19. සොපාකත්ථෙරාපදානං
19. සොපාකත්ථෙරාපදානං
19. ස්වපාක ස්ථවිරාවදානය
784. පබ්භාරං සෙවයන්තස්ස විපිනෙ පබ්බතුත්තමෙ, සිද්ධත්ථො නාම භගවා ආගච්ඡි මම සන්තිකං.
784. වනයෙහි උතුම් පර්වතයෙක්හි ගුහාවක් පිරිසිදු කරන්නා වූ මා වෙත සිද්ධාර්ත්ථ නම් භාග්‍යවතුන් වහන්සේ පැමිණි සේක.
785. බුද්ධං උපාගතං දිස්වා ලොකජෙට්ඨස්ස තාදිනො, සන්ථරං සන්ථරිත්වාන පුප්ඵාසනමාදාස’හං.
785. මම එළඹ සිටියා වූ බුදුරජානන් වහන්සේ දැක තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේට ඇතිරියක් අතුරා පුෂ්පාසනයක් (=මලසුනක්) දිනිමි.
786. පුප්ඵාසනෙ නිසීදිත්වා සිද්ධත්ථො ලොකනායකො, මමඤ්ච ගතිමඤ්ඤාය අනිච්චතමුදාහරි:
786. සිද්ධාර්ත්ථ බුදුරජානන් වහන්සේ පුෂ්පාසනයෙහි වැඩහිඳ මාගේ මතු උත්පත්තිස්ථානය ද දැන අනිත්‍යභාවය වදාළ සේක.
787. “අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො.”
787. “ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා විනාශය ස්වභාවය කොට ඇත්තාහ. ඉපදී නැති වෙත්. ඔවුන්ගේ සන්සිඳීම සැප යි.
788. ඉදං වත්වාන සබ්බඤ්ඤූ ලොකජෙට්ඨො නරාසභො, නභං අබ්භූග්ගමි ධීරො හංසරාජාව අම්බරෙ.
788. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ ප්‍රාඥ වූ සර්වඥයන් වහන්සේ මෙය වදාරා අහසෙහි (යන) හංසරාජයකු මෙන් අහසට පැනනැංගේ ය.
789. සකං දිට්ඨං ජහිත්වාන භාවයා’නිච්චසඤ්ඤ’හං, එකාහං භාවයිත්වාන තත්ථ කාලකතො අහං.
789. මම ස්වකීය ලබ්ධිය හැර අනිත්‍යසංඥාව වැඩීමි. එක්දිනක් භාවනා කොට මම එයින් චුත වීමි.
790. ද්වෙ සම්පත්තී අනුභොත්වා සුක්කමූලෙන චොදිතො, පච්ඡිම්භවෙ සම්පත්තෙ සපාකයොනු’පාගමිං.
790. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් (දිව්‍ය මනුෂ්‍ය සඞ්ඛ්‍යාත) ද්විවිධසම්පත් අනුභව කොට අන්තිමභවය පැමිණි කල්හි (ස්වකීය පාකය වූ බත අනුන් අනුභව නො කරණ බැවින්) ‘සපාක’ නම් සැඩොල් කුලයට උත්පත්තිවශයෙන් එළඹුනෙමි.
791. අගාරා අභිනික්ඛම්ම පබ්බජිං අනගාරියං. ජාතියා සත්තවස්සො’හං අරහත්තමපාපුණිං.
791. අගාර සඞ්ඛ්‍යාත ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි. උත්පත්තියෙන් සත්හැවිරිදි වයස් වූ මම රහත් බවට පැමිණියෙමි.
792. ආරද්ධවිරියො පහිතත්තො සීලෙසු සුසමාහිතො, තොසෙත්වාන මහානාගං අලත්ථං උපසම්පදං.
792. ඇරඹූ වීර්‍ය්‍යය ඇත්තෙම් (නිවන කෙරෙහි) මෙහෙයන ලද සිත් ඇත්තෙම් ශීලයන්හි මැනැවින් හික්මුනෙම් බුදුරජානන් වහන්සේ සතුටු කොට උපසම්පදාව ලැබීමි.
793. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සි’දං ඵලං.
793. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් කර්මයක් කෙළෙම් ද, (එයින්) දුගතියක් නො දනිමි. මෙය පුෂ්පදානයාගේ විපාකය යි.
794. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤං භාවයිං තදා, තං සඤ්ඤං භාවයන්තස්ස පත්තො මෙ ආසවක්ඛයො.
794. මෙයින් සිවුඅනූවන කපෙහි (වූ) එ ම කාලයෙහි යම් අනිත්‍ය සංඥාවක් වැඩුයෙම් නම් එ ම, සංඥාව වඩන්නා වූ මාහට ආශ්රවක්ෂය ය පැමිණියේ ය.
795. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
795. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
ඉත්ථං සුදං ආයස්මා සොපාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘සෝපාක’ ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
සොපාකත්ථෙරස්සාපදානං නවමං.
ස්වපාක ස්ථවිරා’වදානය නවවැනි යී.