යෙදුමෙන් කියවන්න

23. සරණගමනියත්‍ථෙරාපදානං

23. සරණගමනියත්‍ථෙරාපදානං

23. සරණගමනිය ස්ථවිරාවදානය

920. නගරෙ චන්‍දවතියා මාතුපට‍්ඨායකො අහුං, අන්‍ධා මාතා පිතා මය‍්හං තෙ පොසෙමි අහං තදා.

920. මම චන්‍ද්‍රවතී නගරයෙහි දෙමාපියනට උවටැන් කරන්නෙක් වීමි. එකල්හි මාගේ ඒ අඳ දෙමාපියන් පෝෂණය කරමි.

921. රහොගතො නිසීදිත්‍වා එවං චින‍්තෙස’හං තදා, පොසෙන‍්තො මාතාපිතරෙ පබ‍්බජ‍්ජං න ලභාම’හං

921. එකල්හි මම රහසිගත ව හිඳ මෙසේ සිතීමි. (කෙසේද? යත්:) “මම දෙමාපියන් පෝෂණය කරන්නෙම් පැවිද්ද නො ලබමි.

922. තමන්‍ධකාරපිහිතා තිවිධග‍්ගීහි ඩය‍්හරෙ, එතාදිසෙ භයෙ ජාතෙ නත්‍ථි කොචි විනායකො.

922. මහත් වූ මොහඳුරින් වසන ලදී. (රාග ද්වේෂ මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් (සත්ත්‍වයෝ) දැවෙත්. මෙබඳු බිය ඇති වූ කල්හි කිසි ගලවන්නෙක් නැත.

923. බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො දිප‍්පති ජිනසාසනං, සක‍්කා උද‍්ධරිතුං අත‍්තා පුඤ‍්ඤකම‍්මෙන ජන‍්තුනා.

923. බුදුරජ තෙම ලොව පහළ වී ය. සර්‍වඥශාසනය බබළයි. පින්කම් ඇත්තහු විසින් (ස්වකීය) ආත්මය ගොඩ නගා තැබිය හැකි ය.

924. උග‍්ගය‍්හ තීණි සරණෙ පරිපුණ‍්ණානි ගොපයිං, තෙන කම‍්මෙන සුකතෙන පටිමොක‍්ඛාමි දුග‍්ගතිං.

924. තුන් සරණ ඉගෙණ සම්පූර්‍ණ ලෙස රැකීමි. මැනැවින් කරණලද එම කර්‍මය හේතු කොට ගෙණ දුගතියෙන් මිදෙමි.

925. නිසභො නාම සමණො බුද‍්ධස‍්ස අග‍්ගසාවකො, තමහං උපගන‍්ත්‍වාන සරණාගමනං ගහිං.

925. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ නම් භික්‍ෂුනමක් වී ය. මම උන්වහන්සේ වෙත එළඹ සරණගමනය ගතිමි. (සරණ ගත වීමි)

926. වස‍්සසතසහස‍්සානි ආයු විජ‍්ජති තාවදෙ, තාවතා සරණාගමනං පරිපුණ‍්ණං අගොපයිං.

926. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාන වේ. එපමණ කලක් සරණගමනය සම්පූර්‍ණ ලෙස රැකීමි.

927. චරිමෙ වත‍්තමානම‍්හි සරණං තං අනුස‍්සරිං, තෙන කම‍්මෙන සුකතෙන තාවතිංසං අගච‍්ඡ’හං.

927. අන්තිම අවස්ථාව පවත්නා කල්හි (මරණ සමයෙහි) එ ම සරණය සිහි කෙළෙමි. මම මැනැවින් කරණ ලද එ ම කර්‍මය හේතු කොට ගෙණ තව්තිසාවට ගියෙමි.

928. දෙවලොකගතො සන‍්තො පුඤ‍්ඤකම‍්මසමාහිතො, යං දෙසං උපගච‍්ඡාමි අට‍්ඨ හෙතූ ලභාමහං.

928. දෙව්ලොවට ගියෙම් පින්කමින් යුත් වූයෙම් යම් දෙසකට යෙම් නම්, අට හේතුවක් (=ආනිසංසයක්) ලබමි.

929. දිසාසු පූජිතො හොමි තික‍්ඛපඤ‍්ඤො භවාම’හං, සබ‍්බෙ දෙවා’නුවත‍්තන‍්ති අමිතභොගං ලභාම’හං.

929. සියලු දිගුන්හි පුදන ලදුයෙම් වෙමි. මම තියුණු නුවණැත්තෙම් වෙමි. සියලු දෙවියෝ (මා) අනුව පවතිත්. මම අපමණ වූ භෝගසම්පත් ලබමි.

930. සුවණ‍්ණවණ‍්ණො සබ‍්බත්‍ථ පටිකන‍්තො භවාම’හං, මිත‍්තානං අචලො හොමි යසො අච‍්චුග‍්ගතො මම.

930. මම ස්වර්‍ණවර්‍ණ වූයෙම් හැම තන්හි දී ප්‍රිය වූයෙක් වෙමි. මිතුරන්ට ස්ථිර වෙමි. මාගේ යසස ඉතා උස් ව නැංගේ ය.

931. අසීතික‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයිං, දිබ‍්බං සුඛං අනුභවිං අච‍්ඡරාහි පුරක‍්ඛතො.

931. ශක්‍රදේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් දිවසුව අනුභව කෙළෙමි.

932. පඤ‍්චසත‍්තතික‍්ඛත‍්තුඤ‍්ච චක‍්කවත‍්තී අහොස’හං, පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං.

932. මම පන්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් කිය නො හැකි ය. (අපමණ ය.)

933. පච‍්ඡිමභවෙ සම‍්පත‍්තෙ පුඤ‍්ඤකම‍්මසමාහිතො, පුරෙ සාවත්‍ථියං ජාතො මහාසාලෙ සු අඩ‍්ඪකෙ

933. අන්තිමභවය පැමිණි කල්හි පුණ්‍යකර්‍මය හා එක් වූයෙම් සැවැත්නගරයෙහි අතිශයින් ආඪ්‍ය වූ මහාසාරකුලයෙහි උපන්නෙමි.

934. නගරා නික‍්ඛමිත්‍වාන දාරකෙහි පුරක‍්ඛතො, හාසඛිඩ‍්ඪාසමංගීහං සඞ‍්ඝාරාමං උපාගමි.

934. මම කුමරුන් විසින් පිරිවරණ ලද්දෙමි. සතුටින් හා කෙළි සෙල්ලමින් යුතු වූ මම සඞ්ඝාරාමයට එළඹියෙමි.

935. තත්‍ථ’ද‍්දසාසිං සමණං විප‍්පමුත‍්තං නිරූපධිං, සො මෙ ධම‍්මමදෙසෙසි සරණඤ‍්ච අදාසි මෙ.

935. එහි දී කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ උපධි රහිත වූ භික්‍ෂුනමක් දුටුවෙමි. හෙතෙම මට දහම් දෙසී ය. (මට) සරණ ද දුන්නේ ය.

936. සො’හං සුත්‍වාන සරණං සරණං මෙ අනුස‍්සරිං, එකාසනෙ නිසීදිත්‍වා අරහත‍්තමපාපුණිං.

936. මම ඒ සරණ අසා (පෙර) මාගේ සරණය සිහි කෙළෙමි. ඒ අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.

937. ජාතියා සත‍්තවස‍්සෙන අරහත‍්තං අපාපුණිං, උපසම‍්පාදෙසි සම‍්බුද‍්ධො ගුණමඤ‍්ඤාය චක‍්ඛුමා.

937. උත්පත්තියෙන් සත්හැවිරිදි කල්හි රහත්බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජානන් වහන්සේ (මාගේ) ගුණ දැන (මා) උපසම්පන්න කළ සේක.

938. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ සරණානි අගච‍්ඡි’හං, තතො මෙ සුකතං කම‍්මං ඵලං දස‍්සෙසි මෙ ඉධ.

938. මම මෙයින් අපරිමේය කල්පයකට පෙර සරණගත වීමි. ඉක්බිති මා විසින් මැනැවින් කරණලද (ඒ මාගේ) කර්‍මය තෙම මෙහි දී ඵලය දැක්වී ය.

939. සුගොපිතං මෙ සරණං මානසං සුප‍්පණිහිතං, අනුභොත්‍වා යසං සබ‍්බං පතෙතාම‍්භි අචලං පදං.

939. මා විසින් සරණය මැනැවින් රක්නාලදී. සිත මනා ව පිහිටුවන ලදී. සියලු සම්පත් අනුභව කොට නිශ්චල වූ නිර්‍වාණපදයට පැමිණියෙම් වෙමි.

940. යෙසං සොතාවධානත්‍ථි සුණාථ මම භාසතො, අහං වො කථයිස‍්සාමි සාමං දිට‍්ඨං පදං මම.

940. යමෙකුට ඇසීමෙහි එකඟකම ඇත්තේ නම්, (ඒ තෙපි) කියන්නා වූ මාගේ වචනය අසවු. මා විසින් (භික්‍ෂුනමකගේ මාර්‍ග දේශකත්‍වයෙන්) තමා විසින් දක්නා ලද ශාන්තපදය මම තොපට කියන්නෙමි. (කෙසේද? යත්:)

941. “බුද‍්ධො ලොකෙ සමුප‍්පන‍්නො වත‍්තතෙ ජිනසාසනං, අමතා වාදිතා භෙරී සොකසල‍්ලවිනොදනා.

941. “බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක. සර්‍වඥශාසනය පවතී. සෝහුල් දුරු කරන්නා වූ අමාබෙරය වයන ලදී.

942. යථා සකෙන ථාමෙන පුඤ‍්ඤක‍්ඛෙත‍්තෙ අනුත‍්තරෙ, අධිකාරං කරෙය්‍යාථ ඵස‍්සයිස‍්සථ නිබ‍්බුතිං.

942. ස්වකීය ශක්ති පමණින් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි කුසල් කරන්නහු නම්, නිවණ පහස්නහු ය. (=ලබන්නහු ය.)

943. පග‍්ගය‍්හ තීණි සරණෙ පඤ‍්ච සීලානි ගොපිය, බුද‍්ධෙ චිත‍්තං පසාදෙත්‍වා දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සථ.

943. තිසරණ ගෙණ පන්සිල් රැක බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා දුක් කෙළවර කරන්නහු ය.

944. මමොපමං කරිත්‍වාන සීලානි පරිගොපිය, අචිරං අරහත‍්තං වො සබ‍්බෙපි පාපුණිස‍්සථ”.

944. මා උපමා කොට ගෙණ සිල් රැක තෙපි සියල්ලෝ නො බෝ කලකින් ම රහත්බවට පැමිණෙන්නහු ය”.

945. තෙවිජ‍්ජො ඉද‍්ධිපත‍්තො’ම‍්හි චෙතොපරියකොවිදො, සාවකො තෙ මහාවීර චරණෙ වන්‍දති සත්‍ථුනො.

945. ත්‍රිවිද්‍යා ඇත්තෙම් පරසිත් දන්නා නුවණෙහි දක්‍ෂ වූයෙම් ඍධියට පත් වූයෙම් ද වෙමි. මහාවීරයන් වහන්ස, ඔබ වහන්සේගේ (ඒ) ශ්‍රාවක තෙම ශාස්තෲන්වහන්සේගේ සිරිපා වඳියි.

946. අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ සරණං බුද‍්ධස‍්ස ගච‍්ඡහං, දුග‍්ගතිං නාභිජානාමි සරණාගමනෙ ඵලං.

946. මම මෙයින් අපරිමේය කල්පයෙහි බුදුරජානන් වහන්සේ සරණ කොට ගියෙමි. දුගතියක් නො දනිමි. (මෙය) සරණගමනයෙහි ඵලය යි.

947. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

947. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා තිසරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිසරණගමනිය ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යි.

තිසරණගමනියත්‍ථෙරස‍්සාපදානං තතියං.

තිසරණගමනිය ස්ථවිරාවදානය තෙවැනි යි.