යෙදුමෙන් කියවන්න

32. සාගතත්‍ථෙරඅපදානවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

32. සාගතත්‍ථෙරඅපදානවණ‍්ණනා

32. සාගත ථේර අපදාන වර්ණනාව

සොභිතො නාම නාමෙනාතිආදිකං ආයස‍්මතො සාගතත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ එකස‍්මිං බ්‍රාහ‍්මණකුලෙ නිබ‍්බත‍්තො සබ‍්බසිප‍්පෙසු නිප‍්ඵත‍්තිං පත‍්තො නාමෙන සොභිතො නාම හුත්‍වා තිණ‍්ණං වෙදානං පාරගූ සනිඝණ‍්ඩුකෙටුභානං සාක‍්ඛරප‍්පභෙදානං ඉතිහාසපඤ‍්චමානං පදකො වෙය්‍යාකරණො ලොකායතමහාපුරිසලක‍්ඛණෙසු අනවයො. සො එකදිවසං පදුමුත‍්තරං භගවන‍්තං ද‍්වත‍්තිංසමහාපුරිසලක‍්ඛණසිරියා සොභමානං උය්‍යානද‍්වාරෙන ගච‍්ඡන‍්තං දිස‍්වා අතීව පසන‍්නමානසො අනෙකෙහි උපායෙහි අනෙකෙහි ගුණවණ‍්ණෙහි ථොමනං අකාසි. භගවා තස‍්ස ථොමනං සුත්‍වා “අනාගතෙ ගොතමස‍්ස භගවතො සාසනෙ සාගතො නාම සාවකො භවිස‍්සතී”ති බ්‍යාකරණං අදාසි. සො තතො පට‍්ඨාය පුඤ‍්ඤානි කරොන‍්තො යාවතායුකං ඨත්‍වා තතො චුතො දෙවලොකෙ නිබ‍්බත‍්තො. කප‍්පසතසහස‍්සදෙවමනුස‍්සෙසු උභයසම‍්පත‍්තියො අනුභවිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ එකස‍්මිං කුලගෙහෙ නිබ‍්බත‍්තො. තස‍්ස මාතාපිතරො සොමනස‍්සං වඩ‍්ඪෙන‍්තො සුජාතො ආගතොති සාගතොති නාමං කරිංසු. සො සාසනෙ පසීදිත්‍වා පබ‍්බජිත්‍වා විපස‍්සනං වඩ‍්ඪෙත්‍වා අරහත‍්තං පත‍්තො.

සොභිතො නාම නාමෙන ආදි වශයෙන් ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් බමුණු කුලයක උපන්නේ සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ නමින් සොභිත නම් ව තුන්වේදයෙහි පරතෙර දුටුවේ නිඝණ්ඩු කේටුභ සාක්ෂර ප්‍රභේදයන්හි ඉතිහාසය පස්වැනි කොට ඇති පද දත්තේ ව්‍යාකරණ දත්තේ ලෝකායත මහා පුරුෂ ලක්‍ෂණයන්හි දක්‍ෂ විය. ඔහු එක් දවසක් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ශ්‍රීයෙන් ශෝභමානව උයන්දොරින් යන්නා වූ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දැක අතිශයින් පහන්සිත් ඇත්තේ නොයෙක් උපායෙන් නොයෙක් ගුණ වර්ණනයෙන් ස්තුති කළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ස්තුතිය අසා අනාගතයෙහි ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි සාගත නමින් ශ්‍රාවකයෙක් වන්නේයයි විවරණයක් දුන් සේක. ඔහු එතැන් පටන් පින් කරන්නේ දිවි ඇති තෙක් සිට එයින් චුතව දෙව්ලොව උපන්නේ කල්ප සියදහසක් දෙවි මිනිසුන් අතර උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපදුණේ ඔහුගේ මව්පියෝ සොම්නස වඩන සුජාත ආවේනුයි සාගත යයි නමක් තැබූහ. ඔහු සසුනෙහි පැහැදී පැවිදිව විදර්ශනා වඩා රහත් බවට පැමිණියේය.

එවං සො පුඤ‍්ඤසම‍්භාරානුරූපෙන පත‍්තඅරහත‍්තඵලො අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා සොමනස‍්සජාතො පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො සොභිතො නාම නාමෙනාතිආදිමාහ. තත්‍ථ තදා පුඤ‍්ඤසම‍්භාරස‍්ස පරිපූරණසමයෙ නාමෙන සොභිතො නාම බ්‍රාහ‍්මණො අහොසින‍්ති සම‍්බන්‍ධො.

මෙසේ පුණ්‍ය සම්භාර අනුරූපව පත්වූ රහත්ඵල ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සොභිතො නාම නාමෙන ආදිය කීය. මෙහි එකල්හි පුණ්‍ය සම්භාරයන් පුරන කල්හි නමින් සෝභිත නම් බමුණෙක් වීමි යනු සම්බන්ධයි.

විපථා උද‍්ධරිත්‍වානාති විරුද‍්ධපථා කුමග‍්ගා, උප‍්පථා වා උද‍්ධරිත්‍වා අපනෙත්‍වා. පථං ආචික‍්ඛසෙති, භන‍්තෙ, සබ‍්බඤ‍්ඤු තුවං පථං සප‍්පුරිසමග‍්ගං නිබ‍්බානාධිගමනුපායං ආචික‍්ඛසෙ කථෙසි දෙසෙසි විභජි උත‍්තානිං අකාසීති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

විපථා උද්ධරිත්‍වාන යනු විරුද්ධ මාර්ගයෙන් වැරදි මාර්ගයෙන් උන්මාර්ගයෙන් උද්ධරිත්‍වා පහව. පථං ආචික්ඛසෙ යනු ස්වාමීනි, සර්වඥතා මාර්ගය සත්පුරුෂ මාර්ගය නිවන් අවබෝධ කිරීමේ උපාය ආචික්ඛසෙ කීය. දේශනා කළේය. විභජනය කළේය. පැහැදිලි කළේය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

සාගතත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

සාගත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.

33. මහාකච‍්චානත්‍ථෙරඅපදානවණ‍්ණනා

33. මහාකාත්‍යායන ථේර අපදාන වර්ණනාව

පදුමුත‍්තරනාථස‍්සාතිආදිකං ආයස‍්මතො කච‍්චානත්‍ථෙරස‍්ස අපදානං. අයම‍්පි පුරිමබුද‍්ධෙසු කතාධිකාරො තත්‍ථ තත්‍ථ භවෙ විවට‍්ටූපනිස‍්සයානි පුඤ‍්ඤානි උපචිනන‍්තො පදුමුත‍්තරස‍්ස භගවතො කාලෙ ගහපතිමහාසාලකුලගෙහෙ නිබ‍්බත‍්තෙත්‍වා වුද‍්ධිප‍්පත‍්තො එකදිවසං සත්‍ථු සන‍්තිකෙ ධම‍්මං සුණන‍්තො සත්‍ථාරං එකං භික‍්ඛුං සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානං අග‍්ගට‍්ඨානෙ ඨපෙන‍්තං දිස‍්වා සයම‍්පි තං ඨානන‍්තරං පත්‍ථෙන‍්තො දානාදීනි පුඤ‍්ඤානි කත්‍වා දෙවමනුස‍්සෙසු සංසරන‍්තො සුමෙධස‍්ස භගවතො කාලෙ විජ‍්ජාධරො හුත්‍වා ආකාසෙන ගච‍්ඡන‍්තො සත්‍ථාරං එකස‍්මිං වනසණ‍්ඩෙ නිසින‍්නං දිස‍්වා පසන‍්නමානසො කණිකාරපුප‍්ඵෙහි පූජං අකාසි.

පදුමුත්තර නාමස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් කච්චායන තෙරුන් වහන්සේගේ චරිතාපදානයයි. මොහු ද පෙරබුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාල කුලගෙයක ඉපිද වැඩිවිය පැමිණියේ එක් දවසක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් සංක්‍ෂේපයෙන් කියන ලද දෙය විස්තර වශයෙන් අර්ථය බෙදා විස්තර කරන්නවුන් අතර අගතන්හි තබනු ලබන එක් භික්‍ෂුවක දැක තමා ද එම තනතුර ප්‍රාර්ථනා කරන්නේ දන් ආදී පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විද්‍යාධරයෙක් ව අහසින් යන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේ එක් වනලැහැබෙක හිඳනු දැක පහන්සිත් ඇත්තේ කිණිහිරි මලින් පුදා ගියේය.

සො තෙන පුඤ‍්ඤකම‍්මෙන අපරාපරං සුගතීසුයෙව පරිවත‍්තෙත්‍වා කස‍්සපදසබලස‍්ස කාලෙ බාරාණසියං කුලඝරෙ නිබ‍්බත‍්තිත්‍වා පරිනිබ‍්බුතෙ භගවති සුවණ‍්ණචෙතියකරණට‍්ඨානං දසසහස‍්සග‍්ඝනිකාය සුවණ‍්ණිට‍්ඨකාය පූජං කත්‍වා “භගවා මය‍්හං නිබ‍්බත‍්තනිබ‍්බත‍්තට‍්ඨානෙ සරීරං සුවණ‍්ණවණ‍්ණං හොතූ”ති පත්‍ථරං අකාසි. තතො යාවජීවං කුසලං කත්‍වා එකං බුද‍්ධන‍්තරං දෙවමනුස‍්සෙසු සංසරිත්‍වා ඉමස‍්මිං බුද‍්ධුප‍්පාදෙ උජ‍්ජෙනියං රඤ‍්ඤො චණ‍්ඩපජ‍්ජොතස‍්ස පුරොහිතස‍්ස ගෙහෙ නිබ‍්බත‍්ති, තස‍්ස නාමග‍්ගහණදිවසෙ මාතාපිතරො “අම‍්හාකං පුත‍්තො සුවණ‍්ණවණ‍්ණො අත‍්තනො නාමං ගහෙත්‍වා ආගතො”ති කඤ‍්චනමාණවොත්‍වෙව නාමං කරිංසු. සො වුද‍්ධිමන්‍වාය තයො වෙදෙ උග‍්ගණ‍්හිත්‍වා පිතු අච‍්චයෙන පුරොහිතට‍්ඨානං ලභි. සො ගොත‍්තවසෙන කච‍්චානොති පඤ‍්ඤායිත්‍ථ.

ඔහු ඒ පින්කමින් කලින් කල සුගතීන්හි පමණක් ඉපදී කාශ්‍යප දශබලධාරීන් වහන්සේගේ කාලයෙහි බරණැස්නුවර කුලගෙයක ඉපිද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවිකල්හි ස්වර්ණ චෛත්‍යය කරන ස්ථානයට දසදහසක් වටිනා රන් ගඩොලින් පූජාකොට මේ පින්කමෙහි විපාක වශයෙන් උපනුපන් තැන මාගේ ශරීරය රන්වන් වේවායි ප්‍රාර්ථනයක් කළේය. ඉන්පසු දිවි ඇතිතාක් කුසල්කොට එක් බුද්ධාන්තරයක් දෙවි මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි උදේනී නුවර චණ්ඩ ප්‍රද්‍යෝත රජුගේ පුරෝහිතයාගේ ගෙහි උපන්නේය. ඔහුට නම් තබන දිනයෙහි මව්පියෝ අපගේ පුත්‍රයා රන්වන්වම තමාගේ නම ගෙන පැමිණියේ වනැයි කාංචනමානව යයි ඔහුට නම් තැබූහ. ඔහු වැඩිවිය පත්ව තුන්වේදය ඉගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබීය. ගෝත්‍ර වශයෙන් කච්චායන යයි දන්නා ලද්දේය.

රාජා චණ‍්ඩපජ‍්ජොතො බුද‍්ධුප‍්පාදං සුත්‍වා, “ආචරිය, ත්‍වං තත්‍ථ ගන‍්ත්‍වා සත්‍ථාරං ඉධානෙහී”ති පෙසෙසි. සො අත‍්තට‍්ඨමො සත්‍ථු සන‍්තිකං උපගතො. තස‍්ස සත්‍ථා ධම‍්මං දෙසෙසි. දෙසනාපරියොසානෙ සො සත‍්තහි ජනෙහි සද‍්ධිං සහපටිසම‍්භිදාහි අරහත‍්තෙ පතිට‍්ඨාසි. අථ සත්‍ථා “එථ, භික‍්ඛවො”ති හත්‍ථං පසාරෙසි. තෙ තාවදෙව ද‍්වඞ‍්ගුලමත‍්තකෙසමස‍්සුකා ඉද‍්ධිමයපත‍්තචීවරධරා වස‍්සසට‍්ඨිකත්‍ථෙරා විය අහෙසුං. එවං ථෙරො සදත්‍ථං නිප‍්ඵාදෙත්‍වා, “භන‍්තෙ, රාජා පජ‍්ජොතො තුම‍්හාකං පාදෙ වන්‍දිතුං ධම‍්මඤ‍්ච සොතුං ඉච‍්ඡතී”ති සත්‍ථු ආරොචෙසි. සත්‍ථා “ත්‍වංයෙව භික‍්ඛු තත්‍ථ ගච‍්ඡ, තයි ගතෙපි රාජා පසීදිස‍්සතී”ති ආහ. ථෙරො අත‍්තට‍්ඨමො තත්‍ථ ගන‍්ත්‍වා රාජානං පසාදෙත්‍වා අවන‍්තීසු සාසනං පතිට‍්ඨාපෙත්‍වා පුන සත්‍ථු සන‍්තිකමෙව ගතො.

චණ්ඩ ප්‍රද්‍යෝත රජතුමා බුදුන් උපන් බව අසා ආචාර්යය, ඔබ එහි ගොස් ශාස්තෲන් වහන්සේ මෙහි වඩමවාගෙන එන්නැයි යැවීය. තමා අටවැනිව ශාස්තෲන් වහන්සේ සමීපයට එළැඹියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දම්දෙසූ සේක. දේශනාව කෙළවර ඔහු පිරිවර සත්දෙන සමග පිළිසිඹියා සහිතව රහත්බවෙහි පිහිටියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ එව මහණැයි අත දිගුකළ සේක. ඔවුහු එකෙණෙහි දෑඟුලක් පමණ වූ කෙස් රවුල් ඇත්තාහු, සෘද්ධිමය පාසිවුරුධරව සැටවස් ඇති තෙරවරුන් මෙන් වූහ. මෙසේ තෙරුන්වහන්සේ උතුම් අර්ථය නිෂ්පාදනය කොට ‘ස්වාමීනි, ප්‍රද්‍යෝත රජ තෙමේ ඔබවහන්සේගේ පා වැන්දේය. ඔහු දහම් ඇසීමට ද කැමැත්තේ යයි ශාස්තෲන් වහන්සේට දැන්වීය. ශාස්තෲන් වහන්සේ භික්‍ෂුව ඔබම එහි යන්න. රජ ප්‍රසාදයට පත්වන්නේ යයි කී සේක. තෙරුන් වහන්සේ තමන් අටවැනිව එහි ගොස් රජ පහදවා අවන්ති ජනපදයෙහි සසුන පිහිටුවා නැවත ශාස්තෲන් වහන්සේ සමීපයටම ගියහ.

එවං සො පත‍්තඅරහත‍්තඵලො “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං සංඛිත‍්තෙන භාසිතස‍්ස විත්‍ථාරෙන අත්‍ථං විභජන‍්තානං යදිදං මහාකච‍්චානො”ති (අ· නි· 1.188, 197) එතදග‍්ගට‍්ඨානං පත්‍වා අත‍්තනො පුබ‍්බකම‍්මං සරිත්‍වා පුබ‍්බචරිතාපදානං පකාසෙන‍්තො පදුමුත‍්තරනාථස‍්සාතිආදිමාහ. තත්‍ථ පදුමං නාම චෙතියන‍්ති පදුමෙහි ඡාදිතත‍්තා වා පදුමාකාරෙහි කතත‍්තා වා භගවතො වසනගන්‍ධකුටිවිහාරොව පූජනීයභාවෙන චෙතියං, යථා “ගොතමකචෙතියං, ආළවකචෙතිය”න‍්ති වුත‍්තෙ තෙසං යක‍්ඛානං නිවසනට‍්ඨානං පූජනීයට‍්ඨානත‍්තා චෙතියන‍්ති වුච‍්චති, එවමිදං භගවතො වසනට‍්ඨානං චෙතියන‍්ති වුච‍්චති, න ධාතුනිධායකචෙතියන‍්ති වෙදිතබ‍්බං. න හි අපරිනිබ‍්බුතස‍්ස භගවතො සරීරධාතූනං අභාවා ධාතුචෙතියං අකරි. සිලාසනං කාරයිත්‍වාති තස‍්සා පදුමනාමිකාය ගන්‍ධකුටියා පුප‍්ඵාධාරත්‍ථාය හෙට‍්ඨා ඵලිකමයං සිලාසනං කාරෙත්‍වා. සුවණ‍්ණෙනාභිලෙපයින‍්ති තං සිලාසනං ජම‍්බොනදසුවණ‍්ණෙන අභිවිසෙසෙන ලෙපයිං ඡාදෙසින‍්ති අත්‍ථො.

මෙසේ උන්වහන්සේ පැමිණි රහත්ඵල ඇත්තාහු ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් සංක්‍ෂේපයෙන් කියූ දෙය විස්තර වශයෙන් අර්ථ විභජනය කළ හැක්කේද. ඒ කච්චායන යයි අගතන්හි තබන ලද්දේ තමාගේ පූර්ව කර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරස්ස නාථස්ස ආදිය කීය. එහි පදුමං නාම චෙතියං යනු පද්මයන්ගෙන් වසනු ලැබූ නිසා හෝ පද්මාකාරයෙන් කරන ලද බැවින් හෝ භාග්‍යවතුන් වහන්සේ වාසය කරන ගන්ධකුටි විහාරය ද පූජනීය බැවින් චෛත්‍ය වේ. යම්සේ ගෞතමක චෛත්‍යය, ආලවක චෛත්‍යයයි කියූකල්හි ඒවා යක්‍ෂයන්ගේ නිවාසස්ථාන පූජනීය ස්ථාන වූ බැවින් චෛත්‍යය යයි කියනු ලැබේ. මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේගේ වසන ස්ථානය චෛත්‍යයයි කියනු ලැබේ. ධාතු නිදන් නොකරන ලද චෛත්‍යයක් යයි දතයුතුය. පිරිනිවන් නොපෑ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් නොමැති බැවින් ධාතු චෛත්‍යයක් නොකළේය යනුයි. සිලාසනං කාරයිත්‍වා යනු ඒ පදුම නම් ඇති ගඳකිළියෙහි පුෂ්පාධාරත්‍රයට යටින් පළිඟු මුවා ශෛලාසනයක් කරවා. සුවණ්ණෙනාභි ලෙපයිං යනු ඒ ශෛලාසනය දඹරන් පැහැයෙන් ආලේප කළෙමි. අති විශේෂයෙන් මල් අසුනට යන අර්ථයි.

රතනාමයං සත‍්තහි රතනෙහි කතං ඡත‍්තං පග‍්ගය‍්හ මුද‍්ධනි ධාරෙත්‍වා වාළබීජනිඤ‍්ච සෙතපවරචාමරිඤ‍්ච පග‍්ගය‍්හ බුද‍්ධස‍්ස අභිරොපයිං. ලොකබන්‍ධුස‍්ස තාදිනොති සකලලොකබන්‍ධුසදිසස‍්ස තාදිගුණසමඞ‍්ගිස‍්ස බුද‍්ධස‍්ස ධාරෙසින‍්ති අත්‍ථො. සෙසං උත‍්තානත්‍ථමෙවාති.

රතනාමයං සත්රුවනින් කරන ලද ඡත්‍රය අල්ලාගෙන හිස්මුදුනෙහි දරා වල් විදුනාවක් උතුම් වූ සුදු සෙමෙර වලිගයක්ද අල්ලාගෙන බුදුරජාණන් වහන්සේට එසවූයෙමි. ලොක ජෙට්ඨස්ස තාදිනො යනු සකල ලෝකයට ඥාතියකු බඳු තාදී ගුණ යුත් බුදුරජාණන් වහන්සේට දරා සිටියෙමියි අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.

මහාකච‍්චානත්‍ථෙරඅපදානවණ‍්ණනා සමත‍්තා.

මහාකච්චායන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.