා ධම‍්මචක‍්කාකාරෙන උභතො සීහරූපං දස‍්සෙත්‍වා මජ‍්ඣෙ ආදාසසදිසං කාරෙත්‍වා කතං ධම‍්මචක‍්කං ඨපිතං පූජිතං. කිං භූතං? විඤ‍්ඤූහි මෙධාවීහි “අතීව සුන්‍දර”න‍්ති වණ‍්ණිතං ථොමිතං සුකතං ධම‍්මචක‍්කන‍්ති සම‍්බන්‍ධො.

හෙතෙම පුණ්‍යසම්භාර අනුරූපව පැමිණි රහත්ඵල ඇත්තේ තමාගේ පෙර කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සිද්ධත්‍ථස්ස භගවතො යනාදිය කීය. සීහාසන සම්මුඛා යනු සීහස්ස වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි බුද්ධාසනය ඉදිරිපිට ස්ථානයෙහි යන අර්ථයි. ධම්මචක්කං මයා ඨපිතං යනු මා විසින් ධර්මචක්‍රාකාරයෙන් දෙපස සිංහරූපය දක්වා මැද දර්පණයක් වැනිව කරවන ලද ධර්මචක්‍රය තබන ලදි. කුමක් සිදුවීද. හොඳින් දන්නා වූ බුද්ධිමතුන් විසින් අතිසුන්දරයයි වර්ණනා කරන ලදි. ස්ථිරව තබන ලද මනාසේ කරන ලද ධර්මචක්‍රය යන සම්බන්ධයි.

චාරුවණ‍්ණොව සොභාමීති සුවණ‍්ණවණ‍්ණො ඉව සොභාමි විරොචාමීති අත්‍ථො. “චතුවණ‍්ණෙහි සොභාමී”තිපි පාඨො, තස‍්ස ඛත‍්තියබ්‍රාහ‍්මණවෙස‍්සසුද‍්දජාතිසඞ‍්ඛාතෙහි චතූහි වණ‍්ණෙහි සොභාමි විරොචාමීති අත්‍ථො. සයොග‍්ගබලවාහනොති සුවණ‍්ණසිවිකාදීහි යොග‍්ගෙහි ච සෙනාපතිමහාමත‍්තාදීහි සෙවකෙහි බලෙහි ච හත්‍ථිඅස‍්සරථසඞ‍්ඛාතෙහි වාහනෙහි ච සහිතොති අත්‍ථො. බහුජ‍්ජනා බහවො මනුස‍්සා අනුයන‍්තා මමානුවත‍්තන‍්තා නිච‍්චං නිච‍්චකාලං පරිවාරෙන‍්තීති සම‍්බන්‍ධො. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

චාරුවණ්ණොව සොභාමි යනු ස්වර්ණ වර්ණ මෙන් සොභාමි බැබලෙමියි අර්ථයි. සිව්වණින් බැබලෙමි යනුද පාඨයකි. ඔහුට ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර සංඛ්‍යාත වූ චතුර්වර්ණයෙන් සොභාමි බබලමි යන අර්ථයි. සයොග්ගබල වාහනො යනු රන්සිවිගෙවල් ආදි වූ යෙදුම්වලින් ද සේනාපති මහාමාත්‍ර ආදී වූ සේවකයන්ගෙන් ද බලයන්ගෙන් ද අශ්වරථ සංඛ්‍යාත වූ වාහනයන්ගෙන් ද යුක්ත වූ යන අර්ථයි. බහුජ්ජනා බොහෝ මිනිස්සු. අනුයුත්තා මට අනුව පවත්නාහු නිච්චං නිතිකල් මා පිරිවරති යනු සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.

ධම‍්මචක‍්කිකත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

ධම්මචක්කිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

40. කප‍්පරුක‍්ඛියත්‍ථෙරඅපදානවණ‍්ණනා

40. කප්පරුක්ඛිය ථේර අපදාන වර්ණනාව

සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිකං ආයස‍්මතො කප‍්පරුක‍්ඛියත්‍ථෙරස‍්ස අපදානං (ථෙරගා· අට‍්ඨ· 2.576). අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තෙසු තෙසු භවෙසු නිබ‍්බානාධිගමූපායභූතානි පුඤ‍්ඤානි උපචිනන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතො කාලෙ විභවසම‍්පන‍්නෙ එකස‍්මිං කුලෙ නිබ‍්බත‍්තො මහද‍්ධනො මහාභොගො සත්‍ථරි පසන‍්නො සත‍්තහි රතනෙහි විචිත‍්තං සුවණ‍්ණමයං කප‍්පරුක‍්ඛං කාරෙත්‍වා සිද‍්ධත්‍ථස‍්ස භගවතො චෙතියස‍්ස සම‍්මුඛෙ ඨපෙත්‍වා පූජෙසි. සො එවරූපං පුඤ‍්ඤං කත්‍වා යාවතායුකං ඨත්‍වා තතො චුතො සුගතීසුයෙව සංසරන‍්තො කමෙන ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො විඤ‍්ඤුතං පත‍්තො ඝරාවාසං සණ‍්ඨපෙත්‍වා රතනත‍්තයෙ පසන‍්නො ධම‍්මං සුත්‍වා පටිලද‍්ධසද‍්ධො සත්‍ථු ආරාධෙත්‍වා පබ‍්බජිතො නචිරස‍්සෙව අරහත‍්තං පත්‍වා පුබ‍්බෙ කතකුසලනාමෙන කප‍්පරුක‍්ඛියත්‍ථෙරොති පාකටො අහොසි.

සිද්ධත්‍ථස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් කප්පරුක්ඛිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු ඒ ඒ භවයෙහි නිර්වාණාවබෝධයට උපායභූත වූ පින් රැස් කරන්නාහු සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක උපන්නාහු මහාධන ඇත්තාහු මහාභෝග ඇත්තාහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණාහු සත්රුවනින් විසිතුරු වූ රුවන්මුවා කප්රුකක් කරවා සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යය සමීපයෙහි තබා පූජා කළහ. ඔහු මෙබඳු පින්කොට දිවි ඇති තෙක් සිට එයින් චුතව සුගතීන්හිම සැරිසරන්නේ ක්‍රමයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ගිහිගෙය තබා තෙරුවන්හි පැහැදුණේ දහම් අසා ලැබූ සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේ සතුටුකොට පැවිදි වූයේ නොබෝ කලෙකින්ම රහත්බවට පැමිණ පෙර කරන ලද පුණ්‍ය කර්මයෙන් කප්පරුක්ඛිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.

සො එවං පත‍්තඅරහත‍්තඵලො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සිද‍්ධත්‍ථස‍්ස භගවතොතිආදිමාහ. ථූපසෙට‍්ඨස‍්ස සම‍්මුඛාති සෙට‍්ඨස‍්ස උත‍්තමස‍්ස ධාතුනිහිතථූපස‍්ස චෙතියස‍්ස සම‍්මුඛට‍්ඨානෙ විචිත‍්තදුස‍්සෙ අනෙකවණ‍්ණෙහි විසමෙන විසදිසෙන චිත‍්තෙන මනොහරෙ චිනපට‍්ටසොමාරපට‍්ටාදිකෙ දුස‍්සෙ . ලගෙත්‍වා ඔලග‍්ගෙත්‍වා කප‍්පරුක‍්ඛං ඨපෙසිං අහං පතිට‍්ඨපෙසින‍්ති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

ඔහු මෙසේ පැමිණි රහත්ඵල ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ සිද්ධත්‍ථස්ස භගවතො යනාදිය කීය. ථූපසෙට්ඨස්ස සම්මුඛා යනු ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ ධාතු නිධන් කරන ලද ථූපස්ස චෛත්‍යයට සමීප තැනක, විචිත්ත දුස්සෙ නොයෙක් වර්ණයන්ගෙන් විසමෙ විසදෘශ වූ. විචිත්තෙ මනහර චීනපට සෝමාරපට ආදී රෙදි. ලංඝිත්‍වා එල්ලා. කප්පරුක්ඛං ඨපෙසහං මම පිහිටු වූයෙමි යන අර්ථයි. සෙස්ස කියන ලද අර්ථ ඇත්තේ ම ය.

කප‍්පරුක‍්ඛියත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කප්පරුක්ඛිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

චතුත්‍ථවග‍්ගවණ‍්ණනා සමත‍්තා.

සතරවැනි වර්ග වර්ණනාව සමාප්තයි.