යෙදුමෙන් කියවන්න

25. අන‍්නසංසාවකත්‍ථෙරාපදානං

සම්පූර්ණ පරිච්ඡේදය

25. අන‍්නසංසාවකත්‍ථෙරාපදානං

25. අන්නසංසාවක ස්ථවිරාවදානය

969. සුවණ‍්ණවණ‍්ණං සම‍්බුද‍්ධං ගච‍්ඡන‍්තං අන‍්තරාපණෙ, කඤ‍්චනග‍්ඝියසඞ‍්කාසං ද‍්වත‍්තිංසවරලක‍්ඛණං.

969-970. (අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රන්තොරණක් මෙන් බබළන දෙතිස් මහපුරිස්ලකුණු ඇති ලොව බබුළුවන්නා වූ අපමණ ගුණ ඇති අනුපම (උපමා රහිත) වූ දැමුනා වූ දීප්තිය දරන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දැක අධික වූ ප්‍රීතියක් ලැබීමි.

970. සිද‍්ධත්‍ථං ලොකපජ‍්ජොතං අප‍්පමෙය්‍යං අනොපමං, අලත්‍ථං පරමං පීතිං දිස‍්වා දන‍්තං ජුතින්‍ධරං.

971. සම‍්බුද‍්ධං අභිමන‍්තෙත්‍වා භොජයිං තං මහාමුනිං, මහාකාරුණිකො නාථො අනුමොදි මමං තදා.

971. මම බුදුරජානන් වහන්සේට නිමන්ත්‍රණය කොට ඒ මහාමුනීන් වහන්සේ වැළඳවීමි. එකල්හි මහාකාරුණික වූ බුදුරජානන් වහන්සේ මට අනුමෝදනා (ධර්‍මය දේශනා) කළසේක.

972. තස‍්මිං මහාකාරුණිකෙ පරමස‍්සාසකාරකෙ, බුද‍්ධෙ චිත‍්තං පසාදෙත්‍වා කප‍්පං සග‍්ගම‍්හි මොද’හං.

972. (සත්ත්‍වයාට) උතුම් වූ අස්වැසිලි කරණ ඒ මහාකාරුණික වූ බුදුරජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.

973. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භික‍්ඛාදානස‍්සි’දං ඵලං.

973. මෙයින් සිවු අනූවනකපෙහි වූ එකල්හි යම් දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාකය යි.

974. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

974. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා අන‍්නසංසාවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘අන්නසංසාවක’ ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යි.

අන‍්නසංසාවකත්‍ථෙරස‍්සාපදානං පඤ‍්චමං.

අන්නසංසාවක ස්ථවිරාවදානය පස්වැනි යි.

26. ධූපදායකත්‍ථෙරාපදානං

26. ධූපදායක ස්ථවිරාවදානය

975. සිද‍්ධත්‍ථස‍්ස භගවතො ලොකජෙට‍්ඨස‍්ස තාදිනො, කුටිධූපං මයා දින‍්නං විප‍්පසන‍්නෙන චෙතසා.

975. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදිගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පැහැදුනු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳ කිළියට සුවඳ දුමක්) දෙනලදී.

976. යං යං යොනුපපජ‍්ජාමි දෙවත‍්තං අථ මානුසං, සබ‍්බෙසම‍්පි පියො හොමි ධූපදානස‍්සි’දං ඵලං.

976. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් සියලු දෙනාට ම ප්‍රිය වෙමි. සුගන්‍ධධූපදානයාගේ මේ විපාකය යි.

977. චතුනවුතෙ ඉතො කප‍්පෙ යං ධූපං අදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි ධූපදානස‍්සි’දං ඵලං.

977. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳදුම්දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුගන්‍ධධූපදානයාගේ මේ විපාකය යි.

978. පටිසම‍්භිදා -පෙ- බුද‍්ධස‍්ස සාසනං.

978. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා ධූපදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.

ධූපදායකත්‍ථෙරස‍්සාපදානං ඡට‍්ඨං.

ධූපදායක ස්ථවිරාවදානය සවැනි යි.

27. පුලිනපූජකත්‍ථෙරාපදානං

27. පුලිනපූජක ස්ථවිරාවදානය

979. විපස‍්සිස‍්ස භගවතො බොධියා පාදපුත‍්තමෙ, පුරාණපුලිනං ඡඩ‍්ඩෙත්‍වා සුද‍්ධං පුලිනමාකිරිං.

979. විපස්සීබුදුරජානන් වහන්සේගේ බුද්ධත්‍වයට උපකාර වූ උතුම් වූ ද්‍රැමමූලයෙහි පරණ වැලි අස් කොට පිරිසිදු (අළුත්) වැලි විසිරවීමි.

980. එකනවුතෙ ඉතො කප‍්පෙ යං පුලිනමදාස’හං, දුග‍්ගතිං නාභිජානාමි පුලිනදානස‍්සි’දං ඵලං.

980. මෙයින් එක් අනූවන කපෙහි මම යම් වැලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මෙය වාලුකා (=වැලි) දානයාගේ විපාකය යි.

981. තිපඤ‍්ඤාසෙ ඉතො කප‍්පෙ රාජා ආසිං ජනාධිභූ, මහාපුලිනනාමෙන චක‍්කවත‍්තී මහබ‍්බලො.

981. මෙයින් තෙපණස්වන කපෙහි ජනයා අධිපති වන මහත් බල ඇති මහාපුලින නම් වූ සක්විති රජෙක් වීමි.

982. පටිසම‍්භිදා -පෙ- බුද‍්ධස‍්ස සාසනං.

982. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පුලිනපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනපූජකො ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.

පුලිනපූජකත්‍ථෙරස‍්සාපදානං සත‍්තමං.

පුලිනපූජකස්ථවිරාවදානය සත්වැනි යි.