22. උපවානත්ථෙරාපදානං
22. උපවානත්ථෙරාපදානං.
22. උපවාන ස්ථවිරාවදානය
865. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, ජලිත්වා අග්ගික්ඛන්ධො ව සම්බුද්ධො පරිනිබ්බුතො.
865. සියලු ධර්මයන්ගේ පරතෙරට ගියා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.
866. මහාජනා සමාගම්ම පූජයිත්වා තථාගතං, චිතං කත්වාන සුකතං සරීරං අභිරොපයුං.
866. මහාජනයා එක් රැස් ව තථාගතයන් වහන්සේ පුදා මැනැවින් සෑයක් කොට සර්වඥදේහය (එයට) නැගූහ.
867. සරීරකිච්චං කත්වාන ධාතුං තත්ථ සමානයුං, සදෙවමානුසා සබ්බෙ බුද්ධථූපං අකංසු තෙ.
867. එහි ශරීරය පිළිබඳ ආදාහනකෘත්යය කොට ධාතු ගෙණාවාහු ය. ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ (එ ම ධාතු නිදන් කොට) බුද්ධස්තූපයක් කළාහු ය.
868. පඨමා කඤ්චනමයා දුතියා’සි මණිමයා, තතියා රූපියමයා චතුත්ථා ඵළිකාමයා.
868. (එ ම ස්තූපයෙහි) පළමු නිම්වළල්ල රන්මුවා ය. දෙවැන්න මිණිමුවා ය. තෙවැන්න රිදීමුවා ය. සිව්වැන්න පළිඟුමුවා ය.
869. තථා පඤ්චමියා නෙමී ලොහිතඞ්කමයා අහු, ඡට්ඨා මසාරගල්ලස්ස සබ්බරතනමයූපරි.
869. එසේ ම පස්වැනි නිම්වළල්ල පියුම්රාමිණිමුවා ය. සවැන්න මැසිරි ගල්මුවා ය. (මේ සියල්ලට) මතුයෙහි (කොටස) සර්වරත්නමය ය.
870. ජඞ්ඝා මණිමයා ආසි වෙදිකා රතනාමයා, සබ්බසොවණ්ණයො ථූපො උද්ධං යොජනමුග්ගතො.
870. ජඝනය (=යට කොටස) මිණිමුවා ය. වේදිකාව රුවන්මුවා ය. (මෙසේ) සෑය සර්‍වස්වර්‍ණමය ය. යොදුනක් උසට පැන නැංගේ ය.
871. දෙවා තත්ථ සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො.
871. එකල්හි එහි දෙවියෝ එක් රැස් ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:) “තාදීගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරමු.
872. ධාතු ආවෙණිකා නත්ථි සරීරං එකපිණ්ඩිතං, ඉමම්හි බුද්ධථූපම්හි කස්සාම කඤ්චුකං මයං.”
872. (ඒ පදුමුත්තරබුදුරජානන් වහන්සේගේ) ධාතු වෙන් වෙන් ව නැත. මුළු සිරුර ම එකට කැටි ව තිබේ. (එබැවින්) අපි මේ සෑයෙහි ම කංචුකයක් කරන්නෙමු ය” (කියා යි).
873. දෙවා සත්තරතනෙහි අඤ්ඤං වඩ්ඪෙසු යොජනං, ථූපො ද්වියොජනුබ්බෙධො තිමිරං ව්යපහන්ති සො.
873. දෙවියෝ (එ ම සෑය) සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහු ය. (ඉක්බිති) එ ම සෑය දෙයොදුනක් උස ය. (එහි ආලොකයෙන්) අඳුර ද දුරු කෙරෙයි.
874. නාගා තත්ථ සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මනුස්සා චෙව දෙවා ච බුද්ධථූපං අකංසු තෙ.
874. එකල්හි නාගයෝ එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේද? යත්:) “ඒ මනුෂ්‍යයෝ ද දෙවියෝ ද බුදුරජානන් වහන්සේට සෑය කළාහු ය.
875. මා නො පමත්තා අස්සුම්හා අප්පමත්තා සදෙවකා, මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො.”
875. අපි දු පමා නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වෙති. තාදීගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරවන්නෙමු” (කියා යි).
876. ඉන්දනීලං මහානීලං අථො ජොතිරසං මණිං, එකතො සන්නිපාතෙත්වා බුද්ධථූපං අඡාදයුං.
876. ඉඳුනිල් ද මහනිල් ද යලි ජෝතිරස නම් මැණික් ද එක් රැස් කොට බුදුරජානන් වහන්සේගේ සෑය වැසූහ.
877. සබ්බං මණිමයං ආසි තාවතා බුද්ධචෙතියං, තිංසයොජනමුබ්බෙධං ආලොකකරණං තදා.
877. එකල්හි (එය) එපමණකින් සියල්ල මිණියෙන් කරණලද එළිය කරන්නා වූ තුන් යොදුන් උස බුද්ධස්තූපයක් වී ය.
878. ගරුළා ච සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මානුසා දෙවා නාගා ච බුද්ධථූපං අකංසු තෙ.
878. එකල්හි ගුරුළෝ ද එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:) ඒ මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද බුද්ධස්තූපයක් කළාහු ය.
879. මා නො පමත්තා අස්සුම්හා අප්පමත්තා සදෙවකා, මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො.
879. අපි දු පමා නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරන්නෙමු.
880. සබ්බමණිමයං ථූපෙ අකරු’ත්තරකඤ්චුකං, යොජනං තෙපි වඩ්ඪෙසුං ආයතං බුද්ධචෙතියං.
880. ගුරුළෝ ස්තූපයෙහි සර්‍වමණිමය පිට සැට්ටයක් (=වැස්මක්) කළාහු ය. ඔහු ද බුද්ධස්තූපයෙහි උස යොදුනකින් වැඩි කළාහු ය.
881. චතුයොජනමුබ්බිද්ධො බුද්ධථූපො විරොචතී, ඔභාසෙති දිසා සබ්බා සතරංසීව උග්ගතො.
881. සිවුයොදුන් උස (මෙම) බුද්ධස්තූපය බබළයි. උඩට නැගුනු සූර්‍ය්‍යයා මෙන් සියලු දිශාවන් ආලෝක කෙරෙයි.
882. කුම්භණ්ඩා ච සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මනුස්සා චෙව දෙවා ච නාගා ච ගරුළා තථා.
882-883. එකල්හි කුම්භාණ්ඩයෝ ද (දිව්යවිශේෂයෙකි). එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) “මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද එසේ ම ගුරුළෝ ද වෙන වෙන ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට උතුම් සෑයක් කළාහු ය. අපි ප්‍රමත්තයෝ නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති.
883. පච්චෙකං බුද්ධසෙට්ඨස්ස අකංසු ථූපමුත්තමං, මා නො පමත්තා අස්සුම්හා අප්පමත්තා සදෙවකා.
884. මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො, රතනෙහි ඡාදයිස්සාම ආයතං බුද්ධචෙතියං.
884. තාදිගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට අපි දු සෑයක් කරවන්නෙමු. උස් වූ බුද්ධස්තූපය අපි දු රත්නයන්ගෙන් වසන්නෙමු” (කියායි.)
885. යොජනං තෙපි වඩ්ඪෙසුං ආයතං බුද්ධචෙතියං, පඤ්චයොජනමුබ්බිද්ධො ථූපො ඔභාසතෙ තදා.
885. ඔහු ද බුද්ධස්තූපය යලි යොදුනක් (උස) වැඩි කළාහු ය. එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.
886. යක්ඛා තත්ථ සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මනුස්සා දෙවනාගා ච ගරුළා කුම්භඅණ්ඩකා.
886-887. එකල්හි යක්ෂයෝ ද එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද ගුරුළෝ ද කුම්භාණ්ඩයෝ ද වෙනවෙන ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට උතුම් සෑයක් කළාහු ය. අපි ප්රමාදී නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති.
887. පච්චෙකං බුද්ධසෙට්ඨස්ස අකංසු ථූපමුත්තමං, මා නො පමත්තා අස්සුම්හා අප්පමත්තා සදෙවකා.
888. මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො, එළිකාහි ඡාදයිස්සාම ආයතං බුද්ධචෙතියං.
888. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේ ට අපි දු සෑයක් කරවන්නෙමු. උස් වූ බුද්ධස්තූපය පළිඟුයෙන් වසන්නෙමු” (කියායි.)
889. යොජනං තෙපි වඩ්ඪෙසුං ආයතං බුද්ධචෙතියං, ඡ යොජනානි උබ්බීද්ධො ථූපො ඔභාසතෙ තදා.
889. ඔහු ද උස් වූ බුද්ධස්තූපය යොදුනක් වැඩි කළාහු ය. එකල්හි (එම) සෑය සයොදුනක් උස් වේ.
890. ගන්ධබ්බා ච සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මනුජා දෙවතා නාගා කුම්භණ්ඩා ගුරුළා තථා.
890-891. එකල්හි ගන්ධර්වයෝ ද එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) “මනුෂ්‍යයෝ ද, දෙවියෝ ද, නාගයෝ ද, ගුරුළෝ ද, කුම්භාණ්ඩයෝ ද, යක්ෂයෝ ද යන සියල්ලෝ බුද්ධස්තූපය කළාහු ය. මෙහි අපි (කිසිවක්) නො කළමෝ වෙමු. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑය කරවන්නෙමු. (කියායි.)
891. සබ්බෙ’කංසුං බුද්ධථූපං මයමෙත්ථ අකාරකා, මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො.
892. වෙදියො සත්ත කත්වාන ඡත්තමාරොපයිංසු තෙ, සබ්බසොණ්ණමයං ථූපං ගන්ධබ්බා කාරයුං තදා.
892. ඔවුහු (එහි) වේදිකා සතක් කොට ඡත්රයක් ද නැගූහ. එකල්හි ගන්ධර්වයෝ සෑය සර්‍වස්වර්‍ණමය කරවූහ.
893. සත්තයොජනමුබ්බිද්ධො ථූපො ඔභාසතෙ තදා, රත්තින්දිවා න ඤායන්ති ආලොකො හොති සබ්බදා.
893. එකල්හි සත්යොදුන් උස සෑය බබළයි. රෑදාවල්හු නො දැනෙත්. හැමකල්හි ආලෝකය වේ.
894. අභිභොන්ති න තස්සා’භා චන්දසූරා සතාරකා, සමන්තා යොජනසතෙ පදීපොපි න පජ්ජලි.
894. තාරකා සහිත වූ චන්ද්රසූර්ය්යයෝ එ ම චෛත්‍යයාගේ ප්‍රභාව නො මඩිත්. හාත්පස යොදුන් සියයක් තන්හි පහනකුදු නො දැල්වුනේ ය.
895. තෙන කාලෙන යෙ කෙචි ථූපං පූජෙන්ති මානුසා, න තෙ ථූපමාරුහන්ති අම්බරෙ උක්ඛිපන්ති තෙ.
895. එකල්හි යම්කිසි මනුෂ්‍යකෙනෙක් සෑයට (කිසිවක්) පූජා කෙරෙත් නම්, ඔහු සෑයට නො නගිත්. ඔහු අහසෙහි උඩ දමත්.
896. දෙවෙහි ඨපිතො යක්ඛො අභිසම්මතනාමකො, ධජං වා පුප්ඵදාමං වා අභිරොපෙති උත්තරි.
896. දෙවියන් විසින් තබන ලද අභිසම්මත නම් යක්ෂෙයෙක් වී ය. (හෙතෙම උඩට දැමූ) ධජයක් වුවත් පුෂ්පාදාමයක් (=මල්දමක්) වුවත් සෑ මුදුනෙහි නගා තබයි.
897. න තෙ පස්සන්ති තං යක්ඛං දාමං පස්සන්ති ගච්ඡතො, එවං පස්සිත්වා ගච්ඡන්තා සබ්බෙ ගච්ඡන්ති සුග්ගතිං.
897. ඔහු එ ම යක්ෂයා නො දකිත්. එය ගෙනයන යක්ෂයාගේ මල්දම පමණක් දකිත්. මෙසේ දැක යන සියල්ලෝ සුගතියට යෙත්.
898. විසද්ධා යෙ පාවචනෙ පසන්නා යෙ ච සාසනෙ, පාටිහීරං දට්ඨටුකාමා ථූපං පූජෙන්ති මානුසා.
898. ත්‍රිපිටක බුද්ධවචන සඞ්ඛ්‍යාත ධර්මයෙහි සැදැහැ නැති යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද, සසුනෙහි පහන් වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද, (යන සියලු) මනුෂ්‍යයෝ ප්‍රාතිහාර්‍ය්‍යය දකිනු කැමැත්තාහු ස්තූපය (මල්දම්ආදියෙන්) පුදත්.
899. නගරෙ හංසවතියා අහොසිං භතකො තදා, ආමොදිතං ජනං දිස්වා එවං චින්තෙස’හං තදා.
899. එකල්හි මම හංසවතීනගරයෙහි බැළයෙක් වීමි. එකල්හි සතුටු වූ ජනයා දැක මම මෙසේ සිතීමි:
900. “උළාරො භගවා හෙ’සො යස්ස ධාතුඝරෙ’දිසං, ඉමා ච ජනතා තුට්ඨාකාරං කුබ්බන්තනප්පකං.
900. “යම් (බුදු) කෙනෙකුන්ගේ දාගෙය මෙබඳු (ගරු සත්කාර ලබා) නම් (එ ම ධාතු අයත්) ඒ භාග්‍යවත් තෙමේ උදාර කෙනෙකි. මේ ජනසමූහයා ද සතුටු වූවාහු බොහෝ වූ සත්කාර කෙරෙත්.
901. අහම්පි කාරං කස්සාමි ලොකනාථස්ස තාදිනො, තස්ස ධම්මෙසු දායාදො භවිස්සාමි අනාගතෙ.
901. මම ද තාදිගුණ ඇති (පදුමුත්තර) ලෝකනාථයන් වහන්සේගේ (චෛත්‍යයට) සත්කාරයක් කරන්නෙමි. අනාගතයෙහි උන්වහන්සේගේ ධර්මයෙහි කොටස් හිමියෙක් වන්නෙමි”.
902. සුධොතං රජකෙනා’හං උත්තරෙය්යපටං මම, වෙළග්ගෙ ආලගෙත්වාන ධජං උක්ඛිපිමම්බරෙ.
902. රජකයකු විසින් මැනවින් සෝදා පිරිසිදු කරණලද මාගේ උතුරු සළුව උණදඬුවක අග එල්වා ධජයක් කොට අහසෙහි (උඩට) ඔසොවා තැබීමි.
903. අභිසම්මතකො ගය්හ අම්බරෙ’හාසි මෙ ධජං, වාතෙරිතං ධජං දිස්වා භීයො හාසං ජනෙස’හං.
903. අභිසම්මත යක්ෂ තෙමේ මාගේ ධජය ගෙණ අහසෙහි එල්වා තැබී ය. වාතයෙන් සෙලවෙන්නා වූ ධජය දැක මම බොහෝ සතුට ඉපදවීමි.
904. තත්ථ චිත්තං පසාදෙත්වා සමණං උපසඞ්කමිං, තං භික්ඛුං අභිවාදෙත්වා විපාකං පුච්ඡ’හං ධජෙ.
904. එහි සිත පහදවා ශ්‍රමණයෙකු වෙත එළඹුනෙමි. මම ඒ භික්ෂුහු වැඳ ධජ(දාන)යෙහි විපාක විමසීමි.
905. සො මෙ කථෙසි ආනන්දපීතිසඤ්ජනනං මම, “තස්ස ධජස්ස විපාකං අනුභොස්සසි සබ්බදා.
905. හෙතෙමේ මාගේ මහත් ප්‍රීතිය ඇති කරණ (අනුසස්) මට මෙසේ කී ය. (කෙසේ ද? යත්:) “හැම කල්හි එ ම ධජයාගේ විපාකය අනුභව කරන්නෙහි ය.
906. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සි’දං ඵලං.
906. ඇත් අස් රිය පාබළ යන සිවුරඟසේනාවෝ නිරතුරු ව ම ඔබ පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
907. සට්ඨි තුරියසහස්සානි භෙරියො සමලඞ්කතා, පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සි’දං ඵලං
907. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනැවින් අලඞ්කාර කරණලද භේරීහු ද ඔබ නිරතුරු ව ම (වැයීමෙන්) පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
908. ඡළාසීතිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
908-909. සැරසුනු අසූදහසක් (පමණ) ස්ත්‍රීහු විසිතුරු අබරණ ඇත්තාහු පැලඳි මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වුවාහි ඉතා මොළොක් ශරීරාවයව ඇත්තාහු සිහින් කටිප්‍රදේශ ඇත්තාහු නිරතුරු ව ම ඔබ පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
909. අළාරපම්හා හසුලා සුසණ්හා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සි’දං ඵලං.
910. තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සසි, අසීතික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි.
910. කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහි ය. ශක්රදේවේන්ද්ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය.
911. සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සසි, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
911. දහස්වරක් සක්විතිරජ වන්නෙහි ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය ලබන වාර ගණන මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
912. කප්පසතසහස්සම්හි ඔක්කාක කුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
912. මෙයින් කල්පලක්ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
913. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, පුඤ්ඤකම්මෙන සංයුත්තො බ්රහ්මබන්ධු භවිස්සසි.
913. කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව පුණ්‍ය කර්මය හා එක් වූයේ බ්‍රාහ්මණයෙක් වන්නෙහි ය.
914. අසීතිකොටිං ඡඩ්ඩෙත්වා දාසෙ කම්මකරෙ බහූ, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සසි.
914. අසූකෙළක් ධනය ද බොහෝ දස්කම්කරුවන් ද හැර දමා ගෞතමබුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහි ය.
915. ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, උපවානොති නාමෙන හෙස්සසි සත්ථු සාවකො”ති.
915. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජානන් වහන්සේ සතුටු කොට නමින් උපවාන ය යි බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය” යි වදාළ සේක.
916. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්ත සරවෙගොව කිලෙසෙ ඣාපයී මම.
916. කල්පලක්ෂයකට පෙර මා විසින් කරණලද කර්මය මෙහි දී විපාක දැක්වී ය. (දුනුදියෙන්) මැනවින් මිදීගිය හීයක වේගය මෙන් මාගේ කෙලෙස් දැවී ය.
917. චක්කවත්තිස්ස සන්තස්ස චතුදීපිස්සරස්ස මෙ, තියොජනානි සාමන්තා උස්සීයන්ති ධජා සදා.
917. සතර මහදිවයිනට අධිපති වූ සක්විතිරජ වූ මට හැම කල්හි හාත්පස තුන් යොදුනක් ධජයෝ ඔසවනු ලබත්.
918. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ධජදානස්සි’දං ඵලං.
918. මෙයින් කල්ප ලක්ෂයකින් පෙර වූ එකල්හි යම් කර්මයක් කෙළෙම් ද, (ඒ හේතුයෙන්) දුගතියක් නො දනිමි. ධජ දානයාගේ මේ විපාකය යි.
919. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
919. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා උපවානො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් උපවානස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
උපවානත්ථෙරස්සාපදානං දුතියං.
උපවානස්ථවිරාවදානය දෙවැනි යි.