යෙදුමෙන් කියවන්න

35. මොඝරාජත්‍ථෙරාපදානං

35. මොඝරාජත්‍ථෙරාපදානං.

35. මෝඝරාජ ස්ථවිරාවදානය

1066. අත්‍ථදස‍්සී තු භගවා සයම‍්භූ අපරාජිතො, භික‍්ඛුසඞ‍්ඝපරිබ‍්බූළ‍්හො රථියං පටිපජ‍්ජථ.

1066. සියල්ල තෙමේ ම දැනගත්තා වූ අපරාජිත වූ (පස්මරුන් දිනූ) අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.

1067. සිස‍්සෙහි සම‍්පරිවුතො ඝරම‍්හා අභිනික‍්ඛමිං, නික‍්ඛමිත්‍වානහං තත්‍ථ අද‍්දසං ලොකනායකං.

1067. මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගෘහයෙන් නික්මුනෙමි. නික්ම එහි ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.

1068. අභිවාදිය සම‍්බුද‍්ධං සිරෙ කත්‍වාන අඤ‍්ජලිං, සකං චිත‍්තං පසාදෙත්‍වා සන්‍ථවිං ලොකනායකං.

1068. සිරසෙහි ඇඳිලි බැඳ බුදුරජුන් වැඳ සිය සිත පහදවා ලෝකනාථයන් වහන්සේ (හා) පිළිසඳර කථා කෙළෙමි.

1069. “යාවතා රූපිනො සත‍්තා අරූපී වා අසඤ‍්ඤිනො, සබ‍්බෙ තෙ තව ඤාණම‍්භි අන‍්තො හොන‍්ති සමොගධා.

1069. “යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසි සත්ත්‍වයෝ වෙත් ද, එසේ ම අරූපාවචර බ්‍රහ්මලෝකවාසි සත්ත්‍වයෝ වෙත් ද, අසංඥතලවාසි සත්ත්‍වයෝ වෙත් ද, ඒ සියල්ලෝ ඔබ වහන්ස්ගේ ඤාණයෙහි ඇතුළත් වෙත්. (ඔබ වහන්සේගේ නුවණට ඔහු පෙණෙත්.)

1070. සුඛුමච‍්ඡිකජාලෙන උදකං යො පරික‍්ඛිපෙ, යෙ කෙචි උදකෙ පාණා අන‍්තො ජාලෙ භවන‍්ති තෙ.

1070. යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි බහන්නේ නම්, (එවිට) දියෙහි කිසියම් ප්‍රාණි කෙනෙක් වෙත් ද, ඔවුහු දැල තුළෙහි වෙත්.

1071. යෙසඤ‍්ච චෙතනා අත්‍ථි රූපිනො ච අරූපිනො, සබ‍්බෙ තෙ තව ඤාණම‍්භි අන‍්තො හොන‍්ති සමොගධා.

1071. රූපීසත්ත්‍වයන් පිළිබඳ වූ හෝ අරූපීසත්ත්‍වයන් පිළිබඳ වූ යමෙකුගේ චේතනාවක් ඇත් නම්, ඒ සියලු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.

1072. සමුද‍්ධරසි’මං ලොකං අන්‍ධකාරසමාකුලං, තව ධම‍්මං සුණිත්‍වාන කඞ‍්ඛාසොතං තරන‍්ති තෙ.

1072. අඳුරෙහි ගැවසී ගත් මේ ලෝකයා (ඔබවහන්සේ) නගා සිටුවන සේක. ඔහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නමැති සැඩපහර තරණය කෙරෙත්.

1073. අවිජ‍්ජානිවුතො ලොකො අන්‍ධකාරෙන ඔත්‍ථටො, තව ඤාණම‍්භි ජොතන‍්තෙ අන්‍ධකාරා පධංසිතා.

1073. ලෝකවාසි සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසාගන්නා ලදී. (මෝහ) අන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි (ලෝවැස්සෝ) නසන ලද මොහාන්‍ධකාර ඇත්තෝ වෙත්.

1074. තුවං චක‍්ඛූ’සි සබ‍්බෙසං මහාතමපනූදනො, තව ධම‍්මං සුණිත්‍වාන නිබ‍්බායති බහුජ‍්ජනො.”

1074. ඔබ වහන්සේ සියලු දෙනාගේ මහා මෝහාන්‍ධකාරය දුරුකරන්නා වූ ඇසක් වන සේක. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා (කෙලෙස් ගින්න) නිවාගණී.

1075. පිඨරං පූරයිත්‍වාන මධුඛුද‍්දං අනෙළකං, උභොහත්‍ථෙහි පග‍්ගය‍්හ උපනෙසිං මහෙසිනො.

1075. නිදොස් වූ බුද්දකමධු (දඬුවෙල්බෑ මීපැණි) සැළියක් පුරවා දොහොතින් ගෙන ගොස් බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.

1076. පටිගණ‍්හි මහාවීරො සහත්‍ථෙන මහාඉසි, භුඤ‍්ජිත්‍වා තඤ‍්ච සබ‍්බඤ‍්ඤූ වෙහාසං නභමුග‍්ගමි.

1076. මහර්ෂි වූ මහාවීර වූ (අත්‍ථදස්සි) බුදුරජතෙමේ මී අනුභව කොට අහසට නැංගේ ය.

1077. අන‍්තලික‍්ඛෙ ඨිතො සත්‍ථා අත්‍ථදස‍්සී නරාසභො මම චිත‍්තං පසාදෙන‍්තො ඉමා ගාථා අභාසථ.

1077. අසසෙහි සිටියා වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සි ශාස්තෘ තෙමේ මාගේ සිත පහදවමින් මෙ ම ගාථාවන් දෙසී ය.

1078. “යෙනි’දං ථවිතං ඤාණං බුද‍්ධසෙට‍්ඨො ච ථොමිතො, තෙන චිත‍්තප‍්පසාදෙන දුග‍්ගතිං සො න ගච‍්ඡති.

1078. “මේ (බුද්ධ) ඥානය යමකු විසින් පසසන ලද ද, බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ද (යමකු විසින්) තුති කරණ ලද ද, හෙතෙමේ එ ම චිත්තප්‍රසාදය කරණ කොට ගෙණ දුගතියකට නො යයි.

1079. චතුද‍්දසක‍්ඛත‍්තුං සො දෙවජ‍්ජං කරිස‍්සති, පථව්‍යා රජ‍්ජං අට‍්ඨසතං වසුධං ආවසිස‍්සති.

1079. හෙතෙමේ තුදුස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසිය වරක් පෘථිවීරාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේ ය.

1080. අථ පඤ‍්චසතක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී භවිස‍්සති, පදෙසරජ‍්ජමසඞ‍්ඛෙය්‍යං මහියා කාරයිස‍්සති.

1080. ඉක්බිති පන්සියවරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි අසඞ්ඛ්‍යවාරගණනක් ප්‍රදේශරාජ්‍යය කරවන්නේ ය.

1081. අජ‍්ඣායකො මන‍්තධරො තිණ‍්ණං වෙදානපාරගූ, ගොතමස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිස‍්සති.

1081. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයයෙහි පරතෙරට ගියා වූ (හෙතෙමේ) ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.

1082. ගම‍්භීරං නිපුණං අත්‍ථං ඤාණෙන විචිනිස‍්සති, මොඝරාජාති නාමෙන හෙස‍්සති සත්‍ථු සාවකො.

1082. ගැඹුරු වූ සියුම් වූ අර්‍ත්‍ථ නුවණින් දැනගන්නේ ය. (හෙතෙමේ) නමින් මෝඝරාජ ය යි බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.

1083. තීහි විජ‍්ජාහි සම‍්පන‍්නං කතකිච‍්චං අනාසවං, ගොතමො සත්‍ථවාහග‍්ගො එතදග‍්ගෙ ඨපෙස‍්සති.”

1083. (සසර කතරින් සත්ත්‍වයන් එතෙර කරණ බැවින්) අග්‍ර සාර්‍ත්‍ථවාහයකු වැනි වූ ගෞතම බුදුරජ තෙමේ ත්‍රිවිද්‍යාවන්ගෙන් යුක්ත වූ කොට නිමවූ කට යුතු ඇති ආශ්‍රව රහිත වූ (ඔහු) ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”

1084. හිත්‍වා මානුසකං යොගං ඡෙත්‍වාන භවබන්‍ධනං, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය විහරාමි අනාසවො.

1084. මිනිස්යෙදුම් හැර භවබැඳුම් සිඳ සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවශයෙන් දැන ආශ්‍රව රහිත ව වෙසෙමි.

1085. පටිසම‍්භිදා -පෙ- බුද‍්ධස‍්ස සාසනං.

1085. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා මොඝරාජා ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මෝඝරාජස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.

මොඝරාජත්‍ථෙරස‍්සාපදානං පඤ‍්චමං.

මොඝරාජස්ථවිරාවදානය පස්වැනි යි.