31. කුණ්ඩධානත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
31. කුණ්ඩධානත්ථෙරඅපදානවණ්ණනා
31. කුණ්ඩධාන ථේර අපදාන වර්ණනාව
සත්තාහං පටිසල්ලීනන්තිආදිකං ආයස්මතො කුණ්ඩධානත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ හංසවතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තො වුත්තනයෙන භගවන්තං උපසඞ්කමිත්වා ධම්මං සුණන්තො සත්ථාරං එකං භික්ඛුං පඨමං සලාකං ගණ්හන්තානං අග්ගට්ඨානෙ ඨපෙන්තං දිස්වා තං ඨානන්තරං පත්ථෙත්වා තදනුරූපං පුඤ්ඤං කරොන්තො විචරි. සො එකදිවසං පදුමුත්තරස්ස භගවතො නිරොධසමාපත්තිතො වුට්ඨාය නිසින්නස්ස මනොසිලාචුණ්ණපිඤ්ජරං මහන්තං කදලිඵලකණ්ණිකං උපනෙසි, තං භගවා පටිග්ගහෙත්වා පරිභුඤ්ජි. සො තෙන පුඤ්ඤකම්මෙන එකාදසක්ඛත්තුං දෙවෙසු දෙවරජ්ජං කාරෙසි. චතුවීසතිවාරෙ ච රාජා අහොසි චක්කවත්තී.
සත්තාහං පටිසල්ලීනං යනාදි වශයෙන් ආයුෂ්මත් කුණ්ඩධාන තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නේ කියන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ප්‍රථමයෙන් සලාකය ගන්නවුන් අතර අගතන්හි තබනු ලබන්නාහු දැක ඒ තනතුර ප්‍රාර්ථනා කොට එයට අනුරූප වූ පින් කරන්නේ හැසිරුණේය. ඔහු එක් දවසක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගීහුන් කල්හි රත්සිරියෙල් වැනි රතු රන්වන් පැහැ ඇති, මහත් වූ කෙසෙල්ගෙඩි ඇවරියක් පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන වැළඳූ සේක. ඔහු ඒ පින්කමින් එකොළොස්වරක් දෙවියන් අතර දේවරාජ තනතුර දැරීය. විසිසතර වරක් සක්විති රජ විය.
සො එවං අපරාපරං පුඤ්ඤානි කත්වා දෙවමනුස්සෙසු සංසරන්තො කස්සපබුද්ධකාලෙ භුම්මදෙවතා හුත්වා නිබ්බත්ති. දීඝායුකබුද්ධානඤ්ච නාම න අන්වද්ධමාසිකො උපොසථො හොති. තථා හි විපස්සිස්ස භගවතො ඡබ්බස්සන්තරෙ ඡබ්බස්සන්තරෙ උපොසථො අහොසි, කස්සපදසබලො පන ඡට්ඨෙ ඡට්ඨෙ මාසෙ පාතිමොක්ඛං ඔසාරෙසි, තස්ස පාතිමොක්ඛස්ස ඔසාරණකාලෙ දිසාවාසිකා ද්වෙ සහායකා භික්ඛූ “උපොසථං කරිස්සාමා”ති ගච්ඡන්ති. අයං භුම්මදෙවතා චින්තෙසි – “ඉමෙසං ද්වින්නං භික්ඛූනං මෙත්ති අතිවිය දළ්හා, කිං නු ඛො භෙදකෙ සති භිජ්ජෙය්ය, න භිජ්ජෙය්යා”ති. තෙසං ඔකාසං ඔලොකයමානා තෙසං අවිදූරෙ ගච්ඡති.
මෙසේ ඔහු වරින්වර පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි දේවතාවෙක්ව උපන්හ. දීර්ඝායුෂ ඇති බුදුවරුන් අර්ධමාසිකව කෙරෙන උපෝසථය කරනු නොලැබේ. එසේම විපස්සී භාග්‍යවතුන් වහන්සේට සයවසක් ඉක්මගිය කල්හි උපෝසථය විය. කාශ්‍යප දශබලයන් වහන්සේ මාස සයෙන් සයෙන් ප්රාතිමෝක්ෂය අවසාරණය කළ සේක. උන්වහන්සේ ප්රාතිමෝක්ෂය අවසාරණය කරන කල්හි දිසාවැසි යහළු භික්ෂු දෙනමක් උපෝසථය කරන්නෙමුයි යති. ඔවුන් දැක මේ භූමාටු දෙවියා මෙසේ සිතීය. මේ භික්ෂූන් දෙදෙනාගේ මිත්‍රත්වය අතිශයින් දැඩිය. භේදවීමට හේතුවක් ඇතිකල්හි භේදවීමේ ඇති වරද කිම? ඇය ඔවුන්ගේ අවකාශයක් බලන්නී ඔවුන්ගේම නුදුරින්ම යයි.
අථෙකො ථෙරො එකස්ස හත්ථෙ පත්තචීවරං දත්වා සරීරවළඤ්ජනත්ථං උදකඵාසුකට්ඨානං ගන්ත්වා ධොතහත්ථපාදො හුත්වා ගුම්බසමීපතො නික්ඛමති. භුම්මදෙවතා තස්ස ථෙරස්ස පච්ඡතො පච්ඡතො උත්තමරූපා ඉත්ථී හුත්වා කෙසෙ විධුනිත්වා සංවිධාය බන්ධන්තී විය පිට්ඨියං පංසුං පුඤ්ඡමානා විය සාටකං සංවිධාය නිවාසයමානා විය ච හුත්වා ථෙරස්ස පදානුපදිකා හුත්වා ගුම්බතො නික්ඛන්තා . එකමන්තෙ ඨිතො සහායකත්ථෙරො තං කාරණං දිස්වාව දොමනස්සජාතො “නට්ඨො දානි මෙ ඉමිනා භික්ඛුනා සද්ධිං දීඝරත්තානුගතො සිනෙහො, සචාහං එවංවිධභාවං ජානෙය්යං, එත්තකං කාලං ඉමිනා සද්ධිං විස්සාසං න කරෙය්ය”න්ති චින්තෙත්වා ආගච්ඡන්තංයෙව නං “ගණ්හාහාවුසො, තුය්හං පත්තචීවරං, තාදිසෙන පාපෙන සද්ධිං එකමග්ගෙන න ගච්ඡාමී”ති ආහ. තං කථං සුත්වා තස්ස ලජ්ජිභික්ඛුනො හදයං තිඛිණසත්තිං ගහෙත්වා විද්ධං විය අහොසි. තතො නං ආහ – “ආවුසො, කින්නාමෙතං වදසි, අහං එත්තකං කාලං දුක්කටමත්තම්පි ආපත්තිං න ජානාමි, ත්වං පන මං අජ්ජ ‘පාපො’ති වදසි, කිං තෙ දිට්ඨන්ති, කිං අඤ්ඤෙන දිට්ඨෙන, කිං ත්වං එවංවිධෙන අලඞ්කතපටියත්තෙන මාතුගාමෙන සද්ධිං එකට්ඨානෙ හුත්වා නික්ඛන්තො”ති? “නත්ථෙතං, ආවුසො, මය්හං, නාහං එවරූපං මාතුගාමං පස්සාමී”ති තස්ස යාවතතියං කථෙන්තස්සාපි ඉතරො ථෙරො කථං අසද්දහිත්වා අත්තනා දිට්ඨකාරණංයෙව භූතත්තං කත්වා ගණ්හන්තො තෙන සද්ධිං එකමග්ගෙන අගන්ත්වා අඤ්ඤෙන මග්ගෙන සත්ථු සන්තිකං ගතො. ඉතරොපි භික්ඛු අඤ්ඤෙන මග්ගෙන සත්ථු සන්තිකංයෙව ගතො.
ඉක්බිති එක් තෙරනමක් අනික් තෙරනමගේ අතට පාසිවුරු දී සිරුර පහසු කරගැනීමේ අදහසින් පැන් පහසු තැනකට ගොස් සෝදාගත් අත්පා ඇත්තේ වනලැහැබෙහි පැත්තකින් නික්මෙයි. භූමාටු දෙවියා ඒ තෙරනමගේ පසුපස යන්නී උතුම් රූ ඇති ස්ත්‍රියක් ව හිසකෙස් ලිහා එක්තැන්කොට බැඳ ගන්නී මෙන් ද පිට පස් පිසදමන්නී මෙන් සළුව එක්කොට හැඳගන්නී මෙන් ද වී තෙරනමගේ පසුපසින් ලැහැබින් නික්මුණාය. එකත්පසෙක සිටි සහායක තෙරනම එය දැකම දොම්නස් ඇත්තේ, මේ භික්ෂුව සමග බොහෝකලක් පැවති ස්නේහය දැන් නැසුණේය. මා මෙබඳු දෙයක් දන්නෙම් නම්, මෙපමණ කලක් මොහු සමග විශ්වාසය නොතබන්නෙමි යයි සිතා, ඔහු එද්දීම ‘ආයුෂ්මත්නි, ගන්න ඔබගේ පාසිවුරු, තා වැනි පාපියකු සමග එකමග නොයමි’යි කීය. ඒ අසා ඒ ලජ්ජී භික්ෂුවගේ හදවත තියුණු අවියක් ගෙන විද්දාක් මෙන් විය. ඉන්පසු මෙසේ කීය. ‘ඔබ කුමක් කියයිද, මම මෙතෙක් කලක් දුෂ්කෘතාපත්තියකට වත් පැමිණි බවක් නොදනිමි. අද මා පාපියෙකැයි කියන්නේ කුමක් නිසාද? ඔබ දුටුවේ කුමක්ද? අන් කිසිවක් නොදැක්කෙමි. මෙබඳු අලංකාරව සැරසුණු ගැහැණියක සමග එක්තැන සිට නික්මුණේ කිම? ‘ඇවැත්නි, එය මගේ නොවේ. මම මෙබඳු ගැහැණියක නොබලමි. තෙවරක්ම කියද්දීත් අනික් තෙරනම කථාව නොඅදහා තමා දුටු කරුණම අදහන්නේ ඔහු සමග එක්මග නොගොස් අන් මගකින් ශාස්තෲන් වහන්සේ සමීපයට ගියයෙ. අනිත් භික්ෂුවද වෙනත් මගකින් ශාස්තෲන් වහන්සේ සමීපයට ගියේය.
තතො භික්ඛුසඞ්ඝස්ස උපොසථාගාරං පවිසනවෙලාය සො භික්ඛු තං භික්ඛුං උපොසථග්ගෙ දිස්වා සඤ්ජානිත්වා “ඉමස්මිං උපොසථග්ගෙ එවරූපො නාම පාපභික්ඛු අත්ථි, නාහං තෙන සද්ධිං උපොසථං කරිස්සාමී”ති නික්ඛමිත්වා බහි අට්ඨාසි. අථ භුම්මදෙවතා “භාරියං මයා කම්මං කත”න්ති මහල්ලකඋපාසකවණ්ණෙන තස්ස සන්තිකං ගන්ත්වා – “කස්මා, භන්තෙ, අය්යො ඉමස්මිං ඨානෙ ඨිතො”ති ආහ. “උපාසක, ඉමං උපොසථග්ගං එකො පාපභික්ඛු පවිට්ඨො, ‘අහං තෙන සද්ධිං උපොසථං න කරොමී’ති බහි ඨිතොම්හී”ති. “භන්තෙ, මා එවං ගණ්හථ, පරිසුද්ධසීලො එස භික්ඛු, තුම්හෙහි දිට්ඨමාතුගාමො නාම අහං. මයා තුම්හාකං වීමංසනත්ථාය ‘දළ්හා නු ඛො ඉමෙසං ථෙරානං මෙත්ති, නො දළ්හා’ති භිජ්ජනාභිජ්ජනභාවං ඔලොකෙන්තෙන තං කම්මං කත”න්ති. “කො පන ත්වං, සප්පුරිසා”ති? “අහං එකා භුම්මදෙවතා, භන්තෙ”ති. දෙවපුත්තො කථෙන්තොයෙව දිබ්බානුභාවෙන ඨත්වා ථෙරස්ස පාදමූලෙ පතිත්වා “මය්හං, භන්තෙ, ඛමථ, ථෙරස්ස එසො දොසො නත්ථි, උපොසථං කරොථා”ති ථෙරං යාචිත්වා උපොසථග්ගං පවෙසෙසි. සො ථෙරො උපොසථං තාව එකට්ඨානෙ අකාසි. මිත්තසන්ථවවසෙන පන පුන තෙන සද්ධිං න එකට්ඨානෙ වසි. ඉමස්ස ථෙරස්ස දොසං න කථෙසි. අපරභාගෙ චුදිතකත්ථෙරො පන විපස්සනාය කම්මං කරොන්තො අරහත්තං පාපුණි.
පළමුව ගිය භික්ෂුව ඒ භික්ෂුව පෝය ගෙහිදී දැක හැදින ‘මේ පෝය ගෙයි එක් පාපී භික්ෂුවක් ඇත. මම ඔහු සමග පොහොය නොකරන්නෙමි’යි නික්ම ගොස් පිටත සිටියේය. ඉක්බිති බූමාටු දේවතාවා ‘මා විසින් බැරෑරුම් දෙයක් කරන ලද්දේ වනැයි මහලු උපාසක වෙසකින් ඔහු සමීපයට ගොස් ‘ආර්යයන් වහන්සේ කුමක් නිසා මෙතැන සිටියහුදැ’යි ඇසීය. ‘උපාසකය, මේ පෝය ගෙට එක් පාපී භික්ෂුවක් පිවිසියේය. මම ඔහු සමග පොහොය නොකරමියි පිටත සිටියෙම් වෙමි’. ‘ස්වාමීනි, එසේ නොසිතන්න. මේ භික්ෂුව පිරිසිදු සිල් ඇත්තේය. ඔබ දුටු ස්ත්‍රිය අන් කිසිවෙක් නොවේ, මමය. මම ඔබ පරීක්ෂා කරනු පිණිස මේ තෙරුන්ගේ මිත්‍රත්වය දැඩිද නැතහොත් එසේ නොවේදැයි බිඳෙන නොබිඳෙන බව බලන්නා වූ මා විසින් එය කරන ලදි. ‘සත්පුරුෂය, ඔබ කවරෙක්ද?’ ‘මම ස්වාමීනි බූමාටු දේවතාවක් වෙමි’යි කියන්නේම දිව්‍යාත්ම භාවයෙන් සිට උන්වහන්සේගේ පාමුල වැටී ‘ස්වාමීනි, මට සමාවුව මැනව. තෙරුන් වහන්සේට මේ දෝෂය නැත. පොහොය කරනු මැනවැයි තෙරුන්ගෙන් ඉල්ලා පොහොය ගෙට ප්‍රවේශ කරවීය. උන්වහන්සේ එක්තැනක පොහොය කළහ. නැවත මිත්‍රත්වයෙන් එක් තැනක නොවිසූහ. උන්වහන්සේ මේ තෙරුන් වහන්සේගේ දොස් නොකීහු. පසුකලෙක තෙරුන්වහන්සේ විදර්ශනාව සඳහා කටයුතු කරන්නාහු රහත්බවට පත්වූහ.
භුම්මදෙවතා තස්ස කම්මස්ස නිස්සන්දෙන එකං බුද්ධන්තරං අපායතො න මුච්චිත්ථ. සචෙ පන කාලෙන කාලං මනුස්සත්තං ආගච්ඡති, අඤ්ඤෙන යෙන කෙනචි කතො දොසො තස්සෙව උපරි පතති. සො අම්හාකං භගවතො උප්පන්නකාලෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්ති, ධානමාණවොතිස්ස නාමං අකංසු. සො වයප්පත්තො තයො වෙදෙ උග්ගණ්හිත්වා මහල්ලකකාලෙ සත්ථු ධම්මදෙසනං සුත්වා පටිලද්ධසද්ධො සාසනෙ පබ්බජි. තස්ස උපසම්පන්නදිවසතො පට්ඨාය එකා අලඞ්කතපටියත්තා ඉත්ථී තස්මිං ගාමං පවිසන්තෙ සද්ධිංයෙව පවිසති, නික්ඛමන්තෙ නික්ඛමති, විහාරං පවිසන්තෙපි සද්ධිං පවිසති, තිට්ඨන්තෙපි තිට්ඨතීති එවං නිච්චානුබන්ධා පඤ්ඤායති. ථෙරො තං න පස්සති. තස්ස පන පුරිමකම්මස්ස නිස්සන්දෙන සා අඤ්ඤෙසං උපට්ඨාසි.
බූමාටු දේවතාවා ඒ කර්මයෙහි ප්‍රතිඵලයක් වශයෙන් එක් බුද්ධාන්තරයක් අපායෙන් නොමිදුණේය. යම්හෙයකින් කිසියම් කලෙක මිනිසත්බවට පැමිණේනම් වෙනයම් අයකු විසින් කරන ලද දෝෂය ඔහු මත ම වැටෙන්නේ ය. ඔහු අපගේ භාග්‍යවතුන් වහන්සේ උපන්කල්හි සැවැත්නුවර බමුණු කුලයෙක උපන්නේය. ධානකුමාර යයි ඔහුට නමක් තැබූහ. ඔහු වැඩිවිය පත්වූයේ තුන්වේදය ඉගෙන මහලු කල ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලද සැදැහැ ඇත්තේ සසුනෙහි පැවිදිව උපසපන් විය. උපසපන් දිනයෙහි පටන් එක් අලංකාරයෙන් සැරසුණු ස්ත්‍රියක් ඔහු ගමට පිවිසෙනවිට ඔහු සමගම පිවිසෙයි. නික්මෙනවිට නික්මෙයි. විහාරයට පිවිසෙනවිට සමගම පිවිසෙයි. සිටිනවිට සිටියි. මෙසේ නිතර සබඳතාවක් පෙනෙයි. තෙරුන්වහන්සේ ඇය නොදකිති. උන්වහන්සේ පූර්ව කර්මයෙහි විපාක වශයෙන් ඈ අන්‍යයන්ට උවටැන් කරයි.
ගාමෙ යාගුභික්ඛං දදමානා ඉත්ථියො, “භන්තෙ, අයං එකො යාගුඋළුඞ්කො තුම්හාකං, එකො ඉමිස්සා අම්හාකං සහායිකායා”ති පරිහාසං කරොන්ති. ථෙරස්ස මහතී විහෙසා හොති. විහාරගතම්පි නං සාමණෙරා චෙව දහරභික්ඛූ ච පරිවාරෙත්වා “ධානො කොණ්ඩො ජාතො”ති පරිහාසං කරොන්ති. අථස්ස තෙනෙව කාරණෙන කුණ්ඩධානො ථෙරොති නාමං ජාතං. සො උට්ඨාය සමුට්ඨාය තෙහි කරියමානං කෙළිං සහිතුං අසක්කොන්තො උම්මාදං ගහෙත්වා “තුම්හෙ කොණ්ඩා, තුම්හාකං උපජ්ඣායො කොණ්ඩො, ආචරියො කොණ්ඩො”ති වදති. අථ නං සත්ථු ආරොචෙසුං – “කුණ්ඩධානො, භන්තෙ, දහරසාමණෙරෙහි සද්ධිං එවං ඵරුසවාචං වදතී”ති. සත්ථා තං පක්කොසාපෙත්වා “සච්චං කිර ත්වං, ධාන, දහරසාමණෙරෙහි සද්ධිං ඵරුසවාචං වදසී”ති පුච්ඡි. තෙන “සච්චං භගවා”ති වුත්තෙ – “කස්මා එවං වදසී”ති ආහ. “භන්තෙ, නිබද්ධං විහෙසං සහිතුං අසක්කොන්තො එවං කථෙමී”ති . “ත්වං පුබ්බෙ කතකම්මං යාවජ්ජදිවසා ජීරාපෙතුං න සක්කොසි, පුන එවං ඵරුසවාචං මා වද භික්ඛූ”ති වත්වා ආහ –
ගමෙහි කැඳ හා අහර දෙන ස්ත්‍රීහු ‘ස්වාමීනි, මේ එක් කොටසක් ඔබ වහන්සේටය. එක් කොටසක් ඔබ වහන්සේගේ මේ සහායිකාවට’යයි විහිළු කරති. තෙරුන් වහන්සේට මහත් ගැහැටක් වෙයි. විහාරයට ගියාහුද සාමණේරයන්ද තරුණ භික්ෂූන්ද පිරිවරා ධාන කුණ්ඩයෙක් වීයයි විහිළු කළහ. උන්වහන්සේට ඒ නිසාම කුණ්ඩධාන තෙරුන් වහන්සේ යයි නමක් ඇතිවිය. උන්වහන්සේ හැමවිටම ඔවුන් විසින් කරනු ලබන විහිළුව ඉවසන්නට නොහැකි වන්නාහු උමතු කථා කියන්නාහු තොපිද නීචයෝය, තොපගේ උපාධ්යායයාද නීචයෙකි. ගුරුවරයාද නීචයෙකි. කියති. ඉක්බිති මේ බව ශාස්තෲන් වහන්සේට දැන්වූහ. ශාස්තෲන් වහන්සේ ඔහු කැඳවා ධාන, ඔබ තරුණ සාමණේරයන් සමග පරොස් බස් බෙණෙතියි යනු සත්‍යයක්දැ’යි ඇසූ සේක. උන්වහන්සේ විසින් ‘සත්‍යයි ස්වාමීනි’යි කී ලද කල්හි මෙසේ කුමක් නිසා කියහිදැයි ඇසූ සේක. ‘ස්වාමීනි, නිතර ගැහැට ඉවසනු නොහැක්කෙමි. මෙසේ කියමියි’. ‘ඔබ පෙර කළ කර්මය අද දවස තෙක් දිරවාලන්නට නොහැක්කෙහිය. නැවත මෙසේ පරොස් බස් නොකියවයි කියා,
“මාවොච ඵරුසං කඤ්චි, වුත්තා පටිවදෙය්‍යු තං; දුක්ඛා හි සාරම්භකථා, පටිදණ්ඩා ඵුසෙය්‍යු තං.
මාවොච ඵරුසං කඤ්චි, වුත්තා පටිවදෙය්යුතං, දුක්ඛාහි සාරම්භකථා, පටි දණ්ඩා ඵුසෙය්යුතං
පරොස් බස් නොකියන - කියනු ලැබුවෝ පිළිවදන් දෙති, තරහ බස් දුක් ගෙන දෙයි - පළිගැනීමට තුඩු දෙයි
“සචෙ නෙරෙසි අත්තානං, කංසො උපහතො යථා; එස පත්තොසි නිබ්බානං, සාරම්භො තෙ න විජ්ජතී”ති. (ධ· ප· 133-134) –
සචෙ නෙරෙසි අත්තානං කංසො උපහතො යථා, එස පත්තොසි නිබ්බානං සාරම්භො තෙ නවිජ්ජති
හඬ නගා දෙඩුවොත් - රිදී බඳුනට පහර දුන් සේ, නිවනට පැමිණි අයකුට - තරහවක් නැත්තේ ම ය
කී සේක.
ඉමඤ්ච පන තස්ස ථෙරස්ස මාතුගාමෙන සද්ධිං විචරණභාවං කොසලරඤ්ඤොපි කථයිංසු. රාජා “ගච්ඡථ, භණෙ, නං වීමංසථා”ති පෙසෙත්වා සයම්පි මන්දෙනෙව පරිවාරෙන සද්ධිං ථෙරස්ස සන්තිකං ගන්ත්වා එකමන්තෙ ඔලොකෙන්තො අට්ඨාසි. තස්මිං ඛණෙ ථෙරො සූචිකම්මං කරොන්තො නිසින්නො හොති. සාපි ඉත්ථී අවිදූරෙ ඨානෙ ඨිතා විය පඤ්ඤායති.
ඒ තෙරුන්වහන්සේ ස්ත්‍රියක සමග හැසිරෙන මේ කරුණ කොසොල් රජුට ද කීහ. රජ තෙමේ ද ‘යවු දරුවෙනි, එය විමසවු’ යයි කියා යවා තමා ද පිරිවර සහිතව තෙරුන් වහන්සේ සමීපයට ගොස් එකත්පසෙක බලන්නේ සිටියේය. එවේලෙහි තෙරුන්වහන්සේ ඉඳිකටුවකින් මසමින් සිටියහ. ඒ ස්ත්‍රියද නුදුරු තැනක සිටියාක් මෙන් පෙනෙයි.
රාජා තං දිස්වා “අත්ථි තං කාරණ”න්ති තස්සා ඨිතට්ඨානං අගමාසි. සා තස්මිං ආගච්ඡන්තෙ ථෙරස්ස වසනපණ්ණසාලං පවිට්ඨා විය අහොසි. රාජාපි තාය සද්ධිං එව පණ්ණසාලායං පවිසිත්වා සබ්බත්ථ ඔලොකෙන්තො අදිස්වා “නායං මාතුගාමො, ථෙරස්ස එකො කම්මවිපාකො”ති සඤ්ඤං කත්වා පඨමං ථෙරස්ස සමීපෙන ගච්ඡන්තොපි ථෙරං අවන්දිත්වා තස්ස කාරණස්ස අභූතභාවං ඤත්වා පණ්ණසාලතො නික්ඛමිත්වා ථෙරං වන්දිත්වා එකමන්තෙ නිසින්නො “කච්චි, භන්තෙ, පිණ්ඩකෙන න කිලමථා”ති පුච්ඡි. ථෙරො “වට්ටති, මහාරාජා”ති ආහ. “ජානාමහං, භන්තෙ, අය්යස්ස කථං, එවරූපෙනුපක්කිලෙසෙන සද්ධිං චරන්තානං තුම්හාකං කෙ නාම පසීදිස්සන්ති, ඉතො පට්ඨාය වො කත්ථචි ගමනකිච්චං නත්ථි. අහං චතූහි පච්චයෙහි උපට්ඨහිස්සාමි, තුම්හෙ යොනිසොමනසිකාරෙ මා පමජ්ජිත්ථා”ති වත්වා නිබද්ධභික්ඛං පට්ඨපෙසි. ථෙරො රාජානං උපත්ථම්භකං ලභිත්වා භොජනසප්පායෙන එකග්ගචිත්තො හුත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තතො පට්ඨාය සා ඉත්ථී අන්තරධායි.
රජ එය දැක මෙබඳු කරුණක් ඇත්දැයි ඇය සිටි තැනට ගියේය. ඇය ඔහු එත් එත්ම තෙරුන් වහන්සේ වසන පන්සලට පිවිසියාක් මෙන් වූවාය. රජ තෙමේ ද ඇය සමගම පන්සලට පිවිස හැමතැන බලන්නේ නොදැක මේනම් ස්ත්‍රියක් නොවේ. තෙරුන් වහන්සේගේ කර්ම විපාකයයි සනිටුහන් කොට පළමුව තෙරුන් වහන්සේ සමීපයට එන්නේ තෙරුන් නොවැඳ ඒ කරුණ මුසාවක් යයි දැන පන්සලින් නික්මී තෙරුන් වැඳ එකත්පසෙක හුන්නේ ‘ස්වාමීනි, පිණ්ඩාහාරයෙන් ක්ලාන්ත නොවන්නේදැ’යි විචාළේය. තෙරුන්වහන්සේ ‘වටියි මහරජ’ යයි කීහ. ‘ස්වාමීනි, මෙබඳු උපක්ලේශයක් සමග හැසිරෙන නුඹවහන්සේට පැහැදෙන්නේ කවරෙක්ද? මෙතැන් පටන් නුඹවහන්සේ ඇවිදීමට උවමනාවක් නැත. මම සිවුපසයෙන් උපස්ථාන කරන්නෙමි. නුඹවහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් යුතුවන්න පමා නොවන්න’ යයි කියා නිබඳව භික්ෂාව පිහිටවීය. තෙරුන්වහන්සේ රජුන්ගේ උපකාර ලබා බොජුන් වැළඳීමෙන් ඒකාග්ර වූ සිත් ඇත්තෙක්ව විදර්ශනා වඩා රහත්බවට පත්වූහ. එතැන් පටන් ස්ත්‍රිය නොපෙනුණාය.
තදා මහාසුභද්දා උග්ගනගරෙ මිච්ඡාදිට්ඨිකුලෙ වසමානා “සත්ථා මං අනුකම්පතූ”ති උපොසථඞ්ගං අධිට්ඨාය නිරාමගන්ධා හුත්වා උපරිපාසාදතලෙ ඨිතා “ඉමානි පුප්ඵානි අන්තරෙ අට්ඨත්වා දසබලස්ස මත්ථකෙ විතානං හුත්වා තිට්ඨන්තු, දසබලො ඉමාය සඤ්ඤාය ස්වෙ පඤ්චහි භික්ඛුසතෙහි සද්ධිං මය්හං භික්ඛං ගණ්හතූ”ති සච්චකිරියං කත්වා අට්ඨ සුමනපුප්ඵමුට්ඨියො විස්සජ්ජෙසි. පුප්ඵානි ගන්ත්වා ධම්මදෙසනාවෙලාය සත්ථු මත්ථකෙ විතානං හුත්වා අට්ඨංසු. සත්ථා තං සුමනපුප්ඵවිතානං දිස්වා චිත්තෙනෙව සුභද්දාය භික්ඛං අධිවාසෙත්වා පුනදිවසෙ අරුණෙ උට්ඨිතෙ ආනන්දත්ථෙරං ආහ – “ආනන්ද, මයං අජ්ජ දූරං භික්ඛාචාරං ගමිස්සාම, පුථුජ්ජනානං අදත්වා අරියානංයෙව සලාකං දෙහී”ති. ථෙරො භික්ඛූනං ආරොචෙසි – “ආවුසො, සත්ථා අජ්ජ දූරං භික්ඛාචාරං ගමිස්සති. පුථුජ්ජනා මා ගණ්හන්තු, අරියාව සලාකං ගණ්හන්තූ”ති. කුණ්ඩධානත්ථෙරො – “ආහරාවුසො, සලාක”න්ති පඨමංයෙව හත්ථං පසාරෙසි. ආනන්දො “සත්ථා තාදිසානං භික්ඛූනං සලාකං න දාපෙති, අරියානංයෙව දාපෙතී”ති විතක්කං උප්පාදෙත්වා ගන්ත්වා සත්ථු ආරොචෙසි. සත්ථා “ආහරාපෙන්තස්ස සලාකං දෙහී”ති ආහ. ථෙරො චින්තෙසි – “සචෙ කුණ්ඩධානස්ස සලාකා දාතුං න යුත්තා, අථ සත්ථා පටිබාහෙය්ය, භවිස්සති එත්ථ කාරණ”න්ති “කුණ්ඩධානස්ස සලාකං දස්සාමී”ති ගමනං අභිනීහරි. කුණ්ඩධානො තස්ස පුරාගමනා එව අභිඤ්ඤාපාදකං චතුත්ථජ්ඣානං සමාපජ්ජිත්වා ඉද්ධියා ආකාසෙ ඨත්වා “ආහරාවුසො ආනන්ද, සත්ථා මං ජානාති, මාදිසං භික්ඛුං පඨමං සලාකං ගණ්හන්තං න සත්ථා වාරෙතී”ති හත්ථං පසාරෙත්වා සලාකං ගණ්හි. සත්ථා තං අට්ඨුප්පත්තිං කත්වා ථෙරං ඉමස්මිං සාසනෙ පඨමං සලාකං ගණ්හන්තානං අග්ගට්ඨානෙ ඨපෙසි. යස්මා අයං ථෙරො රාජානං උපත්ථම්භං ලභිත්වා සප්පායාහාරපටිලාභෙන සමාහිතචිත්තො විපස්සනාය කම්මං කරොන්තො උපනිස්සයසම්පන්නතාය ඡළභිඤ්ඤො අහොසි. එවංභූතස්සාපි ඉමස්ස ථෙරස්ස ගුණෙ අජානන්තා යෙ පුථුජ්ජනා භික්ඛූ “අයං පඨමං සලාකං ගණ්හති, කිං නු ඛො එත”න්ති විමතිං උප්පාදෙන්ති. තෙසං තං විමතිවිධමනත්ථං ථෙරො ආකාසං අබ්භුග්ගන්ත්වා ඉද්ධිපාටිහාරියං දස්සෙත්වා අඤ්ඤාපදෙසෙන අඤ්ඤං බ්යාකරොන්තො “පඤ්ච ඡින්දෙ”ති ගාථං අභාසි.
එකල සුභද්‍රාව උග්‍ර නගරයෙහි මිසදිටු කුලයක වාසය කරන්නී ශාස්තෲන් වහන්සේ මා හට අනුකම්පා කරන සේක්වායි පෙහෙවස් අංගයන් අධිෂ්ඨානකොට මස්මාංශ අනුභව නොකරන්නී ව ප්‍රාසාදයෙහි උඩුමහල් තලයෙහි සිටියා ‘මේ මල් අතරක නොසිට දසබලධාරීන් වහන්සේගේ හිසට උඩින් වියනක් වී සිටීවා, දසබලධාරීන් වහන්සේ මේ සංඥාවෙන්ම හෙට භික්ෂූන් පන්සියනමක් සමග මාගේ භික්ෂාව පිළිගන්නා සේක්වායි සත්‍යක්‍රියා කොට සමන්මල් මිට අටක් විසුරුවා හැරියාය. මල් ගොස් දම්දෙසන වේලාවෙහි බුදුරජාණන් වහන්සේ මත්තෙහි වියනක්ව සිටියේය. ශාස්තෲන් වහන්සේ ඒ සමන්මල් වියන දැක සිතින්ම සුභද්‍රාවගේ භික්ෂාව ඉවසා දෙවන දවස්හි අරුණු නැගුණු කල්හි ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කී සේක. ආනන්ද, අද මම දුරුපෙදෙසක පිඬු පිණිස හැසිරෙන්නෙමි. පෘථග්ජනයන්ට දානය නොදී ආර්යයන්ට පමණක් දෙව’යි. තෙරුන් වහන්සේ භික්ෂූන්ට දැන්වූහ. ඇවැත්නි, අද ශාස්තෲන් වහන්සේ දුර පෙදෙසක පිඬු පිණිස හැසිරෙන සේක. පෘථග්ජනයෝ සලාකය නොගනිත්වා. ආර්යයන් වහන්සේම සලාකය ගනිත්වායි කුණ්ඩධාන තෙරුන්වහන්සේ මෙසේ කීහ. ඇවැත්නි, සලාකය ගෙනඑන්නැයි පළමුවම සලාකය ගැනීමට අත දිගුකළහ. ආනන්ද තෙරුන් වහන්සේ ‘ශාස්තෲන් වහන්සේ ඔබ වැන්නන්ට සලාකය නොදෙවන සේක. ආර්යයන් වහන්සේටම දෙවන සේකැයි විතර්කයක් උපදවා ගොස් දැන්වූහ. ශාස්තෲන් වහන්සේ සලාකය ගෙන එන්නහුට දෙවයි කී සේක. තෙරුන් වහන්සේ මෙසේ සිතූහ. යම්හෙයකින් කුණ්ඩධාන තෙරුන්ට සලාකය දීම සුදුසු නොවේනම්, ශාස්තෲන් වහන්සේ එය වළක්වන සේක. මෙහි යමක් ඇතැයි කුණ්ඩධාන තෙරුන්ට සලාකය දීමට ගියහ. කුණ්ඩධාන තෙරුන් වහන්සේ ඔහු ඒමට පළමුවම අභිඥා පාදකකොට ඇති චතුර්ථධ්යානයට සමවැද සෘද්ධියෙන් අහසෙහි සිට ඇවැත්නි, ආනන්දය, ශාස්තෲන් වහන්සේ මා දන්නා සේක. මා වැනි භික්ෂුවක් පළමුව සලාකය ගන්නහු ශාස්තෲන් වහන්සේ නොවළක්වන සේකැයි අත දික්කොට සලාකය ගත්හ. ශාස්තෲන් වහන්සේ මෙම කරුණ මුල්කොට ගෙන තෙරුන් වහන්සේ මේ සසුනෙහි පළමුව සලාක ගන්නවුන් අතර අගතන්හි තැබූ සේක. යම් කරුණක් නිසා මේ තෙරුන්වහන්සේ රජවරුන්ගේ උපකාරය ලැබ පථ්‍ය ආහාර ලැබීමෙන් සමවන් සිත් ඇත්තේ විදර්ශනාව සඳහා කටයුතු කරන්නාහු උපනිශ්‍රය සම්පත් ඇති බැවින් ෂට් අභිඥාලාභී වූහ. මෙසේ වූ මේ තෙරුන් වහන්සේගේ ගුණ නොදත් යම් පෘථග්ජන භික්ෂු කෙනෙක් මොහු පළමුව සලාකය ගනිති. මේ කිමෙක්දැයි විමතියක් උපදවති. ඔවුන්ගේ ඒ විමතිය නැතිකරනු පිණිස තෙරුන්වහන්සේ අහසට පැනනැගී සෘද්ධි ප්රාතිහාර්ය පෙන්වා වෙනෙකෙක් දක්වන ආකාරයෙන් රහත් බව ප්‍රකාශ කරන්නාහු ‘පඤ්චඡින්දෙ’ යන ගාථාව කීහ.
එවං සො පූරිතපුඤ්ඤසම්භාරානුරූපෙන අරහා හුත්වා පත්තඑතදග්ගට්ඨානො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සවසෙන පුබ්බචරිතාපදානං පකාසෙන්තො සත්තාහං පටිසල්ලීනන්තිආදිමාහ. තත්ථ සත්ථාහං සත්තදිවසං නිරොධසමාපත්තිවිහාරෙන පටිසල්ලීනං විවෙකභූතන්ති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
මෙසේ ඔහු පුරන ලද පුණ්‍ය සම්භාරයන්ට අනුරූපව රහත් ව පැමිණි අගතැන් ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සත්තාහං පටිසල්ලීනං යනාදිය කීය. එහි සත්තාහං දවස් සතක් නිරෝධ සමාපත්ති විහාරයෙන් පටිසල්ලීනං විවේකී වීය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.
කුණ්ඩධානත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
කුණ්ඩධාන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.