යෙදුමෙන් කියවන්න

28. උත‍්තරියත්‍ථෙරාපදානං

28. උත‍්තරියත්‍ථෙරාපදානං

28. උත්තරිය ස්ථවිරාවදානය

983. චන්‍දභාගානදීතීරෙ සුංසුමාරො අහං තදා, සගොචරප‍්පසුතො’හං නදීතිත්‍ථං අගඤ‍්ඡ’හං.

983. මම එකල්හි චන්‍ද්‍රභාගානදීතීරයෙහි කිඹුලෙක් වීමි. සිය ගොදුරු සෙවීමෙහි නිරත වූ මම නදීතීර්‍ත්‍ථයකට පැමිණියෙමි.

984. සිද‍්ධත්‍ථො තම‍්හි සමයෙ සයම‍්භූ අග‍්ගපුග‍්ගලො, නදිං තරිතුකාමො සො නදීතිත්‍ථං උපාගමි.

984. එසමයෙහි තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ ගඟ තරණය කරණු කැමැති සේක් නදී තීර්‍ත්‍ථයට පැමිණියහ.

985. උපාගතෙ ච සම‍්බුද‍්ධෙ අහම‍්පි තත්‍ථු’පාගමිං, උපගන‍්ත්‍වාන සම‍්බුද‍්ධං ඉමං වාචං උදීරයිං.

985. බුදුරජානන් වහන්සේ එළෙඹි කල්හි මම ද එහි ගියෙමි. එළඹ තථාගතයන් වහන්සේට මෙ ම වචනය කීමි. (කෙබඳු වචනයක් ද? යත්:)

986. අභිරූහ මහාවීර තාරෙස‍්සාමි අහං තුවං, පෙත‍්තිකං විසයං මය‍්හං අනුකම‍්ප මහාමුනෙ.

986. “මහාවීරයන් වහන්ස, (මා පිට) නගිනු මැනව, මම ඔබ (ගඟින්) එතෙර කරන්නෙමි. (මේ ජලය) මාගේ පිතෘපරම්පරාවෙන් හිමි ස්ථානය යි. මහාමුනීන් වහන්ස, අනුකම්පා කරණු මැනැව.

987. මම උග‍්ගජ‍්ජනං සුත්‍වා අභිරූහි මහාමුනි, හට‍්ඨො හට‍්ඨෙන චිත‍්තෙන තාරෙසිං ලොකනායකං.

987. මාගේ ගිගුම් හඬ (ආරාධනය) අසා බුදුරජානන් වහන්සේ (මාගේ පිටෙහි) නැගුනුසේක. සතුටු සිතින් පිණා ගියෙම් ලෝකනාථයන් වහන්සේ එතෙර කෙළෙමි.

988. නදියා පාරිමෙ තීරෙ සිද‍්ධත්‍ථො ලොකනායකො, අස‍්සාසෙසි මමං තත්‍ථ අමතං පාපුණිස‍්සසි.

988. ගඟ පරතෙරෙහි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙම එහි දී “(තෝ) නිවණට පැමිණෙන්නෙහි ය” යි මා සැනසී ය.

989. තම‍්හා කායා චවිත්‍වාන දෙවලොකං අගච‍්ඡහං, දිබ‍්බං සුඛං අනුභවිං අච‍්ඡරාභි පුරක‍්ඛතො.

989. මම එ ම කයින් චුත ව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් දිවසුව අනුභව කෙළෙමි.

990. සත‍්තක‍්ඛත‍්තුඤ‍්ච දෙවින්‍දො දෙවරජ‍්ජං අකාස’හං, තීණික‍්ඛත‍්තුං චක‍්කවත‍්තී මහියා ඉස‍්සරො අහුං.

990. මම ශක්‍ර දේවේන්‍ද්‍රව සත්වරක් දිව්‍යරාජ්‍යය කෙළෙමි. තෙවරක් පෘථිවීශ්වර වූ සක්විතිරජ වීමි.

991. විවෙකමනුයුත‍්තො’හං නිපකො ච සුසංවුතො, ධාරෙමි අන‍්තිමං දෙහං සම‍්මාසම‍්බුද‍්ධසාසනෙ.

991. මම විවේකයෙහි යෙදුනෙම් ප්‍රඥා ඇත්තෙම් මැනැවින් සංවරණය වූ ඉඳුරන් ඇත්තෙම් සම්‍යක් සම්‍බුදු රජානන් වහන්සේගේ සසුනෙහි මේ අන්තිම ශරීරය දරමි.

992. චතුනවුතෙ ඉතො කප‍්පෙ තාරෙසිං යං නරාසභං, දුග‍්ගතිං නාභිජානාමි තාරණාය ඉදං ඵලං.

992. යම්හෙයකින් මෙයින් සිවුඅනූවනකපෙහි නරශ්‍රේෂ්ඨයන් වහන්සේ (ගඟින්) එතෙර කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එතෙර කිරීමෙහි මේ විපාකය යි.

993. පටිසම‍්භිදා -පෙ- බුද‍්ධස‍්ස සාසනං.

993. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා උත‍්තරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරියස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.

උත‍්තරියත්‍ථෙරස‍්සාපදානං අට‍්ඨමං.

උත්තරියස්ථවිරාවදානය අටවැනි යි.