යෙදුමෙන් කියවන්න

29. එකඤ‍්ජලිකත්‍ථෙරාපදානං

29. එකඤ‍්ජලිකත්‍ථෙරාපදානං

29. ඒකඤ්ජලික ස්ථවිරාවදානය

994. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ගච‍්ඡන‍්තං අන‍්තරාපණෙ, විපස‍්සිං සත්‍ථවාහග‍්ගං නරවීරං විනායකං.

994. 995. ඇතුළු වීථියෙහි වඩින්නා වූ (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) ශ්‍රේෂ්ඨ සාර්‍ත්‍ථවාහකයකු වූ මනුෂ්‍ය වීරයකු වූ (සත්ත්‍වයා නිවන්පුරයට පමුණුවන බැවින්) විනායක වූ නො දැමුනු අය දමනය කරන්නා වූ තාදිගුණ ඇති මහාවාදී වූ මහාප්‍රාඥ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජානන් වහන්සේ දැක මම පැහැදුනෙම් සොම්නස් සිත් ඇත්තෙම් දෑත් එක් කොට එක්වරක් ඇඳිලි කෙළෙමි.

995. අදන‍්තදමකං තාදිං මහාවාදිං මහාමතිං, දිස‍්වා පසන‍්නො සුමනො එකඤ‍්ජලිමකාස’හං.

996. එකනවුතෙ ඉතො කප‍්පෙ යමඤ‍්ජලිං කරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි අඤ‍්ජලිස‍්ස ඉදං ඵලං.

996. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (විපස්සී බුදුරජුන්හට) යම් ඇඳිලි බැඳීමක් (වැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිම්. අඤ්ජලි කර්‍මයාගේ මේ විපාකය යි.

997. පටිසම‍්භිදා -පෙ- බුද‍්ධස‍්ස සාසනං.

997. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා එකඤ‍්ජලිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිකස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.

එකඤ‍්ජලිකත්‍ථෙරස‍්සාපදානං නවමං.

ඒකඤ්ජලිකස්ථවිරාවදානය නවවැනි යි.