යෙදුමෙන් කියවන්න

34. කාළුදායිත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

34. කාළුදායිත්‍ථෙරඅපදානවණ‍්ණනා

34. කාළුදායි ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරබුද‍්ධස‍්සාතිආදිකං ආයස‍්මතො කාළුදායිත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ‍්බත‍්තො සත්‍ථු ධම‍්මදෙසනං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං කුලප‍්පසාදකානං භික‍්ඛූනං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා තජ‍්ජං අභිනීහාරං කත්‍වා තං ඨානන‍්තරං පත්‍ථෙසි.

පදුමුත්තරස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් කාලුදායී තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් කුල පහදවන භික්‍ෂූන් අතර අගතන්හි තබනු ලබන එක් භික්‍ෂුවක දැක එබඳු උතුම් ප්‍රාර්ථනාවක් කොට ඒ තනතුර ප්‍රාර්ථනා කළේය.

සො යාවජීවං කුසලං කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො අම‍්හාකං බොධිසත‍්තස‍්ස මාතුකුච‍්ඡියං පටිසන්‍ධිග‍්ගහණදිවසෙ කපිලවත්‍ථුස‍්මිංයෙව අමච‍්චගෙහෙ පටිසන්‍ධිං ගණ‍්හි, බොධිසත‍්තෙන සද‍්ධිං එකදිවසංයෙව ජාතොති තං දිවසංයෙව නං දුකූලචුම‍්බටකෙ නිපජ‍්ජාපෙත්‍වා බොධිසත‍්තස‍්ස උපට‍්ඨානත්‍ථාය නයිංසු. බොධිසත‍්තෙන හි සද‍්ධිං බොධිරුක‍්ඛො, රාහුලමාතා, චත‍්තාරො නිධී, ආරොහනහත්‍ථී, අස‍්සකණ‍්ඩකො, ආනන්‍දො, ඡන‍්නො, කාළුදායීති ඉමෙ සත‍්ත එකදිවසෙ ජාතත‍්තා සහජාතා නාම අහෙසුං. අථස‍්ස නාමග‍්ගහණදිවසෙ සකලනගරස‍්ස උදග‍්ගචිත‍්තදිවසෙ ජාතත‍්තා උදායිත්‍වෙව නාමං අකංසු. ථොකං කාළධාතුකත‍්තා පන කාළුදායීති පඤ‍්ඤායිත්‍ථ. සො බොධිසත‍්තෙන සද‍්ධිං කුමාරකීළං කීළන‍්තො වුද‍්ධිං අගමාසි.

හේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ මවගේ කුසෙහි පිළිසිඳගන්නා දවසෙහි, ඔහුද කපිලවස්තු නගරයෙහි ම ඇමතියකුගේ ගෙහි පිළිසිඳ ගත්තේය. බෝධිසත්ත්වයන් වහන්සේ සමගම එක් දිනයෙහිම උපන්නේ විය. එදවස ම ඔහු දුහුල් සුඹුළුවෙක හොවා බෝධිසත්ත්වයන් වහන්සේ ළඟට ගෙන ආහ. බෝධිසත්ත්වයන් වහන්සේ සමග බෝරුක, රාහුල මාතාව, සතරමහා නිධාන, කන්ථක, ආනන්ද, ඡන්න, කාලුදායි යන මේ සත එක් දවසෙක උපන් බැවින් සහජාත නම් වූහ. ඉක්බිති ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි ඔදවැඩුණු සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායී යනුවෙන්ම නමක් තැබූහ. මදක් කාලවර්ණ ස්වභාවය ඇති බැවින් කාලුදායී යනුවෙන් දන්නා ලද්දේ විය. ඔහු බෝධිසත්ත්වයන් සමග කුමර කෙළි කෙළින්නේ වැඩිවිය පත්විය.

අපරභාගෙ ලොකනාථෙ මහාභිනික‍්ඛමනං නික‍්ඛමිත්‍වා අනුක‍්කමෙන සබ‍්බඤ‍්ඤුතං පත්‍වා පවත‍්තිතවරධම‍්මචක‍්කෙ රාජගහං උපනිස‍්සාය වෙළුවනෙ විහරන‍්තෙ සුද‍්ධොදනමහාරාජා තං පවත‍්තිං සුත්‍වා පුරිසසහස‍්සපරිවාරං එකං අමච‍්චං “පුත‍්තං මෙ ඉධානෙහී”ති පෙසෙසි. සො ධම‍්මදෙසනාවෙලායං සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුත්‍වා සපරිවාරො අරහත‍්තං පාපුණි. අථ නෙ සත්‍ථා “එථ, භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. සබ‍්බෙ තඞ‍්ඛණඤ‍්ඤෙව ඉද‍්ධිමයපත‍්තචීවරධරා වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය අහෙසුං. අරහත‍්තප‍්පත‍්තිතො පට‍්ඨාය පන අරියා මජ‍්ඣත‍්තාව හොන‍්ති. තස‍්මා රඤ‍්ඤා පහිතසාසනං දසබලස‍්ස න කථෙසි. රාජා “නෙව ගතො ආගච‍්ඡති, න සාසනං සුය්‍යතී”ති අපරං අමච‍්චං පුරිසසහස‍්සෙහි පෙසෙසි. තස‍්මිම‍්පි තථා පටිපන‍්නෙ අපරම‍්පි පෙසෙසීති එවං නවහි පුරිසසහස‍්සෙහි සද‍්ධිං නව අමච‍්චෙ පෙසෙසි. සබ‍්බෙ අරහත‍්තං පත්‍වා තුණ‍්හී අහෙසුං.

පසුකලෙක ලෝකනාථයන් වහන්සේ මහබිනික්මන් නික්ම අනුක්‍රමයෙන් සර්වඥ තත්ත්වයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ රජගහනුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරන සේක්, සුදොවුන් මහරජ ඒ පුවත අසා පුරුෂයන් දහසක් පිරිවර ඇති එක් ඇමතියකු පුත්‍රයා මෙහි ගෙනෙවයි යැවීය. ඔහු ධර්මදේශනා වේලාවෙහි ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් පිරිස් කෙළවර සිටියේ ධර්මය අසා පිරිවර සහිතව රහත්බවට පත්විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ එවූ මහණෙනියි ඔවුන්ට අත දිගුකළ සේක. සියලුදෙන එකෙණෙහිම සෘද්ධිමය පාසිවුරු ධරව සියවස් පිරුණු තෙරුන් මෙන් වූහ. රහත් බවට පත්වූ තැන් පටන් ආර්යයෝ මධ්‍යස්ථයෝම වෙති. ඒ නිසා රජු විසින් එවන ලද ඒ හසුන දසබලධාරීන් වහන්සේට නොකීහ. රජ තෙමේ ‘ගියකෙනා එන්නේද නැත. හසුනක් අසන්නටද නැතැ’යි වෙනත් ඇමතියකු පුරුෂයන් දහසක් සමග යැවීය. එහිදී ද ඒ අයුරින්ම සිදුවූ කල තවත් ඇමතියකු යැවීය. මෙසේ පුරුෂයන් අනූදහසක් සමග ඇමතියන් නව දෙනකු යැවීය. සියලුදෙන රහත්බවට පත්ව නිහඬ වූහ.

අථ රාජා චින‍්තෙසි – “එත‍්තකා ජනා මයි සිනෙහාභාවෙන දසබලස‍්ස ඉධාගමනත්‍ථාය න කිඤ‍්චි කථයිංසු, අයං ඛො උදායි දසබලෙන සමවයො, සහපංසුකීළිකො, මයි ච සිනෙහො අත්‍ථි, ඉමං පෙසෙස‍්සාමී”ති තං පක‍්කොසාපෙත්‍වා, “තාත, ත්‍වං පුරිසසහස‍්සපරිවාරො රාජගහං ගන‍්ත්‍වා දසබලං ඉධානෙහී”ති වත්‍වා පෙසෙසි. සො පන ගච‍්ඡන‍්තො “සචාහං, දෙව, පබ‍්බජිතුං ලභිස‍්සාමි, එවාහං භගවන‍්තං ඉධානෙස‍්සාමී”ති වත්‍වා “යං කිඤ‍්චි කත්‍වා මම පුත‍්තං දස‍්සෙහී”ති වුත‍්තො රාජගහං ගන‍්ත්‍වා සත්‍ථු ධම‍්මදෙසනවෙලායං පරිසපරියන‍්තෙ ඨිතො ධම‍්මං සුත්‍වා සපරිවාරො අරහත‍්තං පත්‍වා එහිභික‍්ඛුභාවෙ පතිට‍්ඨාසි. අරහත‍්තං පන පත්‍වා “න තාවායං දසබලස‍්ස කුලනගරං ගන‍්තුං කාලො, වසන‍්තෙ පන උපගතෙ පුප‍්ඵිතෙ වනසණ‍්ඩෙ හරිතතිණසඤ‍්ඡන‍්නාය භූමියා ගමනකාලො භවිස‍්සතී”ති කාලං පටිමානෙන‍්තො වසන‍්තෙ සම‍්පත‍්තෙ සත්‍ථු කුලනගරං ගන‍්තුං ගමනමග‍්ගවණ‍්ණං සංවණ‍්ණෙන‍්තො –

ඉක්බිති රජතෙමේ මෙසේ සිතීය. මෙපමණ ජනයෝ මා කෙරෙහි සෙනේ නැති බැවින් දසබලධාරීන් වහන්සේ මෙහි වැඩමවාගෙන ඒම පිණිස කිසිවක් නොකීහ. මේ උදායී දශබලධාරීන් වහන්සේ සමග සමවයස් ඇත්තේය. වැලිකෙළියේ එකට යෙදුණේය. මා කෙරෙහි සෙනෙහ ඇත්තේද වෙයි. මොහු යවන්නෙමියි ඔහු කැඳවා ‘දරුව, නුඹ පුරුෂයන් දහසක් පිරිවර ඇතිව රජගහ නුවරට ගොස් දශබලයන් වහන්සේ මෙහි වඩමවාගෙන එව’යි කියා යැවීය. හෙතෙමේ ‘දේවයන් වහන්ස, යම් හෙයකින් මට පැවිදි වන්නට ලැබේනම් පමණක් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩමාගෙන එන්නෙමි’යි කියා ‘යම්කිසි දෙයක් කොට මාගේ පුත්‍රයා දක්වව’යි කී කල්හි රජගහනුවරට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනා වේලාවෙහි පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිතව රහත්බවට පත්වී ඒහිභික්ඛුභාවයෙන් උපසම්පදාව ලැබීය. රහත්බවට පත්ව තවමත් දශබලධාරීන් වහන්සේ කුල නුවරට වැඩමවීමට කල් නොවේ. වසන්තය පැමිණි කල වන ලැහැබ් මලින් බරවූ කල බිම නිල් තණපතින් ගැවසුණු කල වැඩමවීමට කාලය වන්නේ යයි කල් බලන්නේ වසන්තය උදාවූ කල ශාස්තෲන් වහන්සේ කුලනුවරට වැඩමවීමට ගමන්මග වරුණ මැනවින් වර්ණනා කරන්නේ;

“අඞ‍්ගාරිනො දානි දුමා භදන‍්තෙ, ඵලෙසිනො ඡදනං විප‍්පහාය; තෙ අච‍්චිමන‍්තොව පභාසයන‍්ති, සමයො මහාවීර භාගී රථානං.

අංගාරිනො දානි දුමා භදන්තෙ, ඵලෙසිනො ඡදනං විප්පහාය, තෙ අච්චිමන්තොව පභාසයන්තී, සමයො මහාවීර භගීරසානං

හිමියනි මෙවිට රුක් හිස් සහළඟුරු වගේ පරඬැල් සලා පල දැරුමට ළඟයි වගේ ඒ රුක් පහන්සිළු මෙන් බබලමින් නැගේ සැකිකුලවුන්ට අත දෙත මේ කලැයි හැඟේ

“දුමානි ඵුල‍්ලානි මනොරමානි, සමන‍්තතො සබ‍්බදිසා පවන‍්ති; පත‍්තං පහාය ඵලමාසසානා, කාලො ඉතො පක‍්කමනාය වීර.

දුමානි ඵුප්ඵානි මනොරමානී, සමන්තතො සබ්බදිසා පවන්තී, පත්තම්පහාය ඵලමාසසානා, කාලො ඉතො නික්ඛමනාය වීර

විරුවනි එරුක් මල් බරවී මනහරය සුවඳින් පුරාලයි සැමදෙස පරිසරය පලබරවනුව සැරසෙයි පරඬැල් හැරය මෙතැනින් නික්මෙන්ට දැන් කාලය හරිය

“නෙවාතිසීතං න පනාතිඋණ‍්හං, සුඛා උතු අද‍්ධනියා භදන‍්තෙ; පස‍්සන‍්තු තං සාකියා කොළියා ච, පච‍්ඡාමුඛං රොහිනියං තරන‍්තං.

නෙවාති සීතං නපනාති උණ්හං, සුඛාඋ අද්ධනියා භදන්තෙ, පස්සන්තු තං සාකියා කොළියාච, පච්ඡාමුඛං රෝහිණිං තාරයන්තං

වැඩි සීතලක් නැත වැඩි උණුසුමක් නැත මහමග යන්ට සුන්දර රිතු ගුණය ඇත රෝහිණි නදිය තරණය කොට ඔබ වඩිත සැකි-කෝළියෝ පැළදිග දෙස බලනු ඇත

“ආසාය කසතෙ ඛෙත‍්තං, බීජං ආසාය වප‍්පති; ආසාය වාණිජා යන‍්ති, සමුද‍්දං ධනහාරකා; යාය ආසාය තිට‍්ඨාමි, සා මෙ ආසා සමිජ‍්ඣතු. (ථෙරගා· 527-530);

ආසාය කසතෙ ඛෙත්තං, බීජං ආසාය වප්පතී, ආසාය වාණිජා යන්තී, සමුද්දං ධන හාරකා, යාය ආසාය තිට්ඨාමි, සා මෙ ආසා සමිජ්ඣතු

සිතැඟි ලෙස කෙත් සැකසේ - සිතැඟි ලෙස බිජු වැපිරේ දනය ගෙන යන වෙළඳ ජනයා - සිතැඟි ලෙස මහ සමුදුරේ යති මමද යම් සිතැඟියක සිටිනෙමි

“නාතිසීතං නාතිඋණ‍්හං, නාතිදුබ‍්භික‍්ඛඡාතකං; සද‍්දලා හරිතා භූමි, එස කාලො මහාමුනි. (අ· නි· අට‍්ඨ· 1.1.225);

[missing trans]

“පුනප‍්පුනඤ‍්චෙව වපන‍්ති බීජං, පුනප‍්පුනං වස‍්සති දෙවරාජා; පුනප‍්පුනං ඛෙත‍්තං කසන‍්ති කස‍්සකා, පුනප‍්පුනං ධඤ‍්ඤමුපෙති රට‍්ඨං.

පුනප්පුනං චෙව වපන්ති බීජං, පුනප්පුනං වස්සති දෙවරාජා, පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා, පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං

යළි යළි බිජුවට වපුරාලන්නේ යළි යළි මහවැසි දහර වසින්නේ යළි යළි ගොවියන් කෙත් සකසන්නේ යළි යළි රටවෙත වියැට ඇදෙන්නේ

“පුනප‍්පුනං යාචනකා චරන‍්ති, පුනප‍්පුනං දානප‍්පතී දදන‍්ති; පුනප‍්පුනං දානප‍්පතී දදිත්‍වා, පුනප‍්පුනං සග‍්ගමුපෙන‍්ති ඨානං.

පුනප්පුනං යාචනකා චරන්තී, පුනප්පුනං දානපතී දදන්තී, පුනප්පුනං දානපතී දදිත්‍වා, පුනප්පුනං සග්ගමුපෙන්තිඨානං

යළි යළි ඉල්ලා ඇවිදිති යදියෝ යළි යළි ඔවුනට දෙති දන්පතියෝ යළි යළි දන් දී ඒ දන්පතියෝ යළි යළි යහපත් තැනකට සැපැතියෝ

“වීරො හවෙ සත‍්තයුගං පුනෙති, යස‍්මිං කුලෙ ජායති භූරිපඤ‍්ඤො; මඤ‍්ඤාමහං සක‍්කති දෙවදෙවො, තයා හි ජාතො මුනි සච‍්චනාමො.

වීරො භවෙ සත්ත යුගං පුනෙතී, යස්මිං කුලෙ ජායති භුරිපඤ්ඤෙ, මඤ්ඤමහං සක්කති දෙවදෙවො, තායාභිජාතො මුනි සච්චමානො

පවුලක මහ පැනැති විරුවකු උපන්විට හත්මුතු පරපුරක් යෙයි පිරිසිදු බවට හැකිවේයයි සිතමි දෙවි දෙවි වූ ඔබට ගැළපෙයි එයින් ඔබ සත්‍යය යන නමට

“සුද‍්ධොදනො නාම පිතා මහෙසිනො, බුද‍්ධස‍්ස මාතා පන මායනාමා; යා බොධිසත‍්තං පරිහරිය කුච‍්ඡිනා, කායස‍්ස භෙදා තිදිවම‍්හි මොදති.

සුද්ධොදනො නාම පිතා මහෙසිනො, බුද්ධස්ස මාතා පන මාය නාමා, යා බොධි සත්තං පරිහරිය කුච්ඡිනා, කායස්ස භෙදා තිදිවම්හි මොදතී

ඔබගේ පියතුමා සුදොවුන් නම් වේය ඔබගේ මව්තොමෝ මායා නම් වේය බෝසත් කුසදරා සිට ඈ මියැදේය ඉන්පසු තුටුවෙමින් දෙව්ලොව වැජඹේය

“සා ගොතමී කාලකතා ඉතො චුතා, දිබ‍්බෙහි කාමෙහි සමඞ‍්ගිභූතා; සා මොදති කාමගුණෙහි පඤ‍්චහි, පරිවාරිතා දෙවගණෙහි තෙහී”ති. (ථෙරගා· 531-535);

සාගොතමී කාලකතා ඉතොචුතා, දිබ්බෙහි කාමෙහි සමංගිභූතා, යා මොදතී කාම ගුණෙහි පඤ්චගි, පරිවාරිතා දෙවගණෙහි තෙහිතෙ

ඒ ගෝතමිය කලුරියකොට මින් චුතව දෙව්ලොව කම් සැපෙහි හැම අඟකින් යුතුව පස්කම් ගුණෙන් ඈ දැන් මොනවට තුටුව සැප විඳිනීය දෙව්ගණ පිරිවර ඇතුව

ඉමා ගාථා අභාසි. තත්‍ථ අඞ‍්ගාරිනොති අඞ‍්ගාරානි වියාති අඞ‍්ගාරානි. අඞ‍්ගාරානි රත‍්තපවාළවණ‍්ණානි රුක‍්ඛානං පුප‍්ඵඵලානි, තානි එතෙසං සන‍්තීති අඞ‍්ගාරිනො, අභිලොහිතකුසුමකිසලයෙහි අඞ‍්ගාරවුට‍්ඨිසම‍්පරිකිණ‍්ණා වියාති අත්‍ථො. දානීති ඉමස‍්මිං කාලෙ. දුමාති රුක‍්ඛා. භදන‍්තෙති භද‍්දං අන‍්තෙ එතස‍්සාති, “භදන‍්තෙ”ති එකස‍්ස ද-කාරස‍්ස ලොපං කත්‍වා වුච‍්චති. ගුණවිසෙසයුත‍්තො, ගුණවිසෙසයුත‍්තානඤ‍්ච අග‍්ගභූතො සත්‍ථා. තස‍්මා, භදන‍්තෙති සත්‍ථු ආලපනමෙව, පච‍්චත‍්තවචනඤ‍්චෙතං එකාරන‍්තං “සුගතෙ පටිකම‍්මෙ සුඛෙ දුක‍්ඛෙ ජීවෙ”තිආදීසු විය. ඉධ පන සම‍්බොධනට‍්ඨෙ දට‍්ඨබ‍්බං. තෙන වුත‍්තං, “භදන‍්තෙති ආලපන”න‍්ති. “භද‍්දසද‍්දෙන සමානත්‍ථං පදන‍්තරමෙක”න‍්ති කෙචි. ඵලානි එසන‍්තීති ඵලෙසිනො. අචෙතනෙපි හි සචෙතනකිරියං ආහ. එවං ථෙරෙන යාචිතො භගවා තත්‍ථ ගමනෙ බහූනං විසෙසාධිගමනං දිස‍්වා වීසතිසහස‍්සඛීණාසවපරිවුතො රාජගහතො අතුරිතචාරිකාවසෙන කපිලවත්‍ථුගාමිමග‍්ගං පටිපජ‍්ජි. ථෙරො ඉද‍්ධියා කපිලවත්‍ථුං ගන‍්ත්‍වා රඤ‍්ඤො පුරතො ආකාසෙ ඨිතොව අදිට‍්ඨපුබ‍්බවෙසං දිස‍්වා රඤ‍්ඤා “කොසි ත්‍ව”න‍්ති පුච‍්ඡිතො “අමච‍්චපුත‍්තං තයා භගවතො සන‍්තිකං පෙසිතං මං න ජානාසි, ත්‍වං එවං පන ජානාහී”ති දස‍්සෙන‍්තො –

මේ ගාථා කී සේක. එහි අංගාරිනො යනු අඟුරු මෙනැයි අංගාරානි මේ ගාථා කී සේක. එහි අංගාරිනො යනු අඟුරු මෙනැයි අංගාරානි අඟුරු වැනි රතුපබළු පැහැගත් ගස්වල මල්දලු මේවාට ඇතැයි අංගාරිනො. අතිශයින් රත්පැහැ ගත් මල් දලුවෙන් අඟුරු වැස්සෙන් හාත්පසින් භදන්තෙ යනු මොහුගේ අන්තයෙහි යහපතැයි භද්දන්තෙ යනුවෙන් කිවයුතු එක් දකාරයක් ලොප්කොට භදන්තෙ යි කියන ලදි. ගුණ විශේෂයන්ගෙන් යුක්ත වූවන්ටද අග්‍ර වූ ශාස්තෲන් වහන්සේ. ඒ නිසා භදන්තෙ යනු ශාස්තෲන් වහන්සේ ඇමතීමක්මය. මේ දුතියා වචනයද ඒකාරාන්ත වේ. සුකතෙ, පටික්කම්මෙ, සුඛෙ, දුක්ඛෙ ආදියෙහි මෙන්. මෙහි ආලපන අර්ථයෙහි දතයුතුය. එහෙයින් කියන ලදි. භදන්තෙ යනු ආලපන වේයැයි. භද්ද ශබ්දය හා සමානාර්ථ ඇති එක් පදාන්තරයක්ද ඇතැයි සමහරු කියති. ඵල සොයත්නුයි එලෙසිනො. අචේතනික නාමපදයන්හි ද සචේතනික ක්‍රියාවක් කීය. මෙසේ තෙරුන් වහන්සේ විසින් යාචිත වූ භාග්‍යවතුන් වහන්සේ එහි යාමෙන් බොහෝ දෙනකුට සිදුවන විශේෂ අධිගමයක් දැක විසිදහසක් රහතුන් පිරිවරන ලද සේක් රජගහනුවර සිට අනුපිළිවෙල චාරිකාවක් වශයෙන් කපිලවස්තුවට දිවෙන මහා මාර්ගයට පිළිපන් සේක. තෙරුන් වහන්සේ සෘද්ධියෙන් කපිල වස්තුවට ගොස් රජුගේ ඉදිරියෙහි අහසෙහි සිටියාහු නුදුටුවිරූ වේශයක් දැක රජු විසින් ‘ඔබ කවරෙක්දැයි විමසන ලද්දාහු ඔබ විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයට යවන ලද අමාත්‍යපුත්‍රයා වූ මා නොදන්නා ඔබ මෙසේ දනුවයි දක්වන්නාහු –

“බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හි අසය‍්හසාහිනො, අඞ‍්ගීරසස‍්සප‍්පටිමස‍්ස තාදිනො; පිතුපිතා මය‍්හං තුවංසි සක‍්ක, ධම‍්මෙන මෙ ගොතම අය්‍යකොසී”ති. (ථෙරගා· 536) – ගාථමාහ.

බුද්ධස්ස පුත්තොම්හි අසය්හසාහිනො, අංගීරසස්සප්පටිමස්ස තාදිනො, පිතුප්පිතා මය්හං තුවංසි සක්ක, ධම්මෙන මෙ ගොතම අය්‍යකොසීති

අසැහි සැහිවූ අංගිරස වූ තාදි ගුණගුණ යුතු අසමසම වූ බුදුපියාණන් වහන්සේගේ මම පුතු මාපියාණන් පියාවෙති ඔබවහන්සේ සැකිකුල ගොයුම් හොතු සොබාවෙන්මත් ඔබවහන්සේ වන සේක මාගේ මුතු

තත්‍ථ බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හීති සබ‍්බඤ‍්ඤුබුද‍්ධස‍්ස ඔරස‍්ස පුත‍්තො අම‍්හි. අසය‍්හසාහිනොති අභිසම‍්බොධිතො පුබ‍්බෙ ඨපෙත්‍වා මහාබොධිසත‍්තං අඤ‍්ඤෙහි සහිතුං වහිතුං අසක‍්කුණෙය්‍යත‍්තා අසය‍්හස‍්ස සකලස‍්ස බොධිසම‍්භාරස‍්ස මහාකාරුණිකාධිකාරස‍්ස ච සහනතො වහනතො, තතො පරම‍්පි අඤ‍්ඤෙහි සහිතුං අභිභවිතුං අසක‍්කුණෙය්‍යත‍්තා අසය‍්හානං පඤ‍්චන‍්නං මාරානං සහනතො අභිභවනතො, ආසයානුසයචරිතාධිමුත‍්තිආදිවිභාගාවබොධනෙන යථාරහං වෙනෙය්‍යානං දිට‍්ඨධම‍්මිකසම‍්පරායිකපරමත්‍ථෙහි අනුසාසනීසඞ‍්ඛාතස‍්ස අඤ‍්ඤෙහි අසය‍්හස‍්ස බුද‍්ධකිච‍්චස‍්ස සහනතො, තත්‍ථ වා සාධුකාරිභාවතො අසය‍්හසාහිනො. අඞ‍්ගීරසස‍්සාති අඞ‍්ගීකතසීලාදිසම‍්පත‍්තිකස‍්ස. අඞ‍්ගමඞ‍්ගෙහි නිච‍්ඡරණකඔභාසස‍්සාති අපරෙ. කෙචි පන “අඞ‍්ගීරසො, සිද‍්ධත්‍ථොති ද‍්වෙ නාමානි පිතරායෙව ගහිතානී”ති වදන‍්ති. අප‍්පටිමස‍්සාති අනූපමස‍්ස. ඉට‍්ඨානිට‍්ඨෙසු තාදිලක‍්ඛණප‍්පත‍්තියා තාදිනො. පිතුපිතා මය‍්හං තුවංසීති අරියජාතිවසෙන මය‍්හං පිතු සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ලොකවොහාරෙන ත්‍වං පිතා අසි. සක‍්කාති ජාතිවසෙන රාජානං ආලපති. ධම‍්මෙනාති සභාවෙන අරියජාති ලොකියජාතීති ද‍්වින‍්නං ජාතීනං සභාවසමොධානෙන. ගොතමාති රාජානං ගොත‍්තෙන ආලපති. අය්‍යකොසීති පිතාමහො අසි. එත්‍ථ ච “බුද‍්ධස‍්ස පුත‍්තොම‍්හී”තිආදිං වදන‍්තො ථෙරො අඤ‍්ඤං බ්‍යාකාසි.

එහි බුද්ධස්ස පුත්තොම්හි යනු සර්වඥ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍රයා වෙමි. අසය්හ සාහිනො යනු නිර්වාණාවබෝධයට පෙර මහබෝසතුන් හැර අන්‍යයන් විසින් අභිභවනය කිරීමට නොහැකි වූ බැවින් අභිභවනය කළ නොහැකි සියලු බෝධි සම්භාරයන් මහාකරුණා අධිකාරයන් අභිභවනය කරන බැවින්. ඉන්පසුවත් අනුන් විසින් සහිතුං අභිභවනය කරන්ට නොහැකි බැවින් අභිභවනය කළ නොහැකි පස්මරු සදන්තො අභිභවනය කරන හෙයින්, ආසයානුසය චරිතාධිමුත්ති ආදි විභාව අවබෝධයෙන් සුදුසු පරිදි හික්මවිය යුත්තන්ට මෙලොව පරලොව පරමාර්ථයන්ගෙන් අනුශාසන සංඛ්‍යාත අන්‍යයන් විසින් අභිභවනය නොකළහැකි බුද්ධකෘත්‍ය අභිභවනය කරන හෙයින්, ඒ ඒ තැන හෝ යහපත් දේ කරන හෙයින්, අසය්හසාහි නම් වේ. අඞ්ගීරසස්ස යනු පිළිගත් ශීලාදී සම්පත් ඇති අඟපසඟින් නික්මෙන ආලෝකය ඇති, යනුයි. කිසිවෙක් අංගීරස, සිද්ධාර්ථ යනුවෙන් නම් දෙකක් පියා විසින්ම තබන ලද්දේයයි කියති. අප්පටිමස්ස අනුපම වූ, ඉටුඅනිටු දැයෙහි නොසැලෙන ලක්‍ෂණ සම්පත්තියෙන් තාදිනො නමි. පිතුප්පි තාමය්හං තුවංසි යනු ආර්යජාති වශයෙන් මාගේ පියා වූ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ලෝක ව්‍යවහාරයෙන් පියා ඔබ වෙහි. සක්ක යනු ජාති වශයෙන් රාජවරුන්ට අමතයි. ධම්මෙන යනු ස්වභාවයෙන් ආර්ය ජාතිය ලෞකික ජාතිය යන ජාතීන්ගේ ස්වභාව එකතුවෙන්. ගොතම යනු රජවරුන්ට ගෝත්‍රයෙන් අමතයි. අය්‍යකොසි යනු මුත්තණුවෝ වෙති. මෙහිද බුද්ධස්ස පුත්තොම්හි ආදිය කියන තෙරුන්වහන්සේ රහත් බව ප්‍රකාශ කිරීම් වශයෙන්,

එවං පන අත‍්තානං ජානාපෙත්‍වා හට‍්ඨතුට‍්ඨෙන රඤ‍්ඤා මහාරහෙ පල‍්ලඞ‍්කෙ නිසීදාපෙත්‍වා අත‍්තනො පටියාදිතස‍්ස නානග‍්ගරසභොජනස‍්ස පත‍්තං පූරෙත්‍වා දින‍්නෙ ගමනාකාරං දස‍්සෙසි. “කස‍්මා, භන‍්තෙ, ගන‍්තුකාමත්‍ථ, භුඤ‍්ජථා”ති ච වුත‍්තෙ, “සත්‍ථු සන‍්තිකං ගන‍්ත්‍වා භුඤ‍්ජිස‍්සාමී”ති. “කහං පන සත්‍ථා”ති? “වීසතිසහස‍්සභික‍්ඛුපරිවාරො තුම‍්හාකං දස‍්සනත්‍ථාය මග‍්ගං පටිපන‍්නො”ති. “තුම‍්හෙ ඉමං පිණ‍්ඩපාතං භුඤ‍්ජථ, අඤ‍්ඤං භගවතො හරිස‍්සථ. යාව ච මම පුත‍්තො ඉමං නගරං සම‍්පාපුණාති, තාවස‍්ස ඉතො පිණ‍්ඩපාතං හරථා”ති වුත‍්තෙ ථෙරො භත‍්තකිච‍්චං කත්‍වා රඤ‍්ඤො පරිසාය ච ධම‍්මං කථෙත්‍වා සත්‍ථු ආගමනතො පුරෙතරමෙව සකලරාජනිවෙසනං රතනත‍්තයෙ අභිප‍්පසන‍්නං කරොන‍්තො සබ‍්බෙසං පස‍්සන‍්තානංයෙව සත්‍ථු ආහරිතබ‍්බභත‍්තපුණ‍්ණං පත‍්තං ආකාසෙ විස‍්සජ‍්ජෙත්‍වා සයම‍්පි වෙහාසං අබ‍්භුග‍්ගන‍්ත්‍වා පිණ‍්ඩපාතං උපනාමෙත්‍වා සත්‍ථු හත්‍ථෙ ඨපෙසි. සත්‍ථා තං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජි. එවං සට‍්ඨියොජනමග‍්ගෙ දිවසෙ දිවසෙ යොජනං ගච‍්ඡන‍්තස‍්ස භගවතො රාජගෙහතොයෙව පිණ‍්ඩපාතං ආහරිත්‍වා අදාසි. අථ නං භගවා “අයං මය‍්හං පිතුනො සකලනිවෙසනං පසාදෙතී”ති “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං කුලප‍්පසාදකානං භික‍්ඛූනං යදිදං කාළුදායී”ති (අ· නි· 1.219, 225) කුලප‍්පසාදකානං අග‍්ගට‍්ඨානෙ ඨපෙසි.

තමා හඳුන්වා තුටුපහටු වූ රජතුමා විසින් මාහැඟි පුටුවෙක හිඳුවා තමාට පිළියෙල කරනු ලැබූ නානාග්‍රරසයෙන් යුතු භෝජනයෙන් පාත්‍රය පුරවා දුන්කල්හි යන ආකාරයක් දැක්වූ සේක. ‘ස්වාමීනි, කුමක් හෙයින් යනු කැමැත්තේද වළඳනු මැනවැයි’ද කී කල්හි ‘ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් වළඳන්නෙමි’ යි. කොහිද ස්වාමීනි ශාස්තෲන් වහන්සේ? විසිදහසක් පිරිවරකොට ඔබ දකිනු පිණිස මගට පිළිපන් සේක. ඔබවහන්සේ මේ පිණ්ඩපාතය වළඳනු මැනවි. වෙනෙකක් භාග්‍යවතුන් වහන්සේට යවනු මැනවි. යම්තාක් මාගේ පුත්‍රයා මේ නගරයට පැමිණේද, එතෙක් ඔහුට මෙතැනින් පිණ්ඩපාතය ගෙනයනු මැනවැයි කී කල්හි තෙරුන්වහන්සේ බත්කිස කොට රජුට පිරිසටද ධර්මය කියා ශාස්තෲන් වහන්සේ පැමිණීමට පළමුවෙන්ම මුළු රජමැදුර රත්නත්‍රයෙහි අතිප්‍රසන්න කරන්නාහු ශාස්තෲන් වහන්සේට ගෙන ආ යුතු බත් පිරුණු පාත්‍රය අහසෙහි යවා තමාද අහසට පැනනැගී පිණ්ඩපාතය පිරිනමා ශාස්තෲන් වහන්සේගේ අතෙහි තැබූ සේක. ශාස්තෲන් වහන්සේ ඒ පිණ්ඩපාතය වැළඳූ සේක. මෙසේ සැටයොදුන් මග දවසින් දවස යොදුනක් යන්නා වූ භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය ගෙනවුත් දුන් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මුන්වහන්සේ මාගේ පියාගේ මුළු නිවසම පැහැද වූහයි මහණෙනි මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර කුලප්‍රසාදක යම් කෙනෙක් වේද ඒ කාලුදායීයයි කුලප්‍රසාදක භික්‍ෂූන් අතර අගතන්හි තැබූ සේක.

එවං සො කතපුඤ‍්ඤසම‍්භාරානුරූපෙන අරහත‍්තං පත්‍වා පත‍්තඑතදග‍්ගට‍්ඨානො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සවසෙන පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරස‍්ස බුද‍්ධස‍්සාතිආදිමාහ. අද‍්ධානං පටිපන‍්නස‍්සාති අපරරට‍්ඨං ගමනත්‍ථාය දූරමග‍්ගං පටිපජ‍්ජන‍්තස‍්ස. චරතො චාරිකං තදාති අන‍්තොමණ‍්ඩලං මජ‍්ඣෙමණ‍්ඩලං බහිමණ‍්ඩලන‍්ති තීණි මණ‍්ඩලානි තදා චාරිකං චරතො චරන‍්තස‍්ස පදුමුත‍්තරබුද‍්ධස‍්ස භගවතො සුඵුල‍්ලං සුට‍්ඨු ඵුල‍්ලං පබොධිතං ගය‍්හ ගහෙත්‍වා න කෙවලමෙව පදුමං, උප‍්පලඤ‍්ච මල‍්ලිකං විකසිතං අහං ගය‍්හ උභොහි හත්‍ථෙහි ගහෙත්‍වා පූරෙසින‍්ති සම‍්බන්‍ධො. පරමන‍්නං ගහෙත්‍වානාති පරමං උත‍්තමං සෙට‍්ඨං මධුරං සබ‍්බසුපක‍්කං සාලිඔදනං ගහෙත්‍වා සත්‍ථුනො අදාසිං භොජෙසින‍්ති අත්‍ථො.

මෙසේ උන්වහන්සේ කරන ලද පුණ්‍ය සම්භාර අනුරූපයෙන් රහත් බවට පත්ව පැමිණි අගතැන් ඇත්තාහු තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස ආදිය කී සේක. අද්ධානං පටිපන්නස්ස යනු වෙනත් රටකට යනු පිණිස දුරුමගට පිළිපන් චරතො චාරිකංතදා යනු අන්තො මණ්ඩලය මධ්‍ය මණ්ඩලය බහි මණ්ඩලය යන තුන් මණ්ඩලයන්හි එකල චාරිකාවෙහි චරතො සරන්නා වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ. සුඵුල්ලං මැනවින් පිපුණු පිබිදුණු. ගය්හ අල්ලාගෙන එකම පද්මයක් ද මහනෙල් මලක් ද ඵුල්ලිතං පිපුණු මම ගය්හ දෑතින් ගෙන පිදුවෙමි යන සම්බන්ධයි. පරමන්නං ගහෙත්‍වාන යනු පරම වූ උත්තම ශ්‍රේෂ්ඨ වූ මධුර වූ සියල්ල මැනවින් පිසූ හැල්බත් ගෙන ශාස්තෲන් වහන්සේට අදාසිං වැළඳවූයෙමි යන අර්ථයි.

සක්‍යානං නන්‍දිජනනොති සක්‍යරාජකුලානං භගවතො ඤාතීනං ආරොහපරිණාහරූපයොබ‍්බනවචනාලපනසම‍්පත‍්තියා නන්‍දං තුට‍්ඨිං ජනෙන‍්තො උප‍්පාදෙන‍්තො. ඤාතිබන්‍ධු භවිස‍්සතීති ඤාතො පාකටො බන්‍ධු භවිස‍්සති. සෙසං සුවිඤ‍්ඤෙය්‍යමෙවාති.

සක්‍යානං නන්‍දිජනනො යනු ශාක්‍යරාජ කුලයෙහි වූ භාග්‍යවතුන් වහන්සේගේ ඥාතීන්ට ආරෝහ පරිණාහ රූප යෞවන වචන ආලපන සම්පත්තියෙන් සතුට ජනෙන්තො උපදවන්නේ. ඤාති බන්‍ධු භවිස්සති යනු දන්නා ලද ප්‍රකට වූ ඤාතියෙක් වන්නේය. සෙස්ස පහසුවෙන් දතහැකි වන්නේ ම ය.

කාළුදායිත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

කාලුදායී තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.