22. උපවානත්ථෙරඅපදානවණ්ණනා අට්ඨකථා
22. උපවානත්ථෙරඅපදානවණ්ණනා
22. උපවාන ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනොතිආදිකං ආයස්මතො උපවානත්ථෙරස්ස අපදානං. අයම්පායස්මා පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො පදුමුත්තරස්ස භගවතො කාලෙ දලිද්දකුලෙ නිබ්බත්තිත්වා විඤ්ඤුතං පත්තො භගවති පරිනිබ්බුතෙ තස්ස ධාතුං ගහෙත්වා මනුස්සදෙවනාගගරුළකුම්භණ්ඩයක්ඛගන්ධබ්බෙහි සත්තරතනමයෙ සත්තයොජනිකෙ ථූපෙ කතෙ තත්ථ සුධොතං අත්තනො උත්තරසාටකං වෙළග්ගෙ ලග්ගෙත්වා ආබන්ධිත්වා ධජං කත්වා පූජං අකාසි. තං ගහෙත්වා අභිසම්මතකො නාම යක්ඛසෙනාපති දෙවෙහි චෙතියපූජාරක්ඛණත්ථං ඨපිතො අදිස්සමානකායො තං ආකාසෙ ධාරෙන්තො චෙතියං තික්ඛත්තුං පදක්ඛිණං අකාසි. සො තං දිස්වා භිය්යොසොමත්තාය පසන්නමානසො හුත්වා තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං බ්රාහ්මණකුලෙ නිබ්බත්තිත්වා උපවානොති ලද්ධනාමො වයප්පත්තො ජෙතවනපටිග්ගහණෙ බුද්ධානුභාවං දිස්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනාය කම්මං කරොන්තො අරහත්තං පත්වා ඡළභිඤ්ඤො අහොසි. යදා භගවතො අඵාසු අහොසි, තදා ථෙරො උණ්හොදකං තථාරූපං පානකඤ්ච භෙසජ්ජං භගවතො උපනාමෙසි. තෙනස්ස සත්ථුනො රොගො වූපසමි. තස්ස භගවා අනුමොදනං අකාසි.
පදුමුත්තරො නාම ජිනො යනාදී වශයෙන් ආයුෂ්මත් උපවාන තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි දිළිඳු කුලයෙක ඉපිද දැනුමිති බවට පත්වූවාහු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි උන්වහන්සේගේ ශාරීරික ධාතු ගෙන මනුෂ්‍ය දේව නාග ගරුඬ යක්ෂ කුම්භාණ්ඩ ගාන්ධර්වයන් විසින් සත්රුවන් මුවා සත්යොදුන් ස්තූපයක් කරන ලද කල්හි එහි මනාව සේදූ තමාගේ උතුරුසළුව රිටිඅග බැඳ ධ්වජයක් කොට පූජා කළහ. එය ගෙන දෙවියන් චෛත්‍ය පූජා ආරක්ෂණය පිණිස තැබූ අභිසම්මතක නම් යක්ෂ සේනාපතියා අදෘශ්‍යමාන සිරුරක් ඇත්තේ එය අහසෙහි දරමින් චෛත්‍යය තෙවරක් ප්රදක්ෂිණා කළේය. ඔහු එය දැක බෙහෙවින් පහන් සිතැත්තේව ඒ පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයෙක ඉපිද උපවානයයි ලද නම් ඇත්තේ වැඩිවිය පත්ව ජේතවනය පිළිගැනීමේදී බුද්ධානුභාවය දැක ලැබුවා වූ ශ්‍රද්ධාව ඇත්තේ පැවිදිව විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ රහත් බවට පත්ව ෂට් අභිඥා ඇත්තේ විය. යම්කලෙක භාග්‍යවතුන් වහන්සේට අපහසුවක් වීද, එකල්හි තෙරුන් වහන්සේ උණුදිය සුදුසු බෙහෙත් පැන් ද භාග්‍යවතුන් වහන්සේට පිරිනැමූහ. එයින් ශාස්තෲන් වහන්සේගේ රෝගය සංසිඳිණ. ඔහුට භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කළ සේක.
එවං සො පත්තඅරහත්තඵලො අධිගතඑතදග්ගට්ඨානො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සවසෙන පුබ්බචරිතාපදානං පකාසෙන්තො පදුමුත්තරො නාම ජිනොතිආදිමාහ. තත්ථ සබ්බෙසං ලොකියලොකුත්තරධම්මානං පාරගූ පරියොසානං නිබ්බානං ගතො පත්තො පදුමුත්තරො නාම ජිනො ජිතපඤ්චමාරො භගවා අග්ගික්ඛන්ධො ඉව ඡබ්බණ්ණා බුද්ධරංසියො ජලිත්වා සබ්බලොකං ධම්මපජ්ජොතෙන ඔභාසෙත්වා සම්බුද්ධො සුට්ඨු බුද්ධො අවිජ්ජානිද්දූපගතාය පජාය සවාසනාය කිලෙසනිද්දාය පටිබුද්ධො විකසිතනෙත්තපඞ්කජො පරිනිබ්බුතො ඛන්ධපරිනිබ්බානෙන නිබ්බුතො අදස්සනං ගතොති සම්බන්ධො.
මෙසේ ඔහු පැමිණි රහත්ඵල ඇත්තේ ලැබූ අගතැන් ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරොනාම ජිනො යනාදිය කීය. එහි සියලු ලෞකික ලෝකෝත්තර ධර්මයන්හි පරතෙරට ගිය කෙළවරට නිර්වාණයට ගතො පැමිණි පදුමුත්තර නම් ජිනො දිනූ පස් මරුන් ඇති භාග්‍යවතුන් වහන්සේ ගිනිකඳක් මෙන් සවණක් බුදුරැසින් දිලිහී මුළුලොව දහම් පහනින් බබුළුවා සම්බුද්ධො මැනවින් බුදුවූයේ අවිද්‍යා නමැති නිද්‍රාවට ගිය ප්‍රජාවගේ සවාසනා කෙලෙස් නින්දෙන් පටිබුද්ධො පිපුණු නෙත් නැමැති නෙළුම් ඇත්තේ පරිනිබ්බුතො ස්කන්ධ පරිනිර්වාණයෙන් නිබ්බුතො අදර්ශනයට පැමිණියේ යන සම්බන්ධයි.
ජඞ්ඝාති චෙතියකරණකාලෙ උපචිනිතබ්බානං ඉට්ඨකානං ඨපනත්ථාය, නිබන්ධියමානසොපානපන්ති.
ජංඝා යනු චෛත්‍ය කරන කල්හි මත්තෙහි තැබිය යුතු ගඩොල් තැබීම පිණිස බඳිනු ලබන ඉණිමග.
සුධොතං රජකෙනාහන්ති වත්ථධොවකෙන පුරිසෙන සුට්ඨු ධොවිතං සුවිසුද්ධකතං, උත්තරෙය්යපටං මම උත්තරසාටකං අහං වෙළග්ගෙ ලග්ගිත්වා ධජං කත්වා උක්ඛිපිං, අම්බරෙ ආකාසෙ උස්සාපෙසින්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
සුධොතං රජකෙනාහං යනු වස්ත්‍ර සෝදන්නා වූ පුරුෂයා විසින් මනාසේ සෝදන ලද සුපිරිසිදු කරන ලද. උත්තරෙය්යපටං මාගේ උතුරුසළුව මම රිටි අග බැඳ ධජයක් කොට එසවීමි. අම්බරෙ අහසෙහි එසවූයෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
උපවානත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
උපවාන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
23. තිසරණගමනියත්ථෙරඅපදානවණ්ණනා
23. සරණගමනිය ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්ධුමතියාතිආදිකං ආයස්මතො තිසරණගමනියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ බන්ධුමතීනගරෙ කුලගෙහෙ නිබ්බත්තිත්වා අන්ධමාතාපිතරො උපට්ඨාසි. සො එකදිවසං චින්තෙසි – “අහං මාතාපිතරො උපට්ඨහන්තො පබ්බජිතුං න ලභාමි, යංනූනාහං තීණි සරණානි ගණ්හිස්සාමි , එවං දුග්ගතිතො මොචෙස්සාමී”ති නිසභං නාම විපස්සිස්ස භගවතො අග්ගසාවකං උපසඞ්කමිත්වා තීණි සරණානි ගණ්හි. සො තානි වස්සසතසහස්සානි රක්ඛිත්වා තෙනෙව කම්මෙන තාවතිංසභවනෙ නිබ්බත්තො, තතො පරං දෙවමනුස්සෙසු සංසරන්තො උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථිනගරෙ මහාසාලකුලෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො සත්තවස්සිකොව දාරකෙහි පරිවුතො එකං සඞ්ඝාරාමං අගමාසි. තත්ථ එකො ඛීණාසවත්ථෙරො තස්ස ධම්මං දෙසෙත්වා සරණානි අදාසි. සො තානි ගහෙත්වා පුබ්බෙ අත්තනො රක්ඛිතානි සරණානි සරිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. තං අරහත්තප්පත්තං භගවා උපසම්පාදෙසි.
නගරෙ බන්ධුමතියා ආදි වශයෙන් ආයුෂ්මත් සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නුවර කුලගෙයක ඉපිද අඳ මාපියන්ට උවටැන් කළේය. ඔහු එක් දවසක් මෙසේ සිතීය. මම මාපියන්ට උවටැන් කරන්නේ පැවිදිවන්ට නොලබමි. තුන්සරණ ගන්නෙම් නම් මැනවි. මෙසේ දිළිඳු බවින් මිදෙන්නෙමියි නිසභ නම් වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ අගසවු වෙත එළඹ තිසරණ ගත්තේය. ඔහු ඒවා සියදහසක් වස් රැක එම කර්මයෙන්ම තව්තිසා භවනයෙහි උපන්නේ ඉන්පසුව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මෙම බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර මහසල් කුලයෙක ඉපිද දැනමිති බවට පැමිණියේ සත්හැවිරිදිව දරුවන් විසින් පිරිවරන ලද්දේ එක් සංඝාරාමයකට ගියේය. එහි එක් රහත් තෙරනමක් ඔහුට දහම් දෙසා සරණ දුන්නේය. හෙතෙම සරණ ගෙන පෙර තමා විසින් රක්නා ලද සරණ සිහිකොට විදර්ශනා වඩා රහත් බවට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ රහත් බටව පැමිණි ඔහු උපසම්පදා කරවූ සේක.
සො අරහත්තප්පත්තො උපසම්පන්නො හුත්වා අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සවසෙන පුබ්බචරිතාපදානං පකාසෙන්තො නගරෙ බන්ධුමතියාතිආදිමාහ. තත්ථ මාතු උපට්ඨාකො අහුන්ති අහං මාතාපිතූනං උපට්ඨාකො භරකො බන්ධුමතීනගරෙ අහොසින්ති සම්බන්ධො.
ඔහු රහත් බවට පැමිණියේ උපසම්පන්නව තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය පවසන්නේ නගරෙ බන්ධුමතියා යනාදිය කීය. එහි මාතුපට්ඨායකො අහු යනු මම මාපියන් උපට්ඨාකො පෝෂණය කරන්නේ බන්ධුමතී නගරයේම සිටියෙමියි සම්බන්ධයි.
තමන්ධකාරපිහිතාති මොහන්ධකාරෙන පිහිතා ඡාදිතා. තිවිධග්ගීහි ඩය්හරෙති රාගග්ගිදොසග්ගිමොහග්ගිසඞ්ඛාතෙහි තීහි අග්ගීහි ඩය්හරෙ ඩය්හන්ති සබ්බෙ සත්තාති සම්බන්ධො.
තමන්ධකාර පිහිතා යනු මෝහාන්ධකාරයෙන් පිහිතා වැසුණු. තිවිධග්ගීහි ඩය්හරෙ යනු රාගාග්නිය, දෝෂාග්නිය, මෝහාග්නිය සංඛ්‍යාත වූ ගිනි තුනින් ඩය්හරෙ සියලු සත්ත්වයෝ දැවෙත් යන සම්බන්ධයි.
අට්ඨ හෙතූ ලභාමහන්ති අට්ඨ කාරණානි සුඛස්ස පච්චයභූතානි කාරණානි ලභාමි අහන්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
අට්ඨහෙතු ලභාමහං යනු සැපයට හේතුවන කරුණු අට ලබමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැකි වන්නේමය.
තිසරණගමනියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
24. පඤ්චසීලසමාදානියත්ථෙරඅපදානවණ්ණනා
24. පඤ්චසීල සමාදානිය ථේර අපදාන වර්ණනාව
නගරෙ චන්දවතියාතිආදිකං ආයස්මතො පඤ්චසීලසමාදානියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො අනොමදස්සිස්ස භගවතො කාලෙ එකස්මිං කුලෙ නිබ්බත්තො පුරිමභවෙ කතාකුසලකම්මානුරූපෙන දලිද්දො හුත්වා අප්පන්නපානභොජනො පරෙසං භතිං කත්වා ජීවන්තො සංසාරෙ ආදීනවං ඤත්වා පබ්බජිතුකාමොපි පබ්බජ්ජං අලභමානො අනොමදස්සිස්ස භගවතො සාවකස්ස නිසභත්ථෙරස්ස සන්තිකෙ පඤ්ච සික්ඛාපදානි සමාදියි. දීඝායුකකාලෙ උප්පන්නත්තා වස්සසතසහස්සානි සීලං පරිපාලෙසි. තෙන කම්මෙන සො දෙවමනුස්සෙසු සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ වෙසාලියං මහාභොගකුලෙ නිබ්බත්තො. මාතාපිතරො සීලං සමාදියන්තෙ දිස්වා අත්තනො සීලං සරිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්වා පබ්බජි.
නගරෙ චන්දවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් පංචසීල සමාදානිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ පෙර භවයෙහි කරන ලද කුසල කර්මානු රූපයෙන් දිළින්දෙක්ව අල්ප වූ ආහාරපාන බුදින්නේ අනුන්ගේ බැලමෙහෙවර කොට ජීවත්වන්නේ සසර ආදීනව දැක පැවිදිවනු කැමැත්තේ වුවද පැවිද්ද නොලබන්නේ අනොමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ නිසභ තෙරුන්වහන්සේ සමීපයෙහි පන්සිල්පද සමාදන් විය. දීර්ඝායුෂ ඇතිකලෙක උපන් බැවින් වර්ෂ සියදහස් ගණනක් සිල් රැක්කේය. ඒ කර්මයෙන් ඔහු දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි විශාලා නුවර මහාභෝග කුලයෙක උපන්නේ මව්පියන් සිල්සමාදන් වනු දැක තමාගේ සීලය සිහිකොට පැවිදිව විදර්ශනා වඩා රහත්බවට පැමිණියේය.
සො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො උදානවසෙන පුබ්බචරිතාපදානං පකාසෙන්තො නගරෙ චන්දවතියාතිආදිමාහ. භතකො ආසහං තදාති තදා මම පුඤ්ඤකරණකාලෙ අහං භතකො භතියා කම්මකාරකො ආසිං අහොසිං. පරකම්මායනෙ යුත්තොති භතියා පරෙසං කම්මකරණෙ ආයුත්තො යොජිතො ඔකාසාභාවෙන සංසාරතො මුච්චනත්ථාය අහං පබ්බජ්ජං න ලභාමි.
තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වූයේ උදාන වශයෙන් පූර්ව චරිතාපදානය පවසන්නේ නගරෙ චන්දවතියා යනාදිය කීය. භතකො ආසභං තදා යනු මා පින්කරන කාලයෙහි මම භතකො බැලමෙහෙ කරන්නෙක් ආසිං වීමි. පරකම්මායනෙ යුත්තො යනු බැලයෙන් අනුන්ගේ වැඩ කිරීමෙන් ආහාරයෙහි යුත්තො යොදවන ලදුයේ අවසරයක් නොමැති බැවින් සසරින් මිදීම පිණිස මම පැවිද්ද නොලබමි.
මහන්ධකාරපිහිතාති මහන්තෙහි කිලෙසන්ධකාරෙහි පිහිතා සංවුතා ථකිතා. තිවිධග්ගීහි ඩය්හරෙති නරකග්ගිපෙතග්ගිසංසාරග්ගිසඞ්ඛාතෙහි තීහි අග්ගීහි ඩය්හන්ති. අහං පන කෙන උපායෙන කෙන කාරණෙන විසංයුත්තො භවෙය්යන්ති අත්ථො.
තමන්ධකාර පිහිතා යනු කෙලෙස් අඳුරින් පිහිතා වැසුණාහු. තිවිධග්ගීහි ඩය්හරෙ යනු නරකාග්නිය, ප්රේතාග්නිය, සංසාරාග්නිය සංඛ්‍යාත වූ තුන් ගින්නෙන් දැවෙත්. මම වනාහි කුමන උපායකින් කුමන කරුණකින් වෙන්වූයේ වන්නෙම්ද යන අර්ථයි.
දෙය්යධම්මො අන්නපානාදිදාතබ්බයුත්තකං වත්ථු මය්හං නත්ථි, තස්සාභාවෙන අහං වරාකො දුක්ඛිතො භතකො භතියා ජීවනකො යංනූනාහං පඤ්චසීලං රක්ඛෙය්‍යං පරිපූරයන්ති පඤ්චසීලං සමාදියිත්වා පරිපූරෙන්තො යංනූන රක්ඛෙය්‍යං සාධුකං භද්දකං සුන්දරං කත්වා පරිපාලෙය්යන්ති අත්ථො.
දෙය්යධම්මො ආහාරපානාදී දියයුතුව තිබෙන වස්තුවක් මට නැත. ඒ නැතිකමින් මම වරාකො දුප්පතෙකි. භතකො බැලමෙහෙවරින් ජීවත් වන්නෙකි. මම පන්සිල් රක්ඛෙය්‍යං පුරන්නෙම් නම් මැනවැයි පන්සිල් සමාදන්ව පුරන්නේ යන්නූන රක්ඛෙය්‍යං මනාසේ හොඳින් සොඳුරු කොට පාලනය කරන්නෙමි යන අර්ථයි.
ස්වාහං යසමනුභවින්ති සො අහං දෙවමනුස්සෙසු මහන්තං යසං අනුභවිං තෙසං සීලානං වාහසා ආනුභාවෙනාති අත්ථො. කප්පකොටිම්පි තෙසං සීලානං ඵලං කිත්තෙන්තො එකකොට්ඨාසමෙව කිත්තයෙ පාකටං කරෙය්යන්ති අත්ථො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
සොභං යසං අනුභවිං යනු ඒ මම දෙවිමිනිසුන් අතර මහත්වූ යසසක් අනුභව කෙළෙමි. තෙසං සීලානං වාහසා ආනුභාවයෙන්ය යන අර්ථයි. කල්පකෝටියක් වුවද ඒ සිල්වල ඵල කියන්නේ එක් කොටසක් පමණක් කිත්තයෙ ප්‍රකට කරන්නෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
පඤ්චසීලසමාදානියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
පංචසීල සමාදානිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
25. අන්නසංසාවකත්ථෙරඅපදානවණ්ණනා
25. අන්නසංසාවක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං සම්බුද්ධන්තිආදිකං ආයස්මතො අන්නසංසාවකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො පිණ්ඩාය චරන්තං ද්වත්තිංසමහාපුරිසලක්ඛණබ්යාමප්පභාමණ්ඩලොපසොභිතං භගවන්තං දිස්වා පසන්නමානසො භගවන්තං නිමන්තෙත්වා ගෙහං නෙත්වා වරඅන්නපානෙන සන්තප්පෙත්වා සම්පවාරෙත්වා භොජෙසි. සො තෙනෙව චිත්තප්පසාදෙන තතො චුතො දෙවලොකෙ නිබ්බත්තිත්වා දිබ්බසම්පත්තිං අනුභවිත්වා තතො චවිත්වා මනුස්සලොකෙ නිබ්බත්තිත්වා මනුස්සසම්පත්තිං අනුභවිත්වා තතො අපරාපරං දෙවමනුස්සසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලෙ නිබ්බත්තො සාසනෙ පසීදිත්වා පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. සො පුබ්බෙ කතපුඤ්ඤනාමවසෙන අන්නසංසාවකත්ථෙරොති පාකටනාමො අහොසි.
සුවණ්ණවණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් අන්නසංසාවක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ පිඬු පිණිස හැසිරෙන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ ව්‍යාමප්‍රභා මණ්ඩලයෙන් උපශෝභිත වූ භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කොට ගෙට පමුණුවා උතුම් අන්නපානයෙන් සන්තර්පණය කොට පවරා වැළඳවූ සේක. ඔහු ඒ සිත් පැහැදීමෙන් එයින් චුතව දෙව්ලොව ඉපිද දිවසැපත් අනුභවකොට එයින් චුතවූයේ මිනිස් ලොව උපන්නේ මිනිස් සැප අනුභව කොට එසේ වරින්වර දෙවිමිනිස් සැප අනුභව කොට, මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක උපන්නේ සසුනෙහි පැහැදී පැවිදි ව විදර්ශනා වඩා රහත් බවට පත්විය. හෙතෛම් පෙර කරන ලද පිනක නම් වශයෙන් අන්න සංසාවක තෙරුන් යයි ප්‍රකට නම් ඇත්තේ විය.
සො අපරභාගෙ අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො “එවං මයා ඉමිනා පුඤ්ඤසම්භාරානුභාවෙන පත්තං අරහත්ත”න්ති අත්තනො පුබ්බචරිතාපදානං උදානවසෙන පකාසෙන්තො සුවණ්ණවණ්ණන්තිආදිමාහ . තත්ථ සුවණ්ණස්ස වණ්ණො විය වණ්ණො යස්ස භගවතො සොයං සුවණ්ණවණ්ණො, තං සුවණ්ණවණ්ණං සම්බුද්ධං සිද්ධත්ථන්ති අත්ථො. ගච්ඡන්තං අන්තරාපණෙති වෙස්සානං ආපණපන්තීනං අන්තරවීථියං ගච්ඡමානං. කඤ්චනග්ඝියසංකාසන්ති සුවණ්ණතොරණසදිසං බාත්තිංසවරලක්ඛණං ද්වත්තිංසවරලක්ඛණෙහි සම්පන්නං ලොකපජ්ජොතං සකලලොකදීපභූතං අප්පමෙය්යං පමාණවිරහිතං අනොපමං උපමාවිරහිතං ජුතින්ධරං පභාධාරං නීලපීතාදිඡබ්බණ්ණබුද්ධරංසියො ධාරකං සිද්ධත්ථං දිස්වා පරමං උත්තමං පීතිං අලත්ථං අලභින්ති සම්බන්ධො. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
පසුකලෙක තමාගේ පෙර කර්මය සිහිකොට සොම්නස් වූයේ මෙසේ මා විසින් මේ පුණ්‍ය සම්භාරයෙහි ආනුභාවයෙන් පැමිණි රහත් බව යයි තමාගේ පූර්ව චරිතාපදානය උදාන වශයෙන් පවසන්නේ සුවණ්ණ වණ්ණං යනාදිය කීය. එහි ස්වර්ණයෙහි වර්ණය මෙන් වර්ණයක් යම් භාග්‍යවතුන් වහන්සේ කෙනකුන්ට වේද එය ස්වර්ණවර්ණයයි. ඒ ස්වර්ණ වර්ණ සම්බුද්ධ වූ සිද්ධාර්ථ යන අර්ථයි. ගච්ඡන්තං අන්තරාපණෙ යනු වෙළෙඳුන්ගේ ආපණ පෙළෙහි ඇතුළු වීදියෙහි ගමන්කරන. කඤ්චනග්ඝිය සංකාසං යනු රන් තොරණක් හා සමාන දෙතිස් උතුම් ලකුණින් යුතු. ලොකපජ්ජොතං සියලු ලොවට පහනක් වූ. අප්පමෙය්යං ප්‍රමාණ විරහිත. අනොපමං උපමා රහිත. ජුතින්ධරං ආලෝකධාරී. නීලපීතාදී සවණක් බුදුරැස් දරන්නා වූ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ දැක පරමං උතුම් වූ ප්‍රීතියක් අලත්ථං ලැබුවෙමි යි සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
අන්නසංසාවකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
අන්න සංසාවක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
26. ධූපදායකත්ථෙරඅපදානවණ්ණනා
26. ධූපදායක ථේර අපදාන වර්ණනාව
සිද්ධත්ථස්ස භගවතොතිආදිකං ආයස්මතො ධූපදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ කුලගෙහෙ නිබ්බත්තො සිද්ධත්ථෙ භගවති චිත්තං පසාදෙත්වා තස්ස භගවතො ගන්ධකුටියං චන්දනාගරුකාළානුසාරිආදිනා කතෙහි අනෙකෙහි ධූපෙහි ධූපපූජං අකාසි. සො තෙන පුඤ්ඤෙන දෙවෙසු ච මනුස්සෙසු ච උභයසම්පත්තියො අනුභවන්තො නිබ්බත්තනිබ්බත්තභවෙ පූජනීයො හුත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො පුඤ්ඤසම්භාරානුභාවෙන සාසනෙ පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්වා කතධූපපූජාපුඤ්ඤත්තා නාමෙන ධූපදායකත්ථෙරොති සබ්බත්ථ පාකටො. සො පත්තඅරහත්තඵලො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං දස්සෙන්තො සිද්ධත්ථස්ස භගවතොතිආදිමාහ. සිද්ධො පරිපුණ්ණො සබ්බඤ්ඤුතඤ්ඤාණාදිගුණසඞ්ඛාතො අත්ථො පයොජනං යස්ස භගවතො සොයං සිද්ධත්ථො, තස්ස සිද්ධත්ථස්ස භගවතො භග්යාදිගුණවන්තස්ස ලොකජෙට්ඨස්ස සකලලොකුත්තමස්ස තාදිනො ඉට්ඨානිට්ඨෙසු තාදිසස්ස අචලසභාවස්සාති අත්ථො. සෙසං උත්තානත්ථමෙවාති.
සද්ධත්ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ධූපදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිළිය සඳුන් අගිල් කාලානුසාරී ආදියෙන් කරන ලද නොයෙක් ධූපයන්ගෙන් ධූප පූජාවක් කළේය. ඔහු ඒ පිනින් දෙවියන් අතරද මිනිසුන් අතරද උභයසම්පත්තීන් අනුභව කරන්නේ උපනුපන් භවයෙහි පිදිය යුත්තෙක්ව මේ බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක උපන්නේ පුණ්‍ය සම්භාරයෙහි ආනුභාවයෙන් සසුනෙහි පැවිදිව විදසුන් වඩා රහත්බවට පත්ව කරන ලද ධූප පූජා පින් ඇති බැවින් නමින් ධූපදායක තෙරුන් වහන්සේ යයි සියලු තැන ප්‍රකට විය. ඔහු පත්වූ රහත්ඵල ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය දක්වන්නේ සිද්ධත්ථස්සභගවතො යනාදිය කීය. සිද්ධො පිරිපුන් සර්වඥතාඥාන සංඛ්‍යාත අත්ථො ප්‍රයෝජනය යම් භාග්‍යවතුන් වහන්සේ කෙනකුන්ටද ඒ සිද්ධාර්ථ නමි. ඒ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේට. භගවතො භාග්‍ය ආදී ගුණ ඇති ලොක ජෙට්ඨස්ස සියලු ලෝකයට උත්තම වූ. තාදිනො ඉටුඅනිටු දහම්හි තාදිස්ස නොසැලී සිටින්නා වූ යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ධූපදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
ධූපදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
27. පුලිනපූජකත්ථෙරඅපදානවණ්ණනා
27. පුලිනපූජක ථේර අපදාන වර්ණනාව
විපස්සිස්ස භගවතොතිආදිකං ආයස්මතො පුලිනපූජකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ එකස්මිං කුලෙ නිබ්බත්තො සාසනෙ පසන්නචිත්තො චෙතියඞ්ගණබොධියඞ්ගණෙසු පුරාණවාලුකං අපනෙත්වා නවං මුත්තාදලසදිසපණ්ඩරපුලිනං ඔකිරිත්වා මාළකං අලඞ්කරි. තෙන කම්මෙන සො දෙවලොකෙ නිබ්බත්තො තත්ථ දිබ්බෙහි රතනෙහි විජ්ජොතමානෙ අනෙකයොජනෙ කනකවිමානෙ දිබ්බසම්පත්තිං අනුභවිත්වා තතො චුතො මනුස්සලොකෙ සත්තරතනසම්පන්නො චක්කවත්තී රාජා හුත්වා මනුස්සසම්පත්තිං අනුභවිත්වා අපරාපරං සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ විභවසම්පන්නෙ එකස්මිං කුලෙ නිබ්බත්තො සාසනෙ පසන්නො පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි. සො අත්තනො කතපුඤ්ඤනාමසදිසෙන නාමෙන පුලිනපූජකත්ථෙරොති පාකටො.
විපස්සිස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් පුලිනපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස් කරන්නේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක උපන්නේ සසුනෙහි පහන්සිත් ඇත්තේ සෑමළු බෝමළුවල පැරණි වැලි ඉවත්කොට අලුත් මුතුඇට වැනි සුදුවැලි විසුරුවා මළු අලංකාර කළේය. ඒ කර්මයෙන් ඔහු දෙව්ලොව උපන්නේ එහි දිව්‍යමය රත්නයන්ගෙන් බබලන යොදුන් ගණනක් වූ රන්විමනෙක දිව්‍යසම්පත් අනුභවකොට එයින් චුතව මිනිස්ලොව සත්රුවනින් යුතු වූයේ සක්විති රජ ව මිනිස් සම්පත් අනුභවකොට තැන තැන හැසිරෙන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති එක් කුලයක උපන්නේ සසුනෙහි පැහැදී පැවිදිව විදර්ශනා වඩා රහත්බවට පත්විය. තමා කළ පිනෙහි නමට සමාන නමින් පුලිනපූජක තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.
සො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං දස්සෙන්තො විපස්සිස්ස භගවතොතිආදිමාහ. තත්ථ විවිධං පස්සතීති විපස්සී, විවිච්ච පස්සතීති වා විපස්සී, විවිධෙ අත්තත්ථපරත්ථාදිභෙදෙ අත්ථෙ පස්සතීති වා විපස්සී, විවිධෙ වොහාරපරමත්ථාදිභෙදෙ පස්සතීති වා විපස්සී, තස්ස විපස්සිස්ස බොධියා පාදපුත්තමෙ උත්තමෙ බොධිරුක්ඛමණ්ඩලමාළකෙ පුරාණපුලිනං වාලුකං ඡඩ්ඩෙත්වා සුද්ධං පණ්ඩරං පුලිනං ආකිරිං සන්ථරිං. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් ඇත්තාහු පෙර චරිතාපදානය දක්වන්නාහු විපස්සිස්ස භගවතො යනාදිය කීහ. එහි විවිධ ලෙස බලතියි විපස්සි නමි. වෙන් වෙන්ව බලතියි හෝ විපස්සි නමි. විවිධ වූ ආත්මාර්ථ පරාර්ථ ආදි භේද ඇති අර්ථයන් බලතියි හෝ විපස්සි නමි. ඒ විපස්සි බුදුරදුන්ගේ පුරාණ පුලිනං වැලි, ඉවත්කොට පිරිසිදු සුදුවැලි ආකිරිං ඇතිරුවෙමි. සෙස්ස පහසුවෙන් දතහැකි වන්නේ ම ය.
පුලිනපූජකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
පුලිනපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
28. උත්තියත්ථෙරඅපදානවණ්ණනා
28. උත්තරිය ථේර අපදාන වර්ණනාව
චන්දභාගානදීතීරෙතිආදිකං ආයස්මතො උත්තියත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො සිද්ධත්ථස්ස භගවතො කාලෙ චන්දභාගානදියං සුසුමාරො හුත්වා නිබ්බත්තො නදීතීරං උපගතං භගවන්තං දිස්වා පසන්නචිත්තො පාරං නෙතුකාමො තීරසමීපෙයෙව නිපජ්ජි. භගවා තස්ස අනුකම්පාය පිට්ඨියං පාදෙ ඨපෙසි. සො තුට්ඨො උදග්ගො පීතිවෙගෙන මහුස්සාහො හුත්වා සොතං ඡින්දන්තො සීඝෙන ජවෙන භගවන්තං පරතීරං නෙසි. භගවා තස්ස චිත්තප්පසාදං ඤත්වා “අයං ඉතො චුතො දෙවලොකෙ නිබ්බත්තිස්සති , තතො පට්ඨාය සුගතීසුයෙව සංසරන්තො ඉතො චතුන්නවුතිකප්පෙ අමතං පාපුණිස්සතී”ති බ්යාකරිත්වා පක්කාමි.
චන්දභාගා නදීතීරේ යනාදි වශයෙන් ආයුෂ්මත් උත්තිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි චන්ද්රභාගා නදියෙහි කිඹුලෙක්ව උපන්නේ නදීතෙරට පැමිණි භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ එතෙරට ගෙනයනු කැමැත්තේ ගංතෙර සමීපයෙහි වැදහොත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පිටමක පා තැබූ සේක. ඌ සතුටුවූයේ ඔදවැඩියේ ප්‍රීති වේගයෙන් අතිශයින් උත්සාහවත්ව දියපහර බිඳගෙන මහත් ජවයෙන් භාග්‍යවතුන් වහන්සේ එතෙරට ඇරලීය. භාග්‍යවතුන් වහන්සේ උගේ චිත්තප්‍රසාදය දැන මූ මෙයින් චුතව දෙව්ලොව උපදින්නේය. එතැන් පටන් සුගතීන්හිම සැරිසරන්නේ මෙයින් අනූහතර වැනි කල්පයෙහි නිවනට පැමිණෙන්නේයයි ප්‍රකාශකොට වැඩි සේක.
සො තථා සුගතීසුයෙව සංසරන්තො ඉමස්මිං බුද්ධුප්පාදෙ සාවත්ථියං අඤ්ඤතරස්ස බ්රාහ්මණස්ස පුත්තො හුත්වා නිබ්බත්ති, උත්තියොතිස්ස නාමං අකංසු. සො වයප්පත්තො “අමතං පරියෙසිස්සාමී”ති පරිබ්බාජකො හුත්වා එකදිවසං භගවන්තං දිස්වා උපසඞ්කමිත්වා වන්දිත්වා ධම්මං සුත්වා පටිලද්ධසද්ධො හුත්වා සාසනෙ පබ්බජිත්වා සීලදිට්ඨීනං අවිසොධිතත්තා විසෙසං නිබ්බත්තෙතුං අසක්කොන්තො අඤ්ඤං භික්ඛුං විසෙසං නිබ්බත්තෙත්වා අඤ්ඤං බ්යාකරොන්තං දිස්වා සත්ථාරං උපසඞ්කමිත්වා සඞ්ඛෙපෙන ඔවාදං යාචි. සත්ථාපි තස්ස , “තස්මාතිහ ත්වං, උත්තිය, ආදිමෙව විසොධෙහී”තිආදිනා (සං· නි· 5.382) සඞ්ඛෙපෙනෙව ඔවාදං අදාසි. සො සත්ථු ඔවාදෙ ඨත්වා විපස්සනං ආරභි. තස්ස ආරද්ධවිපස්සකස්ස ආබාධො උප්පජ්ජි. උප්පන්නෙ ආබාධෙ ජාතසංවෙගො වීරියාරම්භවත්ථුං ඤත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පාපුණි.
ඌ එසේ සුගතීන්හි පමණක් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක්තරා බමුණකුගේ පුත්‍රයෙක් ව උපන්නේ ය. ඔහුට උත්තිය යයි නමක් තැබූහ. ඔහු වැඩිවියට පත්ව නිවන් සොයන්නෙමියි පරිබ්රාජකයෙක්ව එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ දැක එළඹ දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ සසුනෙහි පැවිදිව ශීල දෘෂ්ටීන් පිරිසිදු නැති බැවින් විශේෂයක් නිපදවා ගන්නට නොහැකි වන්නේ වෙනත් භික්ෂුවක් විශේෂයක් නිපදවාගෙන අනෙකකුට ප්‍රකාශ කරනු දැක ශාස්තෲන් වහන්සේ කරා එළඹ සංක්ෂේපයෙන් අවවාද ඉල්ලා සිටියේය. ශාස්තෲන් වහන්සේද ‘ඒ නිසා උත්තිය, මෙහිදී පළමුවෙන්ම සීලය පිරිසිදු කරව’යි ආදි වශයෙන් සංක්ෂේපයෙන්ම අවවාද දුන් සේක. උන්වහන්සේ ශාස්තෲන් වහන්සේගේ අවවාදයෙහි සිට විදර්ශනාව ඇරඹූහ. ඇරඹූ විදර්ශනා ඇති උන්වහන්සේට ආබාධයක් හටගැනිණ. ආබාධය ඇතිවූ විට උපන් සංවේග ඇත්තාහු වීර්ය ආරම්භ කිරීමට ඇති කරුණ දැන විදර්ශනා වඩා රහත්බවට පැමිණියහ.
එවං සො කතසම්භාරානුරූපෙන පත්තඅරහත්තඵලො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං පකාසෙන්තො චන්දභාගානදීතීරෙතිආදිමාහ. තත්ථ චන්දභාගානදීතීරෙති පරිසුද්ධපණ්ඩරපුලිනතලෙහි ච පභාසම්පන්නපසන්නමධුරොදකපරිපුණ්ණතාය ච චන්දප්පභාකිරණසස්සිරීකාභා නදමානා සද්දං කුරුමානා ගච්ඡතීති චන්දභාගානදී, තස්සා චන්දභාගානදියා තීරෙ සුසුමාරො අහොසින්ති සම්බන්ධො. තත්ථ සුසුමාරොති ඛුද්දකමච්ඡගුම්බෙ ඛණ්ඩාඛණ්ඩිකං කරොන්තො මාරෙතීති සුසුමාරො, චණ්ඩමච්ඡො කුම්භීලොති අත්ථො. සභොජනපසුතොහන්ති අහං සභොජනෙ සකගොචරෙ පසුතො බ්යාවටො. නදීතිත්ථං අගච්ඡහන්ති භගවතො ආගමනකාලෙ අහං නදීතිත්ථං අගච්ඡිං පත්තොම්හි.
මෙසේ ඔහු කරන ලද කුසල සම්භාර අනුරූපව පැමිණි රහත්ඵල ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය පවසන්නාහු චන්දභාගා නදීතීරෙ යනාදිය කීය. එහි චන්දභාගා නදීතීරෙ යනු පිරිසිදු සුදු වැලිතලාවන්ගෙන් ද ප්‍රභා සම්පන්න මිහිරි ජලයෙන් ද පිරිපුන් බව නිසා සහ චන්ද්‍රප්‍රභා කිරණින් සශ්‍රීක ආලෝකයක් මෙන් නදමානා ශබ්ද නගමින් යති යි චන්දභාගා නදී නමි. ඒ චන්ද්රභාගා නදී තෙර කිඹුලෙක් වීමි යි සම්බන්ධයි. එහි සුංසුමාරො යනු කුඩා මාළු අයින් කඩකඩ කරමින් මරතියි සුංසුමාර නම් ද, චණ්ඩ මත්ස්‍යයෙක් ද කිඹුලෙක් ද යන අර්ථයි. සභොජන පසුතාහං යනු මම සභොජනෙ තමාගේ ගොදුරෙහි පසුතො ව්‍යාපෘත වූයේ නදීතිත්ථං ආගච්ඡිං යනු භාග්‍යවතුන් සේ පැමිණෙන කාලයෙහි මම ගං තෙරට ආගඤ්ජිං පැමිණියේ වෙමි.
සිද්ධත්ථො තම්හි සමයෙති තස්මිං මම තිත්ථගමනකාලෙ සිද්ධත්ථො භගවා අග්ගපුග්ගලො සබ්බසත්තෙසු ජෙට්ඨො සෙට්ඨො සයම්භූ සයමෙව භූතො ජාතො බුද්ධභූතො සො භගවා නදිං තරිතුකාමො නදීතීරං උපාගමි.
සිද්ධත්ථොතම්හි සමයෙ එහි මාගේ තීර්ථයට පැමිණෙන කාලයෙහි සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ අග්‍ර පුද්ගලයා වූවාහු සියලු සත්ත්වයන් අතර අග්‍ර වූ සේක් ජ්‍යෙෂ්ඨ වූ සේක. සයම්භූ තමා ම වූයේ උපන්නේ බුදුවූයේ ඒ භාග්‍යවතුන් වහන්සේ නදිය තරණය කරනු කැමැත්තාහු නදී තෙරට පැමිණි සේක.
පෙත්තිකං විසයං මය්හන්ති මය්හං පිතුපිතාමහාදීහි පරම්පරානීතං, යදිදං සම්පත්තසම්පත්තමහානුභාවානං තරණන්ති අත්ථො.
පෙත්තිකං විසයං මය්හං යනු මගේ පියමුතු ආදීන් විසින් පරම්පරාවෙන් ගෙනඑන ලද පැමිණි පැමිණි මහානුභාව ඇත්තවුන්ගේ එතෙර කරවීම යන අර්ථයි.
මම උග්ගජ්ජනං සුත්වාති මය්හං උග්ගජ්ජනං ආරාධනං සුත්වා මහාමුනි භගවා අභිරුහීති සම්බන්ධො. සෙසං උත්තානත්ථමෙවාති.
මම ගජ්ජනං සුත්වා යනු මාගේ ගර්ජනය ආරාධනය අසා මහාමුනි භාග්‍යවතුන් වහන්සේ නැගුණු සේක යනු සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
උත්තියත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
උත්තිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
29. එකඤ්ජලිකත්ථෙරඅපදානවණ්ණනා
29. ඒකඤ්ජලික ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණන්තිආදිකං ආයස්මතො එකඤ්ජලිකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො විඤ්ඤුතං පත්තො රතනත්තයෙ පසන්නො පිණ්ඩාය චරන්තං විපස්සිං භගවන්තං දිස්වා පසන්නමානසො අඤ්ජලිං පග්ගහෙත්වා අට්ඨාසි. සො තෙන පුඤ්ඤකම්මෙන දෙවමනුස්සෙසු සංසරන්තො සබ්බත්ථ පූජනීයො හුත්වා උභයසම්පත්තියො අනුභවිත්වා ඉමස්මිං බුද්ධුප්පාදෙ විභවසම්පන්නෙ කුලෙ නිබ්බත්තිත්වා සාසනෙ පසීදිත්වා පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තෙ පතිට්ඨාසි. පුබ්බෙ කතපුඤ්ඤවසෙන එකඤ්ජලිකත්ථෙරොති පාකටො.
සුවණ්ණවණ්ණං යනාදී වශයෙන් ආයුෂ්මත් එකඤ්ජලකි තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පැමිණියේ තෙරුවන්හි පැහැදුණේ පිඬු පිණිස හැසිරෙන විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇත්තේ ඇඳිලිබැඳ සිටියේය. ඔහු ඒ පුණ්යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ සියලු තන්හි පූජනීයව උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති කුලයක ඉපිද සසුනෙහි පැහැදී පැවිදි ව විදසුන් වඩා රහත්බවෙහි පිහිටියේය. පෙර කරන ලද පින් නිසා එකංජලික තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.
සො අත්තනො පුබ්බකම්මං සරිත්වා තං හත්ථතලෙ ආමලකං විය දිස්වා උදානවසෙන පුබ්බචරිතාපදානං පකාසෙන්තො සුවණ්ණවණ්ණන්තිආදිමාහ. විපස්සිං සත්ථවාහග්ගන්ති වාණිජෙ කන්තාරා වහති තාරෙතීති සත්ථවාහො . වාළකන්තාරා චොළකන්තාරා දුබ්භික්ඛකන්තාරා නිරුදකකන්තාරා යක්ඛකන්තාරා අප්පභක්ඛකන්තාරා ච තාරෙති උත්තාරෙති පතාරෙති නිත්තාරෙති ඛෙමන්තභූමිං පාපෙතීති අත්ථො. කො සො? වාණිජජෙට්ඨකො. සත්ථවාහසදිසත්තා අයම්පි භගවා සත්ථවාහො. තථා හි සො තිවිධං බොධිං පත්ථයන්තෙ කතපුඤ්ඤසම්භාරෙ සත්තෙ ජාතිකන්තාරා ජරාකන්තාරා බ්යාධිකන්තාරා මරණකන්තාරා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසකන්තාරා ච සබ්බස්මා සංසාරකන්තාරා ච තාරෙති උත්තාරෙති පතාරෙති නිත්තාරෙති නිබ්බානථලං පාපෙතීති අත්ථො. සත්ථවාහො ච සො අග්ගො සෙට්ඨො පධානො චාති සත්ථවාහග්ගො, තං සත්ථවාහග්ගං විපස්සිං සම්බුද්ධන්ති සම්බන්ධො. නරවරං විනායකන්ති නරානං අන්තරෙ අසිථිලපරක්කමොති නරවීරො, තං. විසෙසෙන කතපුඤ්ඤසම්භාරෙ සත්තෙ නෙති නිබ්බානපුරං පාපෙතීති විනායකො, තං.
ඔහු තමාගේ පින්කම සිහිකොට එය අතැඹුලක් සේ දැක උදාන වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සුවණ්ණ වණ්ණං යනාදිය කීය. විපස්සිං සත්තවාහග්ගං යනු වෙළඳුන් කාන්තාරයෙහි ගෙනයතියි තරණය කරවතියි සත්ථවාහො නමි. වැලිකතර, සොර කතර, දුබික් කතර, යක් කතර, දුබික් කතර යන කාන්තාරවලින් තරණය කරවයි. එතෙර කරවයි. හොඳින් තරණය කරවයි එගොඩ කරවයි කෙම්බිමට පමුණුවයි යන අර්ථයි. කවරෙක් ඒ වෙළඳ දෙටුවා වේද, සාත්තුවාහකයා හා සමාන බැවින් මේ භාග්‍යවතුන් වහන්සේද සත්ථවාහ නම් වෙති. එසේම උන්වහන්සේ ත්‍රිවිධ බෝධිය ප්‍රාර්ථනා කරන සේක් කරන ලද පුණ්‍ය සම්භාරයෙන් සත්ත්වයන් ජාති කාන්තාරය, ජරා කාන්තාරය, මරණ කාන්තාරය, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කාන්තාරයෙන්ද සියලු සංසාර කාන්තාරයෙන්ද තරණය කරවතියි, එතෙර කරවතියි හොඳින් එතෙර කරවතියි එගොඩ කරවතියි නිවන් පලයට පමුණුවතියි යන අර්ථයි. සත්ථවාහ වූයේ ද හෙම අග්‍ර ශ්‍රේෂ්ඨ ප්‍රධාන වූයේනුයි සත්‍ථවාහග්ග නමි. ඒ සත්‍ථවාහග්ග වූ විපස්සි සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ යනු සම්බන්ධයි. නරවීර විනායකං යනු නරයන් අතර අතිශය ලිහිල් නොවූ පරාක්‍රම ඇත්තේනුයි නරවීර නමි. විශේෂයෙන් කරන ලදපුණ්ය සම්භාරයන් ඇති සත්ත්වයන් ගෙන යයි නිවන්පුරට පමුණුවයිනුයි නායක නමි.
අදන්තදමනං තාදින්ති රාගදොසමොහාදිකිලෙසසම්පයුත්තත්තා කායවචීමනොද්වාරෙහි අදන්තෙ සත්තෙ දමෙතීති අදන්තදමනො, තං. ඉට්ඨානිට්ඨෙසු අකම්පියතාදිගුණයුත්තොති තාදී, තං. මහාවාදිං මහාමතින්ති සකසමයපරසමයවාදීනං අන්තරෙ අත්තනා සමධිකපුග්ගලවිරහිතත්තා මහාවාදී , මහතී පථවිසමානා මෙරුසමානා ච මති යස්ස සො මහාමති, තං මහාවාදිං මහාමතිං සම්බුද්ධන්ති ඉමිනා තුල්යාධිකරණං. සෙසං සුවිඤ්ඤෙය්යමෙවාති.
ඒ අදන්තදමනං තාදිං යනු රාග දෝස මෝහ ආදී කෙලෙස් සම්පතින් යුතු බැවින් කාය-වාක්-මනෝ ද්වාරය්නගෙන් අදාන්ත වූ සත්ත්වයන් දමනය කෙරේනුයි අදන්තමාන නමි. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉෂ්ටානිෂ්ට වූ අකම්ප්යතාදී ගුණ ඇත්තේනුයි තාදී නමි. ඒ මහාවාදිං මහාමතිං යනු ස්වසමය පරසමයවාදීන් අතරෙහි තමා හා සම අධික පුද්ගලයකු නැති බැවින් මහාවාදී නමි. මහපොළොව සමාන වූද මහාමේරු සමාන වූද ඥානයක් යමෙකුට වේද හේ මහාමති නමි. ඒ මහාමති වූ මහාවාදී වූ සම්බුදුරජාණන් වහන්සේ යනු මෙය තුල්‍යාධිකරණ විශේෂණයයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
එකඤ්ජලිකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
එකඤ්ජලී තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
30. ඛොමදායකත්ථෙරඅපදානවණ්ණනා
30. ඛොමදායක ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්ධුමතියාතිආදිකං ආයස්මතො ඛොමදායකත්ථෙරස්ස අපදානං. අයම්පි පුරිමබුද්ධෙසු කතාධිකාරො තත්ථ තත්ථ භවෙ විවට්ටූපනිස්සයානි පුඤ්ඤානි උපචිනන්තො විපස්සිස්ස භගවතො කාලෙ එකස්මිං කුලගෙහෙ නිබ්බත්තො වයප්පත්තො සාසනෙ අභිප්පසන්නො රතනත්තයමාමකො විපස්සිස්ස භගවතො සන්තිකෙ ධම්මං සුත්වා පසන්නමානසො ඛොමදුස්සෙන පූජං අකාසි. සො තදෙව මූලං කත්වා යාවජීවං පුඤ්ඤානි කත්වා තතො දෙවලොකෙ නිබ්බත්තො. ඡසු දෙවෙසු අපරාපරං දිබ්බසුඛං අනුභවිත්වා තතො චවිත්වා මනුස්සලොකෙ චක්කවත්තිආදිඅනෙකවිධමනුස්සසම්පත්තිං අනුභවිත්වා පරිපාකගතෙ පුඤ්ඤසම්භාරෙ ඉමස්මිං බුද්ධුප්පාදෙ කුලගෙහෙ නිබ්බත්තො වයප්පත්තො සත්ථු සන්තිකෙ ධම්මං සුත්වා පටිලද්ධසද්ධො පබ්බජිත්වා විපස්සනං වඩ්ඪෙත්වා නචිරස්සෙව අරහත්තං පාපුණි. කතපුඤ්ඤනාමෙන ඛොමදායකත්ථෙරොති පාකටො.
නගරෙ බන්ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් ඛොමදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක උපන්නේ සසුනෙහි අතිශයින් ප්‍රසන්න වූයේ රත්නත්‍රය මාමක වූයේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දහම් අසා පහන්සිත් ඇත්තේ කොමු රෙදිවලින් පූජා කළේය. ඔහු එයම මුල්කොට දිවි ඇතිතෙක් පින්කොට එයින් දෙව්ලොව උපන්නේ සදෙව්ලොව කලින් කල දිව්‍යමය සැපත් අනුභවකොට එයින් චුතව මිනිස්ලොව සක්විති ආදී අනේකවිධ මිනිස්සැපත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසා පිළිලද සැදැහැ ඇත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත්බවට පත්විය. කරන ලද පිනෙහි නමින් ඛොමදායක තෙරුන් වහන්සේයයි ප්‍රකට වූ උන්වහන්සේ,
සො අත්තනො පුබ්බකම්මං සරිත්වා සොමනස්සජාතො පුබ්බචරිතාපදානං දස්සෙන්තො නගරෙ බන්ධුමතියාතිආදිමාහ. තත්ථ බන්ධු වුච්චති ඤාතකො, තෙ බන්ධූ යස්මිං නගරෙ අඤ්ඤමඤ්ඤං සඞ්ඝටිතා වසන්ති, තං නගරං “බන්ධුමතී”ති වුච්චති. රොපෙමි බීජසම්පදන්ති දානසීලාදිපුඤ්ඤබීජසම්පත්තිං රොපෙමි පට්ඨපෙමීති අත්ථො.
තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස්ව පූර්ව චරිතාපදානය දක්වන්නාහු නගරෙ බන්ධුමතියා යනාදිය කීහ. එහි බන්ධු යනුවෙන් කියැවෙන්නේ නෑයෝය. ඒ නෑයෝ යම් නගරයක ඔවුනොවුන් එක්ව වසත්ද, ඒ නගරය බන්ධුමතී යයි කියනු ලැබේ. රොපෙමි බීජසම්පදං යනු දාන සීල ආදී පුණ්‍ය බීජ සම්පත් රොපෙමි රෝපණය කරමි. පිහිටුවමි යන අර්ථයි.
ඛොමදායකත්ථෙරඅපදානවණ්ණනා සමත්තා.
ඛොමදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
තතියස්ස සුභූතිවග්ගස්ස වණ්ණනා සමත්තා.
තෙවැනි සුභූති වර්ගයෙහි වර්ණනාව සමාප්තයි.
චතුභාණවාරවණ්ණනා නිට්ඨිතා.
සතර බණවර නිමියේය.