34. කාළුදායිත්ථෙරාපදානං
34. කාළුදායිත්ථෙරාපදානං.
34. කාළුදායි ස්ථවිරාවදානය
1050. පදුමුත්තරබුද්ධස්ස ලොකජෙට්ඨස්ස තාදිනො, අද්ධානං පටිපන්නස්ස චරතො චාරිකං තදා.
1050-1051. මම එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති, මහමගට පිළිපන්, චාරිකාවෙහි හැසිරෙන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට මැනැවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද කිරිබත් ද ගෙන (එහි) ගියෙමි.
1051. සුඵුල්ලං පදුමං ගය්හ උප්පලං මල්ලිකඤ්චහං, පරමන්නං ගහෙත්වාන අදාසිං සත්ථුනො අහං.
1052. පරිභුඤ්ජි මහාවීරො පරමන්නං සුභොජනං, තඤ්ච පුප්ඵං ගහෙත්වාන ජනස්ස සම්පදස්සයී.
1052. මහාවීර වූ බුදුරජ තෙමේ මනා භෝජනය (කිරිබත) වැළඳී ය. ඒ මල් ද ගෙන මහාජනයාට දැක්වී ය. (කෙසේද? යත්:)
1053. “ඉට්ඨං කන්තං පියං ලොකෙ ජලජං පුප්ඵමුත්තමං, සුදුක්කරං තෙන කතං යො මෙ පුප්ඵං අදාසි’දං.
1053. (මේ) ලෝකයෙහි ඉෂ්ට වූ මන වඩන්නා වූ ප්‍රිය වූ උතුම් ජලජ (ජලයෙහි හටගන්නා) පුෂ්පයෝ වෙති. යමෙක් තෙමේ මට මේ මල් දුන්නේ ද, ඔහු විසින් ඉතා දුෂ්කර (පින්කමක්) කරණලදි.
1054. යො පුප්ඵමභිරොපෙසි පරමන්නඤ්ච’දාසි මෙ, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
1054. යමෙක් මට මල් නගා දුන්නේ ද, උතුම් වූ ආහාරය දුන්නේ ද ඔහු (කවරෙක් දැයි) මම කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු. (කෙසේ ද යත්?)
1055. දස චට්ඨක්ඛත්තුං සො දෙවරජ්ජං කරිස්සති, උප්පලං පදුමඤ්චාපි මල්ලිකඤ්ච තදුත්තරි.
1055-1056. හෙතෙමේ අටළොස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. එකෙණෙහි ඔහුගේ පුණ්‍යවිපාකයෙන් දිව්‍යමය සුගන්ධයෙන් යුතු උපුල් ද පියුම් ද බෝලිද්ද ද ඔහු මත අහසෙහි වියනක් කොට දරන්නේ ය.
1056. අස්ස පුඤ්ඤවිපාකෙන දිබ්බගන්ධසමායුතං, ආකාසෙ ඡදනං කත්වා ධාරයිස්සති තාවදෙ.
1057. පඤ්චවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පථව්‍යා රජ්ජං පඤ්චසතං වසුධං ආවසිස්සතී.
1057. පස්විසිවරක් සක්විතිරජ වන්නේ ය. පන්සියවරක් පෘථිවි රාජ්‍යය ලබා පොළොවෙහි වෙසෙන්නේ ය.
1058. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
1058. මෙයින් කල්ප ලක්ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
1059. සකකම්මාභිරද්ධො සො සුක්කමූලෙන චොදිතො, සක්යානං නන්දිජනනො ඤාතිබන්ධු භවිස්සති.
1059. කුශලමූලයෙන් මෙහෙයන ලද ස්වකීය කර්මයෙන් සන්තුෂ්ට වූ හෙතෙමේ ශාක්‍යයන්ගේ සතුට ඇති කරන්නා වූ නෑ සබඳ කම් ඇත්තෙක් වන්නේ ය.
1060. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.
1060. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
1061. පටිසම්භිදා ච’නුප්පත්තං කතකිච්චමනාසවං, ගොතමො ලොකබන්ධු සො එතදග්ගෙ ඨපෙස්සති.
1061. ලෝකබන්‍ධු වූ ගෞතමබුදුරජානන් වහන්සේ පැමිණ (සිවු) පිළිසිඹියාවන් ඇති, කරණ ලද කටයුතු ඇති, ආශ්‍රව රහිත වූ ඔහු ඒතදග්‍රස්ථානයෙහි තබන සේක.
1062. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, උදායි නාම නාමෙන හෙස්සති සත්ථු සාවකො.”
1062. වීර්‍ය්‍යය වැඩූ, නිවණ කෙරෙහි මෙහෙයූ සිත් ඇති, උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙමේ නමින් උදායී නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
1063. රාගො දොසො ච මොහො ච මානො මක්ඛො ච ධංසිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
1063. රාගය ද ද්වේෂය ද මෝහය ද මක්ඛය (ගුණමකුබව) ද විනාශ කරණ ලද්දේ ය. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව වෙසෙමි.
1064. තොසයිඤ්චාපි සම්බුද්ධං ආතාපී නිපකො අහං, පමොදිතො ච සම්බුද්ධො එතදග්ගෙ ඨපෙසි මං.
1064. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ප්‍රඥාවත් වූ මම බුදුරජානන් වහන්සේ සතුටු කෙළෙමි. ප්‍රමුදිත වූ බුදුරජ තෙමේ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
1065. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
1065. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා කාළුදායී ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායි ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
කාළුදායිත්ථෙරස්සාපදානං චතුත්ථං.
කාළුදායි ස්ථවිරාවදානය සිවුවැනි යි.