යෙදුමෙන් කියවන්න

21. සුභූතිත්‍ථෙරාපදානං

21. සුභූතිත්‍ථෙරාපදානං.

21. සුභූති ස්ථවිරාවදානය

813. හිමවන‍්තස‍්ස අවිදූරෙ නිසභො නාම පබ‍්බතො, අස‍්සමො සුකතො මය‍්හං පණ‍්ණසාලා සුමාපිතා.

813. හිමවතට නුදුරෙහි නිසභ නම් පර්‍වතයකි. (එහි) මට අසපුවක් කරණලදී. පන්සලක් ද මැනැවින් නිර්මිත කරණලදි.

814. කොසියො නාම නාමෙන ජටිලො උග‍්ගතාපනො, එකාකියො අදුතියො වසාමි නිසභෙ තදා.

814. (මම එහි) උග්‍ර වූ තපස් ඇති ‘කෝසිය’ නම් ජටිලයෙක් (ජටාධරයෙක්) වීමි. එකල්හි මම ‘නිසභ’ පර්‍වතයෙහි එකලා ව දෙවැන්නෙකු නො මැති ව වසමි.

815. ඵලං මූලඤ‍්ච පණ‍්ණඤ‍්ච න භුඤ‍්ජාමි අහං තදා, පවත‍්තපණ‍්ඩුපත‍්තානි උපජීවාමි තාවදෙ.

815. එකල්හි මම පළ මුල් කොළ (ගස්වලින් නෙළාගෙණ) අනුභව නො කරමි. එකෙණෙහි ස්වයංපතිත (ඉබේ වැටුනු) පඬුවන් පත් ඇසුරු කර (අනුභව කොට) ජීවත් වෙමි.

816. නා’හං කොපෙමි ආජීවං චජමානොපි ජීවිතං, ආරාධෙමි සකං චිත‍්තං විවජ‍්ජෙමි අනෙසනං.

816. මම ජීවිතය හැර දමන්නෙම් නමුදු (සම්‍යක්) ආජීවය (පලමුල් ආදි ආහාර සෙවීමෙන්) විකෝපනය නො කරමි. ස්වකීය සිත (අල්පෙච්ඡ සන්තුෂ්ඨතාවන්ගෙන්) පහදවමි. (වෙදකම් ආදි එක්විසි) අනෙසනයන් දුරු කරමි.

817. රාගූපසංහිතං චිත‍්තං යදා උප‍්පජ‍්ජතෙ මම, සයංව පච‍්චවෙක‍්ඛාමි එකග‍්ගො තං දම‍්මෙ’හං.

817. යම් කලෙක්හි රාගයෙන් යුත් වූ සිතක් මට උපදී නම්, (එකල්හි) තෙමේ ම ප්‍රත්‍යවේක්‍ෂා කරමි. එකඟ වූ සිත් ඇති මම එම රාග අදහස) මෙසේ අවවාද කරගණිමින් දමනය කරමි. (කෙසේ ද? යත්:-)

818. “රජ‍්ජසි රජනීයෙ ච දොසනීයෙ ච දුස‍්සසි, මුය‍්හසෙ මොහනීයෙ ච නික‍්ඛමස‍්සු වනා තුවං.

818. “තෝ ඇලුම් කට යුතු දැයෙහි ඇලෙහි ද, ද්වේෂ කට යුතු දැයෙහි ද්වේෂ කෙරෙහි ද, මුළා විය යුතු දැයෙහි මුළාවෙහි ද, (එසේ නම්) වනයෙන් නික්ම යව.

819. විසුද‍්ධානං අයං වාසො නිම‍්මලානං තපස‍්සිනං, මා ඛො විසුද‍්ධං දූසෙසි නික‍්ඛමස‍්සු වනා තුවං.

819. මේ (අරණ්‍ය) වාසය පිරිසිදු වූ නිර්‍මල තපෝගුණ ඇතියනට ය. තෝ මේ පිරිසිදු (වාසය) දූෂ්‍ය (අපිරිසිදු) නො කරව. (එසේ නම්) වනයෙන් නික්ම යව.

820. අගාරිකො භවිත්‍වාන සදා යුත‍්තං ලභිස‍්සසි, උභොපි මා විරාධෙසි නික‍්ඛමස‍්සු වනා තුවං.

820. ගිහි ව හැමකල්හි (ඒ තමාට) සුදුසු දෑ ලබන්නෙහි ය. තෝ (ගිහිබව හා පැවිදිබව යන) දෙක ම වරද්දා නො ගණුව, වනයෙන් නික්ම යව.

821. ඡවාලාතං යථා කට‍්ඨං න ක්‍වචි කිච‍්චකාරකං, නෙව ගාමෙ අරඤ‍්ඤෙ වා න හි තං කට‍්ඨසම‍්මතං.

821. සොහොන්පෙනෙල්ල යම් සේ කිසි කට යුත්තකට නො යෙදේ ද, ගමෙහි හෝ අරණෙහි හෝ කාෂ්ට (=දර) ය යි සම්මත නො වේ ද, (එසේ ම)

822. ඡවාලාතූපමො ත්‍වංසි න ගිහී නාපි සඤ‍්ඤතො, උභතො මුත‍්තකො අජ‍්ජ නික‍්ඛමස‍්සු වනා තුවං.

822. තෝ සොහොන්පෙනෙල්ලක් වැනි වෙහි ය. ගිහියෙක් නො වෙහි. පැවිද්දෙක් ද නො වෙහි. ගිහි පැවිදි දෙපසින් ම මිදුනේ වෙහි ය. අද ම වනයෙන් නික්ම යව.

823. සියා නු ඛො තව එතං කො පජානාති තෙ ඉදං, සද‍්ධාධුරං ජහසි තෙ කොසජ‍්ජබහුලාය ච.

823. තාගේ මෙබඳු ගතියක් වේ නම්, එය කවරෙක් දනී ද? තාගේ ශ්‍රද්ධාධුරය දුරු කෙරෙහි නම්, (එය) කුසීතබව වැඩි වීම පිණිස ද පවතී.

824. ජිගුච‍්ඡිස‍්සන‍්ති තං විඤ‍්ඤූ අසුචිං නාගරිකො යථා, ආකඩ‍්ඪිත්‍වාන ඉසයො චොදයිස‍්සන‍්ති තං සදා.

824. යම් සේ නුවර වැසියෙක් අශුචි පිළිකුල් කරන්නේ ද, එසේ නුවණැත්තෝ තට පිළිකුල් කරන්නාහු ය. ඍෂීහු තා ඇද දමා හැම කල්හි චෝදනා කරන්නාහු ය.

825. තං විඤ‍්ඤූ පවදිස‍්සන‍්ති සමතික‍්කන‍්තසාසනං, සංවාසං අලභන‍්තො හි කථං ජීවිස‍්සසී තුවං.

825. නුවණැත්තෝ තා ඉක්මවූ සසුන ඇත්තෙකැයි (චෝදනා වශයෙන්) කියන්නාහු ය. නුවණැත්තන්ගේ සහවාසය නො ලබන්නා වූ තෝ කෙසේ ජීවත් වන්නෙහි ද?

826. තිධා පභින‍්නමාතඞ‍්ගං කුඤ‍්ජරං සට‍්ඨිහායනං, බලී නාගො උපගන‍්ත්‍වා යූථා නීහරතෙ ගජං.

826. බලවත් ඇත් රජෙක් තෙම එළඹ ත්‍රිමදගලිත වූ මාතඞ්ග හස්තිකුලයෙහි ජාත වූ උපතින් සැටවස් ඉක්ම ගිය මහඇතෙකු ඇත්රැළෙන් බැහැර කෙරෙයි නම්,

827. යූථා විනිස‍්සටො සන‍්තො සුඛං සාතං න වින්‍දති, දුක‍්ඛිතො විමනො හොති පජ‍්ඣායන‍්තො පවධෙති.

827. ඇත්රැළෙන් බැහැර වූ එ ම ඇතා ලොකුසුවයක් නො විඳී. දුඃඛිත ව දොම්නස් සහිත වේ. ලත වමින් වෙවුල යි.

828. තථෙව ජටිලා තම‍්පි නීහරිස‍්සන‍්ති දුම‍්මතිං, තෙහි ත්‍වං නිස‍්සටො සන‍්තො සුඛං සාතං න ලච‍්ඡසි.

828. එසේ ම ජටාධර තවුසෝ අඥාන වූ තා (තවුස් පිරිසෙන්) බැහැර කෙරෙත්. ඔවුන් විසින් බැහැර කරණ ලද තෝ (සිත - කය දෙකින් ම) සුවයක් නො ලබන්නෙහි ය.

829. දිවා යා යදි වා රත‍්තිං සොකසල‍්ලසමප‍්පිතො, ඩය‍්හසි පරිළාහෙන ගජො යුථා’ව නිස‍්සටො.

829. දිවාකල්හි ද යලි රාත්‍රියෙහි ද ඇනුනු ශෝක නමැති හුල් ඇත්තේ ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් (තෝ) පරිලාහයෙන් දැවෙහි ය.

830. ජාතරූපං යථා කූටං නෙව ඣාපෙති කත්‍ථචි, තථා සීලවිහීනො ත්‍වං න ඣාපෙස‍්සසි කත්‍ථචි.

830. යම් සේ ස්වර්‍ණය කිසි තැනෙක්හි යකුළ නො දවා ද එසේ ම සීලයෙන් තොර වූ තෝ කිසි තැනෙක්හි (කෙලෙස්) නො දවන්නෙහි ය.

831. අගාරං වසමානොපි කථං ජීවිහිසී තුවං, මත‍්තිකං පෙත‍්තිකං චාපි නත්‍ථි තෙ නිහිතං ධනං.

831. තෝ ගිහිගෙයි වසන්නේ නමුදු කෙසේ ජීවත් වන්නෙහි ද? තට මව සතු වූ හෝ පියා සතු වූ තැන්පත් කොට තබන ලද ධනයක් නැත.

832. සයං කම‍්මං කරිත්‍වාන ගත‍්තෙ සෙදං පමොචයං, එවං ජීවිහිසි ගෙහෙ සාධු තෙ තං න රුච‍්චතී.”

832. සිරුරෙහි ඩහ වගුරුවමින් තෙමේ ම කර්‍මාන්ත කොට ගිහිගෙයි මෙසේ ජීවත් වන්නෙහි ය. තට එය රිසි නො වේ නම් මැනවි.”

833. එවාහං තත්‍ථ වාරෙමි සඞ‍්කිලෙසගතං මනං, නානාධම‍්මකථං කත්‍වා පාපා චිත‍්තා නිවාරයිං.

833. මෙසේ මම එහි දී කිලිටිබවට ගිය සිත වළක්වමි. නොයෙක් ධර්‍මකථා කියා පවින් සිත වැළකීමි.

834. එවං මෙ විහරන‍්තස‍්ස අප‍්පමාදවිහාරිනො, තිංස වස‍්සසහස‍්සානි විපිනෙ මෙ අතික‍්කමුං.

834. නො පමා ව වෙසෙනසුලු වූ මෙසේ වනයෙහි වසන මට හවුරුදු තිස්දහසක් ඉක්ම ගියේ ය.

835. අප‍්පමාදරතං දිස‍්වා උත‍්තමත්‍ථගවෙසකං, පදුමුත‍්තරසම‍්බුද‍්ධො ආගච‍්ඡි මම සන‍්තිකං.

835. උත්තමාර්‍ත්‍ථය වූ (නිවණ) සොයන අප්‍රමාදයෙහි ඇලුනු මා දැක පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ සමීපයට එළඹි සේක.

836. තිම‍්බරූසකවණ‍්ණාභො අප‍්පමෙය්‍යො අනූපමො, රූපෙන’සදිසො බුද‍්ධො ආකාසෙ චඞ‍්කමී තදා.

836. තියඹරාගෙඩියක වර්‍ණයට බඳු පැහැ ඇති පමණ කළ නො හැකි ගුණ ඇති උපමාවිෂයාතික්‍රාන්ත වූ රූපයෙන් අසදෘශ වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

837. සුඵුල‍්ලො සාලරාජා’ව විජ‍්ජූ’ව’බ‍්භඝනන‍්තරෙ, ඤාණෙනා’සදිසො බුද‍්ධො ආකාසෙ චඞ‍්කමී තදා.

837. මැනැවින් පිපුනු මහසල්රුකක් මෙන් ද, වැසිවලාකුළු අතුරෙහි වූ විදුලියක් මෙන් ද, නුවණින් අසදෘශ වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

838. සීහරාජාව’සම‍්භීතො ගජරාජාව දප‍්පිතො, ලසිතො ව්‍යග‍්ඝරාජාව ආකාසෙ චඞ‍්කමී තදා.

838. අභීත වූ සිංහරාජයකු මෙන් ද, දර්පිත වූ ඇත්රජකු මෙන් ද, බැබළුනු ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද, (බුදුරජානන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

839. සිංගීනික‍්ඛසුවණ‍්ණාභො ඛදිරඞ‍්ගාරසන‍්නිභො, මණි යථා ජොතිරසො ආකාසෙ චඞ‍්කමී තදා.

839. (දිව්‍යස්වර්‍ණයනට ද වඩා ශ්‍රේෂ්ඨ) සිඞ්ගී නම් ස්වර්‍ණ නිෂ්කයක පැහැයට බඳු පැහැ ඇති කිහිරඟුරු මෙන් (දිලිසෙන්නා) වූ ජෝතිරස නම් මැණික මෙන් වූ බුදුරජානන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

840. විසුද‍්ධකෙලාසනිභො පුණ‍්ණමායෙව චන්‍දිමා, මජ‍්ඣන‍්තිකෙව සුරියො ආකාසෙ චඞ‍්කමී තදා.

840. නිර්‍මල කෛලාසය වැනි වූ පූර්‍ණචන්‍ද්‍රයා වැනි වූ මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා වැනි වූ (බුදුරජානන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.

841. දිස‍්වා නභෙ චඞ‍්කමන‍්තං එවං චින‍්තෙස’හං තදා, “දෙවො නු ඛො අයං සත‍්තො, උදාහු මනුජො අයං?

841. මම එකල්හි අහසෙහි සක්මන් කරන්නා වූ උන්වහන්සේ දැක මෙසේ සිතීමි :- ‘මේ සත්‍ව තෙමේ දෙවියෙක් ද? නැතහොත් මෙ තෙමේ මනුෂ්‍යයෙක් ද?

842. න මෙ සුතො වා දිට‍්ඨො වා මහියා එදිසො නරො, අපි මන‍්තපදං අත්‍ථි, අයං සත්‍ථා භවිස‍්සති.”

842. මා විසින් පොළොවෙහි (වසන) මෙබඳු මනුෂ්‍යයෙක් තෙම නො අසනලදී. එසේ ම නො දක්නාලදී. (පුරුෂ ලක්‍ෂණප්‍රකාශක) මන්ත්‍රපදයකුදු ඇත. මේ ශාස්තෘ තෙමේ වන්නේ ය, (කියායි.)

843. එවාහං චින‍්තයිත්‍වාන සකං චිත‍්තං පසාදයිං, නානාපුප‍්පඤ‍්ච ගන්‍ධඤ‍්ච සන‍්තිපාතෙත්‍ව’හං තදා.

843. එකල්හි මම මෙසේ සිතා ස්වකීය සිත පැහැදවීමි. මම නොයෙක් මල් ද සුවඳ ද රැස් කොට,

844. පුප‍්ඵාසනං පඤ‍්ඤපෙත්‍වා සාධුචිත‍්තං මනොරමං, නරසාරථිනං අග‍්ගං ඉදං වචනමබ්‍රවිං.

844. මල්අසුනක් පණවා යහපත් සිත් ඇති මනෝඥ වූ පුරුෂයන් දමනය කරන්නවුන්ට අග්‍ර වූ බුදුරජානන් වහන්සේට මෙම වචනය කීමි.

845. “ඉදං මෙ ආසනං වීර පඤ‍්ඤත‍්තං තව’නුච‍්ඡවිං, හාසයන‍්තො මමං චිත‍්තං නිසීද කුසුමාසනෙ.”

845. ‘වීරයන්වහන්ස, මා විසින් මේ අසුන ඔබවහන්සේට සුදුසු කොට පණවනලදී. මාගේ සිත සතුටු කරමින් මල්අසුනෙහි වැඩහිඳිනු මැනව, (කියායි).

846. නිසීදි තත්‍ථ භගවා අසම‍්භීතොව කෙසරී, සත‍්තරත‍්තින්‍දිවං බුද‍්ධො පවරෙ කුසුමාසනෙ.

846. භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ රෑ දාවල් සතක් (=සතියක්) මුළුල්ලෙහි අභීතකේශරසිංහරාජයකු මෙන් එ ම මල්අසුනෙහි වැඩහුන් සේක.

847. නමස‍්සමානො අට‍්ඨාසිං සත‍්තරත‍්තින්‍දිවං අහං, වුට‍්ඨහිත්‍වා සමාධිම‍්හා සත්‍ථා ලොකෙ අනුත‍්තරො.

847. මම ද සතියක් මුළුල්ලෙහි නමස්කාර කරමින් සිටියෙමි. ලෝක යෙහි (තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති හෙයින්) අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ සමාධියෙන් නැගිට,

848. මම කම‍්මං පකිත‍්තෙන‍්තො ඉදං වචනමබ්‍රවිං, “භාවෙහි බුද‍්ධානුස‍්සතිං භාවනානමනුත‍්තරං.

848. මාගේ කර්‍මය ප්‍රකාශ කරණ සේක් මෙ ම වචනය වදාළ සේක. භාවනාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ බුද්ධානුස්සතිභාවනාව වඩව.

849. ඉමං සතිං භාවයිත්‍වා පූරයිස‍්සසි මානසං, තිංස කප‍්පසහස‍්සානි දෙවලොකෙ රමිස‍්සසි.

849. මෙ ම බුද්ධානුස්සතිය වඩා අධ්‍යාශය සම්පූර්‍ණ කරන්නෙහි ය. කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දිව්‍යලෝකයෙහි සිත් අලවා වාසය කරන්නෙහි ය.

850. අසීතික‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජං කරිස‍්සසි, සහස‍්සක‍්ඛත‍්තුං චක‍්කවත‍්තී රාජා රට‍්ඨෙ භවිස‍්සසි.

850. ශක්‍රදේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය. දහස් වරක් රටෙහි සක්විතිරජ වන්නෙහි ය.

851. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං, අනුභොස‍්සසි තං සබ‍්බං බුද‍්ධානුස‍්සතියා ඵලං.

851. (තමා ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය (මෙපමණ ය යි) ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. එ ම සියල්ල තෝ විඳින්නෙහි ය. (මෙය) බුද්ධානුස්මෘතියෙහි ඵලය යි.

852. භවාභවෙ සංසරන‍්තො මහාභොගං ලභිස‍්සසි, භොගෙ තෙ ඌනතා නත්‍ථි බුද‍්ධානුස‍්සතියා ඵලං.

852. කුදු මහත් භවයෙහි හැසිරෙන්නේ මහත් වූ භෝගසම්පත් ලබන්නෙහි ය. ඔබගේ (ඒ) භෝගසම්පත්තියෙහි අඩු බවක් (නම්) නැත. මේ බුද්ධානුස්මෘතියෙහි ඵලයයි.

853. කප‍්පසතසහස‍්සම‍්හි ඔක‍්කාකකුලසම‍්භවො, ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

853. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකවංසයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.

854. අසීතිකොටිං ඡඩ‍්ඩෙත්‍වා දාසෙ කම‍්මකරෙ බහූ, ගොතමස‍්ස භගවතො සාසනෙ පබ‍්බජිස‍්සසි.

854. අසූකෙළක් (ධනය) ද බොහෝ දස්කම්කරුවන් ද හැරදමා ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහි ය.

855. ආරාධයිත්‍වා සම‍්බුද‍්ධං ගොතමං සක්‍යපුඞ‍්ගවං, සුභූති නාම නාමෙන හෙස‍්සති සත්‍ථු සාවකො.

855. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතමබුදුරජානන් වහන්සේ සතුටු කොට නමින් සුභූති නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.

856. භික‍්ඛුසඞ‍්ඝෙ නිසීදිත්‍වා දක‍්ඛිණෙය්‍යගුණම‍්භි තං, තථා’රණවිහාරෙ ච ද‍්වීසු අග‍්ගෙ ඨපෙස‍්සති.

856. (ඒ ගෞතම බුදුරජානන් වහන්සේ) භික්‍ෂුසඞ්ඝයා මැද වැඩ හිඳ ඒ සුභූති තෙරුන් දක්‍ෂිණේයගුණයෙහි ද එසේ ම නො ඇලී විසීමෙහි ද යන මේ කරුණු දෙකෙහි අග්‍රස්ථානයෙහි ලබන සේක (කියායි.)

857. ඉදං වත්‍වාන සම‍්බුද‍්ධො ජලජුත‍්තරනාමකො, නභං අබ‍්භුග‍්ගමී ධීරො හංසරාජාව අම‍්බරෙ.

857. ප්‍රාඥ වූ දීපඞ්කර නමැති බුදුරජානන් වහන්සේ මෙ ම වචනය වදාරා අහසෙහි (යන) හංසරාජයකු මෙන් අහසට පැන නැංගේ ය.

858. සාසිතො ලොකනාථෙන නමස‍්සිත්‍වා තථාගතං, සදා භාවෙමි මුදිතො බුද‍්ධානුස‍්සතිමුත‍්තමං.

858. ලෝකනාථයන් වහන්සේ විසින් අනුශාසනා කරණ ලද මම තථාගතයන් වහන්සේට වැඳ හැම කල්හි සතුටු වූයෙම් උතුම් වූ බුද්ධානුස්මෘති භාවනාව වැඩීමි.

859. තෙන කම‍්මෙන සුකතෙන චෙතනා පණිධීහි ච, ජහිත්‍වා මානුසං දෙහං තාවතිංසමගච‍්ඡ’හං.

859. මැනැවින් කරණලද එම කර්‍මයන් හා චිත්තප්‍රණිධීන් ද හේතු කොට ගෙණ මම මනුෂ්‍යශරීරය හැරදමා තව්තිසාදෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.

860. අසීතික‍්ඛත‍්තුං දෙවින්‍දො දෙවරජ‍්ජමකාරයිං, සහස‍්සක‍්ඛත‍්තුං රාජා ච චක‍්කවත‍්තී අහොස’හං.

860. මම ශක්‍ර දේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. දහස්වරක් සක්විති රජ වීමි.

861. පදෙසරජ‍්ජං විපුලං ගණනාතො අසඞ‍්ඛියං, අනුභොමි සුසම‍්පත‍්තිං බුද‍්ධානුස‍්සතියා ඵලං.

861. මහත් වූ ප්‍රදේස රාජ්‍යය (ලැබූ වාරගණන මෙතෙකැයි) ගණනින් ගණිය නො හැකි ය. උතුම් සම්පත් අනුභව කෙරෙමි. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකය යි.

862. භාවාභවෙ සංසරන‍්තො මහාභොගං ලභාම’හං, භොගෙ මෙ ඌනතා නත්‍ථි බුද‍්ධානුස‍්සතියා ඵලං.

862. මම කුදු මහත් භවයෙහි සැරිසරන්නෙම් මහත් වූ භෝගසම්පත් ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුබවෙක් නම් නැත. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකය යි.

863. සතසහස‍්සෙ ඉතො කප‍්පෙ යං කම‍්මමකරිං තදා, දුග‍්ගතිං නාභිජානාමි බුද‍්ධානුස‍්සතියා ඵලං.

863. මෙයින් කල්පලක්‍ෂයකින් පෙර වූ එ ම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එයින්) දුගතියක් නො දනිමි. බුද්ධානුස්මෘති භාවනාවෙහි මේ විපාකය යි.

864. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

864. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුභූතිථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභූති ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යි.

සුභූතිත්‍ථෙරස‍්සාපදානං පඨමං.

සුභූතිස්ථවිරාවදානය පළමුවැනි යි.