යෙදුමෙන් කියවන්න

24. පඤ‍්චසීලසමාදානියත්‍ථෙරාපදානං

24. පඤ‍්චසීලසමාදානියත්‍ථෙරාපදානං

24. පඤ්චසීල සමාදානිය ස්ථවිරාවදානය

948. නගරෙ චන්‍දවතියා භතකො ආස’හං තදා, පරකම‍්මායනෙ යුත‍්තෙ පබ‍්බජ‍්ජං න ලභාම’හං.

948. එකල්හි මම චන්‍ද්‍රවතී නගරයෙහි බැළයෙක් (=බැළයට මෙහෙ කරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනා වූ මම පැවිද්ද නො ලබමි.

949. තමන්‍ධකාරපිහිතා තිවිධග‍්ගීහි ඩය‍්හරෙ, කෙන නු ඛො උපායෙන විසංයුත‍්තො භවෙ අහං.

949. මහත් වූ මෝහාන්‍ධකාරයෙන් වසන ලද (සත්ත්‍වයෝ) (රාග-ද්වේෂ-මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන් වූවෙක් වන්නෙම් ද?

950. දෙය්‍යධම‍්මො ච මෙ නත්‍ථි වරාකො භතකො අහං, යන‍්නූනා’හං පඤ‍්චසීලං රක‍්ඛෙය්‍යං පරිපූරයං.

950. මා ලඟ දිය යුතු දැයක් (=දෙයධර්‍මයක්) ද නැත. මම දුඃඛිත වූ බැළයෙක්මි. මම පඤ්චසීලය පරිපූර්‍ණ කරමින් රකින්නෙම් නම් ඉතා යෙහෙකි.

951. අනොමදස‍්සී මුනිනො නිසභො නාම සාවකො, තම’හං උපසඞ‍්කම‍්ම පඤ‍්චසික‍්ඛාපද’ග‍්ගහිං.

951. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් වී ය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්චශික්‍ෂාපද (=පන්සිල්) ගතිමි.

952. වස‍්සසතසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ, තාවතා පඤ‍්ච සීලානි පරිපුණ‍්ණානි ගොපයිං.

952. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාන වේ. එපමණ කලක් සම්පූර්‍ණ වූ පන්සිල් රැකීමි.

953. මච‍්චුකාලම‍්භි සම‍්පත‍්තෙ දෙවා අස‍්සාසයන‍්ති මං, රථො සහස‍්සස‍්සයුත‍්තො මාරිසා’යං උපට‍්ඨිතො.

953. මැරෙණ කල පැමිණි කල්හි දෙවියෝ මා අස්වසත්. (කෙසේද? යත්:) “නිදුකානෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදූ (දිව්‍ය) රථය එළඹ සිටියේ යˮ (කියායි.)

954. වත‍්තන‍්තෙ චරිමෙ චිත‍්තෙ මම සීලං අනුස‍්සරිං, තෙන කම‍්මෙන සුකතෙන තාවතිංසං අගච‍්ඡ’හං.

954. අන්තිම සිත (=චුතිචිත්තය) පවත්නාකල්හි මාගේ (පඤ්ච) සීලය සිහි කෙළෙමි. මැනැවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හේතු කොට ගෙණ මම තව්තිසාදෙව්ලොවට ගියෙමි.

955. තිංසක‍්ඛත‍්තුඤ‍්ච දෙවින්‍දො දෙවරජ‍්ජං අකාරයිං, දිබ‍්බං සුඛං අනුභවිං අච‍්ඡරාහි පුරක‍්ඛතො.

955. ශක්‍රදේවේන්‍ද්‍රව තිස්වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදු ව දිවසුව අනුභව කෙළෙමි.

956. පඤ‍්චසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොස’හං, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසංඛියං.

956. මම පන්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබනලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණ ය යි) කිය නො හැකිය.

957. දෙවලොකා චවිත්‍වාන සුක‍්කමූලෙන චොදිතො, පුරෙ වෙසාලියං ජාතො මහාසාලෙ සුඅඩ‍්ඪකෙ.

957. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් චුත ව වෛශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍ය වූ මහාසාරකුලයෙහි උපන්නෙමි.

958. වස‍්සූපනායිකෙ කාලෙ දිප‍්පන‍්තෙ ජිනසාසනෙ, මාතා ච මෙ පිතා චෙව පඤ‍්චසික‍්ඛාපද’ග‍්ගහුං.

958. බුදුසසුන බබළද්දී වස් එළඹෙන කාලයෙහි මාගේ මවු තොමෝ ද පිය තෙමේ ද පඤ්චශික්‍ෂාපද (පන්සිල්) ගත්තාහු ය.

959. සහ සුතෙන’හං සීඝං මම සීලං අනුස‍්සරිං, එකාසනෙ නිසීදිත්‍වා අරහත‍්තමපාපුණිං.

959. (එය) ඇසීම හා සමග ම වහා මාගේ ශීලය මම සිහි කෙළෙමි. එම අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.

960. ජාතියා පඤ‍්චවස‍්සො’හං අරහත‍්තමපාපුණිං, උපසම‍්පාදයී බුද‍්ධො ගුණමඤ‍්ඤාය චක‍්ඛුමා.

960. උත්පත්තියෙන් පස්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජ තෙම (මාගේ) ගුණ දැන (මා) උපසපන් කරවී ය.

961. පරිපුණ‍්ණානි ගොපෙත්‍වා පඤ‍්ච සික‍්ඛාපදාන’හං, අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ විනිපාතං න ගච‍්ඡ’හං.

961. මම සම්පූර්‍ණ පන්සිල් රැක මෙයින් අපරිමේයකල්පයෙහි (සිට) දුගතියකට නො ගියෙමි.

962. ස‍්වාහං යසමනුභවිං තෙසං සීලානවාහසා, කප‍්පකොටිම‍්පි කිත‍්තෙන‍්තො කිත‍්තෙය්‍ය එකදෙසකං.

962. එ ම පන්සිල්හි අනුහසින් ඒ මම සම්පත් අනුභව කෙළෙමි. (ඒ සම්පත්) කල්පකෝටියක් මුළුල්ලෙහි වර්‍ණනා කරන්නේ නමුදු ලේශ මාත්‍රයක් ම වර්‍ණනා කරන්නේ ය.

963. පඤ‍්ච සීලානි ගොපෙත්‍වා තයො හෙතු ලභාමහං, දීඝායුකො මහාභොගො තික‍්ඛපඤ‍්ඤො භවාම’හං.

963. මම පන්සිල් රැක අනුසස් තුණක් ලබමි. (කවර නම් අනුසස් තුණක් ද? යත්-) මම දීර්‍ඝායු ඇත්තෙම් වෙමි. මහත් වූ භෝගසම්පත් ඇත්තෙම් වෙමි. තීක්‍ෂණ ප්‍රඥා ඇත්තෙම් ද වෙමි.

964. පකිත‍්තෙන‍්තො ව සබ‍්බෙසං අධිමත‍්තඤ‍්ච පොරිසං, භවාභවෙ සංසරිත්‍වා එතෙ ඨානෙ ලභාමහං.

964. සියලු දෙනාහට (තමාගේ) අධිමාත්‍ර වූ ශූර භාවය ප්‍රකාශ කරන්නාක් මෙන් කුදුමහත් භවයෙහි (සසරෙහි) හැසිර මම මෙ ම තනතුරු ලබමි.

965. අපරිමෙය්‍යසීලෙසු වත‍්තන‍්තො ජිනසාවකො, භවෙසු යදි රජ‍්ජෙය්‍ය විපාකො කීදිසො භවෙ.

965. අප්‍රමාණ වූ ශීලයන්හි (රැකීම් වශයෙන්) පවත්නා බුද්ධශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම්, විපාකය කෙබඳු වන්නේ ද

966. සුචිණ‍්ණං මෙ පඤ‍්චසීලං භතකෙන විපස‍්සිනා, තෙන සීලෙන’හං අජ‍්ජ මොචයිං සබ‍්බබන්‍ධනං.

966. විශේෂ දැකුම් ඇති බැළයකු වූ මා විසින් පන්සිල් මැනැවින් හැසිරෙණ (=රක්නා) ලදී. මම එ ම ශීලය හේතු කොට ගෙණ අද සියලු භව බන්‍ධන මිදුවෙමි.

967. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ පඤ‍්ච සීලානි ගොපයිං, දුග‍්ගතිං නාභිජානාමි පඤ‍්චසීලානි’දං ඵලං.

967. මෙයින් අපරිමේයකල්පයෙහි පන්සිල් රැක්කෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ පන්සිල් (රැකීමේ) විපාක ය යි.

968. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

968. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා පඤ‍්චසීලසමාදානියො ථෙරො. ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චසීල සමාදානිය ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.

පඤ‍්චසීලසමාදානියත්‍ථෙරස‍්සාපදානං චතුත්‍ථං.

පඤ්චසීලසමාදානිය ස්ථවිරාවදානය සිවුවැනි යි.