යෙදුමෙන් කියවන්න

20. සුමඞ‍්ගලත්‍ථෙරාපදානං

20. සුමඞ‍්ගලත්‍ථෙරාපදානං.

20. සුමඞ්ගල ස්ථවිරාවදානය

796. ආහුතිං යිට‍්ඨුකාමො’හං පටියාදෙත්‍වාන භොජනං, බ්‍රාහ‍්මණෙ පතිමානෙන‍්තො විසාලෙ මාළකෙ ඨිතො.

796. යාගයක් කරණු කැමැති (දානයක් දෙනු කැමැති) මම බොජුන් පිළියෙල කරවා (ප්‍රතිග්‍රාහක වූ ශුද්ධ පැවිදි) බමුණන් සොයමින් විශාල මාළකයෙහි සිටියෙමි.

797. අථ’ද‍්දසාසිං සම‍්බුද‍්ධං පියදස‍්සිං මහායසං, සබ‍්බලොකවිනෙතාරං සයම‍්භූං අග‍්ගපුග‍්ගලං.

797-798. ඉක්බිති මහත් යසස් ඇති, සියලු ලෝකයා (නිවණට) පමුණුවන්නා වූ, තමා ම සියල්ල අවබෝධ කළා වූ, අග්‍රපුද්ගල වූ, ප්‍රභාසම්පන්න වූ, ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද, සූර්‍ය්‍යයා මෙන් බබලන, වීථියට පිළිපන් පියදස්සි බුදුරජානන් වහන්සේ දුටුවෙමි.

798. භගවන‍්තං ජුතිමන‍්තං සාවකෙහි පුරක‍්ඛතං, ආදිච‍්චමිව රොචන‍්තං රථියං පටිපන‍්නකං.

799. අඤ‍්ජලිම‍්පග‍්ගහෙත්‍වාන සකං චිත‍්තං පසාදයිං, මනසා ‘ව නිමන‍්තෙසිං ආගච‍්ඡතු මහාමුනීති.

799. ඇඳිලි බැඳ ස්වකීය චිත්තය පැහැදවීමි. මහාමුනි වූ බුදුරජානන් වහන්සේ (මාගේ නිවෙසට) වඩින සේක්වා යි සිතින් ම ආරාධනා කෙළෙමි.

800. මම සඞ‍්කප‍්පමඤ‍්ඤාය සත්‍ථා ලොකෙ අනුත‍්තරො, ඛීණාසවසහස‍්සෙහි මම ද‍්වාරං උපාගමි.

800. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මාගේ ගෙදොරට එළඹි සේක.

801. “නමො තෙ පුරිසාජඤ‍්ඤ නමො තෙ පුරිසුත‍්තම, පාසාදං අභිරූහිත්‍වා සීහාසනෙ නිසීද ත්‍වං”.

801. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයානන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ පහයට නැගී සිහසුනෙහි වැඩ හිඳුනු මැනව”.

802. දන‍්තො දන‍්තපරිවාරො තිණ‍්ණො තාරයතං වරො, පාසාදං අභිරූහිත්‍වා නිසීදි පවරාසනෙ.

802. දැමුනු සේක් දැමුනු පිරිවර ඇති (සසරින්) එතෙර වූ එතෙර කරන්නවුන් අතුරෙන් උතුම් වූ බුදුරජානන් වහන්සේ පහයට නැගී උතුම් අසුනෙහි වැඩ හුන් සේක.

803. යං මෙ අත්‍ථි සකෙ ගෙහෙ ආමිසං පච‍්චුපට‍්ඨිතං, තා’හං බුද‍්ධස‍්ස පාදාසිං පසන‍්නො සෙහි පාණිහි.

803. ස්වකීයගෘහයෙහි මට සම්පාදනය කරණලද යම් ආහාරයක් වී ද, පහන් සිත් ඇති මම සියතින් ම බුදුරජානන් වහන්සේට එ ම ආහාර (දානය) දිනිමි.

804. පසන‍්නචිත‍්තො සුමනො වෙදජාතො කතඤ‍්ජලී, බුද‍්ධසෙට‍්ඨං නමස‍්සාමි අහො බුද‍්ධස‍්සුළාරතා.!

804. පහන් සිත් ඇත්තෙම් සතුටු වූයේ හටගත් සොම්නස් ඇත්තෙම් කරණ ලද ඇඳිලි ඇත්තෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට නමස්කාර කරන්නෙමි. බුදුරජානන් වහන්සේගේ උදාරබව ආශ්චර්‍ය්‍ය යි.

805. අට‍්ඨන‍්නං පයිරූපාසතං භුඤ‍්ජං ඛීණාසවා බහු, තුය‍්හෙවෙසො ආනුභාවො සරණං තං උපෙමහං.

805. (එහි) වළඳන්නා වූ පර්‍ය්‍යුපාසනය කරණ අෂ්ටආර්‍ය්‍යපුද්ගලයන් අතුරෙන් රහත්හු ම බොහෝ වූහ. මෙය ඔබ වහන්සේගේ ම අනුභාවය යි. මම (ඔබවහන්සේ) සරණ කොට යෙමි.

806. පියදස‍්සී ච භගවා ලොකජෙට‍්ඨො නරාසභො, භික‍්ඛුසංඝෙ නිසීදිත්‍වා ඉමා ගාථා අභාසථ:

806. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පියදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක.

807. “යො සො සංඝං අභොජෙසි උජුභූතං සමාහිතං, තථාගතඤ‍්ච සම‍්බුද‍්ධං සුණාථ මම භාසතො.

807. “ඍජුප්‍රතිපන්නතාදි ගුණ යුත් සන්සුන් සංඝයා ද තථාගත වූ බුදුරජානන් වහන්සේ ද ඒ යමෙක් වැළඳවී ද, (ඔහු පිළිබඳව) කියන්නා වූ මාගේ වචනය අසවු.

808. සත‍්තවීසතික‍්ඛත‍්තුං සො දෙවරජ‍්ජං කරිස‍්සති, සකකම‍්මාභිරද‍්ධො සො දෙවලොකෙ රමිස‍්සති.

808. හෙතෙම සත්විසිවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. පටන් ගත් ස්වකීය කට යුතු ඇති හෙතෙම දිව්‍යලෝකයෙහි සිත් අලවා වෙසෙයි.

809. දසඤ‍්ච’ට‍්ඨක‍්ඛත‍්තුං සො චක‍්කවත‍්තී භවිස‍්සති, පථව්‍යා රජ‍්ජං පඤ‍්චසතං වසුධං ආවසිස‍්සති.”

809. හෙතෙම අටළොස්වරක් සක්විතිරජ වන්නේ ය. පන්සිය වරක් පෘථිවියෙහි රාජ්‍යය ගෙණ පොළොවෙහි වාසය කරන්නේ ය.”

810. අරඤ‍්ඤං වනමොගය‍්හ කානනං ව්‍යග‍්ඝසෙවිතං, පධානං පදහිත්‍වාන කිසො ඣාපිතා මයා.

810. ව්‍යාඝ්‍රයන් (ව්‍යාලමෘගයන්) විසින් සෙවුනා ලද මහාවනයට පිවිස වීර්‍ය්‍යය කොට මා විසින් කෙලෙස් දවන ලදී.

811. අට‍්ඨාරසෙ කප‍්පසතෙ යං දානමදදිං තදා, දුග‍්ගතිං නාභිජානාමි භත‍්තදානස‍්සි’දං ඵලං

811. එක්සිය අටළොස්වන කපෙහි වූ එකල්හි යම් දානයක් දිනිම් ද, (එබැවින්) දුගතියක් නො දනිමි. ආහාරදානයාගේ මේ විපාකය යි.

812. පටිසම‍්භිදා -පෙ- කතං බුද‍්ධස‍්ස සාසනං.

812. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.

ඉත්‍ථං සුදං ආයස‍්මා සුමඞ‍්ගලො ථෙරො ඉමා ගාථායො අභාසිත්‍ථාති.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගලස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.

සුමඞ‍්ගලත්‍ථෙරස‍්සාපදානං දසමං.

සුමඞ්ගලස්ථවිරාවදානය දසවැනි යි.

උද‍්දානං:

උද්දානය:

සීහාසනී එකථම‍්භී නන්‍දො ච චුල‍්ලපන්‍ථකො, පිළින්‍දො රාහුලො චෙව වඞ‍්ගන‍්තො රට‍්ඨපාලකො සොපාකො මඞ‍්ගලො චෙව දසෙව දුතියෙ වග‍්ගෙ. සතඤ‍්ච අට‍්ඨතිංසා ච ගාථා එත්‍ථ පකාසිතා.

සිහසුන් ද එක්ටැම් - දුන් දෙනම හා නන්‍ද ද, සුළුපතු පිළිඳි රාහුල - වංගන්න රටපල් හා. සෝපාක මංගල ය යි - දසසිරිතකි දෙවන වගැ, එක්සියඅටතිසෙක් ගී - යෙන් එය මෙහි කියන ලදී.

සිහාසනදායකවග‍්ගො දුතියො

දෙවෙනි සිංහාසනදායකවර්‍ග යයි.